09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක, ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකරමින් සිටී.
1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක තඹුත්තේගම ප්රාථමික විද්යාලයෙන් සිය ප්රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීය.
අනතුරුව තඹුත්තේගම මධ්ය මහා විද්යාලයට ඇතුලත් ව අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය සඳහා විද්යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.
1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්යාලයේ විද්යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක 1995 වර්ෂයේ දී විද්යාවේදී උපාධිය ලබාගෙන තිබේ.
1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්රියාධරයෙකු ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්රියාකාරිකයෙකු බවට පත් වුණි.
දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක් වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවු 1993 කාලවකවානුවෙන් පසුව නැවත ක්රියාකාරී දේශපාලනයට පිවිසෙන අනුර කුමාර දිසානායක 1997 වර්ෂයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබීය.
1997 වසරේ දීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්යම කාරක සභාවට තේරී පත්වු ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වී තිබේ.
1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්රවේශය ලබා ගනු ලැබීය.
2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක පළමු වරට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස තේරී පත් වුණි.
2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්යධුරයේ කටයුතු කරනු ලැබීය.
2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් ව තිබේ.
2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමුණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වට පත් වු ඔහු 2015 වසරේ දී කොළඹ දිස්ත්රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ලෙස තේරී පත්වුණි.
2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.
2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක සියයට 3.16ක ඡන්ද ප්රතිඵලයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.
2021 වසරේ දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලද ජාතික ජනබල වේගය පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වට පත්වන අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් පත්ව ජයග්‍රහණය කරනු ලැබීය.
ග්රාමීය සංවර්ධව්යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි.
පාතාල මර්ධනය ඉතා හොදින් සිදුවෙනමින් පවතින බව මහින්ද ජයසිංහ පවසයි.ඔහු තව දුරටත් සදහන් කලේ,
''මම පාර්ලිමේන්තුවේ තනි අලියා .. සමගි, යූ එන් පී දෙක එකට එකතු කරලා අලි ගහනය වැඩි කරගන්නවා...'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුකිරීම සඳහා තමාට කළ හැකි උපරිමයෙන් දායකවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.
ඔහු එබව කියා සිටියේ, දිවංගත ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ දීය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති එම උත්සවයේදී උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමිණ.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ මහාචාර්ය ලලිත් ගමගේය.
ශ්‍රීමත් ලලිත් ඇතුළත් මුදලි පදනමේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවටවට එක්වෙමින්, ආර්ථික බාධා තියෙන, හැකියාවක් ඇති දරුවන්ට උදව් කිරීම සඳහා හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළ ආකාරය පැහැදිලි කළේය.
තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා, මේවනවිට ජනතාව තුල රජය ගැන විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන පමණක් බව සඳහන් කළේය. ''එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තියෙන්නේ, තව අවුරුද්දක් යනකොට මේ තත්ත්වය වැඩි කරගන්න වෙයි'' යයි ඔහු කියා සිටියේය.
හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ, IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතු බවයි.
ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එහි තියෙන වටිනාකම නැති වෙන බව පැවසු මන්ත්‍රීවරයා, ''පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් මේකට විසඳුමක් ලබා ගත යුතුයි'' යයි ද කියා සිටියේය.
විදුලි බිලියි අඩු කරන්න ආපු ආණ්ඩුවක් විදුලි ගාස්තුව වැඩි කරන්නේ කොහොමද ඒක ප්‍රශ්නයක් යයි ද හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රවී කරුණානායක විමසා සිටියේය.
(Colombo නිරෝෂන්)
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.
එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.
මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කුඩුකාරයන්ට එරෙහිව ජනාධිපතිවරයා බරපතල අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දෙයි...
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මම අද ලියන්නේ මාලිමාවට ඡන්දය ලබා නොදුන් මිනිස්සුන්ට නෙවෙයි. මම අද ලියන්නේ ජනාධිපතිවරණයේත්, මහමැතිවරණයේත්, පුංචි ඡන්දයේත් එක් වරක් හෝ මාලිමාවට ඡන්දය දුන් මිතුරන්ට.
සහෘදයනි...,
මාලිමාව බලයට ගෙන ඒමෙන් ඔබ බලාපොරොත්තු වුණේ වෙනස්, දියුණු සංස්කෘතියක්.
නමුත් එය කිසිදා ඉටුනොවන සිහිනයක් බවත්, අවසානයේ සිදුවන්නේ පුරා වසර 76 ක් තිස්සේ ගොඩනැගුණු යහපත් දෑ පවා අවසන් වීම බවත් අප දැන සිටියා. නමුත් ඔබ මාලිමාව විශ්වාස කළා. එදා මාලිමාවට එරෙහිව වචනයක් කතා කළ මිනිසුන් පවා ඔබට, රට විනාශ කිරීමට පැමිණි සතුරන් ලෙස පෙනුණා.
ඔබ සාධාරණයි.
ඔවුන් වචනයෙන්, පොරොන්දුවලින්, හීනවලින් මිනිස්සු රවට්ටන්න දක්ෂයි. දැන් ඔබගේ ඡන්දයෙන් අලුත් ජනාධිපතිවරයෙක්, අලුත් ආණ්ඩුවක් පත් වෙලා අවුරුද්දයි. ඔවුන්ට ලබා දුන් කාලයෙන් පහෙන් එකක්ම අවසන්.
ඔබ අවංකව උත්තර දෙන්න.
මේ පසුගිය අවුරුද්දට මාලිමාවට ඔබගේ සිහින, බලාපොරොත්තු වලින් දශමයක් හෝ ඉටු කරන්න හැකි වුණාද ?
ඔව්!
ඔවුන් ආර්ථිකය හැසිරවීමට දක්ෂයන් නෙවෙයි. ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩනැගීමට තබා, තිබුණු ස්ථානයේ පවත්වාගෙන යාමට පවා බැහැ. දිනෙන් දින ආර්ථික වර්ධන වේගය හැකිලෙනවා. 2027 දී අප යළිත් දරුණු අර්බුධයක් කරා පියනගමින් ඉන්නවා.
නමුත් ආර්ථිකය අමතක කරන්න.
බලාපොරොත්තු නොවූ බලාපොරොත්තු

අවම වශයෙන් ඔබ බලාපොරොත්තු වූ දියුණු, උසස්, නව දේශපාලන සංස්කෘතිය හෝ ඉටු කිරීමට ඔවුන්ට හැකි වුණාද? ඔබගේ ඡන්දයෙන් මාලිමාවට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයකට ලක්මාලි හේමචන්ද්‍ර පත් කළා. ඇගේ උද්ධච්ඡ, මාන්නක්කාර හැසිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? රාජ්‍ය නිළධාරීන්ට අධිකරණ නියෝග පවා ඉටු නොකරන ලෙසට අණ දීමට තරම් නරක සහ අනීතික ක්‍රියා ඔබ බලාපොරොත්තු වුණා ද?
මාලිමාවේ ඇමතිලාගේ කෝටි ගණනක වත්කම් ඔබ බලාපොරොත්තු වුණා ද? රටේ ඉහළම පුටුවේ සිට ඇමතිවරුන් දක්වාම සියලූ ම දෙනා ඔබගේ මහජන බදු මුදලින් සිය අනියම් ප්‍රේම සම්බන්ධතා නඩත්තු කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඇමැතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන්ට ඔබගේ බදු මුදලින් විදෙස් සංචාර හිමි වීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ දියණියන් රටේ වැදගත්ම අමාත්‍යංශ පාලනය කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ගල් අගුරු ටෙන්ඩරයේ සිට හාල් ටෙන්ඩර දක්වාම රජයේ ප්‍රසම්පාදන වලින් සිදුවන මගඩි ඔබ බලාපොරොත්තු වුණා ද?
විදුලි සේවකයන් ඇතුලුව ලක්ෂයක් හෝ නිහඬ කර බලය පවත්වා ගන්නා බව කියන රංජන් ජයලාල්ගේ කතා ඔබ බලාපොරොත්තු වුණා ද? ඔබ පත් කර යැවූ 'උගතුන්' මන්ත්‍රී කටු දරද්දී, පැලවත්තේ කල්ලිය විසින් රට පාලනය කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? ඔබ විසින්ම උත්කර්ෂයට නැගූ ටිල්වින් සිල්වාට රාජයේ තීරක බලය හිමිවීම ඔබ බලාපොරොත්තු වුණාද? බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වා ඔබව රැවටීම ඔබ බලාපොරොත්තු වුණා ද? රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරමින්, රාජ්‍ය සේවය පැලවත්තේ බූදලයක් වීම ඔබ බලාපොරොත්තු වුණා ද?
සෑම මගඩියක්ම හෙළිවීමෙන් පසුව උද්ධච්ඡ ස්වරයෙන් පැමිණිල්ලක් දමන්න යයි කියා, දමනා පැමිණිලි යට ගසනා පොලීසියක්, අල්ලස් කොමිසමක් ඔබ බලාපොරොත්තු වුණා ද? මින්පෙර ඔබ ඡන්දය දුන් දේශපාලන බලවේග විසින්ම මහා සටනකින් ඇතිකළ ස්වාධීන කොමිසම් සභා තුට්ටුවකට මායිම් නොකරමින්, සියලූම බලයන් දේශපාලන අධිකාරියට යටත් කිරීම ඔබ බලාපොරොත්තු වුණා ද? තවමත් වසන්තට, කුමාර ජයකොඩිට තබා ලක්මාලි හේමචන්ද්‍රටවත් නීතිය ක්‍රියාත්මක නොවන රටක් ඔබ බලාපොරොත්තු වුණාද ?
(Sachin Rathwatte)
උපුටා ගැනීම Bai Thaksalawa - බයි තක්සලාව Face book පිටුවෙන්
මුලතිව් දිස්ත්රික් මහ රෝහලේ නව සිව්මහල් වෛද්ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ඊයේ (16) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ ආරම්භ කළේ ය.
මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවට ම පස්වන සෑම මිනිසෙකුට ම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නැවත තර්ජනයක් ඇති නොවන බවත්, දේශපාලන වේදිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨයක් නැවත වේදිකාවට ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
රට කඩාවට්ටන සංකල්ප වර්ධනය කරන්න එපා යයි පොහොට්ටු පක්ෂයේ තරුණ ක්‍රියාකාරිකයකු වන දමිත වික්‍රමසිංහ මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දමිත වික්‍රමසිංහ එම ඉල්ලීම කරනු ලබන්නේ සමාජ මාධ්‍යවෙත වීඩියෝවක් මුදාහරිමිනි.
'අපිට දේශපාලනයෙන් වැඩක් නැත', අපි හම්බ කළොත් අපි කනවා' යනාදි සංකල්ප රාජ්‍ය කටාවැට්ටවීම සඳහා සුදානම්ව සිටින බලවේග විසින් නිර්මාණය කරන ලද සංකල්ප යැයි මෙරට තරුණ පරම්පරාව තේරුම් ගත යුතු දෙයක් යැයි ද දමිත වික්‍රමසිංහ පවසයි.
ඔහු පවසන්නේ රටක අනාගතය සැලසුම් කරන්නේ: ප්‍රාදේශීය සභා, පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වන දේශපාලන නියෝජිතයන් වන බැවින් අප කිසිවකුට දේශපාලනය බැහැර කළ නොහැකි බවයි.
ඔහු තවදුරටත් මෙසේද පවසයි.
විස මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට මන්නාරමේදී පැවසීය.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන භූ දර්ශනය තුළ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ ශක්තිය නොව, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු තැන පවතින ගැඹුරු රික්තකයයි.
සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ප්‍රමුඛ විරුද්ධ පාර්ශ්වය, ආණ්ඩුවට අභියෝග කිරීමේ තම මූලික කාර්යභාරය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව පොදු නිරීක්ෂණයකි.

මෙය හුදෙක් දේශපාලන දුර්වලතාවයක් පමණක් නොව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ සමබරතාවයටද බලපාන තත්ත්වයකි.
ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාකලාපය දෙස බලන විට, පැහැදිලි උපායමාර්ගික සැලැස්මක අඩුවක් පෙනෙන්නට තිබේ. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින්ගේ දේශපාලන ප්‍රවේශයන්, තමන්ගේම ඡන්ද පදනම ශක්තිමත් කරනවා වෙනුවට එය තවදුරටත් ඛාදනය වීමට හේතු වී ඇති බවක් පෙනේ.
ජාතික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගැනීමට හෝ අඛණ්ඩ පීඩනයක් එල්ල කිරීමට ඔවුන් දක්වන මැලිකම, ඔවුන්ගේ අරමුණු පිළිබඳව ජනතාව තුළ සැක සංකා මතුකරවයි. මෙම ක්‍රියාකලාපය, දේශපාලනමය වශයෙන් ස්වයං-විනාශකාරී ගමනක යෙදෙන බවට හැඟීමක් ඇතිකරවයි.

මෙම අකර්මණ්‍යතාවයට ගැඹුරු හේතුවක් ලෙස ජනතා විශ්වාසය බිඳ වැටීම පෙන්වා දිය හැකිය. ප්‍රධාන විපක්ෂයේ නායකත්වය, මහජන අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වූ පෙර ආණ්ඩු සමග සෘජුවම සම්බන්ධ වීම, ඔවුන්ට ඇති ප්‍රධානතම බාධකයකි. එම නිසා, වත්මන් ආණ්ඩුව දූෂණය හෝ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් විවේචනය කරන විට, ජනතාව ඔවුන් දෙස බලන්නේ ද එම දේශපාලන ක්‍රමයේම කොටස්කරුවන් ලෙසය.
මෙය ඔවුන්ගේ විවේචනවලට ඇති විශ්වසනීයත්වය දැඩි ලෙස හීන කරන අතර, ඔවුන්ට නැවුම් විකල්පයක් ලෙස පෙනී සිටීමට ඇති ඉඩකඩ අහුරා දමයි.
අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය..

විශේෂයෙන්ම 2022 මහජන අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය ප්‍රයෝජනයට ගැනීමට විපක්ෂය අපොහොසත් වීමද මෙහිදී කැපී පෙනේ. පද්ධතිමය වෙනසක් ඉල්ලා සිටි ජනතා රැල්ලට සැබෑ නායකත්වයක් හෝ නව දැක්මක් ලබා දීමට ඔවුන්ට නොහැකි විය.
එම ඓතිහාසික මොහොතේදී, ජනතා බලය මෙහෙයවනවා වෙනුවට, ඔවුන් පසෙකට වී බලා සිටින පිළිවෙතක් අනුගමනය කළ බවට විවේචනයක් පවතී. මෙය, නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ තරුණ පරපුර ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගෙන් තවදුරටත් දුරස් කිරීමට හේතු විය.
මෙම අකර්මණ්‍යතාවය ප්‍රධාන පක්ෂවලට පමණක් සීමා වී නොමැත. විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන්ද විවිධ ආකාරයේ අකාර්යක්ෂමතාවන් ප්‍රදර්ශනය කරයි. නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ නැවත සංවිධානය වීමට උත්සාහ දරන පොදුජන පෙරමුණ, නව දැක්මක් ඉදිරිපත් කරනවා වෙනුවට තම පැරණි ඡන්ද පදනම නැවත එක්කර ගැනීමට උත්සාහ කරන බවක් නිරීක්ෂණය කළ හැකිය.
දෙමළ ජාතික සන්ධානය තුළ, ශානකියන් රාසමාණික්කම් වැනි කිහිප දෙනෙකුගේ හඬ හැරුණු විට, සමස්තයක් ලෙස පක්ෂයේ ක්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමක නොමැත. ඒ අතර, කඳුකරයේ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂවල නායකයින්, ජාතික ප්‍රශ්නවලට වඩා පටු දේශපාලන අරමුණු වලට මුල්තැන දෙන බවට විවේචන පවතී.
මෙම විපක්ෂ රික්තකය, ජාතික ජන බලවේගය වැනි විකල්ප දේශපාලන බලවේගයන්ට වර්ධනය වීමට සෘජු අවස්ථාවක් සලසා දී ඇත. ආණ්ඩුව සහ සාම්ප්‍රදායික විපක්ෂය යන දෙපාර්ශ්වය පිළිබඳවම කලකිරී සිටින ඡන්දදායකයින්, වෙනත් විකල්ප වෙත යොමු වීම ස්වභාවිකය.

එබැවින්, එම පක්ෂවල ජනප්‍රියතාවය වර්ධනය වීමට ඔවුන්ගේම ප්‍රතිපත්ති මෙන්ම, ප්‍රධාන විපක්ෂයේ අකාර්යක්ෂමතාවය සහ අසාර්ථකත්වයද ප්‍රබල ලෙස ඉවහල් වී ඇති බව පැහැදිලිය.
සම්ප්‍රදායික විපක්ෂය වෙනුවට ඩිජිටල් සමාජ මාධ්‍ය

මේ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව පාර්ලිමේන්තුවෙන් පිටතට, එනම් සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් අවකාශයන්ට සංක්‍රමණය වීමද සුවිශේෂී ප්‍රවණතාවයකි. ආණ්ඩුව පවා විපක්ෂයේ විධිමත් විවේචනවලට වඩා සමාජ මාධ්‍ය තුළ මතුවන මහජන මතයට වැඩි ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනී යයි. මෙයින් ගම්‍ය වන්නේ, සාම්ප්‍රදායික විපක්ෂය විසින් නිර්මාණය කළ යුතු දේශපාලන පීඩනය, දැන් අවිධිමත් ලෙස ජනතාව විසින්ම නිර්මාණය කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය නිර්වචනය වන්නේ මෙම විපක්ෂ රික්තකය මගිනි. ශක්තිමත් සහ සංවිධානාත්මක අභියෝගයක් නොමැති වීම ආණ්ඩුවට පැහැදිලි වාසියක් සලසා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නිරෝගී පැවැත්ම සඳහා, ආණ්ඩුවේ බලය තුලනය කිරීමට සහ වගකීමට ලක් කිරීමට හැකි ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍ය වේ. වත්මන් තත්ත්වය, එම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ අනාගතය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුකරයි.
(රාධිකා රත්නායක)
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දී ඇත.
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

