ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුව හොත් මුළු ලෝකය ම යළි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට හැකි යැයි උදය ගම්මන්පිල පැවසී ය.
ඉදිරි වසර කිහිපය තුළ චීනය ලෝක ආර්ථික බලවතා විමට නියමිත බැවින් ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක ලෙස ඇමරිකාව මැදපෙරදිග කලාපයේ භූ දේශපානලන බලය මුළුමනින් ම ඔවුන් අතට ගැනීමට උත්සාහ කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
මේ රටේ බිහිවණු අසංවේදී ම නායකයා තමයි අනුර කුමාර දිසානායක යැයි වගකීමෙන්ම පවසන බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
රටේ අල්ලස දූෂණය මැඩීම සඳහා ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළ ද, ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.
'දිට්වා' සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහතික කරයි.
ඉන්දිය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකතන සංවාදයක නිරතව තිබිණ.
ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුව ම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අගය කරන බව නාමල් රාජපක්ෂ පැවසී ය.
භාරත තෙන්නකෝන් නමැත්තා උවිඳු කුරුකුලසූරිය නමැත්තාට සාපේක්ෂව හොඳ මිනිහෙක්.
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.
" Ne bis in idem " ( You cannot be tried twice for the same offence)
මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
මහින්ද දේශප්‍රිය කියනවා අනුර කුමාරට උනන්දුව තිබුණට එයාගේ කාර්ය මණ්ඩලයට එහෙම එකක් නැහැ කියලා.
සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරක ම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ.
පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.
මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.
ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.
මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.
ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක් කියලයි.
මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.
කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.
ඉදිරි මාස හතර තුළ ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වළක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත. පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටට ම බලපාන විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.
මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.
ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇති අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.
ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ මෑතකදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

