විස මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
මාත් එකක් දෙකක් බයිලා ලිව්ව නිසා මේ ටික ලියලා රන්වල ජාතකේ ඉවර කරන්නම්.
අනුරතුමා තමන්ට අවනත අග්‍රවිනිශ්චයකරුව තව දුරටත් තබා ගැනීම සඳහා විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට යයි. එය ඔහුට ම පාරාවළල්ලක් වනු ඇත. මට මතක් වූයේ පහත සඳහන් කියමනය;
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
තමන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස අත්සන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට මන්නාරමේදී පැවසීය.
මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන භූ දර්ශනය තුළ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ආණ්ඩුවේ ශක්තිය නොව, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු තැන පවතින ගැඹුරු රික්තකයයි.
සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) ප්‍රමුඛ විරුද්ධ පාර්ශ්වය, ආණ්ඩුවට අභියෝග කිරීමේ තම මූලික කාර්යභාරය ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව පොදු නිරීක්ෂණයකි.

මෙය හුදෙක් දේශපාලන දුර්වලතාවයක් පමණක් නොව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ සමබරතාවයටද බලපාන තත්ත්වයකි.
ප්‍රධාන විපක්ෂයේ ක්‍රියාකලාපය දෙස බලන විට, පැහැදිලි උපායමාර්ගික සැලැස්මක අඩුවක් පෙනෙන්නට තිබේ. සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යන නායකයින්ගේ දේශපාලන ප්‍රවේශයන්, තමන්ගේම ඡන්ද පදනම ශක්තිමත් කරනවා වෙනුවට එය තවදුරටත් ඛාදනය වීමට හේතු වී ඇති බවක් පෙනේ.
ජාතික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගැනීමට හෝ අඛණ්ඩ පීඩනයක් එල්ල කිරීමට ඔවුන් දක්වන මැලිකම, ඔවුන්ගේ අරමුණු පිළිබඳව ජනතාව තුළ සැක සංකා මතුකරවයි. මෙම ක්‍රියාකලාපය, දේශපාලනමය වශයෙන් ස්වයං-විනාශකාරී ගමනක යෙදෙන බවට හැඟීමක් ඇතිකරවයි.

මෙම අකර්මණ්‍යතාවයට ගැඹුරු හේතුවක් ලෙස ජනතා විශ්වාසය බිඳ වැටීම පෙන්වා දිය හැකිය. ප්‍රධාන විපක්ෂයේ නායකත්වය, මහජන අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වූ පෙර ආණ්ඩු සමග සෘජුවම සම්බන්ධ වීම, ඔවුන්ට ඇති ප්‍රධානතම බාධකයකි. එම නිසා, වත්මන් ආණ්ඩුව දූෂණය හෝ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් විවේචනය කරන විට, ජනතාව ඔවුන් දෙස බලන්නේ ද එම දේශපාලන ක්‍රමයේම කොටස්කරුවන් ලෙසය.
මෙය ඔවුන්ගේ විවේචනවලට ඇති විශ්වසනීයත්වය දැඩි ලෙස හීන කරන අතර, ඔවුන්ට නැවුම් විකල්පයක් ලෙස පෙනී සිටීමට ඇති ඉඩකඩ අහුරා දමයි.
අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය..

විශේෂයෙන්ම 2022 මහජන අරගලයෙන් පසු නිර්මාණය වූ දේශපාලන අවකාශය ප්‍රයෝජනයට ගැනීමට විපක්ෂය අපොහොසත් වීමද මෙහිදී කැපී පෙනේ. පද්ධතිමය වෙනසක් ඉල්ලා සිටි ජනතා රැල්ලට සැබෑ නායකත්වයක් හෝ නව දැක්මක් ලබා දීමට ඔවුන්ට නොහැකි විය.
එම ඓතිහාසික මොහොතේදී, ජනතා බලය මෙහෙයවනවා වෙනුවට, ඔවුන් පසෙකට වී බලා සිටින පිළිවෙතක් අනුගමනය කළ බවට විවේචනයක් පවතී. මෙය, නව දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කළ තරුණ පරපුර ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගෙන් තවදුරටත් දුරස් කිරීමට හේතු විය.
මෙම අකර්මණ්‍යතාවය ප්‍රධාන පක්ෂවලට පමණක් සීමා වී නොමැත. විපක්ෂයේ අනෙකුත් පාර්ශ්වයන්ද විවිධ ආකාරයේ අකාර්යක්ෂමතාවන් ප්‍රදර්ශනය කරයි. නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ නැවත සංවිධානය වීමට උත්සාහ දරන පොදුජන පෙරමුණ, නව දැක්මක් ඉදිරිපත් කරනවා වෙනුවට තම පැරණි ඡන්ද පදනම නැවත එක්කර ගැනීමට උත්සාහ කරන බවක් නිරීක්ෂණය කළ හැකිය.
දෙමළ ජාතික සන්ධානය තුළ, ශානකියන් රාසමාණික්කම් වැනි කිහිප දෙනෙකුගේ හඬ හැරුණු විට, සමස්තයක් ලෙස පක්ෂයේ ක්‍රියාකාරීත්වය අපේක්ෂිත මට්ටමක නොමැත. ඒ අතර, කඳුකරයේ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂවල නායකයින්, ජාතික ප්‍රශ්නවලට වඩා පටු දේශපාලන අරමුණු වලට මුල්තැන දෙන බවට විවේචන පවතී.
මෙම විපක්ෂ රික්තකය, ජාතික ජන බලවේගය වැනි විකල්ප දේශපාලන බලවේගයන්ට වර්ධනය වීමට සෘජු අවස්ථාවක් සලසා දී ඇත. ආණ්ඩුව සහ සාම්ප්‍රදායික විපක්ෂය යන දෙපාර්ශ්වය පිළිබඳවම කලකිරී සිටින ඡන්දදායකයින්, වෙනත් විකල්ප වෙත යොමු වීම ස්වභාවිකය.

එබැවින්, එම පක්ෂවල ජනප්‍රියතාවය වර්ධනය වීමට ඔවුන්ගේම ප්‍රතිපත්ති මෙන්ම, ප්‍රධාන විපක්ෂයේ අකාර්යක්ෂමතාවය සහ අසාර්ථකත්වයද ප්‍රබල ලෙස ඉවහල් වී ඇති බව පැහැදිලිය.
සම්ප්‍රදායික විපක්ෂය වෙනුවට ඩිජිටල් සමාජ මාධ්‍ය

මේ අතර, ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාව පාර්ලිමේන්තුවෙන් පිටතට, එනම් සමාජ මාධ්‍ය වැනි ඩිජිටල් අවකාශයන්ට සංක්‍රමණය වීමද සුවිශේෂී ප්‍රවණතාවයකි. ආණ්ඩුව පවා විපක්ෂයේ විධිමත් විවේචනවලට වඩා සමාජ මාධ්‍ය තුළ මතුවන මහජන මතයට වැඩි ප්‍රතිචාරයක් දක්වන බවක් පෙනී යයි. මෙයින් ගම්‍ය වන්නේ, සාම්ප්‍රදායික විපක්ෂය විසින් නිර්මාණය කළ යුතු දේශපාලන පීඩනය, දැන් අවිධිමත් ලෙස ජනතාව විසින්ම නිර්මාණය කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය නිර්වචනය වන්නේ මෙම විපක්ෂ රික්තකය මගිනි. ශක්තිමත් සහ සංවිධානාත්මක අභියෝගයක් නොමැති වීම ආණ්ඩුවට පැහැදිලි වාසියක් සලසා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නිරෝගී පැවැත්ම සඳහා, ආණ්ඩුවේ බලය තුලනය කිරීමට සහ වගකීමට ලක් කිරීමට හැකි ශක්තිමත් විපක්ෂයක් අත්‍යවශ්‍ය වේ. වත්මන් තත්ත්වය, එම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයේ අනාගතය පිළිබඳව බරපතල ප්‍රශ්න මතුකරයි.
(රාධිකා රත්නායක)
පසුගිය 23වන දා විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල නියෝජිතයන් උදෑසන 10.00 ට සභා ගර්භයට ඇතුළත් වන වේලාවේ දී අයවැය සම්මත බව ප්‍රකාශ කරමින් සභාපතිවරයා සහ ලේකම්වරිය සභාවෙන් පිටව ගිය බවත්, ඒ අවස්ථාවේ ඔරලෝසුවේ වේලාව උදෑසන 10.05 ලෙස සටහන් වී තිබුණ නමුත් ඒ මෙහෙතේ සෑබැ වේලාව උදෑසන 10.00 යැයි හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පැවසී ය.
ශ්‍රී ලාංකීය දේශපාලන කරළිය තුළ සදාචාරයේ සහ පිරිසිදු දේශපාලනයේ පරමාදර්ශී නියමුවන් ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන රංගනය දෙස බලන විට පෙනී යන්නේ, බලය පිපාසය හමුවේ ඕනෑම දෘෂ්ටිවාදයක් පාවා දීමට ඔවුන් සූදානම් බවයි.
ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී අද (20) පස්වරු 3.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ දී රැස් වුණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සිදුවිණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ “වාර්ෂික ආර්ථික විවරණය 2025” සහ “මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2025” වාර්තා ද්විත්වය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
විනාශකාරී දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටියි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීම්වලින් යළි ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරතුර බව ජනාධිපති අනුර කුමාර දිසානායක නිවුස්වීක් (Newsweek) සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී පැවසී ය.
(සටහන - සිරිමලී ලියනගම)
Sirimali Liyanagama
ශ්‍රී ලංකාව අද වන විට කලාපීය සහ ගෝලීය බලවතුන්ගේ උපායමාර්ගික මර්මස්ථානයක් බවට පත්ව ඇත. බංකොලොත් වූ ආර්ථිකය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යොමුවීමත්, චීන ණය සහන ලබා ගැනීමට ඇති අවශ්‍යතාවත්, ඉන්දු-පැසිෆික් කලාපයේ බලතුලනය පවත්වා ගැනීමේදී ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය ඉටු කරන භූමිකාවත් නිසා අපගේ ජාතික ස්වාධීනත්වය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

භූ-දේශපාලන කඹ ඇදිල්ල:
චීන ණය, ඉන්දු-ජපන් ආරක්ෂක ව්‍යාපෘති සහ
උපායමාර්ගික ස්වාධීනත්වයේ දැවෙන ප්‍රශ්නය
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) සම්බන්ධයෙන් 2019-2020 කාලයේ ඉන්දියාව සහ ජපානය කළ ආයෝජන උත්සාහය, ජනතා විමුක්ති පෙරමුණ (JVP) මූලික කරගත් සේවක විරෝධතා හේතුවෙන් අසාර්ථක විය. නමුත් ඉන් පසු ඉන්දියාව, අදානි සමූහය හරහා කොළඹ බටහිර ජැටිය (WCT) ලබා ගැනීමෙන් සහ ජපානයේ ප්‍රධාන කොටස්කරුවා වූ කොළඹ ඩොක්යාඩ් සමාගමේ පාලන අයිතිය පවා ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96කට හිමිකර ගැනීමෙන්, කලාපීය බලවතුන් ශ්‍රී ලංකාවේ ස්ථිර ලෙස ස්ථානගත වී ඇති බව සනාථ කරයි.

චීනය හම්බන්තොට දෙසටත්, ඉන්දියාව ත්‍රිකුණාමලය දෙසටත් තම මර්මස්ථාන කේන්ද්‍ර කරන පසුබිමක, ශ්‍රී ලංකාවට සිය උපාය මාර්ගික ස්වාධීනත්වය ආරක්ෂා කරගත හැකි හොඳම ක්‍රමය වන්නේ සමබර සහ තීක්ෂණ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.
ජපානයේ OSA වැඩසටහනේ භූ-දේශපාලන අර්ථය
2025 සැප්තැම්බර් 29 වන දින ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරන ලද 'නිල ආරක්ෂක සහය' [Official Security Assistance (OSA)] ගිවිසුම මෙම භූ-දේශපාලන අරගලයේ නවතම සහ වැදගත්ම සන්ධිස්ථානයයි. රුපියල් බිලියනයක (යෙන් මිලියන 500) මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබීමට නියමිත නවීන නියමුවන් රහිත ගුවන් යානා (UAVs), හුදෙක් ආධාරයක් නොව, ජපානයේ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගය මත පදනම් වූ දේශපාලන ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර අත්සන් කරන ලද 'නිල ආරක්ෂක සහය' [Official Security Assistance (OSA)] ගිවිසුම
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,
*ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය (FOIP): ජපාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනවලට අනුව, මෙම OSA ව්‍යාපෘතිය අරමුණු කරන්නේ ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහ විකර්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමයි. මෙය, "නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික්" (Free and Open Indo-Pacific - FOIP) සංකල්පය යටතේ ජපානය, ඇමෙරිකාව සහ QUAD සන්ධානය චීනයේ වර්ධනය වන බලපෑමට එරෙහිව කලාපීය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීමේ පැහැදිලි උත්සාහයකි.
*ODA සිට OSA දක්වා වෙනස: ජපානය මීට පෙර ශ්‍රී ලංකාවට ලබා දුන්නේ නිල සංවර්ධන ආධාර (ODA) වුවද, OSA වැඩසටහන ආරම්භ කිරීමෙන් පෙන්වා දෙන්නේ ජපාන විදේශ ආධාර ප්‍රතිපත්තියේ ආරක්ෂාව සහ ආර්ථික ආරක්ෂාව පිළිබඳ අවධාරණය ඉහළ ගොස් ඇති බවයි. මෙය ශ්‍රී ලංකාව ඇමෙරිකානු යුද යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ජපානය සමඟ නව ආරක්ෂක සහයෝගීතා අවධියකට පිවිසීමක් ලෙස සැලකිය හැකිය.
*නව රජයේ දිශානතිය: අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් නව රජය, 2025 අප්‍රේල් මාසයේදී ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කිරීමෙන් (එහි ආරක්ෂක ගිවිසුමක් ද ඇතුළත් විය) සහ ඉන්පසු ජපානය සමඟ මෙම OSA ගිවිසුමට අත්සන් කිරීමෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් බටහිර කණ්ඩායම සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට පියවර ගනිමින් සිටින බව පැහැදිලිය.
ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ 'ගාසා හි තත්වය' සහ ශ්‍රී ලංකාවට ඇති බලපෑම
කලාපීය බලවේග අතර විරසකයන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අවස්ථාවක් සපයයි. විශේෂයෙන්ම, ඉන්දියාව සහ ඇමෙරිකාව අතර රුසියාව, චීනය සහ පාකිස්තානය සම්බන්ධයෙන් යම් මතභේද පවතින බව රහසක් නොවේ.
*මෝදිගේ 'යුදෙව්-පලස්තීන' සමතුලිතය: මෑතකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම වැඩපිළිවෙල වහාම පිළිගැනීම, ඉන්දියාවේ සාම්ප්‍රදායික පලස්තීන හිතකාමී ප්‍රතිපත්තියෙන් වෙනස්වීමක් ලෙස විදේශීය විශ්ලේෂකයෝ සලකති. මෝදි සිය සහාය ඉංග්‍රීසි, අරාබි, හීබෲ ඇතුළු භාෂා හතකින් ප්‍රකාශ කිරීම, නවදිල්ලිය දැන් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඇති ආරක්ෂක සහ තාක්ෂණික බැඳීම් ශක්තිමත් කරමින්, ගෝලීය රාමුව තුළ මැදිහත් වීමට ඇති කැමැත්ත පෙන්වයි.

*ශ්‍රී ලංකාවේ අවකාශය: මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, ඉන්දියාව සහ ඇමෙරිකාව QUAD කණ්ඩායම තුළ සිටියත්, ඔවුන්ගේ උපායමාර්ගික අවශ්‍යතා සියල්ලේදී සම්පූර්ණයෙන්ම එකඟ නොවන බැවිනි. ඉන්දියාවේ මෙම 'බහු-පාර්ශ්වික සමතුලිතය' (Israel-Palestine-USA-Russia) හරහා ශ්‍රී ලංකාවට, ඉන්දීය සාගරයේ තමන්ගේ අවශ්‍යතා ඉස්මතු කරමින්, දෙපාර්ශ්වයම සමතුලිතව කළමනාකරණය කර ගැනීමට ඇති රාජ්‍යතාන්ත්‍රික අවකාශය පුළුල් වේ.
උපායමාර්ගික ස්වාධීනත්වයේ මාර්ගය
ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙම ගෝලීය බල අරගලයෙන් මිදීමට ඇති එකම සාර්ථක මාර්ගය වන්නේ පූර්ණ ස්වාධීනත්වයක් නොව, උපායමාර්ගික ස්වාධීනත්වය (Strategic Autonomy) ය.
1. සමබරතාව සහ විනිවිදභාවය: චීන සහ ඉන්දීය-බටහිර කඳවුරු දෙකම අත්‍යවශ්‍ය හවුල්කරුවන් ලෙස සලකමින්, කිසිවෙකුට වරාය හෝ ආරක්ෂක කටයුතුවල ඒකාධිකාරයක් ලබා නොදී, සියලු ගිවිසුම් පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කිරීම. (ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම වැනි කාරණා වහා නිවැරදි කිරීම අත්‍යවශ්‍ය වේ).

2. ආර්ථික ස්වයංපෝෂිතභාවය: ණය සහ විදේශ ආධාර මත යැපීම අවම කරමින්, කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් මූල්‍යමය ස්වාධීනත්වය තහවුරු කර ගැනීම. (මෙය නොමැතිව කිසිදු උපායමාර්ගික ස්වාධීනත්වයක් පවත්වා ගත නොහැක.)
3. ජාතික අවශ්‍යතාවට මුල් තැන: ඕනෑම බලවතෙකුගේ මිත්‍රත්වයකට ප්‍රතිචාර දැක්විය යුත්තේ, එමගින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජාතික ආරක්ෂාව, ස්වෛරීත්වය සහ ආර්ථික දියුණුව තහවුරු කරන්නේ නම් පමණි.
මෙම අතිශය තීරණාත්මක භූ-දේශපාලන මොහොතේ, ශ්‍රී ලංකාව ජපානයෙන් OSA ලබා ගනිමින් සහ ඉන්දියාවට වරාය ව්‍යාපෘති ලබා දෙමින්, බටහිර සන්ධානය සමඟ සමීප වෙමින් සිටින බව පෙනේ. මෙම ගමන් මඟේදී චීනයේ ප්‍රතිචාරය සහ දේශීය වශයෙන් ඇතිවන බලපෑම් කළමනාකරණය කර ගැනීම නව රජයට ඇති දැවැන්ත අභියෝගය වනු ඇත.
මීළඟ කොටසින් -
විනිසුරු ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ආන්දෝලනය බරපතළ තැනකට තල්ලු වන බවක් පෙනේ.
බාල ගල්අඟුරු හෝදමින් සිටි ආණ්ඩුවට පසුගිය සතිය ගත කරන්නට වුණේ තෙල් පෝලිම් මැද ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

