රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගි වී සිටී.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, පසුගිය 03වන දා ජනාධිපති කාර්යාලයේ දී පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිත සාකච්ඡාවකට සහභාගි විය.
ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.
ඒ ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ය.
ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්විය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව ද හමු වී ඔවුන් ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.
ලබන වසර සඳහාවූ අයවැය සකස් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ ගැටළු හා ප්‍රශ්න වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ඉඩ ලබා දෙන්නැයි තම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර ඉල්ලීමක් කළාය.
කොළඹ 07, විද්‍යා මාවත, විද්‍යා මැඳුරේ අද (15) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය.
අපි රජය කෙරෙහි තැබු ලෙන්ගතු කම එදා මෙන්ම අදටත් එසේමයි..
රජය කෙරෙහි බලාපොරොත්තු තබාගෙන අපි කාලයක් නිහඩව සිටියා. ව්‍යවසායකත්වය පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව රජය මෙයට වඩා සිතන්නට ඕන.
රටේ සියයට 75ක ආර්ථික දියුණුවට දායකත්වය සපයන්නේ අප නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන්ගේ නිෂ්පාදන අපනයන තත්ත්වයට ඉහළ නංවා ආර්ථිකය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අප අංශයෙන් අපනයනයට දායක වන්නේ සියයට 4.4යි. එය සියයට 10ක් 12ක් කර ගත යුතුයි. ඒ සඳහායි අප වැඩපිළිවෙළක් සකස් කළ යුත්තේ.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට රජයෙන් සහ බැංකු වලින් ණය ලබාදීමේදි සිදු කර තිබෙන ණය වර්ගීකරණය ගැටලු සහගතයි. එම ගැටලු විසඳා ගත යුතුයි.
ණය ලබා දීමේ වැඩපිළිවෙලවල් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යංශය හරහා මිලියන 25 දක්වා ණයක් ලබා ගැනීමට පහසුකමක් සපයා තිබෙනවා.
මුදල් අමාත්‍යංශය ණය වැඩපිළිවෙලක් හඳුන්වා දි තිබෙනවා. මේ දෙකෙහි යම් යම් ගැටලු මතුවී තිබෙනවා. එය විසඳා ගත යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ප්‍රදීපා කළුතන්ත්‍රිගේ,
ඇගළුම් කර්මාන්තවල සේවය කිරීමට විශාල සේවක හිඟයක් තිබෙනවා. රජය වහාම මැදිහත්වී රටේ මානව සම්පත දැනුමෙන් සංවර්ධනය කොට මෙම ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කළ යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ කර්මාන්ත සහ ප්‍රතිපත්ති අංශයේ විධායක සභික රිසාන් රිස්වි.
එක්සත් ජනපද ඩොලර් බිලියන 13ක සංචිතයක් අප වසර 2028දී ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා විධිමත් නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය දියුණු කිරීමට පියවර ගත යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ඒ.එම්.ජේ.එම් ජව්ෆර් මෙහිදි අදහස් දැක්වූහ.

(සටහන | ජේ.මුණසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට එක්වීය.
තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමග හමුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමග සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
ජනාධිපති අනුර කුමාර දිසානායක, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා 2025 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපතිවරයා මෙවර තෛපොංගල් දිනයේ යාපනයට ගොස් කළ කී දෑ සියල්ල ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කළ දෑ බව තමන් අනුමාන කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මාලිමාව වටා එක් වූ සියල්ලෝ ම ජවිපෙ නොවන බව අප කවුරුත් දන්නා කරුණකි. එමෙන් ම මාලිමාවේ ඉදිරිපෙළ බහුතරයක් ජවිපෙ බව ද අප දන්නා කරුණකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

