#anurakumaradissanayake

  • ගල් අඟුරු නිසා ආණ්ඩුව කළු පැහැ වෙයි ද...?

    ඉදිරි මාස හතර තුළ ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වළක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත. පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටට ම බලපාන විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වනු ඇත.

  • ජනපති අද ජපානයට

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

    විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.


    මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.


    ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇති අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

  • ජනපති අනුර ඇමති නලින්ද එක්ක ගිය ගමන!  

    ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ මෑතකදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින්  මියගිය ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

  • ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත.

  • ජනපති අනුර, පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක

    රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය.

  • ජනපති අරමුදලින් රුපියල්  බිලියන 1.9 ක් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කෙරේ.

    දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.

  • ජනපති ඇමරිකා එක්සත් ජනපදයට

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගි වී සිටී.

  • ජනපති ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදා ගනී

    ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් මහනුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය.

  • ජනපති ගේ ප්‍රධානත්වයෙන් මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක්

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, පසුගිය 03වන දා ජනාධිපති කාර්යාලයේ දී පහළ මල්වතු ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ එහි ඉදිරි කටයුතුවලට බාධා වී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය සහිත සාකච්ඡාවකට සහභාගි විය.

  • ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි

    ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.

    ඒ ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ය.

    ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්විය.

  • ජනපති ප්‍රධානත්වයෙන් උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡාවක්

    පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

  • ජනපති ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක්

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

  • ජනපති වතු කම්රුවන් ගේ දුක සැප විමසයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11)  “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව ද හමු වී ඔවුන් ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

  • ජනපති සමග අයවැය යෝජනා ගැන කතා කරන්න අපටත් අවස්ථාවක් දෙන්න - ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය

    ලබන වසර සඳහාවූ අයවැය සකස් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ ගැටළු හා ප්‍රශ්න වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ඉඩ ලබා දෙන්නැයි තම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර ඉල්ලීමක් කළාය.

    කොළඹ 07, විද්‍යා මාවත, විද්‍යා මැඳුරේ අද (15) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය.

     

    අපි රජය කෙරෙහි තැබු ලෙන්ගතු කම එදා මෙන්ම අදටත් එසේමයි..

     රජය කෙරෙහි බලාපොරොත්තු තබාගෙන අපි කාලයක් නිහඩව සිටියා. ව්‍යවසායකත්වය පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව රජය මෙයට වඩා සිතන්නට ඕන.

    රටේ සියයට 75ක ආර්ථික දියුණුවට දායකත්වය සපයන්නේ අප නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන්ගේ නිෂ්පාදන අපනයන තත්ත්වයට ඉහළ නංවා ආර්ථිකය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අප අංශයෙන් අපනයනයට දායක වන්නේ සියයට 4.4යි. එය සියයට 10ක් 12ක් කර ගත යුතුයි. ඒ සඳහායි අප වැඩපිළිවෙළක් සකස් කළ යුත්තේ.

     

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා,

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට රජයෙන් සහ බැංකු වලින් ණය ලබාදීමේදි සිදු කර තිබෙන ණය වර්ගීකරණය ගැටලු සහගතයි. එම ගැටලු විසඳා ගත යුතුයි.

    ණය ලබා දීමේ වැඩපිළිවෙලවල් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යංශය හරහා මිලියන 25 දක්වා ණයක් ලබා ගැනීමට පහසුකමක් සපයා තිබෙනවා.

    මුදල් අමාත්‍යංශය ණය වැඩපිළිවෙලක් හඳුන්වා දි තිබෙනවා. මේ දෙකෙහි යම් යම් ගැටලු මතුවී තිබෙනවා. එය විසඳා ගත යුතුයි.

     

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ප්‍රදීපා කළුතන්ත්‍රිගේ,

    ඇගළුම් කර්මාන්තවල සේවය කිරීමට විශාල සේවක හිඟයක් තිබෙනවා. රජය වහාම මැදිහත්වී රටේ මානව සම්පත දැනුමෙන් සංවර්ධනය කොට මෙම ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කළ යුතුයි.

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ කර්මාන්ත සහ ප්‍රතිපත්ති අංශයේ විධායක සභික රිසාන් රිස්වි.

    එක්සත් ජනපද ඩොලර් බිලියන 13ක සංචිතයක් අප වසර 2028දී ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා විධිමත් නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය දියුණු කිරීමට පියවර ගත යුතුයි.

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ඒ.එම්.ජේ.එම් ජව්ෆර් මෙහිදි අදහස් දැක්වූහ.

     

    WhatsApp Image 2025 10 15 at 4.59.34 PM

     

     

    (සටහන | ජේ.මුණසිංහ)

  • ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපති අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී අතර හමුවක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට එක්වීය.

  • ජනපති සහ තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් අතර හමුවක්

    තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමග හමුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • ජනපති සහ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර හමුවක්

    පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.

  • ජනපති, ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

    පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමග සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

  • ජනපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක්

    2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න