#anurakumaradissanayake

  • දුෂණයට එරෙහි සටන භයානකයි; ඊට එරෙහි නොවීම ඊටත් වඩා භයානකයි - ජනපති ලෝක නායකයින් හමුවේ පවසයි

    දූෂණයට එරෙහි සටන භයානක නමුත් දූෂණයට එරෙහි නොවී සිටීම ඊටත් වඩා භයානක යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.

    ඔහු මෙලෙස අවධාරණය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 80 වැනි මහා මණ්ඩල සැසියට එක්ව ලෝක නායකයන් අමතමිනි.



    එම සම්මේලනය අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා...

    ''ලෝකයේ ජාතීන් අතර සාධාරණ සහ කල්පවතින සාමයක් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යෑමේ උදාර අරමුණු පෙරදැරි කරගෙන බිහිකළ මේ සුවිශේෂී සංවිධානය 80 වැනි සැසිවාරයේ සභාපති ලෙස තේරීපත්වූ යුරෝපයේ හදවතේ පිහිටි අපූර්ව ජර්මනියේ අතිගරු අන්නලේනා බයෝබර්ක් මැතිනියට මා උණුසුම් සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම ලෝකයම මවිතයට පත්කරන භූගෝලීය හා සංස්කෘතික විවිධත්වයක් ඇති කැමරූන්හි අතිගරු ලෝමාන් යෑන් හිටපු සභාපතිතුමා ලබාදුන් නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රශංසාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. සාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු ලස්සන ලෝකයක් වෙනුවෙන් දශක අටක් පුරා ඇපකැප වූ සංවිධානයක බහුපාර්ශවික ගමන්මග සහ ඉදිරි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරන මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පළමුවරට මෙම ගෞරවනීය සභාව ඇමතීමට ලැබීම පිළිබඳව මම ඉමහත් සතුටට පත්වෙනවා.

    දුප්පත්කම අතිශයින් බරපතළ ඛේදවාචකයක්

    ඔබ අප සෑම දෙනාම මේ ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණි, ඒ ඒ රටවල ජනතාවගේ නියෝජිතයින් වෙනවා. මගේ රට වන ශ්‍රී ලංකාව මෙන්ම අනෙක් සෑම රටකම ජනතාව අප වෙත පවරා දුන් ඓතිහාසික වගකීමක් අප සියලු දෙනාගෙම උරහිස් මත පැවරී තිබෙනවා. අප ගනු ලබන සෑම තීන්දුවක්ම මේ ලෝකයේ කොතනක හෝ ජීවත්වෙන සෑම දෙනාටම බලපානවා. ඒ සියලු තීන්දු සහ තීරණ ලෝකයේ අනාගත පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරනවා. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ දා සිට මේ දක්වා මුහුණදෙන අතිශයින් බරපතළ ඛේදවාචකයක් ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මහා ව්‍යසනය හේතුකොටගෙන නිර්මාණය වූ තවත් බරපතළ ගැටළු කිහිපයක් අපි ඉදිරිය අන්ධකාර පීඩාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ පිළිබඳව මෙම සුවිශේෂ සමුළුවේ අවධානය යොමු කිරීම කළ යුතුම බවට මගේ හෘද සාක්ෂිය හඬනගා කියනවා. බොහෝවිට මේ සියල්ල ඔබගේ හෘද සාක්ෂියටත් අඩු වැඩි වශයෙන් බලපෑම් කරනවා ඇතැයි මා සිතනවා.

    අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක් ම ගොඩනගන අත්තිවාරම යි

    සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ බහුතරයක් රටවල් සියවස් ගණනාවක් තිස්සේ අත්විඳින නොනවතින සහ අතිශය වේදනාබර අරගලය ලෙස දුප්පත්කම හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා.එය විවිධ මුහුණුවරින් එන බිහිසුණු සතුරෙක් වන අතර, අප මේ සමුළුව රැස්ව සිටින මොහොතේත් මා ද ඇතුළුව මේ සෑම නියෝජිතයකුම රටවල්වල අඩුවැඩි වශයෙන් සැලකිය යුතු දරුවන් පිරිසක් කුසගින්නේ සිටිනවා. සියලුම දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය මගින් සහතික කර ඇති සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ පිළිගත් මූලික මානව අයිතියක් වෙනවා. නමුත් නැතිබැරිකම, දුප්පත්කම නිසා මේ අයිතිය උල්ලංඝනය වන ලක්ෂ සංඛ්‍යාත දරුවන් ලෝකය පුරා සිටිනවා. තාක්ෂණයෙන් පිරිපුන් යයි උදම් අනන ලෝකයක් පාසල් අහිමි දරුවන් සිටීම මොනතරම් අවසනාවන්ත තත්ත්වයක්ද? අධ්‍යාපනය යනු සෑම ශ්‍රේෂ්ඨ ජාතියක්ම ගොඩනගන අත්තිවාරම වෙනවා.
    අනාගත ලෝකයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය වෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ලෝකයේ ප්‍රගතිය උදෙසා කරන ආයෝජනයක් ලෙස අපි සළකනවා. බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල්වල දුප්පත්කමට මුහුණ දීමේ ප්‍රගතියට ණය බර අඛණ්ඩව බාධා කරනවා. සාමාන්‍යයෙන් අඩුආදායම්ලාභී රටවල් සෞඛ්‍යය හෝ අධ්‍යාපනය සේවා සඳහා ගෙවීමට වඩා දෙගුණයකටත් වඩා වැඩි අරමුදල් ශුද්ධ පොලී ගෙවීම සඳහා වෙන් කරනවා.
    පුරවැසියන් වශයෙන් මෙන්ම රටවල් වශයෙනුත් ණය උගුල්වල හිරවී සිටිනවා. මේ තත්ත්වයට සාධනීය විසඳුමක් අවශ්‍ය වෙනවා. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රයේ කිසිවකු අතහැර නොයන බවටත්, පළමුවෙන්ම පිටුපසින් සිටින අය වෙත ළඟා වීමටත් පොරොන්දු වී තිබෙනවා. අද ලෝකය පුරාමත් මුහුණ දෙන විශාලතම ගෝලීය අභියෝගය දුප්පත්කම අවසන් කිරීමේ අභියෝගය බව තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය හඳුනාගෙන තිබෙනවා.

    ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගය

    1995දී කෝපන්හේගන්හි දී පැවතී සමාජ සංවර්ධනය සඳහා වූ ලෝක සමුළුවේ දී ගත් තීරණාත්මක තීන්දුවක් ඔබේ අවධානයට යොමුකරවනවා. නමුත් අනපේක්ෂිත යුද්ධ දේශපාලන ව්‍යාකුලතාවයන් වගේම ලෝකයේ ම කුණාටුවකට හසුකළ කොවිඩ් වසංගතය නිසා අභිලාශකාමී න්‍යායපත්‍රය ව්‍යාකූලත්වයට පත් කොට තිබෙනවා. ඒ නිසා ඇති-නැති පරතරය, දුප්පත්කම ලෝක ව්‍යසනයක් සේ සලකා කටයුතු කළ යුතුව තිබෙනවා. ගරු සභාපතිතුමනි, ගෞරවනීය අමුත්තනි,
    මේ අසිරිමත් ග්‍රහ ලෝකය අස්ථාවරත්වයටත් ව්‍යාකූලත්වයටත් පත්වන නවතම ගැටලුවක් ලෙස මත්ද්‍රව්‍ය හා ඒහා බැඳුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ බව එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාලය 2025 ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවේ පවා තහවුරු කොට තිබෙනවා. ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව ලොවපුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලපාන සංකීර්ණ අභියෝගයක් වී තිබෙනවා. දිනෙන් දින මත්කුඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගෝලීය වෙළෙඳපල වාර්තාගත ලෙස ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වෙළෙඳාම සහ ඒ හරහාම ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ ලෝක අර්බුද රැසකට මාර්ගය විවෘත කොට තිබෙනවා. මේවාට සම්බන්ධ කණ්ඩායම් රාජ්‍යයන් ගොදුරු බිම් බවට පත්කරමින් සිටිනවා.

    මේ ව්‍යසනය ලෝක සෞඛ්‍යයට, ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට, ලෝක දේශපාලනයට සේම අවසන් වශයෙන් ලෝකයේ යහපැවැත්මට එරෙහි මහා ප්‍රවාහයක් බවට පත්වී තිබෙනවා. මෙම ව්‍යසනය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අප සාධනීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින අතර මේ උවදුර පිටුදැකීමේ ලෝක න්‍යාය පත්‍රය සක්‍රිය කිරීමට මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීම, එවැනි ජාවාරම්කරුවන්ට තම තමන්ගේ රටවල්වලට සංක්‍රමණය වීමේ ඉඩප්‍රස්ථා අවුරාලීම, මේවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථාන බිහි කිරීම වැනි කරුණු මම මේ මොහොතේ ඔබගේ අවධානයට යොමු කරවනවා.

    ඉදිරියට ම තැබිය යුතු අසීරු ම පියවර

    ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,

    දූෂණය, සමාජයේ පුළුල් පරාසයක විනාශයට සහ ඛේදවාචකයට හේතුවන වසංගතයක් විදියට අපි විශ්වාස කරනවා. දූෂණය සංවර්ධනයට බාධාවක්. ප්‍රජාතන්ත්‍රවාදය සහ ලෝකයේ යහපැවැත්මට තීරණාත්මක තර්ජනයක් සහ දුප්පත්කමට හේතුවක් වන බව අපේ ස්ථාවරය වෙනවා. දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත් දූෂණයට එර‍ෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානකයි යන්න මම ඔබට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. 1948දී මානව හිම්කම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ලෝකයේ මිනිස් ප්‍රජාවට විශාල ජයග්‍රහණයක් ගෙනාවා. මානව ශිෂ්ඨාචාරයේ විවිධ ජයග්‍රහණයන් එක් රැයකින් ලැබී නැහැ. ඒ සියල්ල අප්‍රමාණ කැපකිරීමේ සහ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵල. දූෂණයට එරෙහි සටනත් අසීරු පියවරක්. එහෙත් අප ඒ පියවර තැබිය යුතුයි. අප තබන පළමු පියවර අසීරු විය හැකියි. නමුත් අප නිර්භීතව තබන පියවර නිවැරදි නම් ඒ පියවර පිටුපස තවත් පියවර දහස් ගණනක් අප සමඟ ඒවි යැයි මා විශ්වාස කරනවා.

     

    WhatsApp Image 2025 09 25 at 07.13.27 7547ba96

     

    යුද්ධයක් සිහිනයෙන් දැකීමට පවා අකමැති වෙමු

    ගරු සභාපතිතුමියනි, නියෝජිතවරුනි,

    ''නිර්භීතවන්න, ඉතුරු සියල්ල ඉබේම වේවි' යැයි ජවහර්ලාල් නේරුතුමන් කළ ප්‍රකාශය මේ මොහොතේ මා සිහිපත් කරනවා. මම නියෝජනය කරන්නේ මිලියන 22ට ආසන්න ජනගහනයක් ජීවත් වෙන පුංචි දීප්තිමත් දූපතක්. ශ්‍රී ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මුළු ලෝක ජනගහනයෙන් 0.3%ක් පමණ වෙනවා. අපේ රටේ වගේම රටේ සිටින ජන සංඛ්‍යාව ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මකව කුඩා බව ඇත්ත. නමුත් අපේ රටෙත් ලෝකයේත් මතු පරපුර වෙනුවෙන් දූෂණයට එරෙහි සටන අපි ආරම්භ කොට තිබෙනවා. දූෂණයට එරෙහි සටන සෑම රටකම සංස්කෘතියේ කොටසක් විය යුතුයි කියා මා යෝජනා කරනවා.

    ගරු සභාපතිතුමියනි, ගෞරවනීය අමුත්තනි,

    ඔබ කුමන රාජ්‍ය නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙක්ම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක්වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතන හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුණත් ඒ හරහා සිදුවන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා ඒ ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් ඉන්නවා. දශක තුනකට වඩා වැඩි කාලයක් යුද්ධයේ කටුක අත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනක් සැමරුම් ස්මාරක අසලට පැමිණි ඔවුන්ගේ දෙමව්පියන් දූ දරුවන් බිරින්දෑවරුන් දෑත් එක්කරගෙන නඟන වේදනාබර ආයාචනය දකින ඕනෑම කෙනෙක්, යුද්ධයක සිහිනයක් දැකීමට පවා අකමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා.


    බලය වැඩි කරගැනීම සඳහා ජීවිතවලට බලපෑම් කිරීම අයුක්ති සහගතයි

    ගැටුම් නිසා මිනිස්සුන්ට විඳින්න සිදුවී ඇති දුක් පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී තිබුණත් බොහෝවිට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනකගේ දුක්වේදනා අවසන් කිරීමට අ‍පොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්වී තිබෙනවා. දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පාපන්දුවක් බවට පත්කිරීම අවස්ථාවාදී බල දේශපාලනය ඛේදවාචකයක් වී තිබෙනවා.
    තමන්ගේ බලය වැඩි කරගැනීමට තවත් කිසිවෙකුටත් ජීවිතවලට බලපෑම් කිරීම සහ පීඩාකිරීමට කිසිවකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස, ජීවිත විනාශ කිරීම නොවේ. ගාසා තීර‍යේ අඛණ්ඩව සිදුවන බිහිසුණු ව්‍යසනය අපගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන්ම ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිරකඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව්පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත දෙපාර්ශවය කඩිනමින් සටන් විරාමයකට යොමුවීමත් බාධාවකින් තොරව සියලු මානුෂීය ආධාර යොමු කිරීමත් සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳව අපි හඬනඟනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා.

    වර්ගවාදයේ විෂ තවමත් තැන තැන

    පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා.
    ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනා ගත යුතුව තිබෙනවා. 1967 දේශ සීමා මත පදනම්ව රාජ්‍යයන් දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ හා ස්ථිර විසඳුමක් වෙනුවෙන් එක්විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝකවාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නකු බවට පත්වී සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළඹ තිබෙනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත්කරන යුද ගැටුම්වලට උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතල ලෙස හේතු වී තිබෙනවා. වහල්භාවය අහෝසි කර සියවසක් ඉක්ම ‍ගොස් ඇතත් වර්ගවාදයේ විෂ තවමත් තැන තැන තිබෙන බව නැවත නැවතත් සිහිපත් කළ යුතුයි. අන්තවාදී සහ ජාතිවාදී අදහස් මාරාන්තික වසංගත රෝග තරමටම සාහසික වී තිබෙනවා. හාස්‍යයට සහ විමතියට කරුණ වන්නේ මෙතරම් ඉදිරිගාමී ලෝකයක් තුළ පවා මේ ජාතිවාදී වර්ගවාදී ඝෝෂාවන් තවදුරටත් අලුයට ගිනි පුපුරු මෙන් ඉතිරිව තිබීමයි. එහි බිහිසුණු තත්ත්වය වන්නේ ඉතාමත් තීරණාත්මක ලෙස විශ්වයේ යහපැවැත්මට එරෙහිව අවස්ථාවාදී ලෙස ගිනිපුපුරු විටින් විට මහා ගිනි ජාලාවක් බවට පත්කිරීමයි. ආයුධ මගින් ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම්වලින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මියයන ලෝකයක අපි අපි බිලියන ගණනින් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා.

    ලෝකයේ සෑම බිම් අඟලක් ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකිනම්...

    නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණන් ජනතාව මරණයේ මාවත තෝරාගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නමැති පියාපත් ලබන්නට බැරිව ලක්ෂ ගණන් දරුවන් සුසුම් හෙළන විට භූමියන් ආක්‍රමණය කරන්නට මිලියන ගණන් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකිනම් එය ලෝකයේ ආශ්චර්යමත් ලෝකයක් බවට පත්වෙන බව ඒකාන්තයෙන්ම අපි විශ්වාස කරනවා. මේ සමුළුවට එක්වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහිකරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමුයි කියා මා යෝජනා කරනවා.

    ජනතා නියෝජිතයන්ගේ වගකීම්

    ගෞරවනීය ආරාධිත අමුත්තනි,

    ඓතිහාසික මැතිවරණයකින් ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහිවූ ව්‍යවස්ථාදායකය විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවන්ත විශ්වාසයක් තැබුවා. තව අතකින් දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජනය ඓතිහාසික තත්ත්වයක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්නුම් කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලනතන්ත්‍රය තුළ ජනවාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසකම් සහ අවස්ථාවන් ලබාදීම සඳහා අප තුළ ඇති කැපීවීම නැවත බලගන්වනු ලබනවා.ඒ වගේම මහජන නියෝජිතයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් විය යුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධන වීම නොවන බව අප විශ්වාස කරනවා.

    ලෝක‍ය ඉදිරියේ ඇති විශාලතම අභියෝගය

    සභාපතිතුමියනි, සම්භාවනීය අමුත්තනි,

    අන්ධකාරය වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්ඵල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසිදු රටක් යන ප්‍රධාන අංශ කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍යය කෙරේ අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජයගනිමින් සිටිනවා. වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අපගේ නව ඉලක්කය ලෝක‍ය ඉදිරියේ ඇති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවන්ට ප්‍රවේශවීමට හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වුවහොත් තාක්ෂණයට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්ථා විවරවීම සංවර්ධනය වේගවත් වීම සහ පාලනය ශක්තිමත් වීම වැලැක්විය නොහැකි වෙනවා.
    එනමුත් එසේ කිරීමට අප අසමත් වුවහොත් තාක්ෂණයේ අසමානතාවය අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇතිවීමට තුඩුදෙන තවත් බලවේගයක් වන බව අප විශ්වාස කරනවා.
    ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීමට නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබ්බට විහිදුණු පරතරයක් මතු වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලොව පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘතිම බුද්ධිය භාවිතා කිරීමට යටිතල පහසුකම් අවම වීම බලපා තිබෙනවා.

    ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක්

    ගෞරවනීය සභාපතිතුමනි, ආරාධිතයිනි,

    අප නව ලෝකයක් බොහෝ යහපත් ලෝකයක් මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනගා ගත යුතුයි. මෙම සමුළුවේ සාමාජිකයෙන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහනිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධාන පිහිටුවීමේ ප්‍රඥප්තිය අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරී ටෲමන් කළ ප්‍රකාශයක් සිහිපත් වෙනවා. අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත්ව නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි මෙන්ම එය වඩා සමීප යැයි යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකය රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව අප ඇපකැප වූ පරපුරක් ලෙස මෙම සමුළුවේදී අධිෂ්ඨාන කරගනිමු.

    අපේක්ෂාවේ සිහිනය

    අවසාන වශයෙන්, මට මගේ රට ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සිහිනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කරදීම මගේ ඒකායන සිහිනය වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කරදීම ඔබේ සිහිනය බව මා විශ්වාස කරනවා. ඒ සියලු සිහින වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරයා යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වැල් බැඳගත් ගමනක් බව අප විශ්වාස කරනවා. නිරෝගී ධරණි තලයක සාමය, ගෞරවය හා සමානාත්මතාව වෙනුවෙන් කැපවෙමු යනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. එය ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෙහෙවින්ම ස්තූතියි...!"

     

     

    WhatsApp Image 2025 09 25 at 07.13.27 4efd1120

    WhatsApp Image 2025 09 25 at 07.13.27 fda38abb

  • නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 10කට පාර්ලිමේන්තු අනුමැති

    ඊශ්‍රායලය, ඉරානය සහ පලස්තීනය ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලතල සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද නව පත්වීම් 10ක් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

  • නිර්මාල්; නීතියේ එන අවධානයේ යුතුකම මෙන්න

    ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරිට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබඳව කරුණු දැක්වීමක්.

  • නිවාස 15000ක් අවධානම් කළාපයේ

    ග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (15) පෙරවරුවේ පැවැත්විණි.

  • පක්ෂය සහ දේශපාලනය පිළිබඳ රනිල් ගෙන් යෝජනාවක් - රනිල් කොලම

    පැලවත්තේ මහදැන මුත්තා බුදුන් සරණ ගිහින් තියෙනවා ය යන ආරංචිය කනින් කොණින් දේශපාලන ලෝකයේ හොල්මන් කරන්නට විය.

  • පාතාලය සැලකිය යුතු මට්ටමෙන් අඩුවෙලා -මහින්ද ජයසිංහ

    පාතාල මර්ධනය ඉතා හොදින් සිදුවෙනමින් පවතින බව මහින්ද ජයසිංහ පවසයි.ඔහු තව දුරටත් සදහන් කලේ,


    "විශේෂයෙන්ම අපි මේ වන විටත් රටම එකට කියන ජාතික ව්‍යාපාරය ගොඩ නගන්න අවශය කරන මැදිහත් වීම කරලා තිබෙනවා ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්.

    අපි ඒ වැඩසටහන හරහාත් ඉදිරියේදී තව දුරටත් අපේ රට මතින් තොර රටක්  බවට පරිවර්තනය කරන්න ඕන කරන මැදිහත් වීම සිදු කරමින් තිබෙනවා. ඉතින් ඉදිරියේදී තව දුරටත් මෙම ජාතික ව්‍යාපාරය පුළුල් කරමින් මුළු රටම එක මිටකට අරගෙන මුළු රටම ඒ වෙනුවෙන් මෙහෙයවන්න අපි ආන්ඩුවක් ලෙස සූදානමින් ඉන්නවා.
     
    ඒ වගේම තමයි පාතාල අපරාධ මේ වන විට සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියනවා.මොකද මේ පාතාලයේ සැලකිය යුතු පිරිසක් දැන් හසුවෙමින් තිබෙනවා.ඒ වගේම පාතාලය සමග දේශපාලන සම්බන්දතාවය සහමුලින් අපි ඉවත් කරලා තිබෙනවා ඉතින් ඒකත් එක්ක අපි විස්වාශ කරනවා අපේ රට එක පැත්තකින් මත්ද්‍රව්‍ය වලිනුත් අනිත් පැත්තෙන් අපරාධ වලින් තොර රටක් බවට පරිවර්තනය කරගන්න අපිට ඉදිරියේදි හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් අපි  අධිෂ්ඨානශීලීව අපේ රට මෙහෙයවමින් ඉන්නවා."
     
     
     
  • පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා - රවී කියයි

    ''මම පාර්ලිමේන්තුවේ තනි අලියා .. සමගි, යූ එන් පී දෙක එකට එකතු කරලා අලි ගහනය වැඩි කරගන්නවා...'' යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

    ඒ සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුකිරීම සඳහා තමාට කළ හැකි උපරිමයෙන් දායකවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.

    ඔහු එබව කියා සිටියේ, දිවංගත ලලිත් ඇතුළත්මුදලි අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයේ දීය.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුගියදා පැවති එම උත්සවයේදී උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමිණ.

    එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ මහාචාර්ය ලලිත් ගමගේය.

    ශ්‍රීමත් ලලිත් ඇතුළත් මුදලි පදනමේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවටවට එක්වෙමින්, ආර්ථික බාධා තියෙන, හැකියාවක් ඇති දරුවන්ට උදව් කිරීම සඳහා හිටපු අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භකළ ආකාරය පැහැදිලි කළේය.

    තවදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත්‍රීවරයා, මේවනවිට ජනතාව තුල රජය ගැන විශ්වාසය පවතින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගැන පමණක් බව සඳහන් කළේය.  ''එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තියෙන්නේ, තව අවුරුද්දක් යනකොට මේ තත්ත්වය වැඩි කරගන්න වෙයි'' යයි ඔහු කියා සිටියේය.

    හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ,  IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතු බවයි.

    ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එහි තියෙන වටිනාකම නැති වෙන බව පැවසු මන්ත්‍රීවරයා, ''පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් මේකට විසඳුමක් ලබා ගත යුතුයි'' යයි ද කියා සිටියේය.

    විදුලි බිලියි අඩු කරන්න ආපු ආණ්ඩුවක් විදුලි ගාස්තුව වැඩි කරන්නේ කොහොමද ඒක ප්‍රශ්නයක් යයි ද හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ රවී කරුණානායක විමසා  සිටියේය.

     

     



    (Colombo නිරෝෂන්)

  • පාස්කු ප්‍රහාර නඩුව; ආණ්ඩුවේ ප්‍රධාන සාක්ෂිකාර රොහාන් ගුණරත්නට පෙරවදනක්

    රොහාන් ගුණරත්න දුන් අවවාදය නම් ‘මෝඩයින් බලයට පත් කරන්න එපා’ යන්න ය. ඔහු මෝඩයින් කීවේ කාටද? පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රධාන පොරොන්දුවක් බව නොදන්නා කෙනෙක් නැත.

  • පිටකොටුව  බස් නැවතුම්පොළ නවීකරණයට

    අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.

    ඒ සඳහා අපේක්ෂිත මුදල මිලියන 424ක් වේ.

    වසර 60කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වෙන මෙය 1964 දී ඉදි කර ඇත.

    මෙහි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

     

  • පිළිතුරු නොමැතිව දහසය වසරක්: ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ යුක්තිය උදෙසා කරන නොනිමි සටන

    වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යළි මතක් කර දීමකි.

  • පුරවැසියා එපා කියන කිසි නීතියක් සම්මත කරන්නේ නෑ - ජනාධිපති

    පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

    පාලකයන්ගේ අවශ්‍යතාවට නීති හදපු සහ ව්‍යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.

    ‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.

    ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්‍යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.

    එකම නිර්ණායකය වන්නේ ජනතා ප්‍රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.

     

     

  • පොන්නි සම්බා ආනයනය සඳහා වූ ගැසට් නිවේදනය නිකුත් වෙයි

    කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.

    එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.

    කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

  • පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

    ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.

  • බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

  • බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

    බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධා හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක්

    මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

  • බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නෑ - නාමල් රාජපක්ෂ

    වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

    එහිදි ඔහු මෙසේද පැවසිය.

    “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.

    හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?

    දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.

    මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.

    මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”



     

  • මතට ලොල්වුණ අයටයි - විකුණන අයටයි ජනපති කියූ දේ

    කුඩුකාරයන්ට එරෙහිව ජනාධිපතිවරයා බරපතල අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දෙයි...

    සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

  • මත්ද්‍රව්‍ය ජවාරමට පහසුකම් සපයන පොලිස් හා රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

    මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක  පැවැසීය.

  • මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් නව ව්‍යුහයක් ස්ථාපිත කරනවා - ජනපති

    ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේ දී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න