දිනෙන් දින ජනතා අප්රසාදයට පත්වෙමින් ඇති ආණ්ඩුව මෙන්ම විපක්ෂයේ පරාජිත කණ්ඩායම්ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඉලක්ක කර මඩ ව්යාපාර ආකාර දෙකකින් ක්රියාත්මක කරමින් ඇති බව සමගි ජනබලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක සහ කෘත්යාධිකාරී මණ්ඩල සභික මහේෂ් සේනානායක පවසයි.
BMW මෝටර් රථ ආනයනයට අදාළ රේගු ආදායම් අහිමිවීමක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට බාධා කළ බවට චෝදනා කරමින් විනිවිද පදනම විසින් ශ්රී ලංකා නීතිඥ සංගමයේ වත්මන් සභාපති රජීව් අමරසූරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
විපක්ෂය ම පෙන්වා දෙන පරිදි රට පවතින්නේ අගාධයක් අබියස නම් විපක්ෂයට ඒ පිළිබඳ විකල්ප අදහසක් තිබිය යුතු බවත්, එම අදහස් විපක්ෂ කණ්ඩායමක් ලෙස සාකච්ඡා කිරීම සඳහා හමුවීම් කේන්ද්රයක් (Meeting Point) තිබිය යුතු යැයි ද යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මැද පෙරදිග සැඟව සිටින ප්රබල මත්ද්රව්යා ජාවාරම්කරුවන් හත් දෙනකු රජයට භාරවීමට කැමැත්තෙන් පසුවන බව දැනුම් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල පැවසීය.
මෙරට සිනමා කර්මාන්තය නඟාසිටුවීම සහ ප්රේක්ෂකයින් වර්ධනය කරගැනීම උදෙසා රට පුරා නව ප්රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ජාතික චිත්රපට සංස්ථාව මගින් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්යෙෂ්ඨ භූවිද්යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පවසයි.
චීන පරිත්යාගයක් ලෙස රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්යස්ථාන සවි කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි අමාත්ය විජිත හේරත් චීන රජයට යෝජනා කර තිබේ.
රට බංකොලාත් වූයේ රාජපක්ෂලා සොරකම් කළ නිසා යැයි කවුරුන් හෝ චෝදනා කරන්නේ නම් තමන් එම ප්රකාශය තරයේ හෙළා දකින බවත්, ප්රතික්ෂේප කරන බවත් පොදු ජන පෙරමුණ පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක් ෂ පැවසී ය.
1977 වසරේ ජේ. ආර්. ජයවර්ධන රාජ්ය බලය ලබා ගැනීමට පෙර සිට ම රට තුළ ක්රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ කුමක් ද යන්න පූර්ව සූදානමකින් මෙන් ම දැනුමකින් සිටියේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
මත්ද්රව්ය රටින් මුලින් උපුටා දැමීම අරමුණු කර ගත් ''රට ම එකට'' ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) (අද දින ) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යංශයේ දී පැවැත්විණි.
වත්මන් රජයේ විදේශ රටවල රැකියා ලබා දීමේ ප්රතිපත්තිය දුර්වල බවත් ඊශ්රයාල රැකියා ලබා දීම ද දුර්වල අකාර්යක්ෂම බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
ගෝලීයකරණයේ දී බටහිර රටවලට බලපෑ ප්රධාන ප්රශ්නයක් වූයේ ජාතික රාජ්ය ඉක්මවමින් පුද්ගලයින් සහ මුදල් සංසරණය වීම පාලනය කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
රටක් ලෙස නවීකරණය විය යුත්තේ, ආර්ථිකය ශක්තිමත් කළ, යුත්තේ සංස්කෘතිය ආගම සමාජයට අනුකූලව මිස ඒවාට පයින් ගසා නොවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
තවත් ICC ක්රිකට් T20 ලෝක කුසලානයකින් ශ්රී ලංකාව ඉවත්වීම ක්රිකට් ක්රීඩාවට ආදරය කරන සෑම පුරවැසියෙකුට ම කලකිරීමට කරුණක් වී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
රටේ ජනගහනයෙන් 22%ක් පමණ යම් ඉහළක සිටිය ද 10% කිනම් හෝ වේලාවක අන්ත දරිද්රතාවට වැටෙන බවත්, 1/3ක පමණ ප්රමාණයක් අන්ත දරිද්රතාවෙන් පෙළෙන්නේ යැයි ලෝක බැංකු අධ්යයනයකින් පැහැදිලි කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ මහාචාර්ය ප්රසන්න පෙරේරා පැවසී ය.
මේ වනවිට රටේ තරුණ තරුණියන් එක් ලක්ෂ පනස්දහසක් රැකියාවක් සොයමින් කල් ගතකරන බවත්, ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්යා ලේඛන හරහා හෙළිවන තොරතුරුවලින් රටේ ශ්රම වෙළඳපොළේ සෑබැ ස්වභාවය අවතක්සේරුවකට ලක්වෙන බව ජාත්යන්තර කම්කරු සංවිධානය ප්රකාශ කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහාචාර්ය ප්රසන්න පෙරේරා පැවසී ය.
රටේ පවතින ඩොලර් සංචිත වියදම් කිරීමෙන් රටට ඒවා නැවත ලැබෙන ක්රමවේදයක් නොමැති බැවින් අපේ රටේ පවතින අපනයන තත්ත්ව වැඩි වැඩි කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක පැවසි ය.
පොහොර හිඟයක් නැතැයි රජය පැවසුව ද බරපතළ පොහොර හිඟයක් රටේ පවතින බවත්, ගොවි ජනතාව ආදී සෑම කෘෂිකාර්මික කටයුත්තක නිරත වන ජනතාව පෙන්වා දෙන පරිදි සෑම දිස්ත්රික්කයක ම ගොවි ජනතාව මේ බරපතළ ගැටලුවට මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
2022 වර්ෂයේ දී ශ්රී ලංකාව මුහුණ දුන් ඉන්ධන අර්බුධය නිසා විදුලි නිෂ්පාදනය ප්රවාහන සෞඛ්ය හා කර්මාන්ත ක්ෂේත්ර බරපතල ලෙස කඩා වැටී දරුණු ආර්ථික අර්බුධයක් නිර්මාණය වූ බවත් වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය නිසා ලංකාවේ ඇතිව තිබෙන ඉන්ධන අර්බුධය තුළ පසුගිය අර්බුධකාරි අවස්ථාවෙන් පාඩම් ඉගෙන ගෙන ඇත් ද කියා විමසිය යුතු බවත් රටේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් ප්රශ්න රැසක් රජයට යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
වර්තමානයේ පවතින්නේ: මහජනයා ගේ නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් විසින්ම ඇති කරන ලද ප්රශ්නයක් බව තමන්ට හැඟෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

