2022 වසරේ Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ ආරම්භ කළ ආර්ථිකය ප්රකෘතිමත් කිරීමේ සහ ආර්ථික වර්ධනයේ උපායමාර්ගික සැලැස්ම වර්තමාන රජය තවදුරටත් අනුගමනය නොකරන බවත්, ජාතික ජන බලවේග රජය බලයට පත් වූ මුල් අවධියේදී හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීම දිගටම සිදු කළ ද, එය ආර්ථික වර්ධන සැලැස්ම සමග සමගාමීව ක්රියාත්මක කිරීමට ඔවුන් අපොහොසත් වී ඇතැයි ඒජාප කෘත්යාධිකාරී මණ්ඩල සභික දිනූක් කොළඹගේ සදහන් කරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී VIII වැනි විධායක ජනාධිපති සහ එජාප නායක රනිල් වික්රමසිංහ ගේ ප්රධානත්වයෙන් පැවැති කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයක් ගත් බව ඒජාපය සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට ප්රතිකාර කළ මෙරට වෛද්යවරුන්ට අවසානයේ අරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් කට උත්තර පවා දීමට සිදු වූවා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පිටතට පැමිණෙන අවස්ථාවේදී, ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්ය ආයතනයක කැමරා ශිල්පියෙකුගෙන් ප්රහාරයක් එල්ල වී ඇති වී ඇති බව වාර්තා වෙනවා.
තම බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා රාජ්ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (30) පස්වරු 2.00 ට යළි කැඳවීමට නියමිතය.
මේ වීඩියෝ එක ගැන හුඟක් ප්රතිචාර ආව. මේක දවසේ ප්රධාන පුවතක් බවට පත්වෙලා තියෙනවත් දැක්ක.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් සකස් කළ පිටු 200ක පශ්චාත් ආපදා සැලසුම කියවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ආණ්ඩුවට කියා සිටියි.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) අතර හමුවක් අද (25) කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී සිදුවිණි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු පොලිස් ප්රධානී දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ ඉහළ පෙළේ නඩු දෙකක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල් (ASG) දිලීප පීරිස් යෝජනා කර තිබේ.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහට සිංගප්පූරුව රෝහලේ දී කළ සාර්ථක ශෛල්යකර්මයෙන් පසුව මේ වන විට සුවය ලබමින් පසුවෙවෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.
Viiiවන විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ, ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ට එරෙහිව පවතින නඩු කටයුතු සහ පරීක්ෂණ උපරිම කෙටි කාලයකින් අවසන් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට, රහස් පොලීසියට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සමඟ ඇති වූ සිදුවීමකට අදාළව කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පෞද්ගලික මාධ්ය ආයතනයක කැමරා ශිල්පියා පොලිස් ඇපමත මුදා හැර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සමඟ ඇති වූ සිදුවීමකට අදාළව චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රූපවාහිනී කැමරා ශිල්පියෙකු අතර කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික, අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය (SLWJA) ශ්රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටියි.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කර ඇති රුපියල් මිලියන 16.2ක 'වුල්වර්හැම්ප්ටන්' (Wolverhampton) නඩුවේ ප්රධානම තර්කය වූයේ අදාළ ලන්ඩන් සංචාරය "කිසිදු නිල ආරාධනාවකින් තොරව සිදුවූ පෞද්ගලික ගමනක්" යන්නයි.
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ ගේ උපාධි ප්රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත ගොස් රුපියල් කෝටි එක හමාරකට අධික පාඩුවක් රජයට සිදුකළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනය අවසන් අදියරේ පසුවන බැවින් ඔහුට එරෙහිව ඉහල අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා කොටුව මහේස්ත්රාත් නෙත්ති කුමාර මහතාට දැනුම් දෙයි.
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් තුනක් නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ජේ. ආර්. ජයවර්ධන ගේ විවෘත ආර්ථිකය ට දොස් පවරන්නේ නැතුව විකල්පයක් යෝජනා කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්රි රවි කරුණානායක පැවසී ය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්ය රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂ විතාන අද (31) නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

