දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් මාධ්ය වෙත අදහස් දැක්වීම මත නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ඔහුගේ මානව හිමිකම් කඩ කිරීමට වත්මන් දුම්රිය සාමාන්යාධිකාරි විසින් කටයුතු කිරිම මත ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත පැමිණිල්ලක් සිදු කිරීමට අද දින රාජ්ය සේවා වෘත්තීය සමිති නායකයන් විසින් කටයුතු කරන ලදී.
වර්තමානයෙහි පවතින්නේ රාජ්යය, රාජ්යයට ම එරෙහි ව කැරලි ගසන සමයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඇප කොන්දේසි කඩ කරමින් මහා සංඝරත්නය ඇතුළු විවිධ පුද්ගලයන්ට අපහාස කරමින් වීඩියෝ මුදාහරිමින් අපහාස කළ බවට අධිකරණයට කරුණු වාර්තා කර තිබූ රාජාංගනය සද්ධාරතන හිමි ගේ ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ලබන අගෝස්තු මස 5 තෙක් කල් තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේ ය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට මෙම මස 31 වන දින අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නිතී අධ්යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි අද(28) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වූවා.
2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ධීවර අමාත්ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 17 වන දින කැඳවීමට අද කොළඹ මහාධිකරණය දින නියම කළේය.
හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සහ හිටපු සභාපති උපාලි ලියනගේට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පනවා ඇති නඩුවේ විමර්ශන කටයුතු අවසන් බැවින් අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේ ය.
අද(17) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව පරිවාස භාරයේ සිටි සිසුවාගේ හිසට එහි සිටි වෙනත් දරුවකු පහර දීම හේතුවෙන් රාගම රෝහලේ මේ වන විට ප්රතිකාර ලබන බව කුරුඳු වත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.
දැනට රැකියා විරහිත සිටින සියළු උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීමට අවශ්ය මුදල් ප්රතිපාදන ඉදිරි 2027 අයවැය මගින් වෙන් කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ජනාධිපති සහ මුදල් අමාත්ය අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය ජුනි 02වන දාට යෙදුණ ආචාර්ය විශාකා කුමාරි ජයවර්ධන ඇගැයීමේ දී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ‘රැජින ගේ බෝඩිම’ ගැන කීප විටක් සඳහන් කළා. මේ රටේ රැජින ගේ බෝඩිං’ තිබුණේ 1972 මැයි 22 දා තෙක් පමණයි. ඊට පස්සේ එය ආණ්ඩුවේ බෝඩිම බවට පත් වුණා.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාළ වී ඇත.
පාකිස්තානයේ සිට මොරොක්කෝව වෙත ප්රති-නැව්ගතකිරීමේ (Transshipment) මුවාවෙන් කොළඹ වරායට රැගෙන ආ බහලුමක සඟවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය කිලෝ 475ක පමණ විශාල තොගයක් සොයා ගැනීමට ඊයේ (31) මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුලුතැන්ගේ ආහාර පිසීමට අවශ්ය ආහාර ද්රව්ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා මිල ගණන් කැඳවීමේ දී පැමිණිලිකරුට එම ටෙන්ඩරය ලබා ගැනීමට හැකි වන පරිදි සැකකරු විසින් ඔහු ගේ පියා ගේ හා මාමා ගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබා ගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මුලින් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා,
රු.50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ඉන් රු.35,000ක මුදලක් ලබාගැනීමේ අල්ලස් චෝදනා මත පොළොන්නරුව, පළාත් ආදායම් දිස්ත්රික් කාර්යාලයේ, කාර්යාල සනීපාරක්ෂක කම්කරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෞද්ගලික රෝහල් සහ වෛද්ය රසායනාගාරවලින් අය කරන ඇතැම් වෛද්ය පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් නියමිත උපරිම ගාස්තු පනවා ඇත.
රුපියල අවප්රමාණය වීමට හේතුව යුදමය තත්ත්වය සමග ඩෙලරයේ ඉල්ලුම ඉහළ යෑම නිසා යැයි ආණ්ඩුව පවසන්නේ සම්පූර්ණයෙන් ම අසතයයක් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
රුපියල බාල්දු වෙමින් ඩොලරය ඉහළ යෑම සම්බන්ධයෙන් රටට හිතකර තීරණයක් ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නැයි මහාචාර්ය ප්රසන්න පෙරේරා ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලිමක් කරයි.
මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්රමාණය සියයට 3 යි දශම 4 ක් ලෙස සටහන් වේ.
සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ලෙස ස්ථාවරව පවතින.
විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කර වල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී ඇත.
( hirunews)
රුපියල් 100ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් වේලාසටහන් නිලධාරියෙකු (Time keeper) ලබන 27දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම ඊයේ (21) නියෝග කළේය.
බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ පිහිටි Lavin’s Vegetable Family Restaurantආයතනයට යාපනය මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 950,000/-ක (ලක්ෂ නමයහමාරක) දඩයක් නියම කර ඇත.
සුඛෝපභෝගී මෝටර් රථ හා ඉදිකිරීම් ක්ෂේත්රයේ අමුද්රව්ය ආනයනය කරමින් රුපියල් කෝටි ගණනින් බදු වංචා කළේ යැයි කියන ප්රසිද්ධ ගේට්ටු නිෂ්පාදන හා මොටර් රථ ආනයනය සමාගමක් වන ඇල්කාඩෝ industries පුද්ගලික සමාගම හිමිකරුගේ පුත්රයකු ඇතුළු දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂධ මිගාර මහාරච්චි නියෝග ඊයේ (03) කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

