#lk#srilanka#newstube

  • රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනයයි – අගමැති හරිනි අමරසූරිය

    රටක සැබෑම ආයෝජනය පවතින්නේ ඉදිකරන ගොඩනැගිලි තුළ නොව දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය තුළ බවත්, පරිසරයට ආදරය කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

  • රණවිරුවන් සහ පවුල් සඳහා පැවැත්වෙන සුභසාධන කඳවුර සහ වෛද්‍ය සායනයේ 10වන පියවර යුද්ධ හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී…

    මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටලු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10වන අධියර සහ වෛද්‍ය සායනය හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරන්න ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08වන දා පැවැත්විණ.

  • රණවිරුවො යුද්ධෙ ඉවර නොකළා නම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නෙ ප්‍රභාකරන් ගෙන් අවසර අරගෙන -නාමල් රාජපක්ෂ

    රණවිරුවෝ යුද්ධය අවසන් නොකළා නම් වර්තමාන ජනාධිපතිවරයාට යාපනයේ ජොගින් යන්න වෙන්නේ ප්‍රභාකරන්ගෙන් අවසර අරගෙන යැයි ජොගින් යන්න වෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.

  • රත්නායක තිලකරත්නගේ අලුත්ම නවකතාව 'වැටෙත් සුරන් ගිරග මතින්'

    රාජ්‍ය සම්මානලාභී රත්නායක තිලකරත්න ලියූ අලුත්ම නවකතාව 'වැටෙත් සුරන් ගිරග මතින්' ස්වාන් බුක්ස් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.

  • රත්මලානේ සයිමා ඇතුළු පිරිස 17 දක්වා රිමාන්ඩ්

    සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් ගේ සගයකු වන රත්මලානේ සයිමා සමග ඊයේ (10) මැලේසියාවේ සිට ගෙන ආ සැකකරුවන්ගෙන් අද (11) ගුවන්තොටුපළ පොලිසිය මගින් මීගමුව අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

  • රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

    රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර  පවසයි.

  • රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ දෙදෙනා රිමාන්ඩ්

    රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන රන් ආලේපිත පෞරාණික හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට සැකපිට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනෙක් ලබන අගෝස්තු මස පස්වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන නියෝග කර ඇත.

  • රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ දෙදෙනා 19 තෙක් රිමාන්ඩ්

    රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (5) නියෝග කළේ ය.

  • රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ දෙදෙනාට ඇප

    රුපියල් කෝටි 2500ක් පමණ වටිනා බවට සැලකෙන ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැක කෙරෙන පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමයක් විකිණීමට තැත් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනා ගේ හඩ පට පරීක්ෂා කර කඩිනමින් අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස  කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝග කළා.

  • රන් පදක්කම දිනූ ළහිරු වාර්තා පොතට

    බහරේන් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක 16 හැවිරිදි ළහිරු අචින්ත ගාල්ලගේ මීටර 1500 (බාලක) ඉසව්වෙන් විනාඩි 3 තත්පර 57.42 කට රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

  • රන් පවුමක මිල තවත් ඉහළට

    රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (1) පැවසූහ.

  • රන් මිල ඉහළ යාමට හේතුව රවී කියයි

    මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව දැනට පවතින බදු ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක  පැවසීය.

  • රන්ජන්, ''රාමනායක'' වුණ විදිය දන්නව ද?

    "රන්ජන් රාමනායක පාවිච්චි කරන්නේ මගේ වාසගම. එයා රාමනායක කෑල්ල ගත්තෙ මගෙන්. රන්ජන්ව හැමෝම දන්නවා වුණාට මාව නම් වැඩි දෙනෙක් අඳුරන්නේ නැහැ.''

  • රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය සම්බන්ධයෙන් නිවේදනයක්

    බිඳවැටුණු රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු එළඹෙන ඉරිදා (07) වනවිට යථා තත්ත්වයට පත්කොට එම ප්‍රදේශවලට විදුලි සබඳතාව ලබාදීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

  • රන්වල වෙනුවෙන් නීතිය නැමුවා ද ? සපුගස්කන්ද ඕඅයිසීට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්

    සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජිප් රථය අනතුරකට ලක් වීමෙන් පසු ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

  • රනිල් අධිකරණයට

    පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

  • රනිල් කොලම - අනුර, විපක්ෂය එකතු කරයි

    විපක්ෂයේ සියලු නායකයෝ බ්‍රහස්පතින්දා එක මේසයක වාඩි වූහ. ශක්‍රයාගේ පුතා වෛමාටවත් කරන්නට නොහැකි වූ ඒ කාරණය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූයේ අනුර කුමාර ගේ ආණ්ඩුවයි.

  • රනිල් කොලම: සජිත්ගෙන් රනිල්ට දුරකථන ඇමතුමක්

    රනිල්ගේ ආරක්ෂකයාට පහරදීමක්: ඉලක්කය වී තිබුණේ රනිල් ද?

    රනිල් නඩුවට පෙනී සිට නැවත අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ වූ සිදුවීමක් සමාජ මාධ්‍ය මෙන්ම විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය කලඹන්නට හේතු විය.ඒ එක්තරා විද්‍යුත් මාධ්‍ය නාලිකාවක කැමරා ශිල්පියකු විසින් රනිල්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධරයකුගේ හිසට කැමරාවෙන් පහර දීමයි. පහරදීම සිදුවූ ස්ථානයේ සිට රනිල් සිටි තැනට තිබුණේ අඩි තුන හතරක පරතරයක් පමණි.

    ranilwi

    ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සභාපති වජිර කීවේ රනිල් අධිකරණයට එන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි. අධිකරණයේ සිට රනිල්ට පෙර එළියට පැමිණියේ අදාළ ආරක්ෂක නිලධාරීන්ය.රනිල් ආවේ ඊට පසුවයි.අදාල පුද්ගලයාගේ ඉලක්කය වී තිබුණේ රනිල් ද?ආරක්ෂක නිලධරයා මඟ හරස් කිරීම නිසා පහර දීම සිදුවීදැයි සැක සංකා මතුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

  • රනිල් කොළම : සිංගප්පූරු ගමනට පෙර රනිල්ගෙන් 'හරිත පත්‍රිකාව' ගැන දීර්ඝ විස්තරයක්!

    හරිත පත්‍රිකාව සහ වසර 20ක ඉලක්කය

    රනිල් හෘද සැත්කමෙන් පසු පළමු වෛද්‍ය පරීක්ෂණය සඳහා අඟහරුවාදා අළුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. රනිල් එලෙස පිටත්ව යාමට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීය. පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ හරිත පත්‍රිකාව ගැන පාක්ෂිකයන් මෙන්ම ජනතාව දැනුවත් කිරීම ගැන එහිදී රනිල් දීර්ඝ විස්තරයක් කළේය. එම හරිත පත්‍රිකාව සකස් කර තිබෙන්නේ වසර විස්සක ඉලක්කයක් සහිතවයි. ථෙරවාදී සමාජ ප්‍රජාතන්ත්‍ර ආර්ථික ක්‍රමයක් එම හරිත පත්‍රිකාවෙන් යෝජනා කර තිබේ.

  • රනිල් ගේ අලුත් ම සින්දුව

    රනිල් කොලම

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න