බණ්ඩාරගම, රයිගම ප්රදේශයේ ස්ථාපිත එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ විශේෂ නිරීක්ෂණයට පසුගියදා (30) ලක්විය.
ශ්රී ලංකා ස්නායු ශල්ය වෛද්යවරුන්ගේ සංගමයේ (Neurosurgeons Association of Sri Lanka) NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්යයන සැසිවාරය (5th Annual Academic Sessions) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් පසුගිය 20වන දා කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ දී පැවැත්විණි.
මෙරට සෞඛ්ය ක්ෂේත්රය නංවාලීම සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් (2025 -2030) දැවැන්ත මූල්ය ආධාර වැඩසටහනක් ක්රියාත්මක කරනු ලබයි.
ආපදා තත්ත්වය හමුවේ මෙරට ද්විතීයික, තෘතියික සහ විශේෂිත රෝහල්වල මෙන්ම සමස්ත සෞඛ්ය පද්ධතියේම ක්රියාකාරීත්වය සිදුවන ආකාරයත්, රෝගී ප්රතිකාර සේවා, ඖෂධ සැපයීමේ ක්රියාවලිය, කාර්ය මණ්ඩල ගැටලු, රෝහල් පද්ධතියට අදාළ යටිතල පහසුකම් මෙන්ම සුභ සාධන සේවා පිළිබඳව ඉතා පුළුල්ව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් අද (30) සෞඛ්ය අමාත්යාංශ පරීශ්රයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්ය ආපදා ප්රතිචාර මධ්යස්ථානයේ දී පැවැත්විණි.
"Colombo 75 Medics" සංගමය විසින් රුපියල් මිලියන 1.7 ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් (ICU Monitors) 06 ක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත අද (24) නිල වශයෙන් පරිත්යාග කරන ලදී.
ජවිපෙ/ජාජබ ආණ්ඩුව මෙරට සංස්ථාපිත ජනවාර්ගික-ආගමික-සංස්කෘතික හෙජමොනික සැකැස්ම අභියෝගයට ලක් කරන්නට අසමත්ව තිබෙනවා පමණක් නොවෙයි; ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක් ප්රකට කරන්නේද නැත. එය ආණ්ඩුව බලයට ගෙන එන්නට සහාය දුන් අප ද ඇතුළු කණ්ඩායම් ගණනාවක බලවත් කලකිරීමට හා විරෝධයට හේතු වී ඇත.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට ලොකු ලූනු මෙට්රික් ටොන් දෙලක්ෂ තිස්නව දහසකට ආසන්න ප්රමාණයක් ආනයනය කර ඇති බව ශ්රී ලංකා රේගුව පවසයි.
ඊයේ (04) පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “බෞද්ධ ධජය ඉවත් කිරීම” ඇතුළු ඇතැම් ක්රියාකලාප හරහා බෞද්ධ සංස්කෘතියට සහ ආරක්ෂක හමුදාවට අවමන් කිරීමේ ව්යාපෘතියක් යැයි ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ චෝදනා කරයි.
මේ වන විට ගත වූ මාස පහ ඇතුළත ඉන්ධන මිල හත්වෙනි වතාවටත් වැඩි කරලා ඇති බවත්, මෙවර එය සෑහෙන ප්රමාණයකින් වැඩි කර ඇති බවත්, මෙලෙස ඉන්ධන මිල ඉහළ දමන්නේ ජාත්යන්තර මූල්ය අරමුදල පනවලා තිබෙන අනිවාර්ය කොන්දේසි හේතුවෙන් යැයි හිටපු අමාත්ය මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
වැල්ලවාය නගරය ආශ්රිත ප්රදේශයේ මිනිස් පරිභෝජනයට නොසුදුසු ආහාර ද්රව්ය අලෙවි කරන වෙලදසැල් සොයා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හදිසි වැටලීමක් සිදු කර තිබේ.
මේ අයවැය මාලිමා ආණ්ඩුවේ පැවැත්ම සඳහා සැකසූ අයවැයක් මිස ජනතාව වෙනුවෙන් සැකසූ අයවැයක් නොවේ යැයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.
ඉතිහාසයේ පළමු වතාවට මෙවර දෙවිනුවර පෙරහැරේ කාවාඩි නැටුම නවතා ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසීය.
කොළඹ කාසල් රෝහල තුළ මතු නොව දිවයිනෙහි පිහිටි වෙනත් රෝහල්වල ද ගැහැනු දරුවන් පිරිමි දරුවන් බවට පත්කරන්නේ යැයි පූජ්ය ඇල්ලේ ගුණවංශ නමැති භික්ෂුව පසුගිය දිනෙක හිරු රූපවාහිනි නාලිකාවේ ''සලකුණ'' වැඩ සටහනේ දී ප්රකාශ කළේ ය.
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම බඳු මහා මාතෘකා මධ්යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවකුගේ අවධානයට යොමු නොවීය.
මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවට ම පස්වන සෑම මිනිසෙකුට ම හොඳ ජීවිතයක් උරුමකර දීමේ වගකීම රජය භාරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
මේ මොහොත වන විට අප රටේ බලශක්ති ක්ෂේත්රයේ බරපතළ අර්බුධයක් නිර්මාණය වී ඇති බවත් ලක්විජය බලාගාරයට යොදාගන්නේ ප්රමිතියෙන් අඩු බාල ගල් අඟුරු බවට සමගි ජන බලවේගය දත්ත සහිතව විද්යාත්මකව සහ තොරතුරු කේන්ද්රීයව ඉදිරිපත් කරන විට රජය විසින් මේ ගල් අඟුරු ප්රමිතියෙන් ඉහළ බවට කියමින් ගිය බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසීය.
කවුරුන් කොහොම අර්ථකථනය කළ ද: ඇමරිකාව සහ ඊශ්රායලය එකතුව ඉරාණයට පහර දීම නමැති යුද්ධය බලශක්තිය හෙවත් ඛනිජ සම්පත් සම්බන්ධ සටනක් යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
මහජන උපයෝගීතා කොමිෂම ඉදිරිපත් කරන ලද වාර්තාවලට අනුව මෙවර ගෙන්වා ඇති ගල්අඟුරු බාල බවට තහවුරු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
බලංගොඩ කස්සප හිමියන් රිමාන්ඩ් ගත කර තිබෙන්නේ පිරිත් කියපු වරදටදැයි පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුම බණ්ඩාර විමසී ය.
මේ වන විට රටට: දක්ෂ, අවංක, කාර්යක්ෂ්ම රාජ්ය සේවයක් අවශ්යව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග පැවසුවා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

