මුලතිව් දිස්ත්රික් මහ රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කඩිනම් පියවර ගන්නා බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
21 වන දින නුගේගොඩ ආනන්ද සමරකෝන් ක්රිඩාංගනයේ පැවැති මහා ජන හඩ රැළිය සඳහා පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සපැමිණි පිරිස ඉස්ලාම් ආගමික වතාවත් හි පිහිටවනු ලැබු සිරාජුඩින් නිබ්රාස් මුහම්මදු මවුලවිතුමන් හට එම රැස්වීමෙන් අනතුරුව එල්ල වු මරණීය තර්ජන පිළිබඳව සොයා බලා නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලා නව ජනතා පෙරමුණ ප්රධාන අනුශාසක පූජ්ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ප්රේමනාත් සී දොළවත්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වෙත ලිපියක් බාර දෙන ලදී.
අපි අහපු, දැනුත් අහන සිංදු ඒ ඒ ගායක ගායිකාවො ගයන්නෙ තමතමන්ගෙ කටින්. ඒ ඒ ඔරිජිනල් ගායක ගායිකාවන්ට වෙන්වූ කටහඬ පෞරුෂයක් තියෙනවා. කටහඬ අනන්යතාවක්, ගායන කෞශල්යයක් වගේම කටහඬේ සහ ගායනයේ යන දෙකේම 'බරක්' ද ඔරිජිනල් ගායනාවලට අයත්.
මීට පෙර බොහෝ අවස්ථාවල මේ රටේ ජනතාව ආණ්ඩු නිර්මාණය කර ඇති බවත්, ආණ්ඩු පෙරළා ඇති බවත්, නමුත් එම මුළු ඉතිහාසයේ ම ජනතාව එක්වී නිර්මාණය කළ ආණ්ඩුව ජාතික ජනබලවේගය ආණ්ඩුව යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ශ්රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ තීරණාත්මක මූල්ය ගනුදෙනුවක් අවසන් කරමින්, "දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (iRoad 2) - 5 වන අදියර" යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 90ක ණයක් ලබාගෙන ඇත.
වත්මන් රජය රටට ගෙන එන්නේ බාල ගල් අඟුරු බවට සමගි ජන බලවේගය අනාවරණය කළ බවත්, නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්ර තුනෙන් ඊයේ දිනයේ මෙගවොට් 810ක් නිපදවිය යුතු වුවත් නිපදවා ඇත්තේ මෙගවොට් 680ක් බවත්, මෙගවොට් 130ක හිඟය ඇත්තේ බාල ගල් අඟරු නිසා යැයි ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
ලෝක ප්රකට ඇමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් (Mark Lanier), ගෝලීය තාක්ෂණික දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව පැවැති ඓතිහාසික නඩු විභාගයක් ජයග්රහණය කිරීමට සමත්ව තිබේ. මෙම නඩුවේ සුවිශේෂත්වය වන්නේ: සමාජ මාධ්යවල අඩංගු දෑ පිළිබඳව නොව, මෙම යෙදුම් හිතාමතාම ළමයින් ඇබ්බැහි වන ආකාරයෙන් ම සැලසුම් කර ඇති බව අධිකරණයේදී ඔප්පු කිරීමට ලැනියර් සමත් වීමයි.
මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය අනුව පාසල් සහ ප්රජා මූලික පරිශ්ර ආශ්රිතව, විවිධ ප්රදේශ කරා ව්යාප්ත වෙමින් පවතින බව පෙනී යන බැවින් රෝගී තත්ත්වයේ ව්යාප්තිය පාලනය, වැළැක්වීම, පෙර සූදානම සහ ප්රතිචාර දැක්වීම පිළිබඳව සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා ඒකකය විසින් සියලුම සෞඛ්ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාව පසුගිය සතිඅන්තයේ නිකුත් කර ඇත.
මෙම වර්ෂය තුළදී කිසිදු අයුරකින් ජල ගාස්තු ඉහළ යාමක් සිදු නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා පවසයි.
මෙරට අධ්යාපනයේ මූලික කර්තව්ය විය යුත්තේ රටෙහි පවතින: බහු ආගමික, බහු සංස්කෘතික සමාජ විවිධත්වය: වටහා ගන්නා, පිළිගන්නා සහ ඒ සමග එකට ගමන් කළ හැකි පුරවැසියකු සමාජ ගත කිරීම යැයි දේශපාලන විශ්ලේෂක සහ මාධ්යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 ජූලි මාසය සඳහා වන ඉදිකිරීම් අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) හෙවත් සමස්ත ක්රියාකාරකම් දර්ශකය දර්ශකාංක 61.4ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරයි.
ඩෙංගු මදුරු පාලනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්රමවේද වන එන්නත් (Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පවසයි.
මෙරට තාරුණ්ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැඳින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත්, සමාජවාදී තරුණ සංගමයේ අධ්යාපන ලේකම් මහේෂ් අඹේපිටිය පැවසී ය.
IRIS Dena නැමති ඉරාන නෞකාව ටෝපිඩෝ ප්රහාරයකින් මෙරට දකුණු මුහුදේදී මුහුදුබත් වූයේ පසුගිය මාර්තු 04 වැනිදාය.
මානව සම්පත් අර්බුදය, ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා සැපයීමට අවශ්ය පහසුකම් නොමැති වීම සහ රෝගීන්ට අවශ්ය මූලික පහසුකම් නොමැතිවීම ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් පවතින තත්ත්වයෙන් ම මෙරට නිදහස් සෞඛ්ය පද්ධතිය ඉදිරියට පවත්වා ගැනීම දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇතැයි රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත (ශික්ෂණ) ළමා රෝහලේ විශේෂඥ වෛද්ය කණ්ඩායම වෙත රජයේ සහ සෞඛ්ය අමාත්යාංශයේ ගෞරවය හා ප්රණාමය පුද කිරීම සඳහා සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි ඊයේ (14) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙරට සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ.
බණ්ඩාරගම, රයිගම ප්රදේශයේ ස්ථාපිත එක්සත් රාජධානියේ Flexicare Group සමාගමට පූර්ණ අනුබද්ධ Flexicare Lanka (Pvt) Ltd. ආයතනයේ නවීන වෛද්ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ විශේෂ නිරීක්ෂණයට පසුගියදා (30) ලක්විය.
ශ්රී ලංකා ස්නායු ශල්ය වෛද්යවරුන්ගේ සංගමයේ (Neurosurgeons Association of Sri Lanka) NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්යයන සැසිවාරය (5th Annual Academic Sessions) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් පසුගිය 20වන දා කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ දී පැවැත්විණි.
මෙරට සෞඛ්ය ක්ෂේත්රය නංවාලීම සඳහා පළාත් 09 ම ආවරණය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් (2025 -2030) දැවැන්ත මූල්ය ආධාර වැඩසටහනක් ක්රියාත්මක කරනු ලබයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

