මැදපෙරදිග යුද ගැටුමෙන් හමුවේ රටට ඇති අභියෝග ගැන විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ ප්රධානත්වයෙන් විපක්ෂයේ මන්ත්රීවරුන් අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ජා කර තිබුණා.
යුද්ධය ක්රියාත්මක වන මොහොතේ අප රටේ රට විරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
මැදපෙරදිග රටවල උත්සන්න වන ගැටුම්කාරි තත්ත්වය හේතුවෙන් එම ප්රදේශ ආරක්ෂක ස්ථාවරයකට ලක්ව ඇති බවත් එය ශ්රී ලංකාවේ විදේශ රැකියාවල නිරතවන්නන් හට ගුවන් ගමන් විදේශ මුදල් ප්රේෂණ හා සංචාරක ක්ෂේත්රය මත ද අපනයන හා සෘජු විදේශ ආයෝජන ආදී ක්ෂේත්ර ගණනාවක් බලපෑම් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසීය.
දරුවන්ට විශාල හානියක් සිදුවන මැදපෙරදිග යුද්ධයට සංකේතාත්මකව විරෝධය පළකරමින් 'ටෙඩිබෙයාර්' ප්රදර්ශනයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරමින් සිටී.
දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්රාදේශීය රෝහලේ වෛද්ය නිලධාරිණියන්ගේ ආරක්ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙන තුරු (21) දින සිට ඩයගම ප්රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.
බම්බලපිටිය මැරීනෝ බීච් හෝටලය පිහිටි ඉඩම 2010 වසරේ දී දම්රෝ සමාගම වෙත විකිණීමේ දී රුපියල් බිලියනයකට ආසන්න මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා ලැබ සිටින බ්රිතාන්ය ජාතික කදිරවේලුපිල්ලෙයි සත්කුනම්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.
ශ්රී ලංකාව මහජන සෞඛ්ය ක්ෂේත්රය තුළ අත්කරගත් සුවිශේෂී හා ඓතිහාසික ජයග්රහණයක් වන මාරාන්තික මැලේරියාවෙන් තොර රටක් බවට පත්වීමේ තත්ත්වය වසර දහයක් පුරා අඛණ්ඩව සුරක්ෂිත කර ගැනීමට සමත්වීම වෙනුවෙන් ලෝක සෞඛ්ය සංවිධානය (WHO) විසින් ශ්රී ලංකාව වෙත පිරිනමන ලද විශේෂ නිල ඇගයීම අභිමානවත් ලෙස සනිටුහන් කරමින්, එම ජයග්රහණය සාක්ෂාත් කර ගැනීම සඳහා දශක ගණනාවක් පුරා කැපවී සේවය කළ ජාතික මැලේරියා මර්දන ව්යාපාරයේ සෞඛ්ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් පසුගියදා එම අමාත්යාංශයේ දී සිදු කළේ ය.
කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමුවැයි කියන සිද්ධියකට අදාළව කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයා ලබන 24 වැනිදා තෙක් පරිවාස භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (17) නියෝග කළේ ය.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණ රෙජිස්ට්රාර්වරයා ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(2) නියෝග කළා.
මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 23 පහළ අන්තර් සමාජ ප්රිමියර් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට බ්ලූම්ෆීල්ඩ් ක්රීඩා සමාජය සහ බී.ආර්.සී (BRC) ක්රීඩා සමාජය සමත්ව තිබේ. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම මෙලෙස පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන්ගේ තරගාවලි ඉතිහාසයේ මෙවැනි දස්කමක් දැක්වූ ප්රථම අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
සහල් ඇසුරුම්වල සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර වැඩි මිලක් යෙදීම සහ කල් ඉකුත් වූ දියර ග්ලූකෝස් තොග ගබඩා කර තැබීම සම්බන්ධයෙන් කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පිහිටි Tastyy Pvt Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) හමුවේ චෝදනා 02ක් යටතේ නඩු පවරන ලදී.
ලකුණු කර තිබූ මිල කපා හැර ඖෂධ විකිණීමට ප්රදර්ශනය කර තිබූ පෞද්ගලික ආරෝග්ය වෛද්ය මධ්යස්ථානයක හිමිකරුවකුට රුපියල් දස දහසක දඩ මුදලක් නියම කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් අද නියෝග කලේ ය.
අමාත්යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 20 වැනිදා කැඳවීමට අද (08) කොළඹ මහාධිකරණය නියෝග කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි Bethmil Restaurant (පුද්ගලික) සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරන ලදී.
පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ලබන සැප්තැම්බර් 8 වැනිදා මීගමුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීගමුව ප්රධාන ජේලර් ඇතුලු බන්ධනාගාර නිලධාරීන් 20 දෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා නියෝග කළාය.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයෑම සම්බන්ධයෙන් මීගමුව අධිකරණයේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව ඊයේ (21) පැවැත්වී ය. එහි දී 1 සිට 4 දක්වා නම් කර ඇති සැකකරුවන් හතර දෙනකු සහ එම සැකකරුවන් හඳුනා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාක්ෂිකරුවන්13දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළේ ය.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයින් 32ක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු නම් කළේ ය. ඒ, සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ය.
මීගමුව බන්ධනාගාරයේ අද (06) යළිත් ඇතිවූ නොසන්සුන් තත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමති සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු නම් කරනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

