ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළේය.
සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා ලිංගික දර්ශන සහිත වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය 88 කණ්ඩායම් විසින් විශ්‍රාමික ගුරු දෙමවුපියන්ගේ සෞඛ්‍ය සරක්ෂිතාවය උදෙසා මාසිකව පවත්වාගෙන යනු ලබන වෛද්‍ය සායනයට වසර 20ක් සපිරේ.
ආපදාවෙන් නිවාස නැති වී කඳවුරු වල සිටින උදවියට කුලී නිවසකට යාමට අවශ්‍ය නම් මාස තුනක් දක්වා රුපියල් 25000 බැගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
දිත්වා සුළි කුණාටුවෙන් සහ ගංවතුර ආපදාවෙන් පැහැදිලි වූයේ සොබා දහම සමග සටන් කර ජයග්‍රහණය කළ නොහැකි බව යැයි මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ.
හරියටම මීට අවුරුදු 34 කට පෙර එනම් 1991 දෙසැම්බර් 26වන දා උදෑසන ටාස් ගුවන් විදුලියෙන් මෙම නිවේදනය නිකුත් කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරුවේදී විද්‍යාලයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
පහුගිය වසරට ම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා නිල වශයෙන් එකම සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත්, කිසිදු වෘත්තීය සමිතියකට සාකච්ඡා සටහනක් ලබා දී නොමැති බවත්, සාකච්ඡා කරන්නේ නම්, ඒ ඔවුන් සමග දේශපාලනිකව අවනත අය සමග පමණක් යැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසී ය.
තිස්තුන් කෝටියක් දෙවියන්ටත් වඩා වැඩි මුදලක් සෞඛ්‍ය අංශයට දෙනවා යැයි පැවසූ ඇමති දැන් කෙඳිරි ගාන්නේ යැයි සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානි මදුර විතානගේ පැවසී ය.
ඉතිහාසයේ බිහිවුණු නරක ම හෝ අදක්ෂ ම සෞඛ්‍ය ඇමතිවරයා බවට පත් නොවී සිටීමට නලින්ද ජයතිස්සට තවමත් හැකියාව පවතින්නේ යැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසී ය.
පරිපූරක වෛද්‍ය සේවාවේ නවක උපාධිධාරීන් බඳවා ගැනීමේ දී, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසන ලද දැනුම මිනුම් තරගයක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරමින්, වෘත්තීය සුදුසුකම්වලට අමතරව දේශපාලන අභිප්‍රේරණ අනුව බඳවා ගැනීම් සහ අනුයුක්ති කිරීම් තීරණය කිරීමට නලින්ද ජයතිස්ස ඇමතිවරයා මීට මාස කිහිපයකට පෙර දැඩි තර්ජනාත්මක උත්සාහයක් ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) අතර හමුවක් ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ නාමයෙන් සෑම දිස්ත්‍රික්කයකට ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් “දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරීන්” ලෙස පත් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය, සාමාන්‍ය පරිපාලන තීරණයකට වඩා ගැඹුරු දේශපාලන සහ ව්‍යවස්ථාමය ප්‍රශ්න මතු කරන කාරණාවක් යැයි දිනන දකුණ සංවිධානය සදහන් කරයි.
මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති හඩ පටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කටයුතු කළේය.
හදිසි නීතිය පැනවූයේ පවතින ආපදා කළමනාකරණ පනත ප්‍රමාණවත් නොවන බැවින් යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසී ය.
හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ලෙස අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පවසයි.
කොස්ලන්ද, හල්දුම්මුල්ල - හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම අපනයන ආයතනයක් වන Yani Lanka (Pvt) Ltd. වෙත පිවිසෙන එකම ප්‍රවේශ මාර්ගය, කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ ආයතනය සමග සාකච්ඡාවක් නොමැතිව, හඳුනා නොගත් කොන්ත්‍රාත්කරුවකු මාර්ග අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමත් සමග වසා දැමීම පිළිබඳව ආයතනය දැඩි කනස්සල්ල පළ කරයි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ උපන් දිනය අදට (19) යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් ඔහුට සුබපැතුම් එක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් පළකර ඇත.
මතු පලවන්නේ එවැනි සටහනකි.
පක්ෂයට අසීරු වෙලාවේ
ඔයා පක්ෂය වෙනුවෙන් කැපවුන හැටි...
පක්ෂය අලුත් මාවතකට ගෙනගිය හැටි අපි දැක්කා...
ඒ කාලේ අපි හැමෝගෙම වීරයා ඔයා උනා...
අදත් ඔයා කොච්චර කැපකිරීමකින්... වෙහෙසකින්...
අපේ පොදු හීනය සැබෑ කරන්න අමාත්‍යාංශයේ වැඩ , නැගනිහිර පලාතේ වැඩ... මාතර දිස්ත්‍රික්කයේ වැඩ.. පක්ශයේ වැඩ කරනවාද කියලා අපි දන්නවා...
ඒත් අද මල් වලට වැඩිය ගල් - උපහාස - ගැරහුම් වැඩියි...
දේශපාලනයෙන් පන්නරය උන ඔයාට මුවහත් වෙන්න වැඩිකල් යන්නේ නෑ...
අහියෝගය වගේම , අවාසිදායක අවස්ථාත් හදුනාගෙන ඔයා ආයී ඉක්මනට වීරයෙක් වෙනවා..
“Do not fear criticism. Fear silence in the face of injustice….”
-(Che)
සුභ උපන්දිනයක් Comrade Sunil Handunneththi 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

