#lk#srilanka#newstube

  • සමුගත් හඬක්… සදා නොමැකෙන මතකයක්…

    සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන් ජනතාවගේ හදවත් දිනාගත් ආදරණීය ගායන ශිල්පී රුක්මන් අසිත අද අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇති පුවත මහත් සංවේගයක් දනවයි.

  • සරත් විරවංශ තව දුරටත් රිමාන්ඩ්

    විමල් වීරවංශ ගේ සොහොයුරා සරත් විරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන ජූලි 28 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 22 නියෝග කරයි.

  • සර්පයා අනුර නෙමේ

    ඊයේ පාර්ලිමේන්තුවේ පැවති උණුසුම් වාතාවරණය මැද දිලිත් ජයවීර ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නම කියා විමසූ එක් ප්‍රශ්නයක් සභාගැබේ සිටි බොහෝ දෙනෙකුට ප්‍රහේලිකාවක් විය.

  • සර්වජන බලය බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයකු සහ වෘත්තිකයින්ගේ සංගමයට නව කැඳවුම්කරුවකු පත්කරයි

    බදුල්ල දිස්ත්‍රික්කයේ සර්වජන බලය සංවිධායක ලෙස වසන්තසිරි පුෂ්පකුමාර නිල වශයෙන් පත් කර ඇත.

  • සර්වජනයා නැති නුගේගොඩ

    ලබන බ්‍රහස්පතින්දා, නොවැම්බර් 21 වන දින, විපක්ෂය නුගේගොඩදී රැලියක් පවත්වයි. සෑම ප්‍රධාන පක්ෂයක්ම එහි සිටිනු ඇත. එකක් හැර. සර්වජන බලය එයට එක් නොවනු ඇත.

  • සල්ලිවලට කියපු බොරු ඇත්ත කියලා ඔප්පු කරන්න අද අධිකරණය, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා - නාමල් රාජපක්ෂ

    යහපාලන සමයේ මුදලට බොරු කියූ අය අද මහජන මුදල් වියදම් කර තමන් කියූ බොරු ඇත්ත යැයි ඔප්පු කිරිම සඳහා අධිකරණය, පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කිරීමට උත්සාහ කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • සලේ අත් අඩංගුවට ගත්තෙ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් නෑ - දුමින්ද දිසානායක

    හිටපු බුද්ධි අංශ නිලධාරි සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක පැවසී ය.

  • සලේ ගේ දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන්නැයි අධිකරණය නියෝග කරයි

    හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට අයත් දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (1) නියෝග කළේ ය.

  • සලේ ගේ පෙත්සම සලකා බැලීම 17වන දා දක්වා කල් තබයි

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

  • සලේ සැලේ; ගම්මන්පිල හැලේ; ‘මෙතෙක් හෙළිනොවූ අභ්‍යන්තර කතාව’

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අන්තිමේ දී නීතීඥ උදය ගම්මන්පිල සිය නීතීඥ තනතුරෙන් එළවා දැම්මේ ය. මේ තරම් හොඳ කුණු අදින්නෙක් එළවා දැමුවේ ඇයි?

  • සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවකයින් සභාපතිට එරෙහි විරෝධතාවක

    මාලිමා ආණ්ඩුව යටතේ පත්කර ඇති සභාපතිවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්යය මණ්ඩලයේ වර්ෂික ප්‍රසාද දීමනාව ඇතුළු අනෙකුත් පහසුකම් කපා දැමීමට එරෙහිව එම ආයතනයේ සේවකයින් අද විරෝධතාවක නිරත විය.

  • සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කරන්න - නාමල් රාජපක්ෂ

    සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්ම අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කිරිමට නම් ආණ්ඩුවෙන් පැන්වූ කන්ටේනර් දෙකේ කුඩු තිබෙන බව දැන දැන ම පන්නා ඒ පිළිබඳ විපක්ෂයේ අපෙන් විමසනවා නම්, කන්ටේනර් 323ක් පන්නා ඒය ද තමාගෙන් විමසනවා නම් මේ ආණ්ඩුව මොකටදැයි නාමල් රාජපක්ෂ පැවසී ය.

  • සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතුයි - සජිත් ප්‍රේමදාස

    සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය විය යුතු අතර රාජ්‍ය නිලධාරීන්ගේ සහතිකය පමණත් ප්‍රමාණවත් බවත්, සහන ලබාගැනීම සඳහා සිවිල් පුරවැසියන් ගේ නිර්දේශ ලබා ගැනීම අනවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • සහල් ආනයනය කිරීමෙන් සතොසට බිලියන 15ක පාඩුවක්

    පසුගිය 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රුපියල් 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

    ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.

    මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ 2014 සහ 2015 වර්ෂවලදී සිදුකර තිබුණු ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් බවය.

    ඒ අනුව දේශීය සහල් වෙළෙඳපොළ තත්ත්වය වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් රුපියල් 15,157,031,018ක පමණ මුදලක් සතොස ආයතනයට පාඩු සිදුව ඇති බවත් කාරක සභාව පෙන්වා දී ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට භාරදී ඇති බවය.

    තවද සුදුසු පරිදී ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අයවිය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් මෙහිදී පෙන්වා දී තිබේ.

    සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේදී මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළෙඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අතිකාරම් නොගෙවිය යුතු වුවත් පසුගිය 2020 දෙසැම්බර් 31 වන විට ගිවිසුම් 29ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අතිකාරම් මුදල් ලෙස රුපියල් 34,234,996ක ඇස්තමේන්තුවක් ලබා ගැනීමකින් තොරව ගෙවා ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත.

    සේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රුපියල් 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

    (aruna)

  • සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය

    පවතින අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම, එය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ක්‍රම හඳුනාගැනීම සහ පිරිවැය අවම කිරීම සඳහා නවීන තාක්ෂණ භාවිතය අරමුණු කරගෙන සහස්යා ආයෝජන සමාගම පිහිටුවීමට 2020 ඔක්තෝබර් 12 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණි.

  • ස්වාධීනව අයවැය විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට

    ජූනි 8 සිට 12 දක්වා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, House Democracy Partnership (HDP) සහ එක්සත් ජනපද කොංග්‍රස් අයවැය කාර්යාලය (CBO) සමග සහයෝගයෙන්, රජයේ වියදම්, ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජිත නීති සම්පාදන  ස්වාධීනව විශ්ලේෂණය කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට සහාය ලබා දෙයි.

  • ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළට

    දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

  • සාගර විද්‍යාඥ මහාචාර්ය චරිත පට්ටිආරච්චි ඕස්ට්‍රේලියාවේ දී සම්මාන ලබයි

    සාගර විද්‍යාව වෙනුවෙන් කළ සේවය උදෙසා බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය වසරේ විද්‍යාඥයා සම්මානය සඳහා නිර්දේශ වී ඉන් ජනතා මනාප සම්මානය දිනාගන්නට ශ්‍රී ලාංකීය සාගර විද්‍යාඥයා, මහාචාර්ය චරිත පට්ටිආරච්චි සමත් වී ඇත.

  • සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ 'BBNJ' ගිවිසුම බලාත්මක කෙරේ

    සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා කලක සිට සාකච්ඡා මට්ටමින් තිබූ 'BBNJ'(Biodiversity Beyond National Jurisdictions) ගිවිසුම බලාත්මක කර තිබේ.

  • සාගින්නේ සදාචාරය - නීතිය වෙනුවෙන් සටන් වදිද්දී ජීවත් වීමට තමන්ව ම විකුණන සමාජය

    වර්තමාන සමාජ ක්‍රමය දෙස බලන ඕනෑම නිරීක්ෂකයෙකුට පෙනී යන පැහැදිලි සත්‍යයක් පවතී. එනම් අප ජීවත් වන්නේ ශිෂ්ටාචාරමය වශයෙන් සහ සදාචාරාත්මක වශයෙන් අතිශය දරුණු ලෙස බිඳ වැටුණු අර්බුදයම තම පැවැත්ම කරගත් සමාජයක ය. දූෂිතයින් සහ අපරාධකරුවන් පද්ධතියේ ඉහළ ම තැන්වල වැජඹෙමින් නීතිය සහ යුක්තිය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන විට සාමාන්‍ය පුරවැසියාට තමන් ගේ දෛනික ජීවිතය පසෙක තබා යුක්තිය ඉල්ලා මහමග හඬ නැගීමට සිදුව ඇත. මෙය හුදෙක් සිවිල් වැසියන් ගේ වරදක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ම සහ පාලන ව්‍යුහයේ ම පවතින පද්ධතිමය බිඳවැටීමකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න