ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාව ගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපා සඳහා අවශ්‍ය පූර්ව ප්‍රකෘතිමත් කිරීමේ සහාය ලබාදීමට, ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ජාත්‍යන්තර ආධාරයක් ලබාදෙන ලෙස ඉල්ලා රෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලස්ථානය විසින් ආයාචනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාල පරිච්ඡේදය තුළ ස්ථාවරත්වය සහ ක්‍රමවත් වර්ධනයක් දිගටම පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 12,986.52ක සමස්ත ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි.
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ කැපී පෙණෙන වෙනසක් ඇති කරමින් දේශීය නව ආරක අවන්හල් සත්කාර සේවා සපයන්නකු ලෙස පෙරට ඒමට කුකුස් අවන්හල සමත්ව ඇත.
සම්මානිත මහාචාර්ය විජිතපුර විමලරතන හිමි විසින් රචිත "ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩපණ කළ තුවාල 64" සහ මහාචාර්ය විමලරතන හිමි සහ පුෂ්පකුමාර විසින් රචිත "Debt Crisis in Sri Lanka: Facts and Fallacies" යන කෘති කොළඹ වෘත්තීය සංගම් මූලස්ථානයේ (OPA) දී මෙම මස 30 වැනිදා එළිදැක්වීමට නියමිත ය.
මහාචාර්ය චන්න ජයසුමන ලියා පළ කරන "උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය" ගවේෂණාත්මක කෘතිය මාර්තු 4වන දා සවස 3ට කොළඹ 07, බෞද්ධාලෝක මාවත බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
ඇමරිකාවේ NAIA කාණ්ඩයේ විශ්වවිද්‍යාල අතර මළල ක්‍රීඩා තරගාවලියේ Tennessee invite Athletics Championship තරගාවලිය Tennessee විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. ඒ සඳහා මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කෙහාන් කුමාරසිරි ඇමරිකාවේ Indiana Tech විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි දී ඉහත තරගය නියෝජනය කරමින් තරග කළේ ය. අනතුරුව ඔහු, විවෘත අංශයේ මීටර් 400m මුලික වටයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය. ඔහු දැක්වු දක්ශතාව 48.5 ලෙස සටහන් විය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ඛනිජ වැලි ඇතුළු මෙතෙක් විධිමත් ආකාරයකට කැණීම් සිදු කර සොයා නොගත් අංශ සහ තවත් ආයෝජන අංශ රැසකට නව ආයෝජකයින් කැඳවාලීමට අඩිතාලම දැමීමට ඉකුත්දා තායිවානයේ පැවැත් වූ ගෝලීය ආයෝජන සමුළුවට එක්වීමෙන් හැකිවූ බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ගංවතුර සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහය දැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය විසින් අධි ධාරිතාවයෙන් යුත් ජල පවිත්‍රකරණ ඒකක 10ක් පරිත්‍යාග කරන ලදී.
මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය ( HIV) හා උපදංශය (Syphilis) සම්ප්රේශණයවීම වැලැක්වු රටක් ලෙස වසර 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට ලැබුණි. එසේම අඛණ්ඩව මෙම සාධනීය තත්වය පවත්වාගෙන යන රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකය හා ප්‍රශංසාව හිමිවිය.
මැදපෙරදිග යුද වාතාවරණයක් පැවතියා වුව ද මේ වසරේ ජූනි මාසය වන විට විදේශ ණය ආපසු ගෙවීම් සමගින් වුවත් ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.45 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන පද්ධතිය තුළ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ විශාලතම පරිවර්තනය වන්නේ ජනතාව ගේ දේශපාලන මනස තුළ ඇති වූ ගැඹුරු වෙනසයි.
මෙරට නව අමෙරිකානු තානාපතිවරයා ලෙස පත්වීමට නියමිත එරික් මේයර් මහතාගේ අදාළ පත්වීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල වාර්තා පෙන්වා දෙයි.
01 පියවර: කොළොන්නාවට නව තෙල් ටැංකි 08ක්
යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ නව රෙගුලාසි (EUDR) සහ කුඩා පරිමාණ වගාකරුවන්ගේ ඉඩම් ඉලක්ක කරගත් රජය විසින් මෙහෙයවනු ලබන සිතියම්ගත කිරීමේ වැඩසටහනක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තීරණාත්මක අදියරකට අවතීර්ණ වී ඇත.
ශ්‍රී ලංකාවේ දිගුකාලීනව පවතින රාජ්‍ය අංශයේ අනවශ්‍ය සේවක බඳවා ගැනීමේ ගැටලුව 2025 වන විට තීරණාත්මක ආර්ථික තර්ජනයක් ලෙස නැවත මතු වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා සිවිල් සමාජය සියවසකට අධික කාලයක් පුරා ඉටු කළ සුවිශේෂී සමාජීය සහ දේශපාලනික මෙහෙවර සිහිපත් කරන "ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ" යන තේමාව යටතේ සංවිධානය කරන ලද ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය 2026 ජූලි 6 වන සඳුදා පස්වරු 1.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 07, Lighthouse Auditorium & Lawns පරිශ්‍රයේ දී පැවැත්වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමග එක්ව 2026 ජූනි 15වන දා එනම් අද ට යෙදී ඇති ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන්, ලොව පුරා සේවය කරන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ආරක්ෂාව ශක්තිමත් කිරීම
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු දෙමළ ජාතික කාන්තාව වන උමා කුමරන්, නව අගමැති ඇන්ඩි බර්නම් විසින් නියෝජ්‍ය අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ තිබේ.
මම ඩඩ්ලි සේනානායක දකින්නේ බුද්ධිය සහ හදවත හොඳින් යා කළ දුර්ලභ චරිතයක් ලෙසිනි. මානව දයාව සපිරි ඒ චරිතය දේශපාලනය අලංකාර කළ, කලාතුරකින් දැකිය හැකි මනුෂ්‍ය රත්නයකි. ඔහු ගේ දේශපාලනය දෙස කුමන ඇසකින් බැලූ කෙනකු වුවද ඒ කිසිවකු ඔහුට වෛර කළේ නැත. දේශපාලන අදහස් අතින් වෙනස්කම් තිබුණ ද ඒ සියලු දෙනා ඩඩ්ලි සේනානායකයන්ට ආදරය කළහ. වාමාංශික වූව ද, දක්ෂිණාංශික වුව ද, බෞද්ධ වුව ද, හින්දු වුව ද, ක්‍රිස්තියානි වුව ද, මුස්ලිම් වුව ද, ලිබරල් වුව ද, සමාජ ප්රජාතන්ත්රවාදී වුව ද ඒ සැමගේ ගෞරවයට ඔහු පාත්‍ර විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළෙහි තවත් එක් අදියරක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා ලද තීන්දුවක් අනුව ශ්‍රී ලංකාව පුරා ඇති සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

