2026 ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
බංග්ලාදේශය තුළ යළිත් වරක් ඔඩුදුවමින් තිබෙන ප්රචණ්ඩත්වය අතරතුර එරට ලක්ෂ්මිපූර් ප්රදේශයේ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක බෙලාල් හුසේන්ගේ නිවසට පිරිසක් ගිනිතබා තිබේ.
බඩු මිල වැඩි වීම නිසා රටේ ජනතාව අන්ත අසරණ වී ඇති තත්ත්වයක් මතුව ඇති මොහොතක තමන් පත් කර ගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ බඩු මිල ගැටලුවට විසඳුමක් දෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසී ය.
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන සුළු අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්රව්ය අලෙවි කරමින් සහ අත්යවශ්ය තොරතුරු ඇසුරුම්වල සඳහන් නොකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ධර්මවිජය පාරේ පිහිටි “Ali Firosa Teas ප්රයිවට් ලිමිටඩ්” (Ali Firosa Teas Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
බද්දේගම ප්රාදේශීය සභාවේ උපසභාපති සමන් සී ලියනගේ මැර ප්රහාරයක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
දැනට බදු ගෙවන පිරිස මත පවතින පීඩනය අවම කිරීමටත්, බදු අනුපාත පහළ දැමීම කෙරෙහි අවධානය යොමු කිරීමටත් රජය බලාපොරොත්තු වන්නේ යැයි මුදල් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසී ය.
පුළුල් ලෙස ලබා දී ඇති බදු නිදහස් කිරීම් හේතුවෙන් ශ්රී ලංකාව අඛණ්ඩව සැලකිය යුතු ආදායම් අහිමිවීම්වලට මුහුණ දෙමින් සිටින අතර, මෙය රාජ්ය මූල්ය ස්ථායිතාව සහ පුළුල් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ගැටළු මතු කරයි.
නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්රාම ප්රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම 2026 සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති අධික බදු බරට එරෙහිව ජන අරගල ව්යාපාරය සංවිධානය කරන "ජඩ බදු විරෝධී කොළඹ පාගමන" හෙට (ඔක්තෝබර් 03) දින පවත්වන බව එම ව්යාපාරය නිවේදනය කරයි.
බදුල්ල ප්රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුන් තුන්දෙනකු මරණයට පත්වීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණයට පත් ශිෂ්යයෙකු ගේ පියකු විසින් ගොනුකරන ලද පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියම කළේ ය.
ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල ශ්රී ලාංකීය බන්ධනාගාර ඉතිහාසයේ සිදු වූ බියකරුම සිදුවීම් අතරින් එකක් බවත්, මේ වන විට මියගිය සංඛ්යාව 33ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට රැඳවියන් 23 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් ඇතුළත් වන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
කූඨ අරමුණු ඇති පුද්ගලයින් රැඳවියන් මෙහෙයවා කලබල ඇති කිරීමට උත්සාහ කරන බවත්, සුළු දෙනකු ගේ අවශ්යතාවට හසු නොවන ලෙස රැඳවියන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් පත්කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇති සිරකරුවන් දෙදෙනකුට නීතිමය උපදෙස් ලබාදීම බන්ධනාගාර නිලධාරීන් ගේ ඇහුම්කන් දීමට යටත්ව සිදුකරන ලෙස කළ දැනුම් දීමක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්රමුඛ නීතිඥ කණ්ඩායමක් විසින් ප්රතික්ෂේප කරන ලදී.
බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ අතුරු වාර්තාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත භාර දෙනු ලැබීය.
අපේ රටේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තිබෙන බවත්, මාස දෙකක් තුළ බරපතළ සිද්ධි දෙකක් මීගමුව හා මහර බන්ධනාගාර තුළ සිදු වුණ බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
බන්ධනාගාර ප්රතිස්කරණය කරනවා යනුවෙන් අදහස් කරන්නේ නව ගොඩනැගිලි ඉදි කිරීම නම් ඒ සඳහා දිගු කාලයක් ගත වන බැවින් පළමුව කළ යුත්තේ තාවකාලික ජාතික වැඩසටහනක් සකසා ගැනීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නොදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලි ප්රභලයෙකු වන පියුම් හස්තික හෙවත් පියුමා සහ තවත් අයෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නොදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලි ප්රභලයෙකු වන පියුම් හස්තික හෙවත් පියුමා සහ තවත් අයෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

