විරාජ් ලියනආරච්චි විසින් රචිත ''ඒ අවලං හිනාවයි'' කෙටිකතා සංග්‍රහය දෙසැම්බර් 31වන දින සවස 05.30ට මහල්වරාව බේකරිය කලා අවකාශයේ දී ජනගත කෙරේ.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72වන පිටුවට අනුව 35000ක් උපාධිධාරීන් බඳවා ගැනීමේ විග්‍රහයක් ඇති බවත්, ඒ අනුව 20000ක් ගුරු වෘත්තියට, දේශිය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව ආදී ලෙස 35000ක් බඳවා ගන්නා ආකාරය ඇති බැවින් මේ බඳවා ගැනීමේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට වසරක අභ්‍යාසලාභී පුහුණුවක් ලබා දී මේ කාලයේ දීමනාවක් ලබා දී බඳවා ගන්නා ලෙස යෝජනා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දි පැවසී ය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මාදැල් ධීවරයන් සමග සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයාට එරෙහි ‘විල්පත්තු‘ නඩුවට මොකද වුණේ; දැන් තත්ත්වය මොකද, තීන්දුව මොකක්ද, විල්පත්තු ප්රශ්නය කියන්නෙ මොකක්ද, අපි අද සාකච්ඡා කරමු 2020 දි අභියාචනාධිකරණය විසින් ලබාදීපු විල්පත්තු නඩු තීන්දුව ගැන. (සහ එහි වත්මන් ප්‍රගතිය ගැන)
අද මේ රටට සිදුවී ඇත්තේ දේශපාලන පක්ෂ තමාට මන්ත්‍රීවරයෙකු වීමට, තමා ගේ පක්ෂයට බලය ලබා ගැනීම සඳහා, තමාට අගමැතිවරයෙක් වීම සඳහා, තමාට ජනාධිපතිවරයෙක් වීම සඳහා විවිධ අවස්ථාවල බොරු කීම හේතුවෙන් ශ්‍රී ලංකාව බලවත් ලෙස කඩා වැටීම යැයි ඒක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
සෑම පුරවැසියෙකු ගේ ම භාෂා අයිතියට ගරු කරන, සමානාත්මතාව ආරක්ෂා කරන සහ විවිධත්වය ශක්තියක් බවට පත් කරන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.
වසර 2025 අයවැය යෝජනාවලට අනුව, 2019 ජනවාරි 1 දින හෝ ඊට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ දෙවන අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇත.
2025/2026 අධ්‍යයන වර්ෂයන්ට අදාළව සිසුන් තෝරා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල් සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් සඳහන් කරයි.
විශ්වවිද්‍යාලය යනු ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන ස්ථානයක් නොව ප්‍රශ්න ආරම්භ වන ස්ථානයක් යැයි මහාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ පැවසී ය.
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22 ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කර ඇත.
විෂ මත්ද්‍රව්‍ය උවදුරින් තරුණ පුරපුර බේරා ගැනීම වෙනුවෙන් ආරම්භ කළ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවත්, එය කිසිසේත් ආපසු හරවන ව්‍යායාමයක් නොවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වර්තමාන ආණ්ඩුව ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා විහාර සන්තකව පවතින ඉඩම් පවරා ගැනීමට පෙර විහාර ගම් දේවාල පනත අධ්‍යනය කර එය සංශෝධනය කළ යුතු යැයි ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට හිටපු ඇමැති විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන අද (11) නියෝග කළේ ය.
වෙනත් පක්ෂවලට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු සියලු දෙනාගේ මන්ත්‍රීධූර අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක පැවසී ය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා හා දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (Sri Lanka–India Media Friendship Association - SLIMFA) සංවිධානය කරන “SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026” පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
වෙනිසියුලාවට බලපෑ භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 4300 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මස 30වන දිනට යෙදී ඇති වෙසක් පොහොය දින: අනුරාධපුරය සහ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ රජ මහා විහාරයෙහි පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහභාගි වන බැතිමතුන් ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ජී. ඩී. ඒ. සමරසිංහ සඳහන් කරයි.
2026 වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් 2026 මැයි 30 සහ 31 යන දෙදින සියලු ම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි.
අල්ලස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න ගේ දියණියට එරෙහි පවරා ඇති නඩුව ඔක්තෝබර් 27 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

