යුක්තිය සාධරණත්වය අපේක්ෂා කරන ප්රගතිශීලී මිනිස්සුන්ට මේ අධිරාජ්යවාදී ම්ලේච්ඡ යුද්ධය දෙස නිහඬව බලා සිටිය නොහැක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
මාධ්යවේදී සහ ප්රබල දේශපාලන ක්රියාකාරිකයකු වන ප්රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී නොව අතුරුදහන් කර ඊයේට (2026-06-28) දින 6000කි; වසරවලින් ගැණ බැලුව හොත් වසර 16ක් ඉක්මවා ඇත. එහෙත් ඔහු අතුරුදන් කළේ කවුද, ඇයි ද යන්නට තවමත් පිළිතුරු නොමැත.
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය ගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය ඊයේ (04) අවසර ලබා දුන්නේ ය.
මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ හතරවැනි සාක්ෂිකරුව වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි නැවත සාක්ෂියට කැඳවන ලෙස අද (24) කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.
ප්රජාතන්ත්රවාදය උදෙසා සමාජ ජනමාධ්යවේදීන්ගේ සංගමය (SMJDSL) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට අද ලිපියක් බාර දුන්නේ ය. ඒ, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ ඒකාධිපති වියරුවකට තල්ලු වෙමින් පවතින බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දැනුවත් කිරීම සඳහා ය.
ප්රජාතන්ත්රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස සජිත් ප්රේමදාස හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනතා අරගලයකින් සහ අතිමහත් මහජන අපේක්ෂාවන් මැද බලයට පත් වූ ආණ්ඩුවක්, මාධ්ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය හමුවේ හැසිරෙන ආකාරය දෙස බලන විට මතුවන්නේ විශාල ප්රශ්නාර්ථයකි. ජනතාව මහ පාරේදී පන්න පන්නා එකහෙළා ප්රතික්ෂේප කළ ඒ පැරණි අත්තනෝමතික, ගෝත්රික "බයි" මානසිකත්වය සහ බල උමතුව යළිත් මේ ආණ්ඩුවටත් ආරූඪ වී තිබේද?
යෝජිත ලෙස ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 107 වැනි වගන්තියේ v වැනි උප වගන්තිය සංශෝධන කළ හොත් චිරාත් කාලයක් මෙරට ආරක්ෂා කරගත් ප්රජාතන්ත්රවාදී සංස්කෘතිය සහ ආයතන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම විනාශයට පත්වන්නේ යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේ දී, පාලකයින් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්රජාතන්ත්රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) දැඩි ලෙස අවධාරණය කරයි.
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය ක්රියාත්මක කරන නවතම වැඩසටහනක් වන තාක්ෂණ සේවා හා ආධාරක මධ්යස්ථාන (Technology Incubation Centre) ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ වූ ප්රථම තාක්ෂණ සේවා හා ආධාරක මධ්යස්ථානය විවෘත කිරීම අද (23) විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති යන අයගේ ප්රධානත්වයෙන් වවුනියාව විශ්වෙවිද්යාලයීය උද්යාන පාර පරිශ්රයේ දී සිදු කෙරිණි.
දේශීය සම්පත් පමණක් උපයෝගී කරගනිමින් විදේශ ණය මත යැපීමකින් තොරව මෙරට ඉතිහාසයේ ප්රථම වතාවට අධිවේගී මාර්ග තුනක් ඉදිකිරීමේ සුවිශේෂී අවස්ථාව ශ්රී ලංකාවට උදාවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර පවස යි.
කැබිනට් අනුමැතිය ලත් ගෝලීය පරිසර පහසුකම් (GEF) අරමුදල් සහිත වෙරළ සංරක්ෂණ ව්යාපෘතිය වැදගත් ප්රතිපත්තිමය සංඥාවක් සනිටුහන් කරයි. නමුත් එය, පාරිසරික හා ආර්ථික පීඩනයන් හමුවේ සිය සාගර සහ වෙරළබඩ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ශ්රී ලංකාවේ ආයතනික සූදානම පිළිබඳව ගැඹුරු ප්රශ්න මතු කරයි.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්යාජ සමාගම් 36ක් පිහිටවූ මහා ජාවාරම්කරුවකු යැයි කියන ජෙෆ්රි මොහොමඩ් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 1000 ක් විදේශගතකර රජයට, පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙරට ප්රධාන පෙළේ වාණිජ බැංකු හතරක කළමනාකරුවෙකු ඇතුලු නිලධාරීන් සිව් දෙනෙකු ලබන 20 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියන් වරුසවිතාන මහතා ඊයේ (17) නියෝග කළේ ය.
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද, බදුල්ල සහ නුවරඒළිය දිස්ත්රික්කවල ද, ඇතැම් ප්රදේශවල සමස ගිගුරුම් සහිත වැසි සමග ප්රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බවත්, එම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා අවශ්ය පියවර ගන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බලධාරින්ගේ ඇස් වසා මේ වනවිට නිශ්චිත ප්රමිතියෙන් තොර බාල පොහොර වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන බවත් එය වහාම නතර කිරීමට බලධාරින් මැදිහත් විය යුතු බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ප්රකාශ කළේය.
ජාත්යන්තර ප්රවාහන සේවක සම්මේලනය (ITF - International Transport Workers' Federation) සහ ශ්රී ලංකා ජාතික නාවික සේවක සංගමය (NUSS) එක්ව සංවිධානය කරන, ප්රවාහන ක්ෂේත්රයේ කෘත්රිම බුද්ධියේ (Al) බලපෑම පිළිබඳ ජාත්යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත් රුවන් කොඩිතුවක්කු ගේ ප්රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විණි.
බොලිවුඩයේ රන් ස්වරය.. ප්රවීණ ඉන්දීය ගායන ශිල්පී ආශා බෝස්ලේ අද (12) පෙරවරුවේ අභාවප්රාප්ත විය.
මෙරට සුභාවිත ගීතය පුනර්ජීවනයට මාහැඟි මෙහෙවරක් කළ සිංග්ලංකා සමාගමේ නිර්මාතෘ ආනන්ද ගනේගොඩ අභාවප්රාප්ත වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

