සුළි කුණාටුවෙන් දැඩිලෙස හානියට පත් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, රුපියල් කෝටි 3,600 (අමෙරිකානු ඩොලර් මිලියන 120)ක මුදලක් ප්රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබේ.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ලෝක මට්ටමෙන් විවිධ ආගමික පූජ්‍ය පක්ෂය වෙත එල්ල වී ඇති ළමා ලිංගික අපයෝජන චෝදනා සහ ඒ ආශ්රිත සිදුවීම් වර්තමාන ලෝකයේ දැඩි කතාබහට ලක්වන, අතිශය සංවේදී මෙන්ම බරපතළ සමාජයීය සහ නීතිමය ගැටලුවකි. විවිධ රටවල, විවිධ ආගමික සංස්ථා තුළ ක්‍රමානුකූලව සිදු වූ මෙම අපරාධ සහ ඒවා වසා ගැනීමට දැරූ උත්සාහ පිළිබඳව පසුගිය දශක කිහිපය තුළ නිල විමර්ශන, අධිකරණ ක්‍රියාමාර්ග සහ මාධ්‍ය අනාවරණ රැසක් සිදු වී තිබේ.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේ දී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා ගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදු කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව එළැඹෙන ඔක්තෝබර් 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (22) නියම කළේය.
මැයි මාසය තුළ පමණක් බොරතෙල් බැරලයක මිල ඩොලර් 30 කින් හෙවත් 26% කින් අඩු වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පැවසී ය.
අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේට ජේ.ආර්. - ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක හෙවත් අන්වර්ථ නාමය වූයේ ‘වැඩ කරන්නා’ යන්න ය.
ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දෙවන ලෝක යුද්ධයේ සිට මේ දක්වා පැවති ලෝක ව්‍යුහය මේ වන විට අවසන්ව ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ඉන්දියාව 50 දශකයේ ආදර්ශමත් මැතිවරණ කොමිසම් වැඩසටහනක් ආරම්භ කළත් ලෝකයේ සියලු ම ප්රජාතන්ත්රවාදී රටවල මැතිවරණ කොමිසම් අභිභවා ඉදිරියට ඒමට අප රටේ මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම ගැන සතුටු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සැලකෙන්නේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම බාරගැනීම බවත්, එය වැදගත් කරුණක් බවත්, මෙය: නොවැදගත්, සිල්ලර කරුණක් සම්බන්ධයෙන් සිදුවූවක් නොව භාර ධූර, උග්‍ර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තමන් අතින් වරදක් හෝ දෝශයක් හෝ සිදුවීමේ වගකීම බාරගැනීම ඉල්ලා අස්වීමෙන් සංකේතාත්මකව සනිටුහන් කෙරෙන අතර ම මෙය විශාල පියවරක් යැයි ද ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
වගා ආයෝජන මුවාවෙන් මහජනතාව නොමග යවමින් වාංචනික ලෙස මුදල් උපයන්නන්ට හසු නොවන්නැයි ද, තමන් මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල් ඔවුන් ගේ ගොදුරු බවට පත් වීමට ඉඩ නොතබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහජනතාව ගෙන් ඉල්ලා සිටි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නැන්දනිය වන මල්ලිකා වනිගරත්න ඉලේපෙරුම අභාවප්‍රාප්ත වූවා ය.
සිරිකොතෙහි නව අවුරුදු නැවුම් මුහුණුවරකින්
දකුණු පළාත් ආණුඩුකාරවර වශයෙන් කටයුතු කරමින් සිටිය දී හදීසියේ ම ජීවිතක්ෂයට පත්වූ බන්දුල හරිස්චන්ද්‍ර මහතාට, එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පසුගිය සඳුදා උදෑසන බොරුල්ල රේමන්ඩ් මල් ශාලාව වෙත පැමිණ අවසන් ගෞරව දක්වා තිබුණා.
කිසියම් විවාදාපන්න සිදුවීමක් බලවත් වාද විෂයයක් ලෙස ඉස්මතු වූවාට පසුත්, ඒ සම්බන්ධයෙන් කල් නොයවා ඍජු ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමේ ජාජබ ආණ්ඩුවේ බරපතළ රෝගය දීපචෙල්වන් ගැටලුවෙන් ද යළිත් වතාවක් ප්‍රදර්ශනය කැරේ.
අද වන විට වත්මන් රජය රටේ ජනතාවගේ ආර්ථික, සමාජිය, දේශපාලන අයිතිය විනාශ කරමින් සිටින බවත් වැට් බද්දෙන් ආවරණය වන ප්‍රමාණ ප්‍රතිශතය ඉහළ දමා රටේ ජනතාවගේ පීඩනය අසහනය දරිද්‍රතාව දුක කඳුළ වේදනාව ඉහළටම ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
වර්තමානය වන විට රටේ පවතින මාධ්‍ය ප්රශ්නය විසඳීම සඳහා සිටින සුදුසු ම පුද්ගලයා විජයානන්ද ජයවීර බවත්, ඒ වෙනුවට චන්දන සූරිය බණ්ඩාර පත් කර ගැනීම යනු ආණ්ඩුවේ නොදැනුවත්භාවය පෙන්නුම් කිරීමක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වර්තමානයේ පවතින යුද්ධයෙන් පසු, අපි මෙතෙක් දුටු ලෝකය මෙන් ම දැනට දකිමින් පවතින ලෝකය සම්පූර්ණයෙන් ම වෙනස්වනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාකචාර්ය සුමිත් චාමින් ද පැවසී ය.
ප්රජාතන්ත්රවාදී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුලුනු හතර වන්නේ: ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුව ද මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන් ගේ අයිතියත් උල්ලංඝනය කරමින් සිටින බවත්විපක්ෂ නායකවරයා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

