ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරීන්ගේ සංගමය එහි සාමාජිකයන්ගේ දරුවන් ඇගයීම වෙනුවෙන්, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු වරාය බලධාරීන්ගේ ප්රධානයෙන් පසුගියදා පැවැත්වූ ත්‍යාග හා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයක් පිළිබඳව වරාය විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පවසති.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත.
ඊයේ (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර 11ක් පුරා පැහැර හැර ඇති බවට පාර්ලිමේන්තුවේදී අද (19) බරපතල චෝදනාවක් එල්ල විය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ දැඩි ඒකාධිපති පාලනයක් ගොඩනැගෙමින් තිබූ පසුබිමක 1983 කළු ජූලිය නිර්මාණය කර, අහිංසක දෙමළ පුරවැසියන් දහස් ගණනක් මරා දමා දේපොළ කොල්ලකා ගිනිබත් කර, වසර 43ක් සම්පූර්ණ වී තිබේ.
තම රජය පොරොන්දු වූ ආකාරයට ම වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකිරීමට කටයුතු කරන්නේ යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසී ය.
2017 වසරේ අප්‍රේල් 14වන දින මීතොටපුල්ලෙහි කුණ කන්ද නාය ගොස් ගමේ මිනිස්සු තිස් දෙකක් කුණුකන්දට යට වී මිය ගිය බවත්, ගෙවල් 300ක් විනාශ වූ බවත්, දහම්පුර, පන්සල්හේන යනාදි ගම්, ගම්පිටින්ම නාය ගොස් ඒ ගම් සුසාන භූමි බවට පත්වූ ආකාරය ලංකාවේ ජනතාවට මතක දැයි අවිශ්වාස ය.
සමහරු වසාදමා තිබෙන නිවස්වලටත් වන්දි ඉල්ලන බවත් එයින් ගෙවීම් කටයුතු ප්‍රමාද වන බවත් එය රාජ්‍ය නිලධාරීන්ගේ වරදක් නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.
පවතින වටපිටාව එතරම් යහපත් නොවන බැවින් නොපමාව පෞද්ගලික මට්ටමින් හෝ ආරක්ෂාව සපයාගන්නයි විදෙස් තානාපති නිලධාරීන් කිහිපදෙනෙකුම හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.
වත්මන් රජය දිගින් දිගටම මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ට හිරිහැර කරන, අඩත්තේට්ටම් කරන, පීඩනයට ලක් කරන, රටාවක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8 ක මුදලක් භාවිතා කළ සිද්ධියට හිටපු සංචාරක ඇමැති බැසිල් රාජපක්ෂ යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දිය යුතු ආරක්ෂාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා අධ්‍යාපනයට කුඩම්මා ගේ සැලකිල්ල දී ඇති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම සඳහා පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ: ගම්පළ නගරය, සරසවිගම, දෙල්තොට, දොලුව ආදි ප්‍රදේශවල සුළි සුළඟින් සහ නාය යෑම්වලින් විපතට පත් ජනතාව පොලියට ණය ලබාදෙන පුද්ගලයින් ගෙන් මුදල් ලබාගැනීමටත් කටයුතු කර තිබෙන බවත්,
ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට රෝගාතුරව සිටි ඔහු මිය යන විට 82 වන වියේ පසු විය.
දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.
2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.
2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.
කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයෙකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (25) දින නියෝග කළාය.
මාලිමා ආණ්ඩුව තෝරා ගත්තේ ජනතාව වුව ද, මාලිමා කණ්ඩායමට කිසිවක් කළ නොහැකි බව මේ වන විට එම ජනතාව තේරුම් ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

