හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති දූෂණ නඩුව ඊයේ (22) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.
වසර 16කට අධික කාලයක් විදේශගතව ජීවත් වීමට සිදු වූ, 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ කර්තෘ, මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර අද (11) දින දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.
දීර්ඝ කාලයක් විදේශ ගතව සිට පැමිණි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු ගේ ආරක්ෂාව තහුරු කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (08) ජනාධිපති කාර්යාලයේ දී ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සන්ධානය (CUBA - Ceylon United Business Alliance) සමඟ සාකච්ඡාවකට එක්විය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩිසල් මිලදී ගැනීමේ දී රජයට දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කළා යැයි සදහන් කරමින් ඒකාබද්ධ විපක්ෂ සංධානය අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාර දී ඇත.
සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය අමතමින් පැවසීය.
විනිවිදභාවයෙන් යුත් වෙළෙඳ ප්‍රතිපත්ති, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාර්ථකව අවසන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ අභිප්රායන් හඳුනා ගත් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ පුළුල් සහභාගීත්වයක් මෙම සමාප්ති සැසියට දක්නට ලැබුණි.
සමාප්ති අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කිවේ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ ඵලදායී සහභාගීත්වය සහ සමාලෝචන ක්‍රියාවලිය පුරා ලැබුණු බවයි.
රටේ පුළුල් සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තීරු බදු සරල කිරීම, වෙළෙඳ පහසුකම් සැපයීම, ආයෝජන විනිවිද භාවය සහ අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
(lankadeepa - අංජුල මහික වීරරත්න)
ලංකා බැංකුව 2025 මුල් මාස නවය තුළ රුපියල් බිලියන 87.7 ක බදු පෙර ලාභයක් (PBT) වාර්තා කරමින්, පෙර වසරට වඩා දෙගුණයක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
පළමු වරට 2026 Lacan Day - 1 Season: සායනය සිට සංස්කෘතිය දක්වා 2026 මාර්තු 6 වන දින බොරැල්ල, ඇක්වයිනාස්, පීටර් පිලයි ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
ලිංගිකත්වය පදනම් කරගත් සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස අපි ලෝකයේ අලෙවිකරණයට ලක් විය යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අපේ රටට බලපෑ යුද සමයේ දී ඉරානය නිරතුරුව මිතුරකු ලෙස අපි පසුපස රැඳී සිටිමින් අපේ රටට ජවය දුන්නා සේ ශ්‍රී ලංකාව මේ අසීරු යුද්ධයේ දී පැරණි මිතුරාට ශක්තිය දෙමින් ඉරානය පසුපස සිටගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
ඉන්දියාවේ කල්කටාහි පැවති 31 වන කල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (31" Kolkata international Film Festival) (KiFF) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබු රිවස්ටන් චිත්‍රපටය, හොදම චිත්‍රපට අධ්‍යක්ෂක සඳහා වන ගෝල්ඩන් රෝයල් වසීගර් කෝබල් සම්මානය (Golden Royal Bengal Tiger Award) හිමි කර ගෙන ඇත.
කිලිනොච්චියේදී තම පෙම්වතියව ඝාතනය කළ අයෙකුට පසුගියදා මරණ දඬුවම හිමි වුණා. ඒ, 2014 වසරේදී කළ මෙම ඝාතනයට, 2023 දී කිලිනොච්චි මහාධිකරණය විසින් දුන් දඬුවම, අභියාචනාධිකරණය විසින් නැවත තහවුරු කරමින්. මෙය, ලංකාවේ අපරාධ නඩුවක සාක්ෂි ගැන වැදගත් නඩු තීන්දුවක්.
ලංකා දේශපාලනයේ ආණ්ඩු පාර්ශ්වය හෝ විපක්ෂ පාර්ශ්වය හෝ මේ වන විට කරමින් සිටින්නේ ලබාගත් දේශපාලන බලය රැක ගැනීම හෝ බලය ලබා ගැනීමට ක්‍රියාශීලීම නොව මුදල් පසුපස හඹා යැමේ තරඟයක යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අරක්කු බෝතලේ ස්ටිකර් ගහද්දී බොරු කළ වංචනික සමාගමකට ලංකාවේ ම ජනතාව ගේ ජෛවමිතික දත්ත ලබාදීම කෙතරම් බුද්ධිමත් ක්‍රියාවක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විමසී ය.
ලෝකය දියුණු වූ අකාරය පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් ව්‍යාපාරිකකරණය ප්රජාතන්ත්රීකරණය කිරීමට රජය පෙලඹිය යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බවත්, මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතින බවත් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සඳහන් කරයි.
ලාභ ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට බෝනස් සහ පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට දිමනාවක් ලබා දෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
වර්තමාන ආණ්ඩුව කරන්නේ විදුලිබල මණ්ඩලය කොටස් කර විකුණනවා යැයි පවසමින් ගිනි තියා ගැනීමට සුදානම් වූ පිරිසක් වුව ද ඔවුන් දැන් කරමින් සිටින්නේ ද එය ම යැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඊයේ දිනය වන විට දාහත් වසරකි. ඔහු ඝාතනය කරන්නට ආසන්න ම හේතුව වන්නේ එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද මිග් යානා ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළිදරව් කිරීම යැයි අදහසක් පවතී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

