#lk#srilanka#newstube

  • හදිසියේ මාර්ගය වසා දැමීම හේතුවෙන් Yani Lanka (Pvt) Ltd. ආයතනයේ කටයුතු දැඩි ලෙස අඩාළයි

    කොස්ලන්ද, හල්දුම්මුල්ල - හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛතම අපනයන ආයතනයක් වන Yani Lanka (Pvt) Ltd. වෙත පිවිසෙන එකම ප්‍රවේශ මාර්ගය, කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ ආයතනය සමග සාකච්ඡාවක් නොමැතිව, හඳුනා නොගත් කොන්ත්‍රාත්කරුවකු මාර්ග අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමත් සමග වසා දැමීම පිළිබඳව ආයතනය දැඩි කනස්සල්ල පළ කරයි.

  • හඳුන්ගේ උපන්දිනය අදයි - සුබපැතුම්වලින් සමාජ මාධ්‍ය පිරෙයි

    අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගේ උපන් දිනය අදට (19) යෙදී තිබේ.

    ඒ නිමිත්තෙන් ඔහුගේ හිතවතුන් ඔහුට සුබපැතුම් එක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් පළකර ඇත.

    මතු පලවන්නේ එවැනි සටහනකි.

    පක්ෂයට අසීරු වෙලාවේ
    ඔයා පක්ෂය වෙනුවෙන් කැපවුන හැටි...
    පක්ෂය අලුත් මාවතකට ගෙනගිය හැටි අපි දැක්කා...
    ඒ කාලේ අපි හැමෝගෙම වීරයා ඔයා උනා...

    අදත් ඔයා කොච්චර කැපකිරීමකින්... වෙහෙසකින්...
    අපේ පොදු හීනය සැබෑ කරන්න අමාත්‍යාංශයේ වැඩ , නැගනිහිර පලාතේ වැඩ... මාතර දිස්ත්‍රික්කයේ වැඩ.. පක්ශයේ වැඩ කරනවාද කියලා අපි දන්නවා...

    ඒත් අද මල් වලට වැඩිය ගල් - උපහාස - ගැරහුම් වැඩියි...

    දේශපාලනයෙන් පන්නරය උන ඔයාට මුවහත් වෙන්න වැඩිකල් යන්නේ නෑ...

    අහියෝගය වගේම , අවාසිදායක අවස්ථාත් හදුනාගෙන ඔයා ආයී ඉක්මනට වීරයෙක් වෙනවා..

    “Do not fear criticism. Fear silence in the face of injustice….”
    -(Che)

    සුභ උපන්දිනයක් Comrade Sunil Handunneththi ❤️❤️

  • හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල සඳහා මුල්ගල තියයි

    හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

  • හම්බන්තොට-අනුරාධපුර අලි එළවීමේ මෙහෙයුමට රජයේ අනුමැතියක් නෑ ලු !

    හම්බන්තොට සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටි රක්ෂිත වනාන්තරවලට ඇතුළු වී සිටින වන අලි පළවාහැරීම සඳහා දියත්කර ඇති වැඩසටහන සඳහා පරිසර අමාත්‍යාංශය අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

  • හමුදා කටයුතු සඳහා යොදාගෙන ඇති  ලාංකිකයින් ගෙන්වා ගන්න  රුසියාවේදී විශේෂ සාකච්ඡාවක් !

    රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි  පැවසීය.

    බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නුදුරේදීම සිදුවනු ඇති බවට විශ්වාස කරනවා.

    ඒ වගේම අප රජයට මෙම කාලය තුළ විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය සාර්ථක නිම කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය පල කෙරුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය නිකුත් කෙරුණා. ඉන් අදහස් කෙරෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වු කරුණු සම්බන්ධයෙන් අප විසින් ඉතා නිවැරදිව කටයුතු කර තිබෙන බවයි.

    එමෙන්ම විදේශිය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කරගැනීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. විදේශිය රටවල් සමඟ ණය කළමනාකරණය පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කරගත හැකි බව අප විශ්වාස කරනවා. විදේශීය බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා ඉතාමත් ධනාත්මකයි. එය සාර්ථක වුවහොත් ලංකාව නැවත ණය නොගෙවන තත්ත්වයෙන් මිදී ණය ගෙවන තත්ත්වයේ රටක් බවට පත්වීමට හැකි වනවා.

    ඒ වගේම ජපාන විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමක් මත මා ලබන මාසයේ දී ජපානයේ සංචාරයක නිරත වනවා. ද්වී පාර්ශ්වීය නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි පසු ජපානයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර තිබූ නමුත් මේ වන විට වැඩ නවත්වා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කරන බව ජපානය අපට පොරොන්දු වී තිබෙනවා.

    රුසියාවේ පැවති බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගියදා මම සහභාගී වුණා. බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව සළකා බැලීමට විදේශ අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නියෝජනය වන පරිදි නිලධාරීන් පිරිසක් පත්කර තිබෙනවා. එහි වාර්තාව මෙම මස ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.

    ඒ වගේම රුසියානු හමුදාවට බඳවාගෙන සිටින හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් අප විසින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළා. එම ගැටළුව විසදීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි. ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 වනදා රුසියාවේ දී පැවැත්වෙනවා. මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

  • හරිණි අමරසුරිය පිළිබඳව ජවිපෙ/ ජාජබ මුනිවත රකින්නේ ඇයි...?

    හරිණි අමරසූරිය සහෝදරියගේ පුද්ගලික ජීවිතය ඉලක්ක කරමින් කලක් තිස්සේ සැලසුම් ගතව දියත් කළ අභූත චෝදනා ඉංග්‍රීසි මොඩියුල සිදුවීම සමග තීව්‍ර වී ඇත.

  • හරිණි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ සමරිසි විරෝධී මුලධර්මවාදින්

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිකුලප්පුව සහ හරිනි අමරසූරිය අගමැතිතුමියගේ ලිංගික නැමියාව පටලවා නොගත යුතු යි. අපි බලාපොරොත්තු වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වූයේ සංවාද ප්‍රතිසංවාදවලින් පුළුල් සාකච්ඡාවකට බඳුන් වීමකින් පසුව සිදුකළ යුතු දැවැන්ත වැඩ පිළිවෙළක්.

  • හරිණි, ලෝක ආර්ථික සමුළුවේ දී අසමත් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්

    ලෝක ආර්ථික සමුළුවට සහභාගි වනවා නම් අතිශය සූදානමකින් යුක්තව එයට සහභාගි විය යුතු වුව ද මෙවර පැවති එම සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය එබඳු සූදානමකින් එම සමුළුව සඳහා සහභාගි වූ බවක් දක්නට නොලැබුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • හවුස් ඔෆ් ෆැෂන්ස් හිමිකරුට ඇප නියම කිරීම 22 දක්වා කල් යයි

    හවුස් ඔෆ් ෆැෂන්ස් හි හිමිකරු සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයවර්ධන මුදලිගේ ප්‍රියලාල් බන්දුල රේගු තක්සේරු උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෘද රෝග තත්ත්වයක් වර්ධනය වීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කළ එහි හිමිකරු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන විසි දෙක තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන්න අමරසේන අද නියෝග කළේ ය.

  • හානි අවම කරගැනීමට බැරි වීම ගැන විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

    හදිසි ආපදා තත්ත්වයෙන් රටට සිදු වූ දැවැන්ත හානිය අවම කර ගැනීමට නොහැකි වූයේ කෙසේ ද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස විපක්ෂය විසින් කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ඊයේ (දෙසැ. 3) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරන ලදී.

  • හානියට පත් සියලු ආගමික සිද්ධස්ථාන එහි පෞරාණිකත්වය ආරක්ෂා කරමින් යළි ගොඩනගනවා - ජනපති පොරොන්දු වෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

  • හැකර්වරුන් ගේ ග්‍රහණයට නතු වූ ඩොලර් ලක්ෂ 25 ගැන තවමත් විධිමත් ප්‍රකාශයක් රජයෙන් සිදු කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    අද වන විටත් රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් නොමැති අතර රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එක් කතාවක් ද, අනිල් ජයන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා තවත් විග්‍රහයක් සිදු කරන මොහොතක රටේ ජනතාවට මේ සිදුවූ දේ ගැන නිවැරදි සත්‍යවාදී තොරතුරු ලබා ගැනීමට අයිතියක් තිබිය යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

  • හිකනල් නලින්වාදියෝ

    නලින් ද සිල්වාගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව සම්භාෂණයක් පසුගිය 03වන පැවැත්වුණි. නමුත් එය සුපුරුදු ප්‍රහසනයකි. මට අවශ්‍ය වූයේ එය ප්‍රහසනයක් බවත්, Nirmal Dewasiri හැර කතා පැවැත් වූ අනෙක් අය (නලින්වාදීන්) නලින් ගේ ඉදිරිපත් කිරීම් අවම මට්ටමකින් හෝ වටහාගෙන නොමැති බව Thamalu Maliththa Piyadigama හරහාම ඔප්පු කිරීමයි. ඔවුන්ගේ අමනකම් එළියට පැමිණෙන බව දැනගත් සිංහල බෞද්ධ දහම්පාසල් සංවිධායක පාහරයින් විසින් සුපුරුදු පරිදි ප්‍රශ්න ඇසීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක් දැරීය. එවැනි තත්ත්වයක දැඩි අපහසුතාවයකින් කෙටි කර ප්‍රශ්න ඇසීමට සිදු වීම නිසා හරියාකාරව ප්‍රශ්න යොමු කරගැනීම කළ නොහැකි විය.

  • හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

  • හිටපු අටමස්ථානාධිපති ගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

    වර්තමානයේ දී අටමස්ථානාධිපති ලෙස කටයුතු කරන පල්ලේගම හේමරතන නමැති භික්ෂුව වෙත එල්ල වී ඇති චෝදනා සැලකිල්ලට ගනිමින් එම භික්ෂුව අදාළ තනතුරුවලින් තාවකාලිකව ඉවත් කිරීමට මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව තීරණය කර ඇතැයි එම සභාව සඳහන් කරයි.

  • හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි ගේ නඩුව සැප්තැම්බර් හත්වන දාට කල් යයි

    දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගොනුකරන ලද නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල දින නියම කළේ ය.

  • හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

    හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

  • හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවීමට නියෝග

    මුදල් විශුද්ධීකරණ පනත යටතේ  දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට එරෙහි නඩුවක් නොවැම්බර් 10 යළි කැඳවිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  අද (21) නියෝග කළේ ය.

  • හිටපු ඇමති සී.බී. රත්නායක රිමාන්ඩ්

    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB රත්නායක මහතා එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

  • හිටපු ඇමරිකානු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරියට වරෙන්තු

    තානාපති කාර්යාල ගොඩනැඟිල්ලක් මිලදී ගැනීමේ දී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු  කරනු ලබන විමර්ශනයකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (22) වරෙන්තු නිකුත් කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න