සැමියා රාජකාරි කටයුත්තකට යෑමට නිවසින් පිටත් වූ පසු අලුයම හතරට පමණ බලහත්කාරයෙන් නිවසට ඇතුල් වී පිහියක් පෙන්වා බිය ගන්වා නිවසේ සිටි කාන්තාවක් හා ඇගේ බාල වයස්කාර දැරියන් දෙදෙනාට බරපතල ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවලට වරදකරු වු විත්තිකරුවෙකුට වසර 41 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ එම සිරදඬුවමේ කාලය එකවර එනම් වසර 17කින් ගෙවී යන ලෙස ලබාදීමට ඊයේ ( 30) නියෝග කළේය.
පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිකරු චෝදනාවලට කැමැත්තෙන් වරද පිළිගෙන තිබිණ.
විත්තිකරුට එල්ල වී තිබූ චෝදනා හතරටම වරදකරු බවට විවෘත අධිකරණයේදී පත්වීමෙන් පසු එලෙස සිර දඬුවම් නියම විය.
සිද්ධියට අදාළ විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා මෙසේ සඳහන් කළේය.
“වරදක් කිරීමේ අදහසින් වින්දිත කාන්තාවගේ නිවසට ඇයගේ කිසිදු අවසරයකින් තොරව ඇතුළු වීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 436 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන අතර, 02 චෝදනා වන්නේ එලෙස එම නිවසට ඇතුළු වී එම වින්දිත කාන්තාව බරපතල ලිංගික අපයෝජනය කිරීමයි. 03 වන චෝදනාව වන්නේ එම නිවසේම සිටි එම වින්දිත කාන්තාවගේ දියණියන් දෙදනා බරපතල ලංගික අපයෝජනය කිරීමේ චෝදනාව කර තිබෙනවා. 04 වන චෝදනාව වන්නේ එම නිවසේම වින්දිත කාන්තාවගේ ඇයගේ කුඩාම දියණිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව වෙනවා. එම චෝදනා වලට චුදිත නිවැරදිකරු බවට මෙම අධිකරණයේ පවසා සිටි අතර, ඒ අනුව මෙම නඩුවේ විභාගය 2025.10.27 වන දින ආරම්භ කරන ලද අතර, එදිනද චුදිත සියලුම චෝදනා වලට නිවැරදිකරු බව පැවසීම මත නඩුව විභාගයට ගත්තා. ඉන්පසු සිද්ධියට අදාල සියලුම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවා අවසන් කර තිබෙනවා.”
“ඉන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා 2025.10.29 වන දින මෙම නඩුව නියම කරන ලද අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 5, 6,7 ද පැමිණ සිටි අතර, එම අවස්ථාවේදී චුදිත ඔහුට එරෙහිව ඇති සියලුම චෝදනාවලට වරද පිළිගැනීම මත අධිකරණය මඟින් ඔහු වැරදිකරු කළා.”
“ඉන් අනතුරුව එදිනම මෙම නඩුවේ පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් අධිකරණය අමතා කරුණු දැක්වීම සිදු කළා. අපරාධ නඩුවල වින්දිතයින්ට ද වුදිතයින්ට දඬුවම් නියම කිරීමට ප්‍රථමයෙන් අධිකරණයට කරුණු දැක්වීමට ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් ඇති බැවින් මෙම නෛතික තත්ත්වය සලකා බලා මෙම නඩුවේ 02 03, 04 වින්දිතයන්ට ද අද දින අධිකරණයට පැමිණ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දුන් අතර, අද දින අධිකරණයේ පෙනී සිටී ප්‍රධාන වින්දිත දැරිය වන සහ මව වන අධිකරණයට පවසන ලද්දේ ඇයට සාධාරණය ඉටු කරදීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත්, වන්දියක් අවශ්‍ය නොවන බවයි. “
” වින්දිත තැනැත්තියන්ද අධිකරණයට පවසන ලද්දේ ඔවුන්ට ද අධිකරණය අමතා පැවසීමට කිසිවක් නොමැති බවයි. එම කරුණද මෙම නඩුවේ දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු ද මාගේ සැලකිල්ලට ගෙන තිබෙනවා. මෙහිදී මෙම වුදිත විසින් සිදු කර ඇති වරදේ බරපතල භාවය සලකා බලා, මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු වන හමුදා සේවයේ නියුතු තැනැත්තෙක් වන අතර, ඔහු 2014.05.13 වන දින වන විට රාජකාරී කටයුත්තක් සඳහා පුත්තලම ප්‍රදේශයට ගොස් ඇති අතර, නිවසේ තනිව සිට ඇත්තේ ඔහුගේ බිරිඳ සහ මෙම දැරියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා බාලම පුතා වන කුඩා දරුවෙකු බව සාක්ෂි ලබාදීමේදී සඳහන් කළා. එලෙස සිටියදී මෙම නඩුවේ චුදිත එම නිවසට අයුතු ලෙස ඇතුළු වී ඇති අතර, එම අවස්ථාවේදී ඔහු පිහියක්ද පෙන්වා බය කර එම වින්දිත කාන්තාව සහ වින්දිත දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීම කර තිබෙනවා. එම අවස්ථාවේදී වුදිතව මනාව හඳුනා ගැනීමක් කරන ලද බවට මෙම නඩුවේ සාක්ෂි ලබා දුන් වින්දිත තැනැත්තියන් තිදෙනාම මෙම අධිකරණයේ ප්‍රබල ලෙස සාක්ෂි ලබා දීම සිදු කර තිබෙනවා.”
“එකී කරුණු මාගේ සැලකිල්ලට ගත්තා. ඔවුන් රාත්‍රී කාලයේ නිදාගෙන සිටියදී පාන්දර 4.00 ට පමණ මෙම අපරාධය සිදු කර තිබෙනවා. එහිදී අධිකරණය නිරීක්ෂණය කරන්නේ මෙම වින්දිත කාන්තාව වන මවට සහ ඇයගේ කුඩා බාල වයස්කාර දියණියන් දෙදෙනා සමඟ ඔවුන් සාමකාමීව නිවසේ නිදාගෙන සිටි අවස්ථාවේදී වුදිත මෙලෙස අයුතු ආකාරයෙන් මෙම නිවසට ඇතුලු වී ස්වාමි පුරුෂයාද නිවසේ නොසිටි අවස්ථාවේදී ආරක්ෂාවක් නොමැතිව සිටි මෙම කාන්තාව සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනාව බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබීම කිසිසේත් සාධාරණී කරණය කළ නොහැකි තත්ත්වයක් බව පෙනී යනවා.”
“මෙහිදී නිවසක නිවැසියන්ට සාමකාමීව නිදා ගැනීමට තිබෙන එකම තැන ඔවුන්ගේ නිදන කාමරය. එවැනි නිදන කාමරයකට චුදිත වැනි පුද්ගලයන් බලහත්කාරයෙන් ඇතුලු වී සාමකාමීව නිදාගනෙ සිටි කුඩා දැරියන් දෙදෙනෙක් සහ එම නිවසේ එම දැරියන්ගේ මවව මෙලෙස ලිංගික අපයෝජනයට ලක් කළා නම් එවැනි චුදිතයෙකුට මෙම අධිකරණය මඟින් ලබා දෙන දඬුවම දෙස සමස්ථ සමාජයම බලා සිටිනවා.ඒ අනුව එකී කරුණු සලකා බලා දඬුවම් නියම කිරීමට මා තීරණය කරනවා.”
“උගත් නීතීඥ මහතා චුදිත වෙනුවෙන් අධිකරණය අමතා සඳහන් කරන ලද්දේ චුදිත මේ වන විට වසර 2 1/2 ක කාලයක් රක්ෂණ භාරයේ සිටින බවයි. කෙසේ වෙතත් උගත් රජයේ අධි නීතීඥ මහත්මිය පෙන්වා දෙන ලද්දේ මෙම වුදිත පෙර වැරදි ගණනාවක්ම තිබෙන තැනැත්තෙකු බවයි. එකී කරුණු සලකා බලනවා. වුදිතගේ ඇඟිලි සලකුණු වාර්තා පරීක්ෂා කර බැලීමේදී ඔහු 2006 වසරේ රාත්‍රි කාලයේ ගෙවල් බිදීමේ වරදකට දඩුවම නියම කර ඇති බවත්, 2006.11.09 වන දින ඔහුට අවුරුදු 5 කට අත්හිට වූ සිර දඬුවම් ලබා දී ඇති බවයි.
කෙසේ වුවත් එම අත්හිට වූ කාලය අවසන් වීමෙන් පසුව මෙම මහාධිකරණයේ තිබෙන වරද එනම් 2014 සිදු කර ඇති වරද සිදු කර ඇති බව පෙනී යනවා. එසේම 2006.11.09 වන දින ද රාත්‍රි කාලයේ ගෙවල් බිද දේපල කොල්ල කෑම හා සම්බන්ධයෙන් තවත් වරදක් සිදු කර එම වරදට ද අවුරුදු 5 ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර ඇති බව පෙනී යනවා. එම වරදට අදාල අත්හිට වූ කාලය ද 2014 වන විට අවසන් වී ඇති බව පෙනී යනවා. 03 වන පෙර වරද ලෙසට 2012 වසරේ රන් මාලයක් කොල්ල කෑමට තැත් කිරීමක් සම්බන්ධයෙන්ද ඔහු වැරදිකරු වී ඔහුට මාස 02 ක සිරදඩුවමක් පමණක් නියම කර ඇති බව පෙනී යනවා. ඉන් අනතුරුව 2014.03.07 වන දින දී ද නිවසට අයුතු ලෙස ඇතුළු වී ජංගම දුරකථනයක් සොරකම් කිරීම කර ඇති අතර, එම වරදට රුපියල් 1000 ක දඩයක් සහ දඩය නොගෙවන්නේ නම් වසර 01 ක් සුළු වැඩ සහිත සිර දඩුවම් නියම කරන බවට නියම කර තිබෙනවා.
ඒ අනුව මෙම අධිකරණය නිරීක්ෂණය කරන්නේ පෙර වැරදි 02 ක් ම තිබියදී 2014 මහේස්ත්‍රාත් අධිකරණයේ වුදිතට දඬුවම් නියම කිරීමේදී පෙර වැරදි ගැන කිසිදු තැකීමක් නොකර හුදෙක් රු.1000 ක දඩයක් පමණක් නියම කිරීමක් කර ඇති බවයි. අවසාන වතාවට තිබෙන වරද 2017 වසරට අදාල සමාන වරදක් වන අතර, කෙසේ වෙතත් එම වරදට ලබා දී ඇති දඩුවම චුදිතට එරෙහිව අගතිදායක ලෙස සලකා නොබැලීමට මා තීරණය කරනවා. කෙසේ වෙතත් ඔහුට 2009 වසරේදී ඔහුට හෙරොයින් සම්බන්ධව තවත් පෙර වරදක් තිබෙන අතර, එම පෙර වරද සම්බන්ධයෙන් ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබා දී ඇති අත්හිට වූ සිර දඩුවමක්ම බවට නඩු වාර්තාව පරීක්ෂා කර බැලීමේදී පෙනී යනවා. ඒ අනුව පෙනී යන්නේ පෙර වැරදි රාශියක් තිබෙන තැනැත්තෙක් බවයි.
එවන් පසුබිමක් තුළ ඔහු හට අපරාධ කිරීමේ පෙළබිමේ අධික ප්‍රවණතාවයක් තිබී ඇති බව පෙනී යයි. අදාල නිවසේදී වුදිත විසින් තම දියණියන් දෙදෙනාවද බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තමාවද බරපතල ලිංගික අපයෝජනයට පත් කරන ලද අවස්ථාවේදී දැරියන්ගේ මව තම දරුවන්ව බේරා ගැනීම සඳහා එම අවස්ථාවේදී චුදිතව තල්ලු කර දමා බේරීමට උත්සාහ කිරීමක් කරන ලද බවට මෙම අධිකරණයේ සාක්ෂි ලබා දුන් අතර, ඉන්පසුව ඇය තම දරුවන්ද රැගෙන අසල්වාසී නිවසකට දිවගොස් බේරී ඇති බවට ද අධිකරණය ඉදිරියේ ඇය හඩමින් සාක්ෂි ලබා දී තිබුණා. ඒ අනුව සලකා බැලීමේදී මෙම චුදිතට මෙම අධිකරණයෙන් දැඩි දඬුවම් ලබාදීම සුදුසු බවට මෙම අධිකරණයට පෙනී යයි. කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහාම 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත මඟින් හඳුන්වා දී ඇති බරපතල ලිංගික අපයෝජනය නැමති වරද කෙරෙහි මාගේ අවධානය ලක් කරනවා.
“එසේම අධිකරණයක් මඟින් දඬුවම් නියම කිරීමේදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳව විස්තරාත්මකව සටහන් කර ඇති අශාන් මොහොමඩ් රිස්වාන් එරෙහිව නීතිපති යන අධිකරණ තීන්දුවේදී අභියාචනාධිකරණය මඟින් කර ඇති මඟ පෙන්වීමද සැලකිල්ලට ගෙන මෙම නඩුවේ වුදිතට දඩුවම නියම කිරීමට මා තීරණය කරනවා. ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති එක් දැරියක් අවුරුදු 13 ක දැරියකි. එම දැරියගේ මුඛයේ තොල් වුදිත විසින් සපා කෑම නිසා එම අවස්ථාවේදී බරපතල ලෙස තුවාල වීමකට ලක් වී ඇත. මෙම නඩුවේ අධි චෝදනා පත්‍රය පරීක්ෂා කර බැලීමේදී අදාල වෛද්‍ය වාර්තා ලැයිස්තු ගත කර ඇති බව අධිකරණය නිරීක්ෂණය කරනවා. එම අධිකරණ වෛද්‍ය වාර්තාව මෙම නඩුවට අදාල මහේස්ත්‍රාත් අධිකරණ නඩු වාර්තාවේ දක්නට ලැබෙන අතර, එයට අනුව මෙම වින්දිතදැරියගේ තොල් දෙකම එලෙස තුවාල වීමකට ලක් වී ඇති බවට වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කර ඇති අතර, වෛද්‍යවරයා විසින් දැරියව පරීක්ෂා කර ඇත්තේ ද මෙම නඩුවට අදාල සිද්ධිය සිදු වුණා යැයි පවසන 2014.05.13 වන දින එනම් සිද්ධිය සිදු වූ දිනම බවට පෙනී යනවා.”
“ඒ අනුව මෙම වින්දිත දැරිය ශාරීරික හානියකට ද, තුවාල වීමකටද ලක් වී ඇති බව පෙනී යයි. එකී සියළු කරුණු සලකා බලා චුදිතට දඬුවම් නියම කිරීමට තීරණය කරමි. තවද මෙම අධිකරණය ප්‍රථම අවස්ථාවේදී නිරීක්ෂණ කරන ලද්දේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයට පෙනී සිටිනවා යැයි පවසමින් නීතිඥ මහත්මියක් අධිකරණයේ පෙනී සිට දිවුරුම් ප්‍රකාශ ගොනු කරමින් සාක්ෂිකරුවන් සාක්ෂි දීමට අකමැත්ත ප්‍රකාශ කරනවා යැයි පවසා මෙම අධිකරණයේ දිවුරුම් ප්‍රකාශ කීපයක් ගොනු කර ඇති බවයි. “
“එකී සියළු කරුණු සලකා බලා වුදිතට දඩුවම් නියම කිරීමට තීරණය කරනවා. තවද මෙම අධිකරණය ප්‍රථම අවස්ථාවේදී නිරීක්ෂණය කරන ලද්දේ මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයට පෙනී සිටිනවා යැයි පවසමින් නීතිඥ මහත්මියක් අධිකරණයේ පෙනී සිට දිවුරුම් ප්‍රකාශ ගොනු කරමින් සාක්ෂිකරුවන් සාක්ෂි දීමට අකමැත්ත ප්‍රකාශ කරනවා යැයි පවසා මෙම අධිකරණයේ දිවුරුම් ප්‍රකාශ කීපයක් ගොනු කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම නඩුවේ විභාගය ආරම්භ කරන ලද අවස්ථාවේදී සාක්ෂිකරුවන් 04 දෙනාම අධිකරණයේ සාක්ෂි ලබාදුන් අතර, කිසිදු පැකිලිමකින් තොරව ඔවුන්ට සිදු වූ අගතිය අසාධාරණය පිළිබඳව මෙම අධිකරණයට සාක්ෂි ලබා දෙන ලදී. කෙසේ වෙතත් මෙම නඩුවේ වුදිත චෝදනාවන්ට වරද පිළිගෙන අධිකරණය මඟින් වැරදිකරු කර ඇති පසුබිම සලකා බලා අදාල අගතියට පත් පාර්ශ්වයට පෙනී සිටිනවා යැයි පවසා නඩුව ඉවත් කර ගැනීමට උත්සාහ කර ඇති අදාල නීතිඥවරිය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී ක්‍රියා මාර්ගයක් නොගැනීමට මා තීරණය කරනවා.
නඩුවල පාර්ශ්වකරුවන්ට යුක්තිය ඉටු කර දීම අධිකරණයේ කාර්ය භාරය වන අතර, නඩු වලට පෙනී සිටින නීතීඥ මහත්ම මහත්මින්ගේ කාර්ය භාරය වන්නේ පාර්ශ්වකරුවන්ට යුක්තිය ඉටු කිරීම සඳහා අධිකරණයට සහාය ලබා දීම මිස යුක්තිය යටපත් වන අකාරයෙන් කටයුතු කිරීම නොවේ. සියළු විනිශ්චිත අධිකරණ තීන්දු කෙරෙහි ද අවධානයට ලක් කරමින් චුදිතට චෝදනා 4 ට දඬුවම් නියම කරනවා. තවද වින්දිත පාර්ශවය විසින් වන්දි අවශ්‍ය නැති බවට අධිකරණයට පවසා ඇතද ව්‍යවස්ථාපිත නීතිය යටතේ ඉහත කී බරපතල ලිංගික අපයෝජනය නැමැති වරද සඳහා අනිවාර්යෙන් දඩයක් පැනවීම ව්‍යවස්ථාදාකයේ අරමුණ මෙන්ම එය අනිවාර්යෙන්ම අධිකරණය මඟින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් වන බැවින් වින්දිතපාර්ශ්වයන්ට ප්‍රමාණාත්මක වන්දි නියම කිරීමට තීරණය කරනවා.”
“ඉහත කී සියළු ආනුශංගික කරුණු සැලකිල්ලට ගෙන මා විසින් අද දින මාගේ අවධානයට ලක් කරන ලද සියළු විනිශ්චිත අධිකරණ තීන්දු කෙරෙහිද අවධානයට ලක් කරමින් වුදිතට චෝදනා 4 ට දඩුවම් නියම කරමි. තවද වින්දිත පාර්ශ්වය විසින් වන්දි අවශ්‍ය නැති බවට අධිකරණයට පවසා ඇතද ව්‍යවස්ථාපිත නීතිය යටතේ ඉහත කී බරපතල ලිංගික අපයෝජනය නැමැති වරද සඳහා අනිවාර්යෙන් දඩයක් පැනවීම ව්‍යවස්ථාදාකයේ අරමුණ මෙන්ම එය අනිවාර්යෙන්ම අධිකරණය මඟින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් වන බැවින් වින්දිතපාර්ශ්වයන්ට ප්‍රමාණාත්මක වන්දි නියම කිරීමට තීරණය කරමි. මෙම නඩුවේ වුදිත චෝදනාවන්ට වරද පිළිගන්නා ලද්දේ ඔහුට එරෙහිව සාක්ෂි 01,02,03,04 ඉතා ප්‍රබල සාක්ෂි අධිකරණයේ ලබා දීම අවසන් වීමෙන් පසුව වන අතර, ඒ අනුව විශේෂයෙන් පැ.සා 02,03,04 දරන සියළුම වින්දිත තැනැත්තන් අධිකරණය ඉදිරියේ සාක්ෂි කැඳවා ඔවුන්ගේ සම්පුර්ණයෙන් අවසන් කිරීමට ද කටයුතු යෙදී තිබුණි. එකී කරුණාද වුදිතට දැඩි දඩුවම් නියම කිරීම සඳහාම සලකා බලනවා.”
“පළමුවෙනි චෝදනාවට එනම් බලහත්කාරයෙන් නිවසට ඇතුළු වීමේ චෝදනාවට බරපල වැඩ සහිත වසර පහක සිර දඬුවමක් නියම කරනවා.අනෙක් චෝදනා තුනට එනම් මව හා දියණියන් දෙදෙනාට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවලට වෙන් වෙන්ම බරපතල වැඩ සහිත වසර දොළහ බැගින් එනම් වසර තිස් හයක සිර දඬුවම් නියම කරනවා.
එකී චෝදනා තුනටම නියම කළ සිර දඬුවම් කාලය එක්වර එනම් වසර දොළහක කාලයකින් ලබාදීමට නියම කරනවා.එයට අමතරව එකී චෝදනා හතරට රුපියල් 60000ක දඩයක් ගෙවීමටත් වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවීමටත් නියම කරනවා.එම දඩ හා වන්දි නොගවන්නේ නම් වසර පහක සිර දඬුවම් ලබාදීමට ද නියම කළ විනිසුරුවරයා එම ලිහිල් සිර දඬුවම් මුල් සිර දඬුවම් වූ වසර දාහතක කාලය ඉක්මවීමෙන් පසු ලබා දීමටද නියම කරනවා.” යනුවෙන් විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කළා.
රජයේ අධි නීතිඥ ශයිනි වීරසූරිය පැමිණිල්ල මෙහෙයවිය.
සිය සේවා දායකයා මේ වනවිට වසර දෙක හමාරක කාලයක් බන්ධනාගාරගතව සිටින බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත්කළ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
( news19.lk - හිරුණි විජේසිංහ)

