මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයින් 32ක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 24 දෙනකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 24 දෙනෙකු නම් කළේ ය. ඒ, සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ය.
මීගමුව බන්ධනාගාරයේ අද (06) යළිත් ඇතිවූ නොසන්සුන් තත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු නම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් ලැම්බා නැමති සිද්ධිය වන අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියකු නම් කරනු ලැබීය.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22 ක් ඝාතනය වීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය වන අවස්ථාවේ සිටි ප්රධාන ජේලර් වික්රම ජයන්ත කුමාර අද (30) මීගමුව මහෙස්ත්රාත් ශිලනි පෙරේරා ඉදිරියේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේ ය.
මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්රමික බළකායේ (බන්ධ පොලිස් ) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21ක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකරණය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නඩුව විභාගය සහ දඬුවම් නියම කිරීම වළක්වාලන නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්රධාන පොලිස් පරික්ෂක කරුණාතිලක ඊයේ (15) මීගමුව මහෙස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මිය යෑම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු නම්කර අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම සැකකරුවන් අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා අද (27) නියෝග කළා ය.
ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් යැයි පොලීසිය පවසයි.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේ දී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියකු වන උම්නිතාත් සරත්චන්ද්රන් නමැත්තාගේ මෘත දේහය අධිකරණයෙන් ලද නියෝගය අනුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ මැදහත්වීම මත මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී සැප්තැම්බර් 02 දින විශේෂ ආරක්ෂාවක් යටතේ මිහිදන් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේ ය.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් ගේ සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ඊයේ (07) පස්වරුවේ ශ්රී ලංකා ජාතික රෝහල වෙත ගියේ ය.
මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත්, ඊයේ රෑ වනවිට මරණ 26ක් වාර්තා වී ඇති අතර ඒ 26න් හතක් ම රජයේ නිලධාරීන්: එනම්, බන්ධනාගාරයේ නියාමක නිලධාරීන් යැයි මහාචාර්ය ජී එල්. පීරිස් පැවසී ය.
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් සහ රැඳවියන් 32 දෙදෙනකු ඝාතනය වීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට අධිකරණය හමුවේ ප්රකාශයක් කිරීමට අවසර ඇති බව මීගමුව ප්රධාන මහෙස්ත්රාත් ශිලනි පෙරේරා සඳහන් කළා ය.
මීගමුව බන්ධනාගාරයේ සිදුව ඇති මාරාන්තික ගැටුම පිළිබඳව 'දිනන දකුණ' බලවත් කනස්සල්ල පළ කරන අතර ම ජීවිත අහිමි වූවන් ගේ පවුල්වලට එම සමූහයේ ශෝකය පළ කර ඇත. ඒමෙන් ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන්: ස්වාධීන, විනිවිදභාවයෙන් යුත් සහ කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.
බන්ධනාගාර නිලධාරීන් ගේ ඝාතන පිළිබඳව කම්පාවෙන අතරේ ම සිරකරුවන් ගේ භාරකාරීත්වයේ වගවීම පවතින රජයක් අතින් සිරකරුවන් ගේ ජීවිත අහිමි කිරීමට එරෙහිව දිනන දකුණ සාමූහිකය වර්තමාන රජයට දෝෂාරෝපණය කරයි.
නිලධාරීන් අට දෙනකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙසියයකට ආසන්න පිරිසකට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්යාත රෝගීන්ට ප්රතිකාර මධ්යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්රතිකාර මධ්යස්ථානය” ලබන 12 දා පෙරවරුවේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මෙරට සෞඛ්ය පද්ධතියේ තිබෙන ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත තුළින් සහ නිසි කළමණාකරණයක් තුළින් උපරිම ධාරිතාවෙන් ප්රයෝජන සහ සේවා ලබාගත හැකි බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා පැවසී ය.
දැනට අඩපණවී ඇති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව (SAARC Summit) නැවත ආරම්භ කිරීම සඳහා ශ්රී ලංකාව නිර්මාණාත්මකව සහ ක්රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ප්රකාශ කළේ ය.
ඩොලර් මිලියන 2.5 ක් තෙවන පාර්ශවය අතට පත්වීම සම්බන්ධයෙන් මුදල් අමාත්යාංශයේ ලේකම්වරයා වහා ඉල්ලා අස්විය යුතු බව ‘ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.
අධිකරණය හමුවේ ඇප අත්සන් කිරීම සඳහා ඉන්දීය ජාතිකයකු ගෙන් මුදල් ලබාගෙන, ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ කොළඹ සාංචි ආරච්චිවත්තේ පුද්ගලයින් දෙදෙනකුට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම ඊයේ (19) වසර දෙකක(2) බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
ශ්රී ලංකා මහ බැංකුව 2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතෙහි සංශෝධන සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

