සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මො.ල. සෙනෙවිරත්නගේ 'සිපීර්' කෘතිය පිළිබඳ සහෘද කතාබහට ය.
ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක සහනාධාරය තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් ඊයේ විරෝධතාවක නිරත විය.
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් පෙරේදා (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී ආරම්භ කළේ ය.
වැඩසටහනෙහි ප්‍රමුඛ අරමුණ
මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන වැඩසටහනකි. මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන්, තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සබඳතාව වර්ධනය කිරීමට උනන්දුවක් කිරීමක් සිදු කරනු ලබයි. ඒමෙන් ම තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුළින් යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබධව අවබෝධයක් ඇතිකිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද මෙයට ඇතුළත් වේ.
31 වන සභාපතිනිය වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි
මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත්කර ගැනීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහි දී පැවැසී ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක්
මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලු ම සාමාජිකයින් කැප වෙමින් සහ ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය යනාදි ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවටම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද පැවැසී ය.
අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසී ය.
සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා පුළුල් අවබෝධයක්
ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්‍ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
(දීප්ති විජේතුංග)

තායිලන්තයේ ඉහළ පෙළේ මහනාහිමිපාණන් වහන්සේ නමකට Buddha’s Physician පොත පිරිනැමීමට ලැබීම ඉමහත් භාග්‍යයක් යැයි ප්‍රවීණ ලේඛක අජන්ත සෙනවිරත්න පැවසී ය.
පව්කාර භූමියක
මිලින වු
දුර්භීක්ෂයේ ගිනි දමින්
උපන් දියණියේ....
චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර් චිත්‍රපටය මේ වන විට ප්‍රේක්ෂක ආකර්ෂණය සහ කතා බහ ඉහළින්ම හිමිකර ගනිමින් සාර්ථකව තිරගත වේ.
මැඩගස්කර ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොලීනා (Andry Rajoelina) විසින් තම රජය විසුරුවා හරින බව ප්‍රකාශ කර ඇත.
තරුණයින් විසින් මෙහෙයවන ලද මාරාන්තික විරෝධතා මීට හේතුවී තිබේ.
මෙය, දිගුකාලීන ජල හා විදුලි කප්පාදුවලට එරෙහිව තරුණ කණ්ඩායම් විසින් දින ගණනාවක් තිස්සේ මෙහෙයවූ විරෝධතා හේතුවෙන් ගත් තීරණයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් රාජොලීනා කියා සිටියේ, "රජයේ සාමාජිකයින්ට පවරන ලද කාර්යයන් ඉටු කිරීමට නොහැකි වූයේ නම්, අපි එය පිළිගෙන සමාව අයදිනවා" යනුවෙනි.
විවධ සටන් පාඨය යටතේ, "Gen Z" විරෝධතාකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා සිට මැඩගස්කරයේ නගර පුරා වීදි බැස සිටිති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා, නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිතා කළ "අනවශ්‍ය බලය" හෙළා දකිමින් කියා සිටියේ, අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස්, 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, මැඩගස්කරයේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම සංඛ්‍යා ප්‍රතික්ෂේප කරමින්, දත්ත "කටකතා හෝ වැරදි තොරතුරු මත පදනම් වූ" ඒවා බවට චෝදනා කර ඇත.
අගනුවර වන ඇන්ටනානාරිවෝ (Antananarivo) හි මුලින් ආරම්භ වූ විරෝධතා, මේ වන විට රට පුරා නගර අටක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම් පිළිබඳ වාර්තා වීමත් සමග ඇන්ටනානාරිවෝ හි සන්ධ්‍යාවේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පනවන ලද අතර, පොලීසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස් විසුරුවා හැර තිබිණ.
Madagascar president dissolves government after youth-led deadly protests
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, මෙම මස 30වෙනි දා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබූ 'Invest in Sri Lanka 2026' ආයෝජන සමුළුව දින නියමක් නොමැතිව කල් දමා ඇත.
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ජාතික කඩදාසි සමාගම නව මුහුණුවරකින් නව්‍යකරණය වී ඇති අතර නව කඩදාසියක් ද හඳුන්වා දෙන්නේ යැයි ජාතික කඩදාසි සමාගමෙහි නව සභාපති උපාලි රත්නායක පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ජාතික කඩදාසි සමාගම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නව නිෂ්පාදන හඳුන්වා දීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.
එම මාධ්‍ය හමුවේ දී ඔහු විශේෂයෙන් ම වධානය යොමු කළේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් භාවිත කරන කොපි පොත් සඳහා විශේෂයෙන් හඳුන්වා දෙන කඩදාසි වර්ගයකින් නිෂ්පාදිත කොපි පොත් පිළිබඳව ය.
මදින ලද ඔපදැමූ කඩදාසියෙන් නිපද වූ කොපිපොත්වල කාබන් පෑනෙන් ලිවීමේ දී අකුරු අවලස්සන වන බැවින් ඔප නොදැමූ කඩදාසිවල අකුරු ලිවීමට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොලඹවන බවත්, එහි මූලික තේමාව වන්නේ ''අකුරු හැඩට ලියමු'' යන්න බවත් ඔහු විශේෂයෙන් අවධාරණය කළේ ය.
අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර සඳහන් කරයි.
නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වීමකට පැවති සංවාදයකදී ඇය මේ බව පවසා ඇත.
තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන් බවද පවසන ඇය, ඒ සම්බන්ධයෙන් එකඟතාවයකටද පැමිණි බව කියා සිටියි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඊට මැදිහත් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා ඇත්තේ, අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට ආණ්ඩුව මැදිහත් නොවන බවයි.
ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර ජපානයට ගියේ ඩඩ්ලිලාගේ අනුග්‍රහයෙන් බවත්, ඒ ගියෙත් ඉල්ලා අස්වෙච්ච අගමැති කෙනෙක් හමුවීමට බවත්, ඉන් රටට කිසිඳු වාසියක් අත්නොවූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ය.
ආන්දෝලනාත්මක ලන්ඩන් සංචාරයෙදී මහජන මුදල් අවභාවිතවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එල්ලකළ චෝදනාවම අනාගතයේදී අනුර කුමාර දිසානායකට එල්ලවෙන බවද ඔහු කියා සිටියි.
විමල් වීරවංශ එබව කියා සිටියේ, ඊයේ ''සලකුණ'' දේශපාලන වැඩසටහනේදී අදහස් දක්වමිනි.
'' එදා සිරිමාවෝ යද්දි කොහොමද පිටරට පිළිගැනීම? අද කෝ ඒවා! අනුරව පිළිගන්න ඇමැති කෙනෙක්වත් ගුවන්තොටුපොළට ආවද? '' විමල් තවදුරටත් පැවසිය.
එහිදී විමල් වීරවංශ අවධාරණය කර සිටියේ, මෙම සංචාරයෙන් රටට වාසියක් නැති බවත්, හිටපු අගමැතිවරයකු හමුවීම සදහා ජනාධිපතිවරයා ගොස් ඇති බවත්ය.
විමල් විරවංශ එම වැඩසටහනේදී කල ප්‍රකාශය සහිත වීඩියෝවක් මතු පළවේ.
කසුන් පුස්සෙවෙල විසින් රචිත 'අපරාධ රාජ්‍යයක් - අසංක්ෂිප්ත පරිච්ඡේදයක්' කෘතිය එළිදැක්වීම සහ සාකච්ඡාවක් ජාත්‍යන්තර තොරතුරු ප්‍රවේශ දිනයට සමගාමීව සැප්තැම්බර් 28වන ඉරිදා, සවස 3.00ට, BMICH Cinema Lounge ශාලාවේ දී පැවැත්වේ.
'පීඩකයාගේ නොව, පීඩිතයාගේ තැන හිටගන්න – ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න.' එදින ඔබගේ සහභාගීත්වය අපට ගෞරවයක් වනු ඇත.
මෙම අවස්ථාවේ දී විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් (ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති) විසිනි.
ලාල් වික්‍රමතුංග (ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා), නීතිඥ අචලා සෙනෙවිරත්න (නාවික කප්පම් නඩුවේ වින්දිත පාර්ශවය වෙනුවෙන්), ජෙනිෆර් වීරසිංහ (කප්පම් සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු ඩිලන්ගේ මව), මයුරි ද සිල්වා ( සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතුරුදහන් කෙරුණු හරිෂ් මධුෂ්කද සිල්වාගේ බිරිඳ) සහ ෆයාස් ලතීෆ් (ඝාතනය වූ වසීම් තජුඩීන්ගේ මාමා) විශේෂ අදහස් දැක්වීට නියමිත ය.
සභාව මෙහෙය වීම සහ අදහස් දැක්වීම පීටර් ඩී අල්මේදා විසිනි.
මෙම අවස්ථාව සඳහා සහභාගි වන්නැයි කර්තෘ කසුන් පුස්සෙවෙල ආරාධනා කරයි...!

තම මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නොමැති බවත් එම කැබ් රථ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ආණ්ඩුවේ අයවැය ඉදිරිපත් කරන විට තමාට තේරුම් ගියේ ජේ.ආර්.ගේ මුණුපුරා පැමිණ අයවැය ඉදිරිපත් කරන ස්වරූපයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ පවතින පොලිස් අපරාධ වෙනුවෙන් තම සංවිධානය විශේෂ තීරණ කිහිපයක් ගත් බව 'අරගලය ජාතික ව්‍යාපාරය'සංවිධානයේ ලේකම් කැළුම් අමරසිංහ පැවසී ය.
ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (08) බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
සාධනීය ප්‍රතිචාරයක්
වතු සමාගම්වල සේවය කරන කම්කරුවන්ට පමණක් රජයේ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල් මගින් වැටුප්/දීමනා ලබාදීම සම්බන්ධයෙන් නිසි රාජ්‍ය මුල්‍ය හා පරිපාලන ක්‍රමවේදයක් සැකසීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තීණී රෝහිණී කවිරත්න විගණකාධිපති, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාව වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත.
මාර්ටින් වික්‍රමසිංහ ට ‘මහ ගත්කරු’ යන විරුද නාමය ලැබෙන්නේ ඔහු විසින් ලියන ලද ප්‍රබන්ධ සහ විචාර ග්‍රන්ථ ආදියෙන් සිදු වූ සාහිත්‍ය සේවාව වෙනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

