දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා කඳුරට මලෛයිගම් ජනතාව විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.
නදීකා බණ්ඩාර ගේ ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ නවකතාව පිළිබඳ කතාබහක් ‘මෙටොනිමි- ආශාවේ ඉකොනොමිය’ හෙවත් ‘අමන්ඩාගේ සයිකෝසියානු දවස්’ යන තේමාව යටතේ 2026 ජනවාරි 30 සිකුරාදා සවස 3.00 ට අංක. 325, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට බ්‍රිතාන්‍ය ජාතික ඕවන් කූපර් සමත්ව තිබේ.
ඒ අමෙරිකාවේ පවත්වන 77 වන එමි සම්මාන උළෙලේ දී ය.
15 හැවිරිදි වියේ පසුවන ඔහුට මෙම සම්මානය ලැබුණේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සඳහා ය.
එය Netflix හරහා විකාශනය විය.
රූපවාහිනී කතා මාලා කාණ්ඩය යටතේ හොඳම අධ්‍යක්ෂණය හා හොඳම තිර රචනය හිමි සම්මාන ද දිනා ගැනීමට ‘ඇඩොලසන්ස්’ නාට්‍ය මාලාව සමත් වුනා.
ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ,වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය(ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන අතර මෙවර 77 වන වරට එමී සම්මාන උළෙල ඊයේ (15) රාත්‍රියේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පීකොක් රඟහලේදී පැවැත්විණි.
මාලිමාව ඩීල් දමා කොළඹ මහ නගර සභාවේ අය වැය දිනාගෙන ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පැවසීය.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකර ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ 'ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ' - විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ විශේෂ කලාපය 2026 මාර්තු 03වනදා අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරෙයි.
නොබෙල් සාම ත්‍යාගය තමාට ලැබුණු දා සිට තමා අමෙරිකානු ජනපති ඩෙනල්ඩ් ට්‍රම්ප් සමඟ කතා නොකළ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝ පවසයි.
දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේ ය.
‘නර්මදාගේ ස්වයංවරය’ යනු ලේඛක කංචන දිසානායකගේ නවතම නවකතාව යි.
තමා පොලිසියට ලබා දුන් කට උත්තරය විකෘති කරමින් පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ පුවක් දණ්ඩාවේ සඳහා නැමැති පුද්ගලයා සමග ජනතා විමුක්ති පෙරමුණේ ඇති සම්බන්ධතාවය පිළිබඳ කරුණු දක්වමින් සිදු කළ මාධ්‍ය සාකච්ඡාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වගකීම තමන් තවදුරටත් දරන බවයි.
පොලිසිය විසින් දේශපාලන උවමනාවන් මත කරුණු විකෘති කරමින් සිටින බවත් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් වැටුප් ලබන පිරිසක් සේ කටයුතු කරමින් සිටින බවත් ඔහු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් සිදු කර ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සමාජ සත්කාරක ක්‍රියාවලියට ආධාර පිණිස, කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව මගින් සංවිධානය කරනු ලබන ‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය මෙම මස 14වෙනි දා පස්වරු 6.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත කිරීමට නියමිත ය.
*සභාපති වෙන්න දෙන්නෙ නෑ මරනවා කිව්වා!
*උසාවියට හරි සභාවට හරි එද්දී මරනවා කියනවා!
දෙනවක හාමිනේ ගැන ලියන්නට ගොස් මම බොහෝ වෙලා කල්පනා කරමින් සිටියෙමි.
“රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි”
“තවත් ක්‍රීඩා කරන්න කාලය තිබිය දී ක්‍රීඩාවෙන් සමුගැනීමේ තීරණය කිසිම විදිහකින් ගැනීමට පහසු තීරණයක් වුණේ නැහැ. ඒත් අවසානයේ ඒ තීරණය නොගෙන බැරි තැනට පත් වුණා.”
ශ්‍රී ලාංකික කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව මේ වන විට නිවේදනය කර තිබෙනවා.
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන ආයතන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පැවසීය.
ඒ අනුව, විද්වත් කමිටුවක් හරහා අදාළ නොවන ආයතන පිළිබඳව සොයා බලා ඉන් පසුව අදාළ නොවන ආයතන ඉවත් කිරීමට කටයුතු යොදන බව ද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය අංශය ඵලදායීව සිදුකරගෙන යෑමට සහ ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
විශේෂයෙන් ම, මානව අයිතිවාසිකම් පිළිබඳ වූ ආයතන, තිරසර සංවර්ධනය වෙනුවෙන් පිහිට වූ ආයතන ඇතුළු ඒ ඒ මොහොතට අවශ්‍යව පිහිට වූ විවිධ අංශ ඊට ඇතුළත් බව ද හෙතෙම පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ආයතන ජනතාවට විශාල බරක්ව පවතින බව ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේ ය.
“අපිට ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. දැන් අර්බුද රැසක් පවතිනවා. ඇතැම් ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා. කෙටි කලකින් මේ ගැටලු සියල්ල විසඳන්න බෑ. නමුත් අපි මේ අභියෝග මැඩගෙන ඉදිරියට යමින් ඉන්නවා. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව දැන් කටයුතු කරනවා. එහිදී අපට දැනගන්නට ලැබුණා මෙරට විවිධ අංශ පන්දහසකට වැඩිය තියෙනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ. ඒවාට කාර්යභාරයක් නෑ. ඒවාට විවිධ නම් තියෙනවා. නමුත් මේ ආයතන ජනතාවට විශාල බරක්. අපි මේ තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරමින් ඉන්නවා ව්‍යුහාත්මක වෙනස්කම් කර ඉදිරියට යන්න.”
(Anuradha Herath - mawbima)
අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත පැවසීය.
අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනකදීය.
කේඩී ලාල්කාන්ත අමාත්‍යවරයා මෙසේද පැවසීය
''මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ. ඒ මරණ සහතිකය.
වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින් කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.
සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා ගෙදර සාලයේ ගහනවා . ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි. රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.''
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
එදා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බෙන්ජමින් නෙතන්‍යාහු, ඉරානයට බෝම්බ දාන්න පටන් ගත්තෙ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් පක්ෂයක් බවට පත් කිරීම අභියෝගයක් බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සජබ කාර්යාලයේදී ඊයේ (ජන. 20) පැවසීය.
සමාජ ක්‍රියාධරයකු සහ මානව හිතවාදියකු වූ නීතිඥ එස්.ජී. පුංචිහේවා ගේ දිවිසැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන විසින් රචනා කරන ලද ‘සැබෑ මානවවාදියෙකුගේ කතාවක්’ ග‍්‍රන්ථය ජනගත කිරීම ඔහුගේ 93වන ජන්ම දිනය යෙදෙන 2026.03.12වන දා ප.ව. 3.00ට කොළඹ 07 නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කොළඹ විශ්වවිදාලයයේ සිංහල අධ්‍යයනාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර සූරීන් වෙත සම්මානිත මහාචාර්ය ධුරය පිරිනැමීම වෙනුවෙන් ''මහැදුරු අනඳ අබිමන්'' උවසර උලෙළ 2026 ජනවාරි මස 08 වන දා සවස 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී පැවැත් වුණි.
ගල් පර්වතයක් කඩා වැටීමෙන් අවහිර වුණු කඩුගන්නාව නුවර මාර්ගයේ එක මං තීරුවක් අද හෙටම විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

