පසුගියදා, ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ උනේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායකයි.
මෙවර ‘mirror arts’කතා බහ සමගින් සම්මුඛ උනේ රවිඳු මහේන්ද්‍රයි.
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16න් පහළ අයට Tiktok, X, Facebook, Instagram, YouTube, Snapchat සහ Threads ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය සේවා භාවිත කිරීම තහනම් කර ඇත.
එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසී ය.
කිසිවකුගේ දුර්වල භාෂා දැණුම විහිළුවට ලක්කිරීම මා අතින් කිසිදාක සිදුනොවේ.
ලෝකය මුහුණ දුන් විශාලතම බලශක්ති අර්බුදයක් ලෙස “1973 Oil Crisis” වර්තාගත වී තිබේ.
ඊයෙ දින නුගෝගොඩ පැවති දේශපාලන රැළියට පැමිණි තරුණයෙකු කළ ආන්දෝලනාත්මක කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා තුළ කථාබහට ලක්ව තිබේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පක්ෂයේ පරාජය 2000 න් පසු ඉපදුණ අයගේ ඡන්ද නොලැබීම නිසා සිද්ධ වූවක් ලෙස ඔහු ඇගවුම් කරමින් කතාකරයි.
මාලදිවයින දුම්කොළ තහනමක් හඳුන්වා දී ඇති අතර, 2007 ජනවාරි 1 වන දිනෙන් පසු උපත ලැබූ ඕනෑම කෙනෙකුට දුම්කොළ දුම් පානය කිරීම, මිලදී ගැනීම හෝ විකිණීම නීති විරෝධී කරයි. සෙනසුරාදා සිට බලපැවැත්වෙන මෙම පියවර, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ දුම්කොළ රහිත පරම්පරාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
තමා මහ බැංකු අධිපති ධුරය බාරගන්නා අවස්ථාවේ දි රටෙහි පැවති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන විසි පහකටත් අඩු ප්‍රමාණයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසී ය.
2024 ට සාපේක්ෂව 2025 දී 70% කට වඩා වැඩි FDI සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් පැමිණ ඇතැයි රජය පැවසුව ද සැබැවින් ම ලංකාවට නව FDI ඇවිල්ලා නැති තරම් යැයි Advocata ආයතනයේ ප්‍රධාන විධායක, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පැවසී ය.
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය.
2025 තානාපති කුසලාන බැට්මින්ටන් තරගාවලිය ඔක්තෝම්බර් 31 සහ නොවැම්බර් මස 01, 02 යන දිනවල තෙවැනි වරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව නිකුත්කළ නවතම දත්ත වාර්තාව අනුව මෙරට ධීවර අංශය, එළවළු බෝග වගාව සහ රබර් වගාකිරීම අස්ථාවර මාවතක ගමන් කරන බව අනාවරණය කර ඇත.
කෙසේ නමුත් 2025 වසරේ දෙවන කාර්තුව වන අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා වූ කාලසීමාවට අදාළව සිදුකර ඇති මෙම කාර්තුවේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ආර්ථික කටයුතුවල ධන අගයක් වාර්තා කර තිබේ.
අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු දත්ත අනුව එළවළු වගාව, රබර් වගාව සහ මෙරට ධීවර නිෂ්පාදනය සෘණ අගයන් වාර්තා කර ඇත.
එළවළු වගාව 3.6%ක සෘණ අගයක්ද, කරදිය මත්ස්‍ය නිෂ්පාදනය 5.2%ක සෘණ වර්ධනයක් ද, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය 34.8%ක දැවැන්ත සෘණ අගයක් ද වාර්තා කර තිබේ.
අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන මෙරට රබර් වගා කිරීම 10.8%ක සෘණ අගයකින් පසුබැස ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දේ.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුව දෙවන කාර්තුවේ නිෂ්පාදන පහත වැටීමට හේතු වී ඇත්තේ මාර්තු - අප්‍රේල් කාලය රබර් වගාවේ දළු දමන කාලය වීම සහ මැයි - ජූනි කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවය.
මෙම ගණනය කිරීම අනුව මෙම කාර්තුවේ කෘෂිකාර්මික ආර්ථික කටයුතු 2%කින්, කර්මාන්ත ආර්ථික කටයුතු 5.8%කින්, සේවා ආර්ථික කටයුතු 3.9%කින් ලෙස ධන අගයන් වාර්තා කර තිබේ.
නිෂ්පාදන ප්‍රවේශය යටතේ එළිදක්වා ඇති දත්ත අනුව වී, ධාන්‍ය, උක්, පළතුරු, කුළුබඩු වගාකිරීම ආදී ක්ෂේත්‍ර සැලකිය යුතු අයුරින් ධන වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම මූලාශ්‍රයක් වන තේ වගා කිරීම ද දෙවන කාර්තුවේදී 6%ක වර්ධනයක් වාර්තා කර තිබේ.
මස් පිණිස සතුන් ඇති කිරීම, 'කිරි නිෂ්පාදනය සහ බිත්තර නිෂ්පාදනය' යන උප කාණ්ඩ කිහිපයකින් සමන්විත සත්ව නිෂ්පාදනය මෙම වසරේ දී දෙවන කාර්තුවේදී කැපීපෙපන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.
එය 2024 දෙවන කාර්තුවට සාපේක්ෂව 13.9%ක සැලකිය යුතු වර්ධනයක්ය.
ඒ අනුව මස් පිණිස කුකුළන් ඇති කිරීම 10.9%කින්, බිත්තර නිෂ්පාදනය 35.3%කින්, කිරි නිෂ්පාදනය 2.5%කින් වර්ධනය වී ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට බිත්තරයක නිෂ්පාදන මිල සැළකිය යුතු ලෙස අඩුවී ඇති බවය.
Ada derana.lk
මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් කෘරත්වටයට පත් කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 1,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
දණ්ඩ නීති සංග්‍රහය, සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (24) පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
නිවාස, පාසල්, රැඳවුම් නිවාස, මහාමාර්ගය ආදී ස්ථානවලදී දරුවන් කෘරත්වයට පත් වන බවද ඇය සඳහන් කළාය.
ඒ අනුව පසුගිය වසරේදී දරුවන් 1,350 දෙනෙකු කෘරත්වයට පත්ව ඇති බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් පැවසුවාය.
දරුවන් කායික වශයෙන් හෝ මානසික වශයෙන් දඩුවමට ලක්කිරීමෙන් ඉහළ ශිෂ්‍ය සාධනයක් අපේක්ෂා කළ නොහැකි බව පැවසු කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.
"දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය අවශ්‍ය වී තිබෙනවා. දරුවන්ගේ හිංසන සම්බන්ධයෙන් දඩුවම් කිරීමේ දී ශාරීරික හිංසන සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ළමුන් හා යෞවනයන් පූර්ණ සංවර්ධනයට පත්වන බවට වග බලාගත යුතු වෙනවා.
ඔවුන්ගේ සුබ සිද්ධිය රජය විසින් සිදුකළ යුතු වෙනවා. ගෝලීය වශයේන අපි නීති හා පතිපත්ති සමඟ එක්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය සමඟ අත්සන් කර තිබෙනවා.
ඒ අනුව ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් හදුන්වා දී තිබෙනවා. ළමුන් ප්‍රචණ්ඩත්වයට පත්වන අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීමේ දී අද ඉදිරිපත් වන වගන්තිය සංශෝධනය කළයුතු වෙනවා.
පසුගිය කාලයේ ළමුන්ට සිදුවන කෘරත්වය 2011 වසරේ දී 1156 වශයෙන් සිදුව තිබෙනවා. 2020 වනවිට 2237 ක් ද 2022 දී 2096, 2024 වසරේ දී 1950 ක් සහ මේ වසරේ මේ වනවිට 1126 ක් අපරාධ වාර්තා වී තිබෙනවා. මේ ගැන කතා කිරීමේ දී කරුණු රැසක් තිබෙනවා.
ළමුන් කෘරත්වයට පත්වන අවස්ථා තිබෙනවා. නිවෙසේදී, ළමා නිවෙසේදී, පාසලේදී, බස් රියේ දී එවැනි දේ සිදුවෙනවා.
පසුගිය කාලයේ අපි විවිධ දේ දැක තිබෙනවා. ළමුන් විවිධාකාරයෙන් කෘරත්වයට පත්ව තිබෙනවා.
මව විදේශ ගතවීමේ දී ළමුන් ඇතැම් විට කෘරත්වයට පත්වෙනවා. ළමුන් විකල්ප රැකවරණ භාරයට දී ගියත් දරුවන් කායික, මානසික හිංසනයට ලක්වෙනවා. පසුගිය කාලයේ ඕනෑ තරම් අත්දැකීම් අපිට තිබෙනවා.
ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් කර තිබෙන රටක් ලෙස 1991 වසරේ දී අපි අපරානුමත කර තිබෙනවා. යම්කිදසි දරුවෙක් රැකවරණයේ දී හිංසනයට ලක්වෙනවා නම් ඒක වරදක් වෙනවා.
අද ගේන පනතින් අපි අපේක්ෂා කරන්නේ සියලුම දරුවන් හිංසනයෙන් මුදා ගැනීමයි. ලංකාව අත්සන් කළ ප්‍රධාන වගකීම්වලින් එකක් වෙනවා.
ඒ වෙනුවෙන් නීතිමය සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ගන්න පූර්ණ එකඟත්වය පළකළ රාජ්‍යයක්. ඒ අනුව දරුවන් කායික හෝ මානසික හිංසනයට ලක්කරන්න බැහැ. ඒ අනුව දරුවෙක් අයිති වන්නේ ප්‍රදේශයේ දිසා අධිකරණයටයි.
ඒ නිසා අපි ගේන සංශෝධන තුළින් දරුවන්ට වඩා හොඳ හෙට දිනක් නිර්මාණය කිරීම අපේක්ෂා කරනවා.
පාසල් තුළ ශාරීරික දණ්ඩනය ද වරදක් වෙනවා. 2016 අංක 12 දරණ චක්‍රලේඛයෙන් පාසලේ විනය ගැන සඳහන් කර තිබෙනවා.''
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වේ.
2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (අප්‍රේල් 28) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2026 'ස්වර්ණ පුස්තක' සහ 'රජත පුස්තක' සම්මාන සඳහා කෘති භාර ගැනීම මේ වන විට අරඹා ඇති බව පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය දා සැමෝවා රාජ්‍යයේ Apia නගරයේ 2026 Samoa IBFC Universal Weightlifting Cup බර ඉසිලීමේ ජාත්‍යන්තර තරගාවලිය පැවති අතර එහි දී කිලෝගෑම් 79KG බර පංතියේ ස්නැච් අංශයේ කිලෝගෑම් 135KG බරක් ඔසවමින් රිදී පදක්කම දිනාගැනීමට පසිදු මාලවන සමත් විය.
මේ රජය දිව දෙකේ රජයක් බවත්, මේ අය වැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා අතර ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

