*සංචාරක ඉපැයීම් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සැලකීම අගය කරනවා.
*ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ශනය කර ගැනීම වැදගත්.
- ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් කියයි.
ලබන වසර (2026) සඳහා වූ අයවැයෙන් මහා බ්‍රිතාන්‍ය, ස්විඩනය, ජර්මනිය, පින්ලන්තය හා ස්කැනේඩියානු රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැද පෙරදිග රටවල, ඉන්දියාව ආදි ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ පස් වැදෑරුම් යෝජනාවලියක් තමන් රජයට ඉදිරිපත් කර ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත නියැලෙන්නෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරන තමන් පොදු එකඟතාවයක් යටතේ පස් වැදෑරුම් යෝජනාවලියක් මුදල් ඇමැති සහ ජනපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය වෙත ඉදිරිපත් කොට ඇතැයිද එම පිරිස පෙන්වා දෙති.
දැනට වසර 10ක් 15ක් පැරණි රථවාහන සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගනී. මෙම පැරණි වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට සහනදායී ණය යෝජනා ක්‍රමයක් හෝ තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට පහසුකමක් සැලසීමට තමන් යෝජනා කරන බව ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් ප්‍රකාශ කළේය.
කොළඹ, කොල්ලුපිටියේ අද (04) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
* ඊට අමතරව ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි ඇතුලු ස්කැනේඩියානු රටවල භාෂාවන් පුහුණු වැඩසටහන් පවත්වා සංචාරක මාර්ගෝපදේශකයින් බිහි කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුය.
* ඉතා ඉහළ මුදලක් වියදම් කරන විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා යාල, විල්පත්තු, සීගිරිය ඇතුලු ඓතිහාසික හා පෞරාණික මෙන්ම ස්වභාදහම නැරඹීමට යන පිරිස් වෙත ඩිජිටල්කරණය කළ ටිකට්පත් මිලදී ගැනීම් සහ අනෙකුත් සේවා නවීන ලෙස ඉටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳව ලෝකය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට රජය ක්‍රියා කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ සංචාරක උරුමයන් පිළිබද අධ්‍යයනය කිරීමට සංචාරකයින්ට වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් පිහිටා තිබෙන සංචාරක ආකර්ශනිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කළ යුතුය.
* සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ලෙස හස්ත කර්මාන්ත නිර්මාණ දැක බලා ගැනීමට, ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට පහසුකම් වැඩි කළ යුතුය.
මෙම පස් වැදෑරුම් යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කොට මෙරටට විදේශ විනිමය ඉපයෙන ප්‍රධාන මාර්ගයක් ලෙස රජය සලකන සංචාරක කර්මාන්තය දියුණු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද කබ්රාල් කීය.
(ජේ.මුණසිංහ)
2026 වසරේ Silver Level කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් ලෙස ඕස්ට්‍රේලියාවේ ජාතික මලල ක්‍රීඩා තරගාවලිය (2026 Australian Athletics Championships) මෙවර සිඩිනි නුවර පාර්ක් ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් 9 සිට 12 දින දක්වා පැවත්වේ .
2026 මූල්‍ය වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත රුපියල් බිලියන 2,402 ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නන්දන කුමාර ප්‍රකාශ කරයි.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වයෙන් ලබන ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවන බව ඉරානය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
2026 වර්ෂයට යෝජිත අය වැය ප්‍රකාශ කිරීමත් සමග ම ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව කබලෙන් ලිපට “තල්ලු” කිරීමට යන ආකාරයක් දක්නට තිබෙන බවත්, මෙම අයවැය යෝජනා තුළින් සෞඛ්‍ය සේවාව තුළ ඇති ප්‍රධානතම ගැටලු කිසිවක් ප්‍රමුඛතාවට අනුව හඳුනාගන්නට රජය අපොහොසත් වී ඇති බව දක්නට ලැබීමත් ඉතා කනගාටුදායක සිදු වීමක් යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත්, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බැවින් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
එළැඹෙන 2026 වසරේදී විගණන 3,508ක් සිදු කිරීමට නියමිත බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
2026 වසරේ ශුද්ධ වූ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 325 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම ඊයේ (01) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියේය.
එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
2027 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ සිට ක්‍රියාත්මක වන පරිදි, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට (Transgender Women) කාන්තා අංශයේ තරග සඳහා සහභාගී වීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිල වශයෙන් තහනම් කර තිබේ.
"මහා ජන හඬ" නමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව 21 දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා සහභාගී වන්නැයි, අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට ආරාධනා කෙරින.
විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් 21දා රජයට විරුද්ධව පවත්වනු ලබන විරෝධතා රැළිය සඳහා සමගි ජනබලවේගයේ පාර්ශ්ව මෙන්ම සමගි ජනබලවේගයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වන බව සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පැවසීය.
21 රැලිය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (15)දහවල් 12ට පැවැත්වේ.
අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවත්, මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
රට අර්බුදයට ගිය මොහොතේ රටෙහි නායකත්වය බාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතාවරයා හට රට පවත්වාගෙන යෑමට එදා සහයෝගය දුන්නේ අද මෙලෙස එකතු වී සිටින කණ්ඩායම යැයි එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පැවසී ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගත බව පොලීය පවසයි.
ඉන්දියාවේ ඉතාම ප්‍රකට සිනමා උළෙලක් වන කේරල ජාත්‍යන්තර සිනමා උලෙළ 30වන වරට කේරලයේ ත්‍රිවේන්ද්‍රපුරම්හිදී දෙසැම්බර් මස 12 සිට 19 දක්වා දිනවල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යවේදී කවිඳු කරුණාරත්නට ඊයේ දැනුම් දුන්නේය.
එසේම අඳාළ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතී නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවය.
කෙසේ වෙතත් උණුසුම් සංවාදයකින් අනතුරුව මාධ්‍යවේදියා තම ප්‍රශ්නය ඇසීමේ අයිතිය ලබා ගත්තද එහිදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.
'' අපි දෙන්නා මෙතන විභාගයක් කරන එක සාධාරණ නැහැ. මේක ක්‍රමය නෙවෙයි. මම ඕකට උත්තර දෙන්න බැඳිලා නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂම මේවා ප්‍රසිද්ධ කරල තියෙන්නෙ දකින දකින කෙනාට පාරදි හම්බුනාම අහල ප්‍රශ්න කරන්න නෙමෙයි. හරිද?. පරීක්ෂණ ක්‍රියාවලියක් ඇතුළෙ ඕන කෙනෙකුට පුළුවන් අදාල වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිඛිතව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරලා පරීක්ෂණයක් ඉල්ලන්න"
එහිදී විමසන ලද ප්‍රශ්ණ වෙනුවෙන් උත්තර දැක්වීද ඇමතිවරයා ප්‍රතික්‍ෂෙප කලේය.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

