2025 වසරේ මුල් මාස 08 තුළ අතදරුවන් සමග බන්ධනාගාරගත කළ කාන්තාවන් සංඛ්‍යාව 38ක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය වෙත යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ, බන්ධනාගාරගත කළ කාන්තාවන් සමග කුඩා ළමයින් 38 දෙනෙකු බන්ධනාගාරය තුළ සිටින බවය.
එම ළමුන් අතරින් පිරිමි ළමුන් 15ක් සහ ගැහැණු ළමුන් 23ක් සිටින බව අගමැතිවරිය පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, මව්වරුන් සමග බන්ධනාගාර ගතවන වයස 05ට අඩු දරුවන් රැකබලා ගැනීමට බන්ධනාගාර කාන්තා අංශ තුළ ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවය.
එම ළමා සුරැකුම් මධ්‍යස්ථාන අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව පිහිටා ඇති බවත්, ඒවා තුළ දරුවන්ට තම මව්වරුන් සමග කාලය ගත කිරීම අවස්ථාව ලාබාදී ඇති බවත් ඇය පැවසුවාය.
දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කර සිටියේ, දෛනිකව රැඳවියන්ට ලබාදෙන ආහාර සලාකය මෙන් කුඩා දරුවන්ට අවශ්‍ය කිරිපිටි හා දිනකට සැහැල්ලු ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර ආයතනයේ සලාක අංශය විසින් ලබාදෙන බවය.
මීට අමතරව බන්ධනාගාරගතව මව සමග සිටින දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරිය සඳහන් කර සිටියේ, පෞද්ගලික ආයතනයක සම්පත් දායකත්වයෙන් දැනට වසර 10 පමණ කාලයක සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවය.
මේ අතර 2025 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 31 වනදා බන්ධනාගාර ගත වී ඇති කාන්කා රැඳවින් ගණන 425ක් බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය.
ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු සිදුකළ පළමු ඉන්දීය නිල සංචාරය අතරතුර අද (16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් හමුවිය.
ආර්ථික සහයෝගීතාව, සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය, සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.
වෙළඳාම, මූල්‍ය සහයෝගීතාව සහ අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක සිදු කරන සංවර්ධන වැඩසටහන් සඳහා ඉන්දීය රජය මඟින් ලබා දෙන අඛණ්ඩ සහාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැසසුමට ලක් කළා ය.
අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යවරිය, කලාපයේ සමීප අසල්වැසියෙකු සහ දිගුකාලීන හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව සමඟ සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව මෙහිදී පැවසුවාය.
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන න්‍යාය පත්‍රය යටතේ ඩිජිටල්කරණය, තාක්ෂණ හුවමාරුව සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර නිෂ්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය සහ පර්යේෂණ සේවා ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය, ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන බවද ප්‍රකාශ කළා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වර්තමානයේ දී ගෙවන වැටුප්, දීමනා සහ අනෙකුත් වරප්‍රසාද පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (19) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා ය.
''වර්තමානයේ සමාජ සන්දර්භයක් තුළ කිසිවෙකුත් සිතාමතාම කැමැති වෙන්නේ නැහැ, අධිකරණයක නඩුවක් පැවරීමට හෝ නඩුවකට මුහුණ දීමට. එසේ සිදුකිරීමට ඇත්තටම අවශ්‍යතාවක් නොමැති නම්, බොහෝ දෙනකු තමන්ට සිදුවන අසාධාරණකම් නිහඬව විඳදරාගෙන සිටිනවා. එවැනි පුද්ගලයකු නීතිඥයකුගේ මෙහෙයවීමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තද එය ඔහුගේ ජීවිතයට ආලෝකය ලබාදීමක් නොවේ. මේ නිසා කලකිරෙන ඔහුගේ ඊළඟ පරම්පරාව පවා නඩු පැවරීමේ මාවතකට පිවිසෙන්නේ නැහැ. වර්තමානයේ අධිකරණය තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ මෙවැනි ප්‍රමාදයන් ඇතිකරන විට නීතියේ නිසි ආධිපත්‍යයක් පවතින්නේ කෙසේද? නීතියේ පිළිසරණ පතන ජනතාව අධෛර්යවත් කරන සහ අසාධාරණයට නිහඬව ගොදුරු වීමට ඉඩ සලසන නීති ප්‍රමාදයන් පිළිබඳ ගැටලුව විසඳීමට ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කළ යුතුයි. මම අගවිනිසුරු ධුරය භාරගැනීමේදී එම ක්‍රියාවලිය සිදුකරන බවට ඔබට පොරොන්දු වුණා…''
ශ්‍රී ලංකාවේ නීතිමය සහ අධිකරණමය පසුබිමකට අදාළව ඇසෙන මෙම හරවත් කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම සුවිශේෂ කතාව පසුගියදා අපට අසන්නට ලැබුණේ මෙරට නව අගවිනිසුරුවරයා ලෙස පත්වුණු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන්ය.
ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා ලෙස ඔහු 2025 ජූලි 27 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් පත්වීම් ලැබීය. ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට පෙර මෙරට මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේද විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය. එසේම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙසද අගවිනිසුරු ධුරය හිමිවන තෙක්ම කටයුතු කළේය. නව අගවිනිසුරුවරයා පසුගියදා ඉහත සුවිශේෂ අදහස් ප්‍රකාශ කළේ කොළඹදී පැවැති එක්තරා උත්සවයකදීය.
එනම් ඔහුට ප්‍රථම අගවිනිසුරු ධුරය දැරූ මුර්දු ප්‍රනාන්දු මහත්මියට සහ නව අගවිනිසුරු ලෙස පත්වුණු ප්‍රීති පද්මන් සූරසේන මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා කෝට්ටේ ඉම්පීරියල් මොනාර්ක් හෝටලයේදී පවත්වන ලදී. මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසිනි. අගවිනිසුරුවරයා එහිදී තම කතාවේදී තවදුරටත් මෙම කරුණු අවධාරණය කර සිටියේය.
‘මම අගවිනිසුරු ධුරය භාරගැනීමෙන් පසුව මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ සිදුකළ යුතු පරිවර්තනයන් තුනක් ගැන ප්‍රකාශ කර සිටියා. ඒවා නම් ප්‍රමාදවී තිබෙන නඩු ඉක්මනින් විසඳීම ආරම්භ කිරීම, වැරැදිකරුවන්ට එරෙහිව පියවර ගැනීම සහ රට පුරා අධිකරණ තුළ ඩිජිටල්කරණය සිදුකිරීම වේගවත් කිරීම යන කරුණු තුනයි. මෙම ක්‍රමවේදයන් තුනම හැකි ඉක්මනින් අපගේ අධිකරණ පද්ධතිය තුළ සිදුකළ යුතුයි. මම මාගේ සහෝදර නීතිඥවරුන්ගේ හා නීතිඥවරියන්ගේ සහාය ඇතිව සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සහාය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිතිපතා වාඩිවී සිටින විනිසුරු මඬුලු පහක් හරහා නඩු විසඳීම ආරම්භ කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අපි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සඳහා නඩු කළමනාකරණය සහ ඊ-උසාවි පද්ධති ද්වාරයන් දියත් කළා. මේ වනවිට අපි එම ක්‍රියාකාරකම්වල ක්ෂේත්‍ර තුනෙන්ම 50%කට වඩා වැඩි ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. මාස දෙකකටත් වඩා අඩු කාලයකින් මේ සියල්ල සාක්ෂාත් කරගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙය අප ලැබූ විශාල ජයග්‍රහණයක්…’
මේ අතර අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙරට අධිකරණ ක්ෂේත්‍රයට අදාළ තවත් සුවිශේෂ කරුණු කිහිපයක්ද අවධාරණය කළේය. එනම් මහාධිකරණ විනිසුරුවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ මෙන්ම අධිකරණ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට හෝ සේවයෙන් පහකිරීමට හෝ ගත් තීරණද අගවිනිසුරුවරයා විසින් ආරක්ෂා කරමින් කියා සිටියේ කිසිදු ද්වේශසහගත වූ තීරණයක් එහිදී ගෙන නොමැති බවයි. එම තත්ත්වය ඔහු මෙසේ අවධාරණය කර සිටියේය.
‘අපි හිතුවක්කාර තීරණ ගත්තේ නැහැ. එසේම අපි ද්වේශසහගත තීරණ ගත්තෙත් නැහැ. එම තීරණ ගැනීමට අපහසු ඒවා වුණත් අප ඒවා සිදුකළ යුතුයි. අධිකරණ නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමෙන් අපට කිසිදු සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රධාන යුතුකම වන්නේ නීති වෘත්තිය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම, වැඩිදියුණු කිරීම සහ පෝෂණය කිරීමයි. නීති වෘත්තියේ ගෞරවය, ගුණාත්මකභාවය සහ යහපැවැත්ම ගැන තැකීමක් නොකරන විනිසුරුවරුන්ට එරෙහිව පියවර නොගෙන අපට එම අරමුණ සාක්ෂාත් කරගත නොහැකියි. එවැනි අධිකරණ නිලධාරීන්ගේ සේවය රඳවා ගැනීමට මෙම වෘත්තිය නිසැකවම උනන්දු නොවනු ඇත. මේ රටේ නීති වෘත්තියේ සිටින සාමාජිකයන්ට මම ප්‍රශංසා කර සිටිනවා. විභාග කිහිපයක් සමත්වූ පමණින් මෙම වෘත්තියට ඇතුළත් වීමට බැහැ. ඒ සඳහා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් තිබෙනවා. එය අපගේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කණ්ඩායමක් විසින් අධීක්ෂණය කරනු ලැබේ. ඔවුන්ගේ කැපවීම ගැන මම හොඳින්ම දන්නවා. මෙම වෘත්තියට පැරැණි තේජස නැවත ගෙන ඒමට ඔවුන් කොතරම් අරගල කරනවද කියලත් මම දන්නවා. ඒක සත්‍යයක්…’
අගවිනිසුරුවරයා තම කතාව හරහා තවදුරටත් හරවත් අදහස් ගණනාවක් ප්‍රකාශ කර සිටියේය.
‘මෙම ක්ෂේත්‍රයට හොඳ නීතිඥයන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙම පද්ධතියට හොඳ, කාර්යක්ෂම සහ සාධාරණ මනසක් ඇති විනිසුරුවරුන් පිරිසක්ද ඇතුළත් විය යුතුයි. එවැනි කාර්යක්ෂම විනිසුරුවරුන් පිරිසක් නොමැති විට පළමුව දුක් විඳීමට පටන් ගන්නේ වෘත්තියේ නියැළෙන නීතිඥයන් වන අතර, පසුව දුක් වේදනා විනිසුරුවරුන්ටත්, එතැනින් සමාජයටත්, අනතුරුව සමස්තයක් ලෙස මුලුමහත් රටටමත් සම්ප්‍රේෂණය වනවා. සරලම නඩුවේ සිට සංකීර්ණම නඩු දක්වාම එම ක්‍රියාවලියේ නිපුණතාව රඳාපවතින්නේ නීතිඥවරයාගේ නිපුණතාව මතයි. එසේම අධිකරණ විනිසුරුවරයකු විසින් වැරැදි තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් සමාජයේ බොහෝ යහපත් දේද විනාශ විය හැකියි….’
(සටහන - ප්‍රියන්ත හෙට්ටිගේ)
උපුටා ගැනීම - mawratanews
මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති හරිණි අමරසූරිය, බීජිංහි දී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang හමු වූවා ය.
දෙරටෙහි ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ
මෙම හමුව අතරතුර, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීමට චීනය කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළා ය. අග්‍රාමාත්‍යවරිය මහජන චීන සමූහාණ්ඩුවේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කළා ය.

අග්‍රාමාත්‍යවරිය සහ ජාතික අධ්‍යාපන ආයතනය මොකක් හෝ දෙයක් සඟවන බව ප්‍රතිසංස්කරණ ආරම්භයේ සිට ම වැටහුන බැවින් කීප වරක්ම මෙම මොඩියුල අප වෙතට ලබා දෙන්නැයි ඉල්ලා සිටිය ද ඒය කිසිදු ආකාරයකින් ලබා නොදුන් බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සභාපති තුෂාර කුරේ පැවසී ය.
රේගුවෙන් කන්ටේනර් එලියට පන්නපු එකටත් ආන්ඩුව වග කියන්න ඕන නෑ ලු.
අතපසුවීම් වීම් සිදු විය හැකි බවත්, ඒවා නිවැරැදි කරගෙන ඉදිරියට යන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබේ.
රට තුළ මේ වන විට පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන සේවාවන් ගණනාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහු ගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දොළොස් දෙනකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කර ඇත.
චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමේදී අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එළඹෙන ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කැන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබුවේ 2016 - 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළවයි.
ඒ අනුව සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කාලසීමාව තුළ දියත් කළ ව්‍යාපෘති 77ක් අතුරින් ව්‍යාපෘති 15කට අදාළව මුදල් වැයකර තිබුණත් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වී නොමැති බවය.
රුපියල් කෝටි 7ක මුදලක් රජයට පාඩුවන අන්දමින් වංචනිකව පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකිරීමත්,
අද (2)1 වන දින විපක්ෂය විසින් මෙහෙයවනු ලබන විරෝධතාව පිළිබඳ මෙරට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රකාශන දිරි දීම් සහ විරොධතා දක්නට ලැබුණ ද විදෙස් මාධ්‍ය මේ පිළිබඳ ලොකු අවධානයක් දක්වා ඇති බවක් නොපෙනේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු විය යුත්තේ විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කර වුව ද අද ඒ සියල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයේ කැමැත්ත මත සිදු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.
ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂවල මත මර්දනය කර තමන්ගේ මතය පමණක් ජනගත කිරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.
උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

