#newstube

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පස් රූල් පොත අයින් කළේ ඇයි ? - දිලිත් පාර්ලිමේන්තුවේදී අසයි

    * පාසල් දරුවන්ට නොමිලේ දුන් නිල ඇදුම් මේ පාර දීලා නැහැ

    * රාජ්‍යය කුමටද පොත කියවන්නට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දිලිත්ගෙන් ආරාධනයක්

    * ජනපති ජාතියෙන් සමාව ගත යුතුයි

    • අපේ දරුවෝ පරීක්ෂණ මී පැටව් කරලා මේ ආන්ඩුවෙන් පරික්ෂණ කරන්න හදනවා.   
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවේ සංස්කෘතියට ගැලපෙන එකක් විය යුතුයි- නාමල් රාජපක්ෂ

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ ඇති නුසුදුසු යොමු කිරීම් සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට කිසිවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අපි සම්පුර්ණයෙන්ම එකඟයි - හර්ෂ කියයි

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමහර පුද්ගලයන් අනවශ්‍ය විදිහට විවේචනය කළ ද, තමන් එලෙස විවේචනය නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසිය.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගැනීම පිළිබඳ විමල් කියන කතාව

    මහජන විරෝධය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය ගත් තීරණය, රටේ දරු පරපුරේ යහපත උදෙසා ගත් වැදගත් පියවරක් වුවද එය ආණ්ඩුවේ “අදූරදර්ශී ක්‍රියාකලාපය හා උද්දච්චකම” මනාව පිළිඹිබු කරන ප්‍රබලම සාක්ෂියක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂයි; අධ්‍යාපනය අසභ්‍යකරණයට විරුද්ධයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    සමගි ජන බලවේගය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පක්ෂ වුව ද ප්‍රතිසංස්කරණයේ නාමයෙන් අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට විරුද්ධ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

    මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (ITUM) නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (24) අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න එක්වුණි. 

  • අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දිය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    නිදහස් අධ්‍යාපනය අප රට සතු වටිනාම සම්පතක් වන අතර මෙය අපේ රටේ සුබසාධන රාජ්‍යයේ ද අති වැදගත් අංගයක් වී ඇති බවත්, අභියෝග දුක් කම්කටොලු බාධා රැසක් මැද නිදහස් නිවහල් අධ්‍යාපනය රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා ඇතුළත් කර සිටියේ අධ්‍යාපනය තුළ සියලු දෙනාට සර්ව සාධාරණ අයිතියක් ලබා දීමට යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

  • අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යි - සජිත් ප්‍රේමදාස

    නව තාක්ෂණය උපයෝගී කර ගෙන, නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර, පුද්ගලයින් ලෙසත්, රටක් ලෙසත් දියුණු විය යුතු බැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ සුරංග රත්නායක ගේ සංවිධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනය සෙලෙස්තිමඩුව කොට්ටාසයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.

    එම වැඩසටහනේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

     

    ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත යි

     

    මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වුවහොත් නව අධ්‍යාපන ක්‍රමයක් හරහා නූතනවාදී දරු පරපුරක්, ජන පරපුරක් නිර්මාණය කිරිම තුළ නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දී නව තාක්ෂණය උපයෝගී කර ගෙන නවීන යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර පුද්ගලයන් ලෙසත් රටක් ලෙසත් දියුණු විය යුතු යි. එබැවින් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුවිය යුතු යි. එහි දී නව තාක්ෂණය, පරිගණක තාක්ෂණය, ඉංග්‍රීසි චීන හා හින්දි යනාදි විදේශීය භාෂා ඉගෙන ගැනීම තුළ ලෝක වෙළෙදපොළේ ශ්‍රම සැපයුම ආක්‍රමණය කළ හැකි යි. එහි දී කෘතීම බුද්ධිය, රොබෝ තාක්ෂණය යනාදි නවීන ක්‍රම වෙත යා යුතු යි. මේවා සේම ඉතිහාස විෂය ද අනිවාර්ය විය යුතු යි. ඒ තුළින් අතීත රජ දවසේ සිදුවූ සංවර්ධනය, ඉපැරණි වාරි සංස්කෘතිය හා රාජ්‍ය පාලන සංස්කෘතිය ගැන දරුවන් දැනුවත් විය යුතු යි.

    නව අධ්‍යාපන ක්‍රමයේ දී හර විෂයක් ලෙස ඉතිහාසයට දී ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම නින්දාසහගත යි. අප කළ යුත්තේ හොඳ පෞර්ෂත්වයක් තිබෙන සුහුරු දරුවන් නිර්මාණය කිරීම යි. සුහුරු දරුවා හරහා සුහුරු සිසුවා, සුහුරු පුරවැසිය හා සුහුරු රට නිර්මාණය කළ හැකි යි. සමගි ජන බලවේගය මේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන විට, සුහුරු පන්තිකාමර දෙන විට ජනතාව ඒවා ප්‍රතික්ෂේප කළා. දැරියන්ට හිමි සනීපාරක්ෂක පහසුකම් නොමිලේ දිය යුතු යැයි කියන විට එයට පහර ගසා වත්මන් රජය විකෘති මානසිකත්වයකින් රටේ දරු පරපුර විනාශ කරන්න විවිධ අමනෝඥ යෝජනා ඉදිරිපත් කරනවා.

     

    දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු යි

     

    ඉතිහාස විෂය හර විෂයන් තුළින් ඉවත් කිරීම ඉන් එකක්. ඊට අමතරව දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට යම් දරුවෙක් වැරදි මාර්ගයක ගමන් කරනවා නම් ඒ දරුවාට කෘරත්වයෙන් තොරව හිංසනයෙන් තොරව යහපත් ආකාරයෙන් දරුවව හරි මගට යොමු කිරීම සත්භාවයෙන් වත් කළ නොහැකි බවට පනත් සම්මත කිරීමට සූදානම් වෙනවා. ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ අත් බැඳ නීතියට යට කර, යහපත් සමාජයක් ගොඩනගන්න එන්න යැයි කියනවා. අපි දරුවන්ට විරුද්ධව එල්ලවන හිංසන පීඩන කෘර ක්‍රියා අනුමත කරන්නෙ නෑ. සත්භාවයෙන්, දරුවන්ගේ අභිමානයට කැලලක් නොවන ලෙස දරුවන් යහමගට ගැනීමේ නිදහස තිබිය යුතු යි. රජය එය ද ඉවත් කිරීම වැරදි යි.


    කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය යි

     

    අද කුඩු පද්ධතිය පාසල් පද්ධතිය ආක්‍රමණය කර අවසන්. ඊෂී කෑෂ් හරහා කුඩු බෙදනවා. මේවා වැළැක්විය යුතු යි. කුඩුකාරයන් අත්අඩංගුවට ගැනීම ප්‍රශංසනීය යි. ඔවුන් අත්අඩංගුවට ගන්නවා සේම පාසල් පද්ධතියේ හා තරුණ පරපුර මේ කුඩු ජාවාරම්කාරයන්ගෙන් බේරා ගැනීමට දැඩි නීති ගෙන ආ යුතු යි. රටේ සෑම ආගමක් තුළ ම සංස්කෘතියට ඔබින ශීලාචාර ශිෂ්ටසම්පන්න දරුවන් බිහි කිරීමේ අරමුණු තිබෙනවා. ආගම් තුළ විකෘති අදහස් නැහැ.

    ලොවට බිහි වන විට ජාති ආගම් කුල මල පන්ති පක්ෂ භේද නොමැති නිසා සෑම පුරවැසියකුටම ගරු කළ යුතු යි. පුරවැසියන්: ශිෂ්ටසම්පන්න පුරවැසියකු, සංස්කෘතික පුරවැසියකු, ආගමානුකූල පුරවැසියකු බවට නිර්මාණය කළ යුතු යි. විකෘති මනස් ඇති, විකෘති ක්‍රියාදාම රටේ ව්‍යාප්ත කර, ජන සමාජය විනාශ කරන් ඉඩ දිය නොහැකි යි.

     

    අද රජයේ හැමදේම විකෘතියක් 

     

    රජය අද කරන කරන හැමදේ ම විකෘතියක්. සමාජ රටාවන්, සමාජ සංස්කෘතීන් සුනුවිසුනු කරන ප්‍රතිපත්ති මේ අය යෝජනා කරනවා. එම නිසා: සදාචාරසම්පන්න, ශිෂ්ට සම්පන්න, ආගමානුකූල, විනයගරුක යුක්තිගරුක, පුරවැසියන් බිහි කරන සමාජ රටාව ඇති කර රජයේ විකෘති යෝජනාවලින් රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගන්නවා.

     

    තරුණ තරුණියන් ගේ රැකියා ගැටලුවට විසඳුම් කෝ..?

     

    76 වසරක සාපය ගගා එක පෑන් පාරින් මේ සාපය නැති කරනවා කිව්වට අද වන විට ගොවියාට ගුණාත්මක පොහොර, බීජ, තෙල් බෙහෙත් ලැබෙන්නෙ නැහැ. එක පෑන් පාරීන් කිසි දෙයක් වුණේ නැහැ. මේවා ගොවියාට අද දරාගත නොහැකි බවට පත්වෙලා. අලි මිනිස් ගැටුමට තවමත් විසදුම් නැහැ. රැකියා කරන්න පුළුවන් ඇගලුම් කර්මාන්තශාලා අද රට හැර යනවා. කිසිදු කර්මාන්තශාලාවක්වත් අලුතින් බිහි කරල නැහැ. තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවලට විසදුම් නැහැ.

     

    මෝස්තරයට ඡන්දය දීමෙන් වළකින්න

     

    ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 159 රටේ ජනතාව හඳුනනව ද...? මේ පුද්ගලයන් දැන හඳුනාගෙන ද ඡන්දය දුන්නේ කියල ගැටලුවක් තිබෙනවා. මේ නිසා අද වන විට ජනතාවට තමන්ගේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න කවුරුත් නොමැති නිසා විපක්ෂ නායකවරයාට ගැටලු ඉදිරිපත් කරනවා. එම නිසා මෝස්තරයට ඡන්දය දීම, සුන්දර සුරංගනා කතාවට රැවටීම සහ ප්‍රතිපත්ති නොදැන ඡන්දය දීමෙන් ඉදිරියේදීවත් ජනතාව වැළකී සිටිය යුතු යි.''

    දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය

  • අධි ධාරිත යතුරු පැදි පැද්ද පිරිසක් අත්අඩංගුවට‍‍

    මාතලේ නගරයේ  සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙයන් යුත් යතුරු පැදි  ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

  • අධිකරණ පරිශ්‍රයන්හී ජනතාවට මුලික පහසුකම් අවමයි !

     ''වාඩි වෙන්න තැනක්, බීමට ජලය, වැසිකිළි පහසුකම් නැහැ'' .
    ජනතාව මැසිවිලි නඟති

  • අධිකරණ මැදිහත්වීමෙන් BYD විදුලි මෝටර් රථ සිය ගණනක් නිදහස් කෙරේ

    ශ්‍රී ලංකාවේ විදුලි මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, මතභේදාත්මක මෝටර් බල වර්ගීකරණයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සමඟ සති ගණනාවක් පුරා පැවති නීතිමය අරගලයකින් අනතුරුව, රඳවාගෙන සිටි විදුලි මෝටර් රථ සිය ගණනක් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇති බව .BYD හි නිල නියෝජිත John Keells CG Auto (JKCG) සමාගම නිවේදනය කරයි.

  • අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දීමක්

    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබේ.

  • අධිකරණයට අපහාස කිරීම යටතේ ගමන්පිල අත්අඩංගුවට ගත යුතු යි

    කුඩා දරුවන් ද ඇතුළුව පුද්ගලයන් 273ක් මරණයට පත් කරමින් තවත් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් සිදු කළ පාස්කු ඉරුදින ප්‍රහාරය මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකි;

  • අනතුරක් ප්‍රචණ්ඩකාරී විනෝදාස්වාදයක් බවට පත්කෙරෙන CCTV දර්ශන මාධ්‍ය භාවිතය

    CCTV දර්ශන මෙරට ප්‍රවෘත්ති වාර්තාකරණයේ බහුලව භාවිතා වන දෘශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

  • අනතුරු ඇඟවීමයි : කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම ඉහළට

    කැලණි ගඟේ දකුණු ඉවුරේ ජල මට්ටම මේ වන විට බැම්මේ (Bund) ඉහළම මට්ටමට පැමිණ තිබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) පවසයි.

  • අනතුරුදායක ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වන්නැයි දැනුම්දීමක්

    ඉරණමඩු ජලාශයේ ජලපෝෂකවලට ලද අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු විවෘත කර ඇති බැවින් ආරක්ෂිත ස්ථානවලට යොමුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • අන්ධභාවයට තිත; ත්‍රිමාණ තාක්ෂණයෙන් මැවූ විස්මිත කෘතිම අක්ෂි කාචයක්

    ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අඳුරේ ගිල්වන අක්ෂි කාච (Cornea) ආශ්‍රිත අන්ධභාවයට එරෙහිව වෛද්‍ය විද්‍යාව ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇත.

  • අනාගත ජනමාධ්‍යකරුවන්ට ද, යුක්තිය ඉල්ලමින් මේ කොඩිය ඔසවාගෙන යන්න වෙනවා - දුමින්ද සම්පත් (වීඩියෝ)

    මීට වසර පහළොවකට පමණ සිට ඉල්ලා සිටින ජනමාධ්‍ය යුක්තිය තවමත් අප වෙත ලැබී නොමැති බැවින් අනාගතයේ බිහිවන මාධ්‍යවේදීන්ට ද මේ කොඩිය ඔසවාගෙන යෑමට සිදුවනු ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී දුමින්ද සම්පත් පැවසී ය.

  • අනාගතයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙයි ද...? - Ideas front වීඩියෝවක්

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බඳු බරපතළ ප්‍රතිසංස්කරණයක් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පමණක් නොව සිවිල් ජනතාව සමග ද සාකච්ඡා කළ යුතුව තිබුණේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • අනාගතයේ දී පක්ෂ දේශපාලනය අහෝසි වෙනවා - රනිල් වික්‍රමසිංහ

    අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන බවත් පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

    විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලන කටයුත්ත තුළ විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත් වුව ද අද වන විට විපක්ෂයේ කටයුතු දැඩිව දුර්වල වී ඇතැයි ද ඔහු කියා සිටියි.

    අභාවප්‍රාප්ත මනෝජා මධුවන්ති කරුණාරත්නගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත පැමිණියේය.

    ඔහු ඉහත කාරණය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවට සහභාගි වූ මොහොතේ මාධ්‍යවේදීන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග ආ ගිය තොරතුරු පවසමින් සිටි මොහොතක ය.

    ''විපක්ෂයේ කටයුතු වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා. උදාහරණයක් විදියට: චාමර සම්පත් දසනායක, දයාසිරි ජයසේකර යන අයගේ දේශපාලන කටයුතු දකින්න පුළුවන්.'' යයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

    එම අවස්ථාවේ එහි සිටි රනිල් වික්‍රමසිංහගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක යන අය විපක්ෂ සන්ධානය සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ ක්ෂණිකව මෙසේ සඳහන් කර ඇත.

    “සන්ධානයට සජබ නායකත්වය ගන්න දඟලන්නෙ මම ඒකට එකඟ නොවෙයි කියල හිතලනේ...  ඔය කියන විදිහට සමගි ජන බලවේගය සන්ධානයට නායකත්වය දරන එකට මම එකඟ වුණොත්, ඒ සන්ධානයේ ඊළඟ ගමන පිළිබඳව ඔයලට යම් යෝජනා/පිළියමක් තියනවද ?”

    එම ප්‍රශ්න කිරීම හමුවේ වරුණ හා මහේෂ් දෙදෙනාම නිහඬ වී ඇත.

    එසේම, දෙකට බෙදී තිබෙන එජාපය එකතු කර ශක්තිමත් කලයුතු යැයි යන අදහස මතු වූ විට, අනපේක්ෂිතව පිළිතුරුදී ඇති රනිල් වික්‍රමසිංහ “අනාගතයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දෙක ම දේශපාලන භුමිය තුළ අහෝසි වෙනවා. අද ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. ලොව පුරාම Character-based politics මතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය අසාර්ථක වෙලා යනවා.” යයි ද හිටපු ජනාධිපතිවරයා කියා ඇත.

     “ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දුර්වල වී තිබුණ ද ඩොනල්ඩ් ට්‍රම්ප් මගින් පක්ෂයේ බලය අල්ලාගත්තා. එසේම බ්‍රිතාන්‍යයත් එහෙමයි. ප්‍රංශ ජනාධිපතිගෙන් පවා යන අත දෙස අදහස් කළ නොහැකි යි” යයි ද රනිල් වික්‍රමසිංහ එහිදී වැඩි දුරටත් පවසා ඇත.

     

    manoja rv

     

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න