අද (04) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කෙළේය.
අනෙකුත් ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රට බේරා ගැනීමට යැයි පවසමින් අද දිනයේ චීවරධාරීන් පිරිසක් කොළම දී සඝ සමුළුවක් පැවැත්වීමට නියමිත ය. අපි සක් සුදක් සේ දන්නා පරිදි මේ චිවරධාරින් මෙබඳු සමුළුවක් පවත්වන්නේ සැබැවින් ම රට බේරාගැනීමට නොව රට කාබාසිනිය කළ හොරු රැළ ආරක්ෂා කිරීමට බව අපි දන්නෙමු.
පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අද (30) දිනයේ දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව නිවේදනයක් කර තිබේ.
රටටත් ජනතාවටත් කළ: බොරුව, රැවටිල්ල, ඇන්දවිල්ල හේතුවෙන් අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අද යුගයේ බොහෝ දෙනා සොයා බලන කරුණ වන්නේ රටකට උචිත හොඳ ම ක්‍රමවේදය හොඳ ම රාජ්‍ය පාලනය සහ මාර්ග සිතියම බවත්, ඊට පැහැදිලි පිළිතුර වන්නේ මැද මාවත හෙවත් තුන්වැනි මාවත බවත්, මෙය සමාජයට ඇති එකම විකල්පය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ තීරණය කර තිබේ.
"දිට්වා" සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් අනෙකුත් ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිට්.
අද (16) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ප.ව. 1.00න් පමණ පසුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදු විය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (12) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තරමක වැසි ඇතිවිය හැකි අතර උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි, තද සුළං හා අකුණු හේතුවෙන් ඇතිවන අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ දී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙරට පවතින අධ්‍යාපන අර්බුදයට විසඳුමක් නොවේ යැයි අශෝක අභයගුණවර්ධන පැවසී ය.
Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි හින්දි චීන ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම කිව්වේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
කුහකත්වයෙන් ඉවත් වී අඩුම තරමේ මේ රටේ නිදහස් අධ්‍යාපනය මානව අයිතියක්, මූලික අයිතියක් බවට පත්කරන සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියට ඔබේ අත උස්සන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

