දිලිත් ජයවීර විසින් කරනු ලබන්නේ රටෙහි පවතින සැබෑ ප්‍රශ්න සංස්කෘතික සහ ආගමික ප්‍රශ්න බවට පත්කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
වර්තමානයේ පවතින්නේ කුසගින්න හේතුවෙන් ආහාර ගැනීමේ ක්‍රමයක් නොව ආශාව පදනම් කරගෙන ආහාර ගැනීමේ ක්‍රමයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අනාගතයේ දී සමගි ජනබලවේගය ආණ්ඩුවක් යටතේ අපේ කාන්තාවන් පිට රට වහල් සේවයට නොයවන්නේ යැයි හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවසී ය.
දේශපාලනය යනු ගෝත්‍රිකත්වය නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මුදාහැර නැති දීප චෙල්වම් ගේ ප්‍රකාශන සම්බන්ධ ඇතිවී තිබෙන අර්බුධයට සුදුසුම විසඳුම වන්නේ එම කෘති සියල්ල මුදා හැර, ඉන් පසු ඒවායේ මතබේදකාරී අන්තර්ගතයක් ඇත්නම් දෙමළ කියවන අයගේ ද උදව් ඇතුව ඒ පිළිබඳව සියලු ජනවර්ග නියෝජනය වන මහජන සාකච්ඡාවක් ඇති කිරීමයි.
නිහඩ චිත්‍රපට ලෝකයේ විකට රජා ලෙස ලෝක චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර නමක් රැන්දූ චාලි ස්පෙන්සර් චැප්ලින් අන්‍යයන් හිනැස්සීමට උපන් හපන්කම් දැක්වූ විකට නළුවෙක් මෙන්ම අභිරූපන ශිල්පියෙක් ලෙස හදුන්වන්නට පුළුවන්. ඒ ඔහු ලොව ප්‍රසිද්ධ වූ ආකාරයයි.
ඉන්දියාව සහ යුරෝපා රටවල් අතර ඇති කරගෙන ඇති ගිවිසුම් ලංකාවට ඉතාමත් හානිදායක වීමට ඉඩ ඇතැයි ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව පැවසී ය.
තමන් යුද අපරාධ කළා යැයි අන්තර් ජාතිකව ම පිළිගත් එක ම රට ශ්‍රී ලංකාව බවත්, එසේ පිළිගැනීම රට පාවා දීමක් ලෙස සැලකිය හැකි බවත් ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් මොහාන් සමරනායක පැවසුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වුවහොත් අපේ රටෙහි ප්‍රශ්නයක් පිළිබඳ අභ්‍යන්තරව තීරණ ගැනීමට ඇති නිදහස වෙනත් රාජ්‍යයකට, එසේත් නොමැති නම් බාහිර බලවේගයකට පැවරෙන බවයි.
මතු පළ වන්නේ මොහාන් සමරනායක පළ කළ අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමට සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ලැයිස්තුවට දේශපාලන තීන්දු තීරණ හරහා සිදු කරන ලද අක්‍රමිකතාවන්ට විරෝධය දක්වමින්
යටත් විජිත රාජ්‍යයක් ලෙස අපි වසර 400කට වැඩි කාලයක් ගත කිරීම තුළ අපි ලද ධනාත්මක අනන්‍යතා අගය කළ යුතු අතර ම අපේ අනන්‍යතාව කුමක් ද යන්නත් සොයා බැලිය යුතු බවත්, එය රැක ගත යුතු බවත් දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
ශ්‍රී ලංකාවේ සිනමා අර්බුද වෙනුවෙන් මෙහි සටහන්වන අකුරු ටික ඉතා කුඩා ගුණාකාරයෙන් කියවමු...
තම ව්‍යාපාරය (දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය) සමලිංගික හැසිරීම් සහිත අය වෙත නින්දා අපහාස කිරීමට නොපෙලඹෙන බවත්, බුදුන් වහන්සේ පවා විනය පිටකය අටුවාවෙහි මේ සම්බන්ධයෙන් දේශනා කර ඇති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර පැවසී ය.
විවිධ පාර්ශ්වවල බලපෑම් නිසා අප සතුව පවතින ඛනිජ සම්පත් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, බලශක්ති සුරක්ෂිතභාවයට, ඉන්ධන සුරක්ෂිතභායට විරුද්ධව කටයුතු කරන පිරිසක් නිසා මේ සම්පත් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඉතා ඉහළ පරිමාණයෙන් මෙන් ම ඉතා වේගයෙන් ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු සිදුවෙමින් පවතින්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රට පාලනය කළ පාලකයින් තමන් හෝ තම කණඩායමේ වැරදි වසා දැමුව ද ඉදිරි දිනක දී මේ සියලු දෙනාට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.
අපිට අවශ්‍ය වන්නේ බිංදුවට ම වැටුණ මිනිස්සු කෙසේ හෝ නගා සිටුවීම යැයි සර්ව ජනබල නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
රටේ ආර්ථිකය විශාල අවදානමක පවතින බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.
මින් ඉදිරියට කිසිම පක්ෂයට නැවත වරක් බැදෙන්න එපා යැයි ද ඔහු කියා සිටියි.
ඔහු එසේ කියා සිටියේ, උත්සවයක් අමතමිනි.
"අපිට නින්දෙන් ඇහැරුණත් විශාල කාරණයක්. අපේ ආර්ථිකය විශාල අවදානමක තියෙන්නේ. ඇත්ත කථාව. මම මේක කිව්වාම වෙනත් යෝජනාවක් චෝදනාවක් ඒන්න පුළුවන්. එකේ ප්‍රශ්නයක් නෑ. ඇත්ත කථා කරන්න මම කිසිසේත්ම බය වෙන්නේ නෑ. සමාජයේ මින් ඉදිරියට කිසිම දේශපාලන පක්ෂයකට කිසිම කෙනෙක් ආයේ බැදෙන්න ඒපා." යයි ද ඔහු කියා සිටියේය.
| ada.
රාජිත දිසානයකගෙ "අපේ ගෙදර ගිනි තියයිද" බලන්න ඊයෙ ලයනල් වෙන්ඩ්ට් එකට ගියා. රාජිතගෙ කලින් වැඩක් විදිහට මම බලල තිබුණෙ "නැතුව බැරි මිනිහෙක්" විතරයි.
නැතුව බැරි මිහිහෙක් එකේ ස්ක්‍රිප්ට් එක කලින් කියවලා තිබ්බ නිසා සෑහෙන බෝරිං වුණා බලාගෙන ඉන්න එක. ස්ක්‍රිප්ට් එක කියවගෙන යනවා විතරයි. නළු නිළියන්ට මූඩ් එකකුත් නෑ. ඔහේ තැන් තැන්වල ඉඳගෙන දෙබස් කටපාඩමෙන් කියනවා. ඒ නාට්‍යය මට දැනුණෙ ස්ක්‍රිප්ට් එක තැන් තැන්වල ඉඳගෙන කියවලා අන්තිමට ගහන අත්පුඩියට ඇවිත් ඔළුව පාත් කරලා ගියා වගේ. ස්ක්‍රිප්ට් එකෙත් ඉතින් දේශපාලන කතා ඉස්මුරුත්තාවට එනව වගේ කෑලි තැන තැන හලලා තිබුණ මිසක හරි දේශපාලන හෝ සමාජීය විවේචනයක් අරගෙන එන්නවත් උත්සාහ කරල තිබුණෙ නෑ නාට්‍ය ඇතුළෙ.
නැතුව බැරි මිනිහෙක්
දෙබසක බර නොහඳුනන නළු නිළියෝ
රාජිත ගැන හැදිලා තිබුණු ඔය වගේ චිත්‍රයක් එක්ක තමයි මම "අපේ ගෙදර ගිනි තියයිද" බලන්න මම යන්නෙ. රාජිත කියන්නෙ මගහැරගත නොහැකි නාට්‍යකරුවෙක් කියලා කවුදෝ කියලා තියෙනව වගේ මට මතක නිසා "නැතුව බැරි මිනිහෙක්" මුද්‍රණ දෝශයක් කියලා හිතාගෙන මේක බලනව කියල මම හිතාගත්තා.
හැබැයි ඉතින් කියන්න වරදක් නෑ රාජිතගෙ මේ නාට්‍යය පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අර කලින් කිව්ව වගේම දෙබස් කියවගෙන කියවගෙන යන එක ගානට මිම්මට ඒ විදිහට කළා. දෙබස් මූලික නාට්‍ය ලෝකයේ නැති බව හෝ Readers' Theater ලෝකයේ පවතින්න ඕනෙ නෑ කියන එක නෙවෙයි මම අදහස් කරන්නෙ. සාමාන්‍යයෙන් දෙබසක් කියද්දි ඒකට නළු නිළියන් විසින් යම් බරක් එකතු කරනවා. ඒ දෙබස ගැන විශ්වාසයක් අපි තුළ දනවනවා. මියුසික්, ලයිට්ස්, පසුතල මුකුත් ම නැති වුණත් මනුෂ්‍ය සම්බන්ධතා, ඒ මිනිස්සුන්ගෙ ජීවිතවල ඇතුළාන්තය ඒ බරතැබීම එක්ක අපිට විවර වෙනවා.




අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා කරන අරගලයක් ලෙස යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
මහජනතාව තමන්ගේ සංස්කෘතික වටිනාකමක් තිබෙන සිංහල දෙමළ අවුරුද්ද සැමරීමට කෙසේ හෝ ක්‍රියා කර තිබෙන බවත්, එය වැදගත් දෙයක් ලෙස දකින බවත්, අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වන අතර මොන පීඩනයක් මැද්දේ හරි මහජනයා ඒ පණිවිඩය රජයට ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේ වර්ධන පැවසී ය.
ලංකාවේ බලශක්තිය, කලාපයේ වෙනත් රටවල බලශක්තිය සමග සැසඳුවහොත් අපේ බලශක්තිය මිල අධික යැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

