ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
මැදපෙරදිග යුදමය වතාවරණය කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව බදු රටවලට විශාල ගැටලුකාරී තත්ත්ව ඇති කරමින් තිබෙන අතර ආණ්ඩුව ජනතාවට ලබාදෙන තොරතුරුවල සත්‍යතාව පිළිබඳව ගැටලුවක් පවතින්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.
නිලධාරි තන්ත්රය සමග කටයුතු කළ නොහැකි යැයි ආණ්ඩුව පවසන දෑ සත්‍ය වුව ද මාලිමා ආණ්ඩුව, ඔවුන් ගේ අසමත්කම් වසා ගැනීම සඳහා හේතුවක් ලෙස නිරන්තරයෙන් මෙම ප්‍රකාශය කරන්නේ යැයි මාධ්‍යවේදි, දේශපාලන විශ්ලේෂක කුසල් පෙරේරා පැවසී ය.
මාලිමා ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගන්න බැවින් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම යැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වත්මන් ආණ්ඩුවට තවත් ආයුෂ ඇත්තේ අවුරුද්දක කාලයක් පමණක් බවත් කොළඹ මහ නගර සභා අයවැය ඡන්දය හරහා ආණ්ඩුව කඩා වැටෙන බවට සංඥාවක් දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොළඹදී ඊයේ මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.
ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය හමුවේ ලංකාවට බල පෑ හැකි බලශක්ති අර්බුදයට මුහුණ දීමට කල් තියා සූදානම් වීමට ගත යුතු පියවර සම්බන්ධ දැනුවත් සාකච්ඡාවක් ගොඩ නගනවා වෙනුවට දවස් 45 කට තෙල් තියෙනවා කියූ ආණ්ඩුව අන්තිම තෙල් බින්දුව ඉවර වෙන තෙක් නො සිට තෙල් මිල ඉහළ දැමීම ගැන චෝදනා කරන ඇතැම් දේශපාලනඥයින් ගේ අරමුණ ආණ්ඩුව කිච කිරීම පමණක් මිස විය හැකි දේ පිළිබඳ බරපතළ අවබෝධයකින් කටයුතු කිරීම නොවේ.
ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
පාර්ලිමේන්තුවේ 3/4 ක අධි බලයක් තියානවත්, මේ රටේ යල් පැනපු නීති රීති යාවත්කාලීන කරන්ඩ කිසිම හයියක් නැතුවා වුනත්, මේ ආණ්ඩුව බලේට ආව ගමං නීති ක්ෂේත්රයේ එයාලා ගහපු හෙණ ගේම් දෙක තුනක් තිබ්බා.
තොරතුරු කොමිසම අඩපණ කර, විගණකාධිපති කෙනෙක් පත් නොකරන රටක නීතිපතිට මඩ ගසා රාජ්‍ය යාන්ත්‍රණයේ තුලන හා සංවරණ ක්‍රියාවලිය අඩපන කිරීමට ආණ්ව කටයුතු කරන්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.
ලංකාවේ ආර්ථිකයෙන් වැඩි ප්‍රමාණයක් පාලනය කරන්නේ ව්‍යාපාරික ප්‍රජාව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
විදුලි බල මණ්ඩලයේ දූෂණය විමර්ශනය නොකිරීම හොරකම් නොකරන ආණ්ඩුවේ දෙබිඩි ප්රතිපත්තියකි. වර්තමාන රජය සොරකම යටපත් කළ යුතු නොවේ.
වර්තමාන ආණ්ඩුවට ඔවුන් පොරොන්දු වූ දේවල් ඒ ආකාරයෙන් ම ඉටු කිරිමට නොහැකි වන විට, ඔවුන්ට මෙරටෙහි රාජ්‍ය යාන්ත්‍රණය පාලනය කරගැනීමට නොහැකි වන විට ආණ්ඩුව කිසියම් මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නට සූදානම් වන්නේ යැයි නාමල් රාජපක්ෂ පැවසී ය.
ආණ්ඩුව මල් පැළ කියලා ගෙන ආවේ ගංජ පැළ වවලා අහුවුණ අය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
පළවැනි කාරණේ තේරුං ගන්න ඕන මාලිමා ආණ්ඩුවට මංත්‍රී ආසන 159 තියෙනව කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි මාළිමා ආණ්ඩුවට ජනතාව බලය දීල තියෙනව අවුරුදු පහකට. ඒ කියන්නෙ මාලිමා ආණ්ඩුව 2028 වෙනකම්ම ඉන්නවා.
ආණ්ඩුව වැරැද්දක් කළ ද එසේ කරන්නේ අනාගත යහපත වෙනුවෙන් යැයි ආණ්ඩුවම පවසන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
මේ වන විට මාස අටක් තිස්සේ ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය පුරප්පාඩුව පවතී. ජනාධිපතිවරයා ඒ තනතුරට තමුන්ගේ හිතවතකු පත් කරගන්නට දරන ලද උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැලක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරන්නටද පටන් ගෙන ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේය.
ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කර, සිදු වූ ව්‍යසනයේ බරපතළකම දියාරු කර හරින්නට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඉන්ධන මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම හරහා වත්මන් රජය ජනතාව මත දැඩි පීඩනයක් පටවා ඇති බවත්, විපක්ෂයේ සිටිය දී බදු අඩු කරන ලෙස හඬ නැඟූ පිරිස් අද බලයට පැමිණ පරණ පොරොන්දු අමතක කර "බබා පාර්ට්" දමමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසී ය.
මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන, කිසිවකුට සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කර, පැහැර ගෙන, උදුරා ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය .
ආණ්ඩුව, ඉන්දියාව සමග අත්සන් කළ හොර ගිවිසුම්වලට අනුව මේ රටේ ජනතාව ගේ ඉඩම් ටික ඉන්දියාවට පිදීමට සූදානම් වන බවත්, ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් අතර ඖෂධ ගිවිසුමේ අන්තර්ගත වන්නේ ඉන්දියාවේ බෙහෙත් කිසිදු පරීක්ෂාවකින් තොරව ලංකාවට ගෙන්වනවා යන එකඟතාව යැයි ද ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

