අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (25) සවස බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිත ය.
2026 පෙබරවාරි 13 වැනි සිකුරාදා මහ දවල් නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය ආසියාවේ බටහිර පදනම් කරගත් පැරණිතම නීති පද්ධතියේ අඛණ්ඩතාවට එක එල්ලේම බලපාන බවත්, එය දැනටමත් ඝාතන ගණනාවකින් සොලවා ඇති නීතිය සහ සාමය පවත්වාගෙන යෑම කෙරෙහි දැවැන්ත අහිතකර බලපෑමක් ද ඇති කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනකුගේ වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.
දැනට මෙම කැබිනට් අමාත්‍යවරුන් හය දෙනාගේ වත්කම් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අද හෙටම විමසා සිටින බව ඔහු පැවසිය.
ඊට අමතරව ආණ්ඩුවේ සිටින අනෙකුත් ජනතා නියෝජිතයින්ගේද වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සහ ලිපිගොනු එක්රැස් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය..
කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් බරපතල සැක මතුවී ඇති නිසා මේ පිළිබඳව කඩිනමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසා සිටීමට තීරණය කළ බව මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය..
මෙම අමාත්‍යවරුන් රැකියාවක් සිදු නොකොට, ව්‍යාපාර කටයුතු සිදු නොකර, පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වෙමින් මෙතරම් වත්කමක් උපයා ගත්තේ කෙසේද යන්න බරපතල සැක සහිත කාරණයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙම තොරතුරු ලබා ගත් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද - යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ලියැවුණ කවි ඇතුළත් “සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්” කෘතිය ෆේස්බුක්හි ෂෙයා වනු දැක මම මීට මාස කිහිපයකට පමණ පෙර දවසක ප්‍රින්ට් කරගෙන ආවෙමි.
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ 36වන හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ (CRG) 'C-130J' සුපර් හර්කියුලිස් ගුවන් යානා 2ක් ඊයේ (7) පස්වරුවේ කටුනායකට පැමිණියේය.
අමෙරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
සිය දුර්ලබ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් දැනුම් දීම පසුගිය 09 වැනිදා චීනය සිදු කළ බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා ඊයේ (12) පැවසුවේය.
මෙම ක්‍රියාව, චීන රජය නීති-රීතිවලට අනුකූලව සිය අපනයන සීමා කිරීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමට යොදා ගන්නා නිසි ක්‍රියාමාර්ගයක් බව සඳහන් වේ.
ඊට එරෙහිව, අමෙරිකාව 10 වැනිදා ප්‍රකාශ කළේ චීනයට එරෙහිව 100%ක් දක්වා තීරුබදු පනවන බව සහ සිය සියලු ප්‍රධාන මෘදුකාංග අපනයන පාලනය කරනු ඇති බවය.
මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පැවසුවේ අමෙරිකාවේ මෙම පියවර ව්‍යවසායන්හි යුක්තිගරුක හා නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය ද හානිකර බවය.
එබැවින් සිය වැරදි නිවැරදි කරන ලෙස චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ඔවුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් තම පූර්ණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ක්‍රියා කරන බව ද චීන වාණිජ අමාත්‍යාංශය අවධාරණය කළේය.
(aruna)
ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අති උතුම් අයතුල්ලා අලි කමේනි ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිති.
පසුගිය සෙනසුරාදා එල්ල වූ අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (04) ටෙහෙරානයේදීම පැවැත්වීමට නියමිත බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙවර අයවැයෙන් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ගෙන ආ යෝජනා සම්බන්ධයෙන් රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සතුටු වනවා.
ඉකුත් සතියේ මෙක්සිකෝවට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයෙන් 64දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 65 දෙනකු අතුරුදන්ව සිටින බව එරට රජය ඊයේ (13) නිවේදනය කළේය. නිවර්තන අවපාත තත්ත්වය හේතුවෙන් හටගත් වර්ෂාපතනයත් සමග ගල්ෆ් වෙරළ තීරයේ ඇතැම් ස්ථානවල සහ මධ්‍යම ප්‍රාන්ත කිහිපයක දරුණු ජල ගැලීම් සහ නාය යෑම් ද වාර්තා වී තිබේ.
සාමාන්‍ය වර්ෂා සමය අවසන පැමිණි එම දැඩි වර්ෂාපතන තත්ත්වය, මාස කිහිපයක් පුරා අඛණ්ඩව පැවතිණ. ගංගා රැසක් පිටාර ගැලීමෙන් ජල ගැලුම් හටගත් අතර පැසිෆික් වෙරළ තීරයේ දරුණු සුළි කුණාටු ද වාර්තා විය.
ඉදිරි වැසි තත්ත්වයක් පිලිබඳ පූර්වාබෝධයක් පැවතිය ද එය මෙතරම් දැඩි වේ යැයි අපේක්ෂා නොකළ බව ජනපති ක්ලෝඩියා ෂයින්බවුම් (Claudia Sheinbaum) පැවසීය.
ධාරානිපාත වර්ෂාපතනය, ජලගැලීම් හා ආශ්‍රිත විපත් හේතුවෙන් මෙක්සිකෝවේ නිවාස 100,000කට අධික සංඛ්‍යාවක් හානියට පත්ව ඇතැයි වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/14/2025
Heavy rains flood Mexico towns, leave nearly 130 dead or missing
අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමන ලෙස ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.
පසුගිය දිනවල ශ්‍රී ලංකාව පුරා ඇති වූ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 635 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයමින් සිටි සම්පත් මනම්පේරි තමන් සතුව තිබූ ජංගම දුරකතනය වැල්ලවත්ත ප්‍රදේශයේදී ධාවනය වන දුම්රියකට තබා විනාශ කර ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
දුරකතනය ඔස්සේ තමා සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමට පොලීසියට හැකියාවක් ඇති නිසා මෙසේ ජංගම දුරකතනය විනාශ කළ බව ඔහු පවසා ඇත.
ඒ වෙනුවට ඔහු වෙනත් ජංගම දුරකතනයක් භාවිත කර ඇති අතර, එම ජංගම දුරකතනය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සිම්පතේ රහස් රැසක දත්ත ඇතැයි පොලීසිය කියයි
සම්පත් මනම්පේරි කාලයක් භාවිත කළ ජංගම දුරකතනය විනාශ කළත් එහි අංකය ඔස්සේ මේ වන විටත් විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සති කිහිපයක් සැඟව සිටි සම්පත් මනම්පේරි වලස්මුල්ල අධිකරණය හමුවට පැමිණ භාර විය. එහිදී ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට යොමු කරන්නේ දින 07ක රැඳවුම් නියෝගයක් මතය. එම කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සතුව තබාගෙන විමර්ශන පැවැත්වුවත් ඔහුගෙන් හෙළිවූ කිසිදු තොරතුරක් මාධ්‍යයට අනාවරණය නොවීය.
මේ අතර ඔහුගෙන් පැය 04ක කාලයක් ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය භාරයට ගෙන දුරකතනයට වූ දේ ගැන තොරතුරු හෙළිකර ඇත.
ගිනි අවි සහ පතොරම් සඟවා ඇති ස්ථානයක්
අනතුරුව ඔහු විසින් ගිනි අවි සහ පතොරම් සඟවා ඇති ස්ථානයක් ගැන ද තොරතුරු හෙළිකර තිබේ. ඒ අනුව ඉකුත් සතියේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මිද්දෙණියේ ගෙවත්තක වළ දමා තිබී ටී 56 අවිවලට යොදන රන් ආලේපිත පතොරම් ගැබක්, ටී 56 අවිවලට යොදන පතොරම් 115ක් සහ අත්බෝම්බයක් සොයාගෙන තිබිණි.
දින 07ක රැඳවුම් නියෝගය අවසන් වීමෙන් අනතුරුව සැකකරු පසුගිය බ්‍රහස්පතින්දා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
දින 90ක රැඳවුම් නියෝගයක්
මෙහිදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස ඉල්ලීමක් සිකුරාදා දින කරන ලෙස අධිකරණය විසින් පොලීසියට දැනුම් දුන්නේය.
ඒ අනුව වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා විසින් අත්සන් තැබූ දින 90ක රැඳවුම් නියෝගය පොලීසිය පසුගිය සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම නියෝගය සලකා බැලූ අධිකරණය දින 90ක් සම්පත් මනම්පේරි රඳවා විමර්ශන පැවැත්වීමට අවසරය දුන්නේය.
ඒ අනුව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාස භාරයට ගත් සම්පත් මනම්පේරි මේ වන විට රඳවා තබාගෙන විමර්ශන පවත්වන්නේ කොළඹ වරාය පොලිස් ස්ථානයේය.
එම ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ මිද්දෙණියෙන් සොයා ගත් ප්‍රශ්නගත කන්ටේනර් දෙකේ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවක් තමා නොදන්නා බවයි.
බැකෝ සමන් විදේශගතව සිටියදී වරායෙන් නිදහස් කළ කන්ටේනර් දෙකක් ඇති බවත්, එය භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් සම්පත් මනම්පේරි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඒ අනුව තමා එම කන්ටේනර් දෙක මිද්දෙණියට රැගෙන ආ බව ද ඔහු පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය
පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය සම්බන්ධයෙන් ද සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ ද සේවයේ නිරතව සිට ඇත. රවිරාජ් ඝාතනයට ඔහු හසුවන්නේ යහපාලන ආණ්ඩුව සමයේදීය.
ශ්‍රී ලංකා පොදු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයකුගේ සමීපතමයෙක් ලෙස ද කටයුතු කර ඇති මොහු ගංජා ජාවාරමට ද සම්බන්ධව සිට ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී ඇත.
පසුගිය කාලයේ සැඟවී සිටින අතරතුර මන්නාරමේ කේරළ ගංජා ජාවාරම්කරුවකුගේ සහායෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා යෑමට ද මොහු සූදානම් වී ඇති බවට සැක කරන තොරතුරු අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහුට සහාය දීමට ඉදිරිපත් වී ඇතැයි පැවසෙන්නේ විදෙස්ගතව සිටින දරුන් නමැත්තා විසින් බව ද සඳහන්ය.
(ගයාන් කුමාර වීරසිංහ)
නේපාලයේ පැවති විරෝධතා හේතුවෙන් එරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.
එරට සංචාරක පැමිණීම් සියයට 30කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කාර්යබහුල සංචාරක මධ්‍යස්ථානයක් වන කත්මණ්ඩු හි තාමෙල් සංචාරක කලාපයේ සාප්පු, අවන්හල් පාළුවට ගොස් ඇති අතර මෙම කාල සීමාව එරට සංචාරකයින් බහුලව පැමිණෙන කාලසීමාවක් වන අතර කදු තරණය සඳහා පැමිණෙන සංචාරකයින් එහිදී කැපී පෙනේ
අරගලයේ මුවාවෙන් තමන් ගේ දේශපාලන අරමුණු ඉටු ගැනීම සඳහා එක ජීවිතයක් නැති කරමින් තරුණ පිරිසක් එල්ලුම් ගස් යවා, අවවාද උපදෙස් දී, ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් 'දැන් එන්න එළියට බහින්න; ගහන්න; අපි බලාගන්නම්' යැයි පැවසූ අය අද රජ වී සිටින බවත්, තරුණයෝ එල්ලුම් ගහට නියම වී ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ දූෂණ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ එම සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග යන දෙදෙනාට අද (23) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේ ය.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙයි.
ඔහු ජෙරුසෙලමේ ශුද්ධ වූ බටහිර ප්‍රාකාරය වෙත ගෞරව දක්වා තිබෙන අතර ඊශ්‍රාලය කටාර් රාජ්‍යයේ රැඳී සිටි හමාස් දේශපාලන නායකයින් ඉල්කක කර එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව ද සිය නොසතුට පළකර තිබියදී මෙම කලාපයේ සංචාරය කිරීම කැපී පෙනෙයි.
රූබියෝ මෙලෙස ඊශ්‍රායලය වෙත සංචාරය කරන්නේ ඊශ්‍රායල ප්‍රහාරය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අරාබි - ඉස්ලාම් නායක සමුළුවක් කටාර්හිදී පැවැත්වෙන පසුබිමකයි.
අරුණ ජයසේකර ඇමතිවරයා සම්බන්ධයෙන් පුද්ගලික ගැටලු නොමැති බවත් ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා බවත් ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වූ පසු එය ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු කරුණු කාරණා සභාගත කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
එසේම වින්දිතයන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදු නොවූ බැවින් ජිනීවාවල දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු වූ පවුලක පියකු සූම් තාක්ෂණය හරහා එක්ව ලංකාවේ ක්‍රියාත්මක පරීක්ෂණ හරහා කිසිදු සාධාරණයක් නොවූ බවට ප්‍රකාශ කර ඇති බවත්, මෙවැනි දේවල් රටට සුදුසු නොමැති නිසා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළ යුතු යැයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙන්ම රට තුළත් ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් අප පුවත්පතේ පළවූ ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
පුවත්පතේ පළ වූ පුවත් සම්බන්ධයෙන් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබීම හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනුම් දී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

