#newstube

  • අනාගතයේ දී හුස්ම ගන්නත් ආණ්ඩුවෙන් අවසර ගන්න වේවි - කුසල් පෙරේරා (වීඩියෝ)

    මේ තරමට ම තොරතුරු වසන් කරන ආණ්ඩුවක් මීට පෙර නොතිබූ බවත්, ආණ්ඩුව යන්නේ ශිෂ්ට සම්පන්න නොවන ගමනක් බැවින් අනාගතයේ දී හුස්ම ගැනීම සඳහා ද ආණ්ඩුවෙන් අවසර ගැනිමට අවශ්‍ය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.

  • අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීම: රටම කම්පනයට පත් කළ තීරණයක් - රවී කරුණානායක

    ශ්‍රී ලංකාවේ නූතන ආර්ථික ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක පරිච්ඡේදයක් වන, පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට මහ බැංකුව 2022 දී ගත් තීරණය පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යළි කතිකාවක් ආරම්භ කර තිබේ.

  • අනුර - ට්‍රම්ප් කතාබහක

    ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.

    එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි.

     

    TRUMP ANURA 20250927

  • අනුර කරුණාතිලක නාගරික සංවර්ධන ඇමති ධුරයෙන් ඉවත්කළේ තුම්මුල්ලේ ඉදිවන තට්ටු 40ක ගොඩනැගිල්ලට අනුමැතිය දීපු නිසාද?

    අමාත්‍ය අනුර කරුණාතිලකට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉවත් කොට අමාත්‍ය බිමල් රත්නායකට පැවරීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.

    බොහෝ පාර්ශ්වයන් අනාවරණ කරන්නේ තුම්මුල්ල ප්‍රදේශයේ හෝම්ලෑන්ඩ් ආයතනය විසින් ඉදිකිරීමට නියමිත තට්ටු 40කින් සමන්විත ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ නැමැති දැවැන්ත සුපිරි නිවාස සංකීර්ණය ඉදිකිරීමට අවසර ලබා දීම මේ සදහා බොහෝදුරට හේතුවන්නට ඇතැයි සැකකරන බවකි.

    තුම්මුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට තට්ටු 3කට වඩා වැඩි නිවාස ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අවසර ලබා නොදුන්නද හෝම්ලෑන්ඩ් ආයතනයට තට්ටු 40ක නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ලබා දීම ප්‍රශ්නසහගත බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

    ඒ අනුව ඔවුන් පසුගිය දිනෙක තුම්මුල්ල ප්‍රදේශයේදී අදාළ නිවාස ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණ.

    මෙවැනි පසුබිමක් යටතේ අනුර කරුණාතිලක අමාත්‍යවරයාගෙන් නාගරික සංවර්ධන අධිකාරිය කොට ඉවත්කරන්නට හේතු වන්නට ඇති බව බොහෝ පාර්ශවයන්හි මතය වී තිබේ.

    ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍ය බිමල් රත්නායකගේ විෂය පථයට එක්කිරීමට ජනාධිපතිවරයා පසුගිය සතියේ පියවර ගත් අතර මේ වනවිට රත්නායක විදේශගතව සිටි.


    රට ඉඳන් බිමල් ආ හැටියේ බරපතළ තීන්දු ගන්න ලැස්ති වෙනවද?


    සිය විදේශ සංචාරය නිමවා ලංකාවට පැමිණි සැණින් බිමල් රත්නායක මෙම සැකසහිත ගනුදෙනුවට සම්බන්ධ නාගරික සංවර්ධන අධිකාරියේ සියලු නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.

    එමෙන්ම මෙම නිවාස ව්‍යාපෘතියෙන් අගතියට පත්ව ඇති තුම්මුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව පසුගිය දිනෙක ජනාධිපතිවරයා, අගමැතිවරයා වෙත සහ ඇමැතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබූ අතර නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීම සදහා ප්‍රකට ජනාධිපති නීතීඥවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.

    මීට අමතරව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටද ප්‍රදේශවාසීන් කටයුතු කොට ඇති බවක් ආරංචිය.

    මෙසේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන්ම සොයාබලන ලෙස උපදෙස් නිකුත් තොට තිබියදීත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් නොගැනීම පසුපස ප්‍රබල දේශපාලන හස්තයක් හෝ ඉහළ නිලධාරීන් සිටින බවට සැකයක්ද ප්‍රදේශවාසීන් හට මතුව තිබේ.

    මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකර ඇති ලිපිය මතු පළවේ.


    colmb
    clmb
     
     
     
  • අනුර කුමාර කළ යුත්තේ කුමක්ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

    අයහපත් කාල ගුණ තත්වය වෙනස්වීම නිසා රටේ ජනතාව යම් තරමක පහසුවෙන් හුස්ම ගනිමින් සිටියද, එය දැනුණ පීඩනය අඩු වීමෙන් දැනුණ සතුටට වැඩි යමක් නොවේ.

  • අනුර කුමාර දිසානායකලාට සභ්‍යත්ව විඥානය ගෑවිලාවත් නැහැ - බෙංගමුවේ නාලක හිමි

    ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රත්‍යාලෝකනය 2025 පසු ගිය 13වන දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

  • අනුර කුමාර නැවත ජනපතිවරණයට ඉදිරිපත් වුනොත්...?

    "අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද...?" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.

  • අනුර ගහපු ගිවිසුම් චීනෙන් ඇවිත් මතක් කරයි

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙලේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් පසුගිය 24 දා සිදුවූ අතර එහිදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

  • අනුර ජනපතිතුමනි නයා දැක්ක ද...? - දිලිත් ජයවීර විමසයි

    සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර නයි කතාවක් කියමින් ඊයේ (10) පාර්ලිමේන්තුව දෙවනත් කර ඇත.

  • අනුර ජනාධිපතිව සිටින තාක්කල් ලංකාවට නොපැමිනෙන බව කීම අසත්‍යයක් - බැසිල් රාජපක්ෂ

    අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටින තාක්කල් තමන් ශ්‍රී ලංකාවට නොපැමිනෙන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ පැතිර යන ප්‍රචාරය සහමුලින්ම පදනම විරහිත අසත්‍ය ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

  • අනුර තීන්දුවකට සැරසෙයි

    දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.

  • අනුර දාපු නෝන්ඩියට සජිත් උත්තරයක් දෙයි!

    අනේ Please කියා ජන ජීවිත විහිලුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

  • අනූෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

    හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින්  අත්අඩංගුවට ගෙන තිබේ.

  • අනෝමා රාජකරුණාගේ 'හූනා ලැග්ග බාල්කේ’ කවි එකතුව සහෘදගත කිරීම සහ කවි සැඳෑව දෙසැ: 20 

    'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ දෙවන කවි එකතුව 'හූනා ලැග්ග බාල්කේ' සහෘදගත කිරීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe - Institut) පැවැත්වේ. වසර 25කට පෙර පළ වූ ඇගේ පළමු කෘතිය වන ගෝත්‍රික ප්‍රේමය දෙවන මුද්‍රණය ද එදින එළිදැක්වීමට නියමිතය.

  • අනෝමා රාජකරුණාගේ ‘හූනා ලැග්ග බාල්කේ’ කාව්‍ය කෘතිය එළිදැක්වීම සහ කවි සැඳෑව අද සවස 3ට

    'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ ප්‍රකට කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ නවතම කාව්‍ය සංග්‍රහය 'හූනා ලැග්ග බාල්කේ' එළිදැක්වීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe Institut) පැවැත්වේ.

  • අඳුර වෙනුවට ආලෝකය සමගින් LTL Holdings හි 'LTLමනුස්සකම' මේ දක්වා  අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    LTL Holdings යනු මෙරට විදුලි බල ක්ෂේස්ත්‍රයේ සුවිශේෂී සේවාවක් සපයන, නිරන්තරයෙන්ම රටේ ජනතාව අඳුරෙන් ආලෝකයට ගෙන ඒමට දිවා රෑ කැපවෙන සමාගමකි.

  • අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දීර්ඝ කාලීන මහා වංචාව පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට

    සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දීර්ඝ කාලීන මහා වංචාව පිළිබඳව තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරී කැළුම් අමරසිංහ විසින් සමගි ජන බලවේග පාලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන හට භාර දෙන ලදී.

  • අපදා තත්ත්වය ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරති

    ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම මෙන් ම ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

  • අප්‍රේල් 1 සිට විදුලි බිල ඉහළට

    2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතික තීරණයක් ගෙන තිබේ.

  • අපාදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කරයි

    අය වැය චක්‍රලේඛ අංක 08/2025 (i) යටතේ මුදල්, ක්‍රම සම්පාදන, සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, අපාදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් චක්‍රලේඛය නිකුත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න