පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV ) විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටලු සහ ඉදිරියේදී සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව මෙහි දී සාකච්ජාවට ලක්විය.
ප්‍රවාහන හා මාර්ග කටයුතු සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු පහසු කිරීම හා නිසියාකාර කිරීම උදෙසා වන දිස්ත්‍රික් කමිටුවක් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. එහි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න පත් කෙරිණි.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
''කැබිනට් මණ්ඩලයේ එකගතාවක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යාංශවල දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අප අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීම අද දින පැවැත්වුණා. අනුරාධපුර මල්වතු ඔය පාලම පටුයි. එම නිසා අද එම පාලම වැඩි දියුණු කිරීමටත් මාර්ගය අලුත්වැඩියා කිරීමටත් මුදල් ලබාදීමත් කළා. ඒ වගේම ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමටත් රුපියල් මිලියන 250ක් වෙන් කළා.''
(lankadeepa | දයාරත්න ඇඹෝගම)
සමාජ භීතිය කියන දේ සමාජයේ බොහෝ දෙනා අතර අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන්.

ඔක්තෝම්බර් 01 දින සිට SVAT (සරල කරන ලද එකතුකළ අගය මත බදු) ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව සහ ක්‍රමවත් ස්වයංක්‍රීය VAT ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීමට එරෙහිව වානිජ මණ්ඩල 3ක් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික වානිජ මන්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වානිජ මන්ඩලය යන ආයතන මෙලෙස අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ගොනුකර ඇත.
ආයෙත් Mohan Raj Madawalaගෙ Toxic කෘතිය ගැන පාඨකයන් අතර කතාබහක් ඇතිවෙලා තියන නිසා සහ ඒවයෙ පාඨකයන් පළකළ අදහස් කියවල බැලුවම මට toxic කෘතිය ගැන පෙර කියවන්නෙක් ලෙස මම පළකළ අදහස්වලට වැඩිදුර අදහස් කිහිපයක් එකතු කරන්න ඕන කියල හිතුවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
Uber සහ PickMe යනාදි ආයතන වෙත සේවා සපයන පිරිස ගේ ගැටලු පිළිබඳව රාජ්‍යය මැදිහත් විය යුතු යැයිදේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට විදේශ ප්‍රතිපත්තිය විනාශකාරී අන්දමින් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධව තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ යෝජනා සම්මතය පිළිබඳ දිලිත් ජයවීර සිය X අවකාශයේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බැඳී සිටින ඔවුන් මිලියන 22ක් වූ ජනතාවට ඒ පිළිබඳ වහා සැපයිය යුතු අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා මත පදනම් වූ යෝජනාවට පක්ෂව මිතුරු රටවල් පවා අදහස් දැක්වීම කම්පනයට පත්වන පාවාදීමක් බව ද ඔහු සිය X ගිණුමේ සටහන් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අපේ ජාතියේ ප්‍රමුඛතාවන් හෑල්ලුවට ලක්වීම වත්මන් රජයේ දුර්වලතාව හා අසමත්භාවය ප්‍රදර්ශනය කිරීමක් බවත් සිය සටහන මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
දිලිත්ගේ X සටහන

ජනරජය යනු: ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය වුව ද USA ව්‍යාපෘතියෙන් ලෝකයේ රටවල් තුළ නීති ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් ගේ ධාරිතා සංවර්ධනය කර එම පිරිස: ව්‍යවස්ථාදායකය, විධායකය සහ ජනතාවටත් වඩා විශාල බලයක් සහිත කණ්ඩායමක් ලෙස සූදානම් කරන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර තිබේ.
මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබන මස 09 වැනිදා දක්වා අයැදුම්පත්‍ර යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පාසල් අයැදුම්කරුවන් විදුහල්පති මගින් අයැදුම්පත්‍ර යොමු කළ යුතු ය.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk. වෙත පිවිස අයදුම්පත්‍ර යොමු කළ යුතුයි
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන පෙබරවාරි මාසයේ පැවැත්වේ.
චෝදනාවන්ට ලක් වූ අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
හිටපු අමාත්‍ය ටිරාන් අලස් විසින් කරනු ලැබ ඇති අක්වෙරළ අයෝජන දෙකක් පිළිබඳව ''ජන අරගල සන්ධානය'' අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
විනිමය පනත උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් දූපතේ Bahama Ventures Limited සහ Bromption Propertiesහි පිළිවෙළින් බ්‍රිතාන්‍යය පවුම් 1,550,000ක් සහ 1,400,100ක අයෝජන සිදු කර ඇතැයි ඔක්තෝබර් 14 වන දා ජන අරගල සන්ධානය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංසදය (ICIJ) මගින් 'පැන්ඩෝරා පත්‍රිකා' හරහා ද මෙම අයෝජන පිළිබඳ හෙළි කර ඇති බව ද එම පැමිණිල්ලේ දැක්වේ.
පැමිණිලි දාලා මගහරිනවා ..
''ජන අරගල සන්ධානයේ'' පැමිණිල්ල සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කල විමසීමකදී හිටපු අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ, අදාළ චෝදනා සම්බන්ධ ඕනෑ ම විමර්ශනයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි..
දුමින්ද නාගමුව මීට ඉහතදී තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මෝල්ටාවේ අයෝජන කර ඇති බව පැවසූ බවත් ඔහු ඊට එරෙහිව කරන ලද පැමිණිල්ල ද මගහරින බවත් හිටපු ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත පවසා ඇත.
"එක පාරක් ඔය දුමින්ද නාගමුවමනේ ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා කිව්වේ ජනාධිපති අනුර දිසානායකයි, මායි එකතු වෙලා මෝලාටාවේ සල්ලි දැම්මා කියලා. ඒකට CID එකට මම කම්ප්ලේන් කෙරුවා. CID එකෙන් එන්න කිව්වා ම පැත්ත පළාතේ ආවේ නෑ. අන්තිමට CID එක උසාවියට ෆැක්ට්ස් රිපෝර්ට් කෙරුවා මෙයා එන්නේ නැහැ කියලා. ඒ වගේ කතා තමයි ඔය, ඕවා මම ගණන් ගන්නේ නැහැ. ඕවට මම උත්තර දෙන්නෙත් නැහැ," යැයි ද හිටපු අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල වෙත පවසා තිබේ.
මීට පෙර අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්ව යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ව්‍යාපාරයක් පවත්වා ගෙන යන බව 2023 අගෝස්තු මාසයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.
ඒ ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිවයි.
වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කර තිබු අතර එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පසුගිය 4 වනදායින් ආරම්භ කළේය.
අදට දින 11 ගත වුවද සිය ගැටලු වලට බලධාරීන් විසදුම් ලබා දීම හෝ සාකච්ඡාවක් ලබා දීමට පවා අපොහොසත් වී ඇති බවත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරන බවත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටි.
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සියලුම සාමාජිකයින්ගේ හදිසි මහා සභා රැස්වීමක් හෙට (15) පස්වරු 3:00 ට කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ.
අකුරේගොඩ දී ඝාතනය කළ නීතිඥවරයා ඉලක්ක කරගනිමින් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණ බවත්, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළ කර තිබෙන බවත් සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් පැවසී ය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීම පසුගිය (10) දා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක ගේ මූලිකත්වයෙන් සිදුකර තිබූ අතර එම සමාගම වසා දමන බවට ඇතැම් පාර්ශව අසත්‍ය ප්‍රචාර රැගෙන ගිය ද වත්මන් රජයේ නිසි කළමනාකරණය සහ සේවකයන්ගේ කැපවීම මත සමාගම වඩාත් සුරක්ෂිත සේවාවක් ඉටුකරන බව එහි දී වැඩිදුරටත් කරුණු පැහැදිලිකර තිබිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා (Masato Kanda) අතර හමුවක් සිදුව තිබේ.
ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව තිබේ.
මේ සම්බන්ධව X පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ලැබීම තමන්ට සතුටක් වන බවය.
මෙම හමුවේදී අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, නවොත්පාදනය, සංවර්ධන සහයෝගීතාව සහ ධීවරයින්ගේ සුභසාධනය ඇතුළු පුළුල් පරාසයක සාකච්ඡා සිදුකළ බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සටහනේ සඳහන් කර තිබේ.
සමීප අසල්වැසියන් ලෙස අපගේ සහයෝගීතාවය දෙරටේ ජනතාවගේ සමෘද්ධිය මෙන්ම කළාපයේ සමෘද්ධිය සඳහා ඉමහත් වැදගත්කමක් ගනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

