ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන 'ෆිච් රේටින්ග්ස්' ශ්‍රී ලංකාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේ ලෙස කටයුතු කරන පානදුරේ ආනන්ද හිමි විසින් රචිත Forbidden Love of a Buddhist Monk නැමැති කෘතිය මෙම කෘතිය හැඟීම් නිසා ඇතිවෙන සිත් පීඩා, තමා තුළින්ම ජීවිතාවබෝධය ඇති කරගෙන නිදහස් වන ප්‍රායෝගික ආකාරය ජනගත කිරීම සඳහා ලියන ලද්දකි.
විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්, අංශාධිපතිවරුන් පත් කිරීම තවදුරටත් නවතා දමන්නේ නම්, තමන් එයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව Free Lawyers සංවිධානය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වන්නේ නම් අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක්.
රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටලු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීමක් වුවද, වත්මන් රජය හිතාමතාම එම වගකීම පැහැර හරිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය ප්‍රවාහන දීමනාව ඇතුළත් DAT දීමනාව වැඩිකිරීම, වෛද්‍යවරුන්ගේ අතිකාල පැය 120 ස්ථාවරකිරීම, 22/99 චක්‍රලේඛය ක්‍රියාත්මක කර වෛද්‍යවරුන්ටත් වාහන, ඉන්ධන ඇතුළත් පහසුකම ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ජනවාරි 22සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වේ.
පුද්ගලයින් හට ඇතිවන පපුවේ වේදනා සියල්ල ම හෘද රෝග හේතුවෙන් ම ඇතිවන පපුවේ වේදනා නොවේ යැයි වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහ පැවසී ය.
දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රාථමික විදම විය යුත්තේ 13% ලෙස නියම කිරීම IMF ආයතනයට සිදු වු විශාල වැරැද්දක් යැයි වෙරිටේ රිසර්ච් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවසී ය.
IMF කාර්ය මණ්ඩලය මේ වන විට සෑහීමකට පත්ව සිටින්නේ: දිත්වා සුලි කණාටුවෙන් පසු ලංකාව වැඩ කරන ආකාරය, බදු එකතු කිරීම, විදුලිබල මණ්ඩලය කොටස් කර විකිණිම සහ ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම යනාදි කටයුතු සම්බන්ධයෙන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇ. ඩොලර් බිලියන 4.1ක හානියක් සිදුව ඇති බවට වාර්තා වුව ද මීටත් වඩා හානි වි ඇති බැවින් මේ IMF ණය කොන්දේසි ලිහිල් කර ගැනීම වෙනුවෙන් රජයට කොන්දක් තිබිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්න ද ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුදය දක්වා අර්බුද රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMG කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක් සිදුව රැකවරණය අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා (16) තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ සයවෙනි වාරිකය ඉතා ඉක්මනින් නිදහස් කිරීමට එකඟතාවය පළ කළ බවත් ඒ අනුව සයවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් සති දෙකක් තුළ මෙරටට ලැබෙනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.
අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාව ගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු නො සතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මග පෙන්වී ය. 2019 ජනාධිපතිවරණයේ දී 3% පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම මුළුමනින් ම වෙනස් කළ ආකාරය මෙහි විග්‍රහ කෙරේ.
ලෝකප්‍රකට කොරියානු රූපලාවණ්‍ය කලාව (K-Beauty) පිළිබඳ වෘත්තීය දැනුම ලබාගනිමින් ජාත්‍යන්තර මට්ටමේ වෘත්තිකයකු වීමට සිහින දකින ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට දැන් ඒ සඳහා මහඟු අවස්ථාවක් උදාවී තිබේ.
කාල් මාක්ස් ගේ 208වන ජන්ම දිනය නිමිති කරගනිමින් පවත්වන විශේෂ සමරු උත්සවය මැයි මස 05වන දා (හෙට) සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
Lanka business tv අතිශයින් ජනාදරයට පත් "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව අති උත්කර්ෂවත් අන්දමින් ලංකාදීප FT සමග එක්ව ව්‍යවසායකයින් ඇතුළු ආර්ථික දැනුම ලබාගැනීමට උනන්දුවන 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කලගෙඩිහේනේ The Glassgow හෝටලයේ දී පසුගියදා පැවැත්වුණි.
LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීන අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කර ඇති අතර, "LTL මනුස්සකම" (LTL Humanity) යන නව වැඩසටහන යටතේ ක්‍ෂණික සහය මෙන්ම දිගුකාලීන යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්න දෙකටම සහයෝගය දක්වනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

