මේ ආණ්ඩුවේ ඇමතිවරුන් වත්කම් හොයපු විදිය දැක්කම මතක් වෙන්නේ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යය යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සභාපතිවරුන් විසිතුන් දෙනෙකු ඉල්ලා අස්වී ගෙදර ගිය බව පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන් ගැන ජනතාවගේ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙමින් පවතින බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
''ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා''.- නලින්ද
මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශවල යම් අඩුපාඩු පැවතිය හැකි බවයි..
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේ, ඇතැම් මැති ඇමතිවරුන් තම දේපළවල සත්‍ය වටිනාකම් සහ වැටුප් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා නොදුන්නේ මන්දැයි මාධ්‍යවේදිනියක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ පිරවීමේදී විශාල තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කිරීමට තිබූ බවත්, යම් යම් වත්කම්වල වටිනාකම් සම්බන්ධයෙන් තිබිය හැකි අඩුපාඩු පසුව නිවැරදි කිරීමට අවස්ථාව ඇති බවත් ඔහු පැවසීය.
“මෙවර ගොඩක් විස්තර ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සමහර අඩුපාඩුකම් තියෙන්න පුලුවන්, මිල සම්බන්ධයෙන්, වටිනාකම් සම්බන්ධයෙන්. ඒවා නිවැරදිකර ගන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ තියෙන්නේ තමන්ට ඉදිරිපත් කළ හැකි සියලු වත්කම් පිළිබද ලේඛනගත කර තිබෙනවා. ඒවායේ තාක්ෂණික අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්.
වඩා වැදගත් දේ තමයි වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන එක. දැන් ඔබට බලාගන්න පුලුවන් ඒ වත්කම්වලට අදාළ වර්තමාන වෙළෙදපොළ වටිනාකම් කීයද කියලා. සමහර ඉඩම් මීට අවුරුදු දහය පහළොවකට කලින් ලැබුණු ඒවා හරි ගත්ත ඒවා හරි. ඒවායේ වර්තමාන මූල්‍ය වෙළෙදපොළ වටිනාකම් තක්සේරු කළ යුතුයි. ඒවා නිවරදි කරගන්න පුළුවන්. වඩා වැදගත් දේ තමයි අමාත්‍යවරු සහ රජය නියෝජනය කරන දේශපාලඥයින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට පත්කරලා හෙළිදරව් කරන එක”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා ක්ෂණික මූල්‍යකරණ පහසුකම (RFI) යටතේ මුදලක් ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
ඉතිහාසයේ දීර්ඝතම රජයේ අක්‍රියතාවය අවසන් කළ හැකි ගිවිසුමකට අමෙරිකානු සෙනෙට් සභිකයින් එකඟ වී තිබේ.
90 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කර ගනිමින් ඒකධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීමට දැරූ උත්සාහය යම් පමණකට සාර්ථක වී ඇමරිකාව ලෝක බලවතෙක් ලෙස නැගී සිටිය ද පවතින යුද වාතාවරණය තුළ ඇමරිකානු හෙජමොනිය බිඳ වැටී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පැවසී ය.
ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුව හොත් මුළු ලෝකය ම යළි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට හැකි යැයි උදය ගම්මන්පිල පැවසී ය.
ඇමරිකානු මැදිහත්වීම් තුළ ලෝක බලතුලනය වෙනස්කිරීමේ වැඩපිළිවෙලවල් කිහිපයක් 2026 ආරම්භයත් එක්කම දකින්න පුළුවන් වුණා. වෙනිසුවේලානු ජනාධිපති නිකලස් මදුරෝව ඇමරිකානු අත්අඩංගුවට පත්වුණා. ඔහු නිව්යෝක් නුවරටත් රැගෙන ගොස් අවසන්.
ඉදිරි වසර කිහිපය තුළ චීනය ලෝක ආර්ථික බලවතා විමට නියමිත බැවින් ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක ලෙස ඇමරිකාව මැදපෙරදිග කලාපයේ භූ දේශපානලන බලය මුළුමනින් ම ඔවුන් අතට ගැනීමට උත්සාහ කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.
අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාවට 4 වන එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාව පරිත්‍යාග කර තිබේ.
එමිලි ඩිකින්සන් දහනවවන සියවසේ වඩාත් ප්‍රබල කිවිඳියන්ගෙන් කෙනෙක්. ඩිකින්සන් ගැන සඳහන් නොකර කෙනෙකුට කවිය ගැන සිතිය නොහැකි තරම්.
ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වී ඇති අතර බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බව වාර්තා වෙයි.
ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් එම බංගලා දවසින් දවස ජරාවාස වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමති බංගලා වලට අමතරව පසුගිය කාලයේදී වසා දමා තිබූ ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය. එම ගොඩනැගිලි කාලයක් රජයේ නිලධාරීන් පාවිච්චි කළ ඒවාවේ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්නගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණයක් ගනු ඇති බවයි.
ඒ බංගලා ඇතුළු ගොඩනැගිලි සම්බන්ධයෙන් සියලු වාර්තා භාරදී අවසන් බවද ඔහු සඳහන් කළේය.
එසේම ඇමැති බංගලාවල යම් යම් අලුත් වැඩියා කිරීම් කරන බව අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ඇමැති බංගලා ලබාදෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පනහකට වැඩි ප්‍රමාණයක් ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
කොළඹ නගරයේ ඇති ඇමැති බංගලා සංඛ්‍යාව පනස් පහකි.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ )
පසුගිය කැබිනට් මාරුවෙන් පසු විදේශගතවූ අමාත්‍ය බිමල් රත්නායක පළමුවරට වේයන්ගොඩින් යළි කරලියට පැමිණියේය.
ගොඩනැගිල්ලක් බදු දීම සම්බන්ධයෙන් වූ සිදුවීමක් මුල්කරගෙන ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු ජවිපෙ නියෝජිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස දුන් නියෝගය පිළිබදව පාර්ලිමේන්තුවේ ඊයේ (24) පැවති දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී උණුසුම් කතාබහක් සිදුවිය.
අධිකරණ විනිසුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී ආණ්ඩුව දේශපාලන අවශ්‍යතාවයන්ට අනුව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරියකට ලබාදුන් ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එම විවාදයට මැදිහත් විය.
ජාතික කම්කරු කොංග්‍රසයේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අල්ලා ගත් ඇමැති වසන්ත සමරසිංහ ගැන නඩුව විභාග කළ නඩුකාරවරුන් දෙදෙනෙකුම මාරුකර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් එම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය මේ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීමට අවස්ථා දෙකක් නියෝග දුන්නද පොලිසිය එය මගහැර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරියට උසස්වීමක්දී ඇතැයිද සඳහන් කළේය.
ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම, සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන, අපනයන සහ විදේශ ප්‍රේෂණ මත රඳා පවතියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3කි.
2024 වසරේ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් වූ අතර, එම වසරේ ලද සමස්ත විදේශ ප්‍රේෂණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6කි.
විදෙස් ආයෝජන සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ සාකච්ඡා ඇති වූ අතර, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන වියදම ඉහළ යාම සහ පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් එහිදී අවධානයක් යොමු විය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සඳහා ඇති අවස්ථාව සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත්තේ, එවන් පසුබිමක ය.

විවෘත ආයෝජනයට සුදුසු පරිසරයක් ඇති කිරීමට රජයේ ආයතනික ධාරිතාව සීමාසහිත බව එම වාර්තාවේ දැක්වේ.
සමස්තයක් වශයෙන්, ව්‍යාපාර කිරීම දුෂ්කර බවත්, ව්‍යාපෘති ආපසු හැරවීම්, නියාමනය කිරීම් වෙනස්වීම, මන්දගාමී තීරණ ගැනීම සහ ස්ථාපිත ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොමැතිකම පිළිබඳ කනස්සල්ල නිතර මතු වන බවට ආයෝජකයන් වාර්තා කර ඇති බව ද එහි දක්වා තිබේ.
මේ එම වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 7කි.
1. අකාර්යක්ෂමතාව
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී අස්ථිර බවක් පෙන්නුම් කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන නමුත්, විවිධ අධිකාරීත්වයන් රජයේ විවිධ දෙපාර්තමේන්තුවලට බෙදී ගොස් ඇති නිසා සියලු කටයුතු එක් ස්ථානයකින් කර ගැනීමට හැකි ස්ථානයක් බවට ආයෝජන මණ්ඩලය පත්ව නොමැති බව ය. මේ නිසා ආයෝජකයන්හට දීර්ඝ අනුමත කර ගැනීමේ ක්‍රියාවලීන්ට මුහුණ දීමට සිදුව ඇති බව එහි දැක්වේ.
ලංකා විදුලි බල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රමාදය, කාර්මික වර්ධනයට සහය වීම සඳහා අවශ්‍ය දැරිය හැකි සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සංවර්ධනය කිරීම වළක්වන බව ද එහි දැක්වෙන අතර, ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද මීට පෙර පෙන්වා දී තිබේ.
මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති අතර, ඇතැම් වෘත්තීය සමිති එය පුද්ගලීකරණය කිරීමට ගන්නා උත්සහයක් ලෙස පවසමින් විරෝධතාවල නිරත වෙමින් සිටිති.

විදෙස් ආයෝජකයන්හට ඉඩම් අත්පත් කර ගැනීම සැලකිය යුතු අභියෝගයක් බව ද මෙම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සාමාන්‍යයෙන් විදේශිකයන්ට සහ 50% ඉක්මවන විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ව්‍යවසායන් සඳහා ඉඩම් විකිණීම තහනම් වේ.
2018 වසරේ ඉඩම් පනතේ සංශෝධනයක් මගින් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති විදේශීය සමාගම් සඳහා සීමිත ව්‍යතිරේක සහ උපායමාර්ගික අංශවල ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා එක් එක් අවස්ථාව අනුව යම් නිදහස් කිරීම් නිර්මාණය කර තිබේ.
2. ආයෝජන සහ බදු ගිවිසුම්
ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 26ක් සමග ආයෝජන ආරක්ෂණ ගිවිසුම් අත්සන් කර ඇති බව එහි සඳහන් වේ.

2014 දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා 2017 දී නතර වූයේ ගිවිසුමේ විෂය පථය සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන කාල රාමු පිළිබඳව දෙරටට එකඟ විය නොහැකි වූ නිසා බව එහි දැක්වේ.
3. නීතිය
ශ්‍රී ලංකාවේ නියාමන කටයුතු, යල් පැන ගිය නීති සහ අධික නිලධාරිවාදී පාලනය, ආයෝජකයින් සඳහා අවිනිශ්චිතතාවක් ඇති කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වේ.
එමෙන් ම කම්කරු නීතිවල ස්වභාවය, සංකීර්ණ බදුකරණය, ව්‍යාපාරවලට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට අපහසු කරන බව ඔවුහු පවසති.
යල් පැන ගිය නීති සහ අධිකරණ කටයුතුවලට දීර්ඝ කාලයක් ගත වීම අසාර්ථක ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට බාධා කරන බවත් විදේශ ආයෝජන අධෛර්යවත් කරන බවත් එහි දැක්වේ.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති සේවකයින් සඳහා ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන නමුත් ආයෝජකයින් හට ඒවා දැඩි නීති බව ද වාර්තාවේ දක්වා තිබේ.
4. කර්මාන්ත ප්‍රතිපත්ති
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය නිර්මාණය කරන ලද නමුත් ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා එහි නීතිමය රාමුව සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ තීරු බදු රහිතව ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප 18ක් ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, පුනර්ජනනීය බලශක්තිය වැනි සමහර අංශවල විදේශීය සහ දේශීය ආයෝජකයින්ට අසමාන සැලකීම් පවතින බව වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ශ්‍රී ලංකාවේ තීරණාත්මක අභියෝගයක් බව ද වාර්තාවේ දැක්වේ.
සංචාරක, ඇඟලුම්, තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු යන ප්‍රධාන අංශවල ශ්‍රමිකයන් සැලකිය යුතු ලෙස සංක්‍රමණය වීම නිසා එම ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන්ගේ සැලකිය යුතු හිඟයක් ඇති කර ඇති බව එහි දැක්වේ.
5. දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
ශ්‍රී ලංකාවේ දේපළ ලියාපදිංචි කිරීම දීර්ඝ ක්‍රියාවලියක් බවත්, බොහෝවිට ඒවායේ වංචාවන් සිදුවන බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 39ක් තුළ පියවර අටක් පමණ සම්පූර්ණ කිරීමට අවශ්‍ය බවත් වාර්තාවේ සඳහන් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විධිමත් ලෙස දේපළ හිමිකාරිත්වය සහ ආරක්ෂක අයිතිවාසිකම් ආරක්ෂා කරන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ආයෝජකයන් කනස්සල්ලට පත්ව සිටින බව ය.
තව ද, ප්‍රකාශන හිමිකම් සහ වෙළෙඳ ලකුණු නීතිය යටතේ ආරක්ෂා කර ඇති නමුත්, සීමිත සම්පත් සහ දුර්වල ආයතනික සම්බන්ධීකරණය හේතුවෙන් බලාත්මක කිරීමේ දුර්වලතා පවතින බව ද එහි සඳහන් ය.
6. මූල්‍ය අංශය
2024දී ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට විදේශ මුදල් ගලා ඒම් සහ ප්‍රාග්ධන බලමුළු ගැන්වීම් වැඩි වීමත් සමග සැලකිය යුතු වර්ධනයක් අත්විඳින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රමිකයින් සංක්‍රමණය වීම සහ විධිමත් මුදල් හුවමාරු මාර්ග ප්‍රවර්ධනය කරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් විදේශ ප්‍රේෂණවලින් සැලකිය යුතු අදායමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව එහි දැක්වේ.

මේ නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම විදේශ ආදායම බවට 2024 වසරේ පත්ව ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම වාර්තාවේ දක්වා තිබේ.
7. දූෂණය
රාජ්‍ය ප්‍රසම්පාදනයේ බොහෝවිට සිදුවන දූෂණය සහ දුර්වල විනිවිදභාවය හේතුවෙන් විශාල ආර්ථික පාඩු සිදුවී ඇති අතර, විශේෂයෙන් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන අධෛර්යවත් වී ඇතැයි වාර්තාව පවසයි.

දූෂණය මුලිනුපුටා දැමීමට සහ රජයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින බවත්, නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට ඇති බවත් එහි දැක්වේ.
කෙසේ වෙතත්, ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන තුළ තවමත් දූෂණය සිදුවන බව ය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකරුවෙකි.
2022 මූල්‍ය හා දේශපාලන අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු වී ඇතත්, IMF වැඩසටහන යටතේ ඉහළ යන බදු හේතුවෙන් මහජන විරෝධය මතුව ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙන තවත් විශේෂ කරුණකි.
ජීවන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, බොහෝ කුටුම්භ සඳහා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව ද ඔවුහු පවසති.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, එම ආයතනයේ ඉල්ලීම අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් කරුණු විමසා එහි සභාපතිවරයා වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කර තිබේ.
2025 වසරේ ශ්‍රී ලංකාවට නව විදෙස් ව්‍යාපෘති 55ක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ජනාධිපති මාධ්‍ය අංශය වෙත යවා ඇති ලිපියක ශ්‍රී ලංකාවට 2025 වසරේ හිමිව ඇති විදෙස් ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ.
එහි දැක්වෙන ආකාරයට 2025 වසර තුළ ගිවිසුම්ගත වූ නවතම ආයෝජන හරහා ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඍජු විදේශ ආයෝජන ගලා ඒම ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක් වන අතර, එම කාලය තුළ ම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හරහා පැමිණ ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 665.2කි.
ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සෘජු විදේශ ආයෝජන ගලා ඒම

එමෙන් ම පළමු මාස 09 තුළ ආයෝජන මණ්ඩලය විසින් නව ව්‍යාපෘති 55ක් සඳහා අවසර ලබා දී ඇති අතර, ව්‍යාපෘති 49ක් තවදුරටත් පුළුල් කර තිබේ.
එමෙන් ම, පළමු මාස 09 තුළ ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 55ක් සඳහා අවසර ලබා දී ඇති අතර, ව්‍යාපෘති 49ක් තවදුරටත් පුළුල් කර තිබේ.
ඒවා අතරින් වැඩි ම ව්‍යාපෘති සංඛ්‍යාවක් ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රයට හිමිව තිබේ.
එයට නව ව්‍යාපෘති 08ක් සහ තවදුරටත් පුළුල් කළ ව්‍යාපෘති 12ක් ඇතුළත් වේ.
මීට අමතරව දුරකතන හා සන්නිවේදන ජාල, කංසා ආශ්‍රිත නිෂ්පාදන, දේපළ සංවර්ධන හා ආහාර නිෂ්පාදන යන ක්ෂේත්‍ර සඳහා ද වැඩි ම ආයෝජන සිදු කර තිබේ.
2025 වසරේ පළමු මාස 09 තුළ අනුමත කර ඇති ව්‍යාපෘති අතරින් වැඩි ම ව්‍යපෘති සංඛ්‍යාවක් සිංගප්පූරුවෙන් ද දෙවනුව ඉන්දියාවෙන් ද හිමි ව තිබේ. එම සංඛ්‍යාව පිළිවෙළින් ව්‍යාපෘති 05ක් හා 04ක් වේ.
ඊට අමතරව චීනයෙන් ව්‍යාපෘති 3කට ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති 02කට ද, එක්සත් රාජධානියේ ව්‍යාපෘති 02කට ද අනුමැතිය හිමිව තිබේ.
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම්වලින් 2025 ජනවාරි සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ඇ.ඩො. මිලියන 5,604ක අපනයන සිදු කර ඇති අතර ඒ අතරින් ඇ.ඩො. මිලියන 3,394ක් ඇඟලුම් අපනයනයෙන් ලබාගෙන තිබේ.
(උපුටා ගැනීම - බීබීසී සිංහල)
ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (25) තීන්දු කළේය.
ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලබන කාන්තාවන් විසින් ලියන ලද පොත් නව තහනමක කොටසක් ලෙස තලේබාන් රජය විසින් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
"ෂරියා විරෝධී සහ තලේබාන් ප්‍රතිපත්ති" යන තේමාවට අදාළව පොත් 680ක් තහනම් කර ඇති අතර ඒ අතර "රසායනික විද්‍යාගාරයේ ආරක්ෂාව" වැනි මාතෘකා ඇතුළත් පොත් 140ක් පමණ ප්‍රමාණයක්ද මෙම තහනමට ඇතුළත් විය.
මෙම නියෝගය වසර හතරකට පෙර බලයට පත්වීමෙන් පසු තලේබාන්වරු ගෙන ආ සීමා මාලාවක නව සීමාවක් ලෙස වාර්තා වේ.
එමෙන්ම මෙම සතියේ පමණක් තලේබාන්වරුන්ගේ උත්තරීතර නායකයාගේ නියෝග මත පළාත් 10ක පමණ "ෆයිබර් ඔප්ටික් අන්තර්ජාලය" තහනම් කර ඇත.
මෙම තලේබාන් නීතිරීති කාන්තාවන් සහ ගැහැණු ළමයින් විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් කරන අතර ඔවුන්ට හයවන ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා අවසර තිබේ.
තවද විශ්වවිද්‍යාල විෂයයන් 18ක් තහනම් කර ඇති අතර එහිදී ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ කාන්තාවන්ය.
එනම් තහනම් කර ඇති විෂයයන් 18න් හයක් විශේෂයෙන් කාන්තාවන් පිළිබඳ වන අතර, ඒවාට ස්ත්‍රී පුරුෂ භාවය සහ සංවර්ධනය, සන්නිවේදනයේ කාන්තාවන්ගේ භූමිකාව සහ කාන්තා සමාජ විද්‍යාව යන විශයයන් මෙන්ම මානව හිමිකම් සහ ලිංගික හිංසනය ඉගැන්වීම ද තහනම් කර ඇත.
තලේබාන් රජයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යයන අධ්‍යක්ෂ සියුර් රහ්මාන් ආරියුබි, විශ්වවිද්‍යාල වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ "ආගමික විද්වතුන් සහ විශේෂඥයින්" මණ්ඩලයක් විසින් මෙම තීරණ ගෙන ඇති බවය.
Ada derana.lk
අද (30) ඇෆ්ගනිස්ථානය පුරා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා මුළුමනින්ම බිඳ වැටී ඇතැයි වාර්තා වේ.
තලිබාන් පරිපාලනය ඒ පිලිබඳ මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් ලබා දී නැතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
මීට පෙර මාර්ග ගත කාමුක දර්ශන හුවමාරුව පිලිබඳ එම සංවිධානය විසින් අනතුරු අඟවා තිබිණි. ඒ හේතුවෙන්, ඇතැම් ප්‍රදේශවල අන්තර්ජාල සබඳතා විසන්ධි කිරීමට ද පියවර ගැනිණි.
අදියරෙන් අදියර එරට අන්තර්ජාල සේවා විසන්ධි කෙරෙමින් ඇතැයි, ජාත්‍යන්තර නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
Afghanistan's cellphone, internet services down, monitoring shows
ඇෆ්ඝනිථානයේ රිච්ටර් මාපක 6.3ක භූ කම්පනයක් වාර්තා වේ. ඉන්, මේ වන විට, 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ.
ජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සිටි විශිෂ්ටතම ජනමාධ්‍යවේදියකු වූ ඉක්බාල් අතාස් අද අලුයම සිය දිවි සැරිය නිම කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

