#newstube

  • ආණ්ඩුවේ මඩ බලකාය ජොබ් එක හරියට කරන්නේ නෑ - මුජිබර්

    විපක්ෂයට මඩ ගහන්නට ආණ්ඩුව විසින් පත්කර තිබෙන මඩ බලකායට පඩි ගෙවන විට ඔවුන් හරියට හරියට "ජොබ් එක" කරලාදැයි හොයා බලා පඩි ගෙවන ලෙස ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්මේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

    තමා රටෙත් නැති මොහොතක තමා පැවසුවා යැයි කියා බොරු කතාවක් ආණ්ඩුවේ මඩ ෆේස්බුක් පිටුවක පළ කර තිබෙන බව කී මුජිබර් රහුමාන් මෙලෙස අතේ පත්තුවෙන බොරු කියන අයට පඩි ගෙවීම අපරාධයක් බව ද සඳහන් කළේය.

    තමා මේ මොහොතේ සිටින්නේ පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගී වීම සඳහා රටින්  බැහැරට පැමිණ බව කී රහුමාන් විරුද්ධ පක්ෂයේ සිටින අයට ආණ්ඩුව විසින් මඩ ගහන්න භාවිතා කරන හොර ෆේස්බුක් ගිණුමක් භාවිත කරමින් තමා නොකියූ දෙය සඳහන් කර ප්‍රචාරයක් යවා තිබෙන්නේ යැයි කීය.

     

    "ඔබතුමාලගේ ආණ්ඩුව රැක ගන්න ඔබතුමාලා මුදල් වියදම් කරලා පඩි ගෙවලා මඩ ගහන බොරු වපුරන ෆේස්බුක් ගිණුම් ගණනාවක් තිබෙනවා.ඒ ෆේස්බුක් කරන අයට පඩි ගෙවනකොට හොයලා  බලලා ගෙවන්න.

     



    මම රටෙත් නැති වෙලාවෙ මම කිව්වා කියා ප්‍රවෘත්ති පළ කළ විට ඒවා අතේ පැලවෙන බොරු බවට පත්වෙනවා. ඒ සල්ලි අපරාදෙ .ඔබතුමාලා ආවේ ඵලදායිතාව ඇති කරන්න නේ.ඒක නිසා මේ මඩ බලකායට පඩි ගෙවන කොට ඔවුන්  හරියට ජොබ් එක කරනවද කියලා හොයලා බලලා පඩි දෙන්න.

    ඔය මඩ බලකාය කරන්නේ තමුන්නාන්සේලාටත් බොරුවයි. තමුන්නාන්සේලාගෙන් පඩි ගන්න අපි මොකක් හරි කිව්වා යැයි බොරුවක් දාලා අන්තිමට ඒක අතේ පත්තු වෙනවා.

    මම ජනාධිපතිතුමාට කියන්නේ අපරාදෙ ඔබතුමාගේ මුදල් වියදම් කරන්න එපා යැයි මුජිබර් රහුමාන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.


    (අංජුල මහික වීරරත්න -lankadeepa)

     

  • ආණ්ඩුවේ හිත මිතුරන්ට භාණ්ඩාගාරය හිස් කරන්න දීපු ව්‍යාපෘතියක් ගැන සජිත් ගෙන් අනාවරණයක්

    මාලිමා ආණ්ඩුව, ක්ලීන් ශ්‍රී ලංකා යැයි පවසමින් තමන් ගේ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්නට අවස්ථාව සලසා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ආදරණීය දීපවෙල්වම් වෙත...

    අපි මහා ලොකු ළඟ ඇසුරක් නැතත්, අපේ ඇසුරේ ගැඹුර ගැන දශක කීපයක බැඳීම මහ බරක් බං මට.

  • ආදරණීය බංචි

    ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, ඔහුගේ මියගිය සුරතලා ගේ දෙවසර අනුස්මරණය කිරීම නිමිත්තෙන් දිවයින පුරා විසිරී සිටින වීථි සුනඛයන් හට ආහාර ලබා දීමේ වැඩසටහනක් ඊයේ (07) සංවිධානය කර තිබුණි.

  • ආදරය කියන්නෙ ලබා ගත යුතු දෙයකට වඩා දිය යුතු දෙයක් - සෙනුකි දිසානායක

    ආදරය යනු බලාපොරොත්තු වන දෙයකට වඩා දිය යුතු දෙයක් යැයි සෙනුකි දිසානායක පැවසුවා ය.

  • ආදරය කිරීමට අපහසු; එහෙත් අත්‍යවශ්‍යයෙන් ම කියවිය යුතු ''නව ජීවනය''

    "නව ජිවනය" (Resurrection) නම් කෘතිය බලාපොරොත්තු කඩවුණු මිනිස්සුන්ගේ ජිවිත ගැන නැවත ආපසු හැරී බැලීමක් සහිත බව දැන මීට පෙර මම නොසිටියෙමි. පොත අතට ගත් විට මම අපේක්ෂා කළේ අවසාන යුගයේ ටෝල්ස්ටෝයි, ධර්මවාදී, අනාගතවක්තෘ, තමා ලියූ සියලු ම ග්‍රන්ථ පවා ප්‍රතික්ෂේප කර, බෞතීස්ම ලත් අයකුගේ උද්‍යෝගයෙන් ක්‍රිස්තියානි අරාජිකවාදය වැලඳගත්, රැවුල් සහ කොණ්ඩය වවාගත් මහලු මිනිසකුගේ පෙනුමකි. නමුත් පොත කියවීමේ දී මට හමු වූයේ ඊට හාත්පසින් ම වෙනස් වූ ඊටත් වඩා භයානක දෙයකි. අසාධාරණයෙන් ඔබව සුවපහසු දුරස්තභාවයක තබා ගැනීමට ඉඩ නොදෙන, ඔබ නොසිතා ලාභ ලබන පීඩන පද්ධතීන්හි ඔබව පෞද්ගලිකව හිර කරන, මිදීම යනු දයාවේ මොහොතක් නොව, ඔබ කවුරුන්ද යන්න විනාශ කර, සෛලයෙන් සෛලය නැවත ගොඩනගන කුරිරු ජීවිත කාලීන ක්‍රියාවලියක් බව යෝජනා කරන, දරා ගැනීමට නොහැකි අමාරු පොතකි.   

  • ආධාර රැගෙන එන ලොරි පරීක්ෂා කරනවා යැයි පැතිරෙන පුවත බොරුවක්

    දකුණු පළාතේ සිට ආධාර රැගෙන එන ලොරි රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ බව සදහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය පුවතක් වන බවත්, එම සාවද්‍ය පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දන්වමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

  • ආධාර හෝ මුදල් ඉල්ලන ව්‍යාජ ප්‍රචාරවලට රැවටෙන්න එපා - බලශක්ති අමාත්‍ය ලේකම්

    බලශක්ති අමාත්‍ය කුම‍ාර ජයකොඩි ගේ ජායාරූපයක් ද භාවිත කරමින් ව්‍යාජව සකසන ලද වට්ස්ඇප් (WhatsApp)  අංකයක් හරහා දිත්වා සුළි කුණ‍ාටුවෙන් හානි වූ පාසල් සඳහා යැයි පවසමින් ආධාර සහ මුදල් එකතු කිරීමේ කූඨ උත්සාහයක් පිළිබඳව දැනගන්නට ලැබී ඇත.

  • ආනන්ද වක්කුඹුර සහෝදරයා සිය 85වන උපන්දිනය සමරයි

    ආනන්ද වක්කුඹුර සහෝදරයා පසුගිය දා සිය 85වන උපන්දිනය සැමරුවේය!

  • ආන්දෝලනයකට තුඩු දුන් 'දැති රෝදෙන් උපන් බුදුන්’ ලියූ ප්‍රවීණ සාහිත්‍යධර ටෙනිසන් පෙරේරා

    දීපචෙල්වන් ප්‍රදීපන් නම් දමිළ ලේඛකයාගේ සාහිත්‍ය කෘති හතරක් රේගුවේ සිරගතව තිබෙන මොහොතක මෙරට පළමු වරට තහනමට ලක්වූ සාහිත්‍ය කෘතිය රචනා කළ ප්‍රවීණ සාහිත්‍යවේදී ටෙනිසන් පෙරේරා පසුගිය 23 වන දින සිය ලිවිසැරියත්, දිවිසැරියත් අවසන් කළේ ය.

  • ආපදා කළමනාකරණය ගැන 10 ශ්‍රේණියේ සිංහල පොතෙන් ආණ්ඩුවට පාඩමක් !!!

    දැනට පාසල් වල භාවිතා කරන 10 වැනි ශ්‍රේණියේ  සිංහල පාඩම් පොතෙහි ආපදා කළමනාකරණය යනුවෙන් සුවිශේෂ පාඩමක් ඇත .

  • ආපදා කළමනාකරණය රටක සංස්කෘතියක් විය යුතුයි

    විපතක් සිදු වූ විට, රජයක පළමු වගකීම වන්නේ ජීවිත ආරක්ෂා කිරීම යි. එය කරන්නේ කෙසේ ද ,කළ යුත්තේ මොනවා ද යන්න පිළිබඳව ලොව පුරා ඇති ආදර්ශ තුළින් ගත හැකි පොදු පාඩම වන්නේ ඉක්මන් ප්‍රතිචාර, සම්බන්ධීකරණය සහ සන්නිවේදනය ඉතා වැදගත් වී ඇති බවයි.

  • ආපදා තත්ත්වයෙන් පසු දුම්රිය කිහිපයක් යළි ධාවනයට

    'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

  • ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දියාවෙන් ආධාර  

    පවතින ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා ඉන්දීය රජය සහ එරට ජනතාව විසින් සිදු කරන ලද ආධාර රැගත් ගුවන් යානයක් අද (29) අලුයම මෙරටට ළගා විය.

  • ආපදා නිසා දුම්රිය මාර්ගවලින් භාවිතයට ගතහැක්කේ 30%ක් පමණයි

    මෑත කාලීන සුළි කුණාටුවෙන් සිදු වූ හානියකින් පසුව මෙරට සමස්ත දුම්රිය මාර්ග පද්ධතියෙන් සියයට 30ක් එනම් කි.මී. 1,593න් කි.මී. 478ක් පමණක් භාවිතයට ගත හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

  • ආපදා ප්‍රදේශවල ඇති විශ්වවිද්‍යාලවල සිටින නේවාසික සිසුන් සුරක්ෂිතයි - උසස්පෙළ විභාගය කල් යයි

    මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කලමනාකරණය කරන බව  අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් ප්‍රකාශ කළේය.

  • ආපදා මරණ 132ක් දක්වා ඉහළට

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

  • ආපදා මරණ 474ක් දක්වා ඉහළට- 356ක් අතුරුදන්  

    දිට්වා සුළි කුණාටුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අතර ඒ හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 474ක් දක්වා ඉහළ ගොස් ඇත.

  • ආපදා මරණ ගණන 334ක් දක්වා ඉහළට: මිලියනයකට අධික පිරිසක් පීඩාවට

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ පස්වරු (නොවැම්බර් 30) 6ට නිකුත් කළ තත්ත්ව වාර්තාවට අනුව ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් අතර අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 370කි.

  • ආපදා මරණ ගණන 390ක් දක්වා ඉහළට - පුද්ගලයින් 352 දෙනෙකු අතුරුදන්

    ආපදා හේතුවෙන් සිදුවූ මරණ ගණන 390ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න