#newstube

  • ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය සංඛ්‍යාව 6,000 ඉක්මවයි

    2026 ජනවාරි මස අග වන විට ලැබෙන වාර්තා අනුව, ඉරානයේ පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය සංඛ්‍යාව 6,000 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඇතැම් ස්වාධීන වාර්තා මීට වඩා අති විශාල සංඛ්‍යාවක් පෙන්වා දෙයි.

  • ඉරානයේ සතුරු ඉලක්ක 15,000කට ඇමෙරිකාවෙන් ප්‍රහාර: මිසයිල සහ ඩ්‍රෝන බලය අඩපණ වෙයි

    පසුගිය පෙබරවාරි මස 28 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඉරානය තුළ පිහිටි සතුරු ඉලක්ක 15,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර සිටියි.

  • ඉල්ලුමට අනුව සැපයුමක් නෑ එළවළු මිළ ඉහළට? - රටින් ගෙන්න යයි !

    පැවති අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ එලවලු වගාව විනාශ වී ඇති බවත්, ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ එලවලු මිල ඉහළ යා හැකි බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් එස්.සනිද්දාසන් පැවසීය.

  • ඉෂාරා ඇතුළු කණ්ඩායම දිවයිනට රැගෙන එයි

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවයිනට රැගෙන ආවේය.

    ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූහ.

    ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.

    එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව ඇත.

  • ඉෂාරා සමග නේපාලයෙන් මතුවූ ඩුප්ලිකේට් ඉෂාරා කව්ද ?

    • මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා - පාතාලයේ තවත් 5ක් සමග කොටුවුණු සංජීව ඝාතනයේ මහ මොළකාරිය කියයි
    • පද්මෙගේ කල්ලියේ ‘ගම්පහ බබා’ ඕලුගලට ලක්ෂ 50ක කප්පමක් දී බේරී යෑමට හදලා
    • සමාන රූපයක් ඇති ‘චාවකච්චේරියේ තක්ෂිගේ’ නමින් පාස්පෝට් හදාගෙන ඉෂාරා යුරෝපයට පනින්න ඉඳලා
    • බෝට්ටුවකින් නේපාලයට ගෙන ගියේ ජේ.කේ. බායි
    • ඒ එස් පී ඕලුගලගේ දින 3ක නේපාල ක්‍රියාන්විතයක්


    “මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය.

    ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.

    මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

    Thundenaගම්පහ බබා - නුගේගොඩ බබී - ජැප්‍නා සුරේෂ්

    පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.

    නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා
        
    රාත්‍රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි

    Olugala 15.jpg 1පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.

    කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.

    Gihan    පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා

     නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන්   අනතුරුව මෙම මෙහෙයුම     සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට  පොලිස්පති   ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර   තිබිණි.

     ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය       වෙත ගොස් එරට පොලිසිය හමුවී මෙම මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කර ඇත.

     පසුව එරට පොලිසියේ ද සහාය ඇතිව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන් ඉෂාරා   සෙව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැඟවී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන   තිබේ.

     ඉෂාරා සෙව්වන්දි සැඟවී සිට ඇත්තේ කත්මන්දු නගරයේබක්තපූර් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුපිරි නිවසකය. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිල ගණනන් යටතේ කුලියට ලබාදී ඇත. 

    රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා නවාතැන් ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේය.

    එම නිවසේ සිට සිය මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ‘ජේ.කේ. බායි’ නැමැත්තා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.

    ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ ජේ.කේ. බායි නැමැත්තා විසින් බව පසුව හෙළිවිය.

    ජේ.කේ. බායි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානය නිවැරදිව හඳුනාගත් රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ ද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

    jk bai            ‘ජේ.කේ. බායි’  
    රොහාන් ඕලුගල මහතා දුටු සැණින් තුෂ්නිම්භූත වූ ඉෂාරා සෙව්වන්දි ‘ඕලුගල සර්!’ යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිටකර ඇත.

    එහිදී “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් පැවසූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල්බද්දර පද්මෙගේ මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනකු සහ කාන්තාවක පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

    එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.

    ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල්බද්දර පද්මේ ගේ කල්ලියේ ප්‍රධානියකු වූ ගම්පහ බබා නමැති පාතාල ප්‍රබලයා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගල මහතාට ලබාදී අත්අඩංගුවෙන් බේරී යෑමට උත්සාහ කළේය.

    එහෙත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

    මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තිය බව හඳුනාගෙන ඇත. ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන රූපයක් හිමි කාන්තාවකි.

    duplicatesewwandi ඩුප්ලිකේට් සෙව්වන්දි   

    පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ   ඡායාරූප  සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සක්ස්කර ඉෂාරා   සෙව්වන්දි ඇගේ නමින් යුරෝපයට පලා යෑමට සැලසුම්කර ගෙන සිටි බවයි.

     ජේ. කේ. බායි නමැති සැකකරු ඒ සඳහා සියලු සහාය ලබාදීමට ඉදිරිපත්ව සිට ඇත්තේ   කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මතය.

     කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු   ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යාර්ථ වූ බවද මේ වනවිට අනාවරණය වී ඇත.

     මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු අනුව   ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂරා සෙව්වන්දි දින කීපයක් තිස්සේ කොළඹ           අවට ප්‍රදේශ කීපයක කට්ටි පනිමින් සැඟවී සිට ඇත.

    පසුව ඇය මතුගම ප්‍රදේශයටත් එතැන් සිට මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටියාය.

    මිද්දෙණිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ජේ. කේ. බායි නැමැත්තා ඇය සමග එක්වී ඇත.

     

     


    සෙව්වන්දිට මිද්දෙණියේ සම්පත් මනම්පේරි ගේ සහාය ලැබුණේ ද ?

    සෙව්වන්දිට මිද්දෙණියේ සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතු වී තිබේ.

    පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාපනයට පැමිණි ජේ. කේ. බායි නැමැත්තා බෝට්ටුවක් මාර්ගයෙන් ඇය ඉන්දියාවට රැගෙන යෑමට කටයුතු කර ඇත.

    අපරාධකරුවන් නිත්‍යානුකූල නොවන මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටවල්වලට රැගෙන ගොස් ඇරලවීමේ කාර්ය සිය රැකියාව ලෙස කරගෙන යන ජේ. කේ. බායි නමැත්තා සෙව්වන්දි රටින් පැන්නීම සඳහා ද රුපියල් ලක්ෂ ගණනක මුදලක් පද්මේගෙන් ලබාගෙන තිබේ.

    ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ. කේ. බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇත. දින 06ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාල දේශ සීමා හරහා එරටට රැගෙන ගොස් ඇත්තේ තම සබඳතා පාවිච්චි කරගෙනය. පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ ජේ. කේ. බායි නමැති සැකකරු විසින් ය.

    ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් නියෝගයක් මතය.Ganemullaගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි

    පද්මේගේ කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කොමාන්ඩෝ සලින්ත විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබිණි. කොමාන්ඩෝ සලිඳු නමැති හිටපු කොමාන්ඩෝ සෙබළා විසින් ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කර තිබුණේ නීතිඥවරයකුගේ වෙස් ගෙන අධිකරණ ශාලාවට පැමිණීමෙන් පසුවය.

    මෙම ප්‍රහාරයේ මෙරට මෙහෙයුම් කාර්ය ලෙස කටයුතු කර තිබුණේ ඉෂාරා සෙව්වන්දීය. ඇය ද අධිකරණය වෙත පැමිණ සිටියේ නීතිඥවරියකගේ වෙස් ගෙනය.

    සති කීපයක් තිස්සේ කොමාන්ඩෝ සලිඳු සමග එකට සිටි ඉෂාරා සෙව්වන්දි ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මෙරට මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

    සංජීව ඝාතනය කිරීමෙන් පසු කොමාන්ඩෝ සලිඳු ඉන්දියාවට පලා යෑමේ අරමුණෙන් මන්නාරම ප්‍රදේශයට වෑන් රථයක යමින් සිටියදී පුත්තලම පෑලවිය ප්‍රදේශයේ දී පොලිසියට කොටු විය.

    එහෙත් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබුණේ නැත. ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා ගිය බව සංජීව ඝාතනයෙන් දින 17කට පසු ‘දිවයින’ පුවත්පත මගින් හෙළිකර තිබිණි.

    ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අවස්ථා කීපයකදීම ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සැලසුම් කර තිබිණි. සංජීව අත්තනගල්ල සහ ගම්පහ අධිකරණ වෙත රැගෙන එන අවස්ථාවලදී ඔහු ඝාතනය කිරීමේ සැලසුම් සකස් කර තිබුණේ ද ඉෂාරා සෙව්වන්දි විසින් ය.

    නේපාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ඇතුළු පිරිස මේ වනවිට එරට පොලිසිය භාරයේ රඳවා සිටිති.

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විමර්ශන පැවැත්වූහ.

    (හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන | Divaina) 

     

  • ඉෂාරාට සැඟවීමට ආධාර දුන් බෑනා හා නැන්දම්මා අත්අඩංගුවට

    සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාරිය 2025.10.16 වන දින හා සැකකරු 2025.10.17 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු වයස අවුරුදු 31 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 52 ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරු සැකකාරියගේ බෑණා වේ. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මෙම පුවතට අදාල වැඩිදුරටත් විස්තර :

     

    ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි

  • ඉසාක් බාබෙල් කියවන්න; 14 ගම්පහට එන්න

    සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මනෝ ප්‍රනාන්දුගේ 'රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකතා' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.

  • ඊජිප්තුවේ සුවිසල් නවීන කෞතුකාගාරයක් ඇරේ  

    ඊජිප්තුව හෙට (නොවැ. 01) සුවිසල් කෞතුකාගාරයක් විවෘත කරන්නේය. ගීසා පිරමීඩ පෙනෙන මානයේ, වර්ග කි.මී. 500,000 ක පරිශ්‍ර වපසරියක ඉදි කර ඇති එය,   ග්‍රෑන්ඩ් ඊජිප්තු කෞතුකාගාරය  (Grand Egyptian Museum) යනුවෙන් නම් කර  තිබේ.

  • ඊයේ ගාල්ලේ මොකද වුණේ...?

    ඊයේ (30) ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීම පැවති අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විරෝධය පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් මතුවිය.

  • ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි

    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැලසුම්කර තිබු ඉන්දීය සංචාරය අවලංගු කර තිබෙන අතර ඔහු මේ වසර අගදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම් කර තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

  • ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් මිනිස් පලිහක් කරලා?

    ගාසා යුද්ධයේදී ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් මිනිස් පලිහක් ලෙස යොදා ගත් බවට  එක්සත් ජනපදය සතුව බුද්ධි තොරතුරු ඇතැයි, එරට හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු  උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.

  • උණුසුම් වන කාලගුණය

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.

    අද (15) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (16) දිනය දක්වා වලංගු වේ.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් “අවධානය යොමු කල යුතු” මට්ටමක උණුසුම් දර්ශකය පැවතිය හැකි බවද එහි සඳහන් වේ.

  • උතුරු කොරියාව ඉරානයේ නව උත්තරීතර නායකයාට සහය පළ කරයි

    ඉරානයේ නව උත්තරීතර නායකයා (Supreme Leader) ලෙස මෝජ්තබා කමේනි (Mojtaba Khamenei) පත් කිරීමට ගත් තීරණයට උතුරු කොරියාව සිය පූර්ණ සහයෝගය පළ කර තිබේ.

  • උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් විදී

    උතුරු කොරියාව අද (07) බැලස්ටික් මිසයිලයක් මුදාහළ බව දකුණු කොරියාව පවසයි.

  • උපත් අනුපාතය ඉහළ නංවන්න චීනයෙන් කොන්ඩම් බද්දක්

    කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා 13%ක බද්දක් පැනවීමට චීන රජය තීරණය කර තිබේ.

  • උපසභාපති ඝාතන සැකකරු අයිස් එක්ක කොටු!

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

  • උප්පැන්න සහතිකයක් දෙන්න බැරි රටේ මොන ඩිජිටල් ද...? - Ideas front වීඩියෝවක්

    ලංකාව ඩිජිටල්කරණයට ලක් කරන බව පැවසුව ද උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීම පවා අසීරු තත්ත්වයක පවතින්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • උවිඳු කලින් ම ඇඟ බේරාගෙන පැන්නා-  භාරත අනුර වෙනුවෙන් තනිව ම සටන් කරනවා |  (එරන්ද ගිනිගේ)

    භාරත තෙන්නකෝන් නමැත්තා උවිඳු කුරුකුලසූරිය නමැත්තාට සාපේක්ෂව හොඳ මිනිහෙක්.

  • උසස් අධ්‍යාපනයට කුඩම්මාගේ සැලකිලි ද...? - නාමල් රාජපක්ෂ විමසයි (වීඩියෝ)

    වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරිය වන හරිණි අමරසූරිය එකල අධ්‍යාපනය වෙනුවෙන් 06% ලබා දිය යුතු යැයි ඉල්ලමින් උද්ඝෝෂණය කළ ද ඔවුන්ගේ ආණ්ඩුව මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදලින් අඩක් කපා හැර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.

  • උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න