ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුව ම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.
මේ වන විට පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරිම සඳහා රජය QR කේතයක් හදුන්වා දී ඇති බවත් ඇතැම් වාහන හිමියන් පොලිමෙන් පිට පැමිණ ඉන්ධන ලබාගැනිමට උත්සාහ කරන බවත් ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබේ.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත්, රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීමත් හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇත. එබැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ඉන්ධන හිඟය පවතින අවස්ථාවක දී එයට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න පිළිබදව අපි රටක් ලෙස පෙර පුහුණුව ලබා ඇති බැවින් ඒ සඳහා සුව පහසු (Comfortable) ලෙස මුහුණ දිය යුතු යැයි සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන් ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසී ය.
ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ එහි වාන් දොරටු විවෘත කර තිබේ.
ඉරානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ එරට ප්‍රබල ආරක්ෂක ප්‍රධානියෙකු වන අලි ලාරිජානි (Ali Larijani), ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් (Israel Katz) අද (අඟහරුවාදා) ප්‍රකාශ කළේය.
ඊශ්‍රායලයට සෙසු රටවල් ආක්‍රමණය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසා තිබේ.
අසල්වැසි රාජ්‍යන්ගේ භූමි ප්‍රදේශ ද ඇතුළත් වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි පැවසෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ 'ග්‍රේට(ර්) ඊශ්‍රායල් ' හෙවත් ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම් සැලසුම හෙළා දකිමින් ඔහු මේ බව පවසා තිබෙන්නේ චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
අමෙරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීම ද ඉරාන ජනපතිවරයාගේ විවේචනයට ලක්වූ අතර ඊශ්‍රායලයේ මෙම නීතිවිරෝධි, අසාධාරණ සහ අමානුෂික ක්‍රියා සම්බන්ධව සෙසු රටවල් නිහඬව සිටිය යුතු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.
එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය ද එහිදී ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
එක්සත් ජනපදය, ඉරාන ජාතිකයින් 100 දෙනකු පිටුවහල් කළ බව නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත අද (30) නිවේදනය කළේය.
ඒ පිලිබඳ ඉරාන බලධාරීන් හා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජනපදය විසින් එම පියවර ගෙන තිබේ.
විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන් ඊයේ (29) ලුසියානා (Louisiana) ගුවන් තොටුපොලින් පිටුවහල් කෙරිණි. කටාර් රාජ්‍යය හරහා ඔවුන් අද දින ඉරානය වෙත ලඟා වීමට නියමිතය.
එම ඉරාන ජාතිකයින්ගේ අනන්‍යතා සහ ඔවුන් එක්සත් ජනපදයට පැමිණීමට හේතු වූ නිශ්චිත කරුණු අනාවරණය කරගැනීමට අපහසු වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/30/2025
US deports 100 Iranians after deal with Tehran, NYT says
ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට පහසුකම් සැලසූ සමාගම් දෙකක් ඇතුළු ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ නැව් 50 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා සම්බාධක පැනවූවේය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇති සමාගම් දෙක වන්නේ ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී (Slogal Energy DMCC)
සහ මාර්කන් වයිට් ට්‍රේඩිං (Markan White Trading Crude Oil Abroad Co. L.L.C) යන සමාගම්ය.
එලෙස සම්බාධක පනවමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ මෙම පාර්ශව ඉරානයට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් උපයා දීමට වක්‍රාකාරයෙන් දායක වී තිබෙන බවත් ඉරාන තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාම අඩපණ කිරීම සඳහා ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට සම්බාධක පනවන බවත්ය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව චීනයට සම්බන්ධකම් ඇති ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං යන සමාගම් ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට සපයා ඇත.
එම සමාගම් දෙකට සම්බාධක පැනවීම මගින් මෙරට ආනයනකරුවන්ට සිය ඇණවුම් ලබාගැනීමේදී ප්‍රමාදයකට හෝ පිරිවැය ඉහළ යාමකට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඉන් සැපයුම්දාමයට බාධා එල්ල වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
රාජ්‍ය දෙපර්තමේන්තු වාර්තාවට අනුව පසුගිය වසරේදී මාර්කන් වයිට් ට්‍රේඩිං සමාගම ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී හරහා ඩොලර් මිලියන ගණනක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මෙරට අලෙවි කිරීමට හා නැවුගත කිරීමට පහසුකම් සපයා ඇත.
පසුගිය වසරේදී සහ මෙම වසරේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙනුවෙන් ස්ලෝගල් එනර්ජි සමාගම ඩොලර් මිලියන ගණනක ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් මිලදී ගෙන ඇති බවත් ඒවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත ළඟාවී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං වෙත ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පැනවූ සිවුවැනි අවස්ථාව මෙය වෙයි.
( විමුක්ති එස් රුද්‍රිගු - lankadeepa )
ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ දී ඉරාන නැවකට පහර දී ඇත්තේ අප ගේ මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධ මුහුදු සීමාවක ද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර පිළිබඳ රජය මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අගය කරන බව නාමල් රාජපක්ෂ පැවසී ය.
ගත වූ කාලයේ ඉරාන ඇමෙරිකානු ඊශ්‍රායල් යුද්ධය සඳහා වැය වී ඇති මුළු මුදල (ඇමෙරිකානු පාර්ශ්වයෙන්) ඇමෙරිකානු ඩොලර් කෝටි 3300 (බිලියන 33) පමණ වන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ යුද තොරතුරු විමර්ශකයෝ පවසති.
ඉන්දියානු කොඩිය යටතේ කිසිදු ගැටලුවකින් තොරව හෝමුර්ස් සමුද්‍ර සන්ධිය පසු කළ හැකි යැයි ඉරාන නිවේදනය කර ඇතැයි Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා පැවසී ය.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ ය.
ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෑතකදී දියත් කරන ලද හමුදාමය ක්‍රියාමාර්ගයට එරෙහිව අපි අද සාමූහිකව නැගී සිටිමු.
ඉරානයේ ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනි ගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහු ගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව ඇති බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

