ගත වූ කාලයේ ඉරාන ඇමෙරිකානු ඊශ්‍රායල් යුද්ධය සඳහා වැය වී ඇති මුළු මුදල (ඇමෙරිකානු පාර්ශ්වයෙන්) ඇමෙරිකානු ඩොලර් කෝටි 3300 (බිලියන 33) පමණ වන බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ යුද තොරතුරු විමර්ශකයෝ පවසති.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාපති අලිරේසා තංසිරි (Alireza Tangsiri) බරපතළ තුවාල ලැබීමෙන් පසු මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය අද (30) තහවුරු කළේය.
ඉන්දියානු කොඩිය යටතේ කිසිදු ගැටලුවකින් තොරව හෝමුර්ස් සමුද්‍ර සන්ධිය පසු කළ හැකි යැයි ඉරාන නිවේදනය කර ඇතැයි Advocata Institute සහකාර කළමනාකරු (සන්නිවේදන) ජනත් පෙරේරා පැවසී ය.
ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතුව තවත් ඉලක්ක “3,554ක්” ඉතිරිව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර පසුගිය සති හයක් පුරා පැවති දරුණු ගැටුම් තාවකාලිකව නතර කරමින් දින 10ක සටන් විරාමයකට දෙපාර්ශවය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේ ය.
ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් මෑතකදී දියත් කරන ලද හමුදාමය ක්‍රියාමාර්ගයට එරෙහිව අපි අද සාමූහිකව නැගී සිටිමු.
ඉරානයේ ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනි ගෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහු ගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරී පත්ව ඇති බව වාර්තා වේ.
2026 ජනවාරි මස අග වන විට ලැබෙන වාර්තා අනුව, ඉරානයේ පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී මියගිය සංඛ්‍යාව 6,000 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඇතැම් ස්වාධීන වාර්තා මීට වඩා අති විශාල සංඛ්‍යාවක් පෙන්වා දෙයි.
පසුගිය පෙබරවාරි මස 28 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඉරානය තුළ පිහිටි සතුරු ඉලක්ක 15,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ප්‍රකාශ කර සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස පත්වූ සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සජබ පක්ෂ කළමනාකරණ කමිටුවෙන් සහ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස් වී ඇත.
පැවති අයහපත් කාලගුණයෙන් නුවරඑලියේ එලවලු වගාව විනාශ වී ඇති බවත්, ඒ අනුව ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ එලවලු මිල ඉහළ යා හැකි බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් එස්.සනිද්දාසන් පැවසීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර දිවයිනට රැගෙන ආවේය.
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූහ.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉෂාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.
එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව ඇත.
“මට හිතුණ කවද හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 07ක් තිස්සේ නේපාලෙ හිරවෙලා ඉඳලා මට ඇතිවෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහුවෙන නිසා මෙහෙට වෙලා හිටියා” යැයි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කියා සිටියාය.
ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ගම්පහ බබා - නුගේගොඩ බබී - ජැප්‍නා සුරේෂ්
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් දින තුනක් තිස්සේ නේපාලයේ කළ වැටලීමකදී මෙම පාතාල කල්ලිය කොටුකර ගැනීමට හැකි විය.
නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එහි නිලධාරීන් සමග ගිය රොහාන් ඕලුගල මහතා පෙරේදා
රාත්‍රියේදී මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ඉකුත් සෙනසුරාදා (11 වැනිදා) සිටය.
කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කිරීමේදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය හඳුනාගැනීමට පොලිසිය සමත් වී ඇත. මෙම මෙහෙයුම රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.
පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා
නේපාල පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම මෙහෙයුම සඳහා ඔවුන්ගේ සහාය ලබාගැනීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබිණි.
ඒ අනුව රොහාන් ඕලුගල සහ ගිහාන් ද සිල්වා මහත්වරුන් නේපාලයේ කත්මන්දු නගරය වෙත ගොස් එරට පොලිසිය හමුවී මෙම මෙහෙයුම පිළිබඳව සාකච්ඡා කර ඇත.
පසුව එරට පොලිසියේ ද සහාය ඇතිව මෙහෙයුම ආරම්භ කළ පොලිස් නිලධාරීන් ඉෂාරා සෙව්වන්දි සහ සෙසු පාතාල අපරාධකරුවන් සැඟවී සිටින ස්ථාන නිවැරදිව හඳුනාගෙන තිබේ.
ඉෂාරා සෙව්වන්දි සැඟවී සිට ඇත්තේ කත්මන්දු නගරයේබක්තපූර් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුපිරි නිවසකය. පැරණි නගරයක් වූ මෙම ප්‍රදේශයේ සුපිරි නිවාස ඉහළ මිල ගණනන් යටතේ කුලියට ලබාදී ඇත.
රොහාන් ඕලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා නවාතැන් ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසට යාබද නිවසේය.
එම නිවසේ සිට සිය මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා ලෙස කටයුතු කළ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ‘ජේ.කේ. බායි’ නැමැත්තා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.
ඉෂාරා සෙව්වන්දි ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් පසුව එතැන් සිට නේපාලය දක්වා දුම්රියෙන් රැගෙන ගොස් ඇත්තේ ජේ.කේ. බායි නැමැත්තා විසින් බව පසුව හෙළිවිය.
ජේ.කේ. බායි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි සිටින ස්ථානය නිවැරදිව හඳුනාගත් රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ ද සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
‘ජේ.කේ. බායි’
රොහාන් ඕලුගල මහතා දුටු සැණින් තුෂ්නිම්භූත වූ ඉෂාරා සෙව්වන්දි ‘ඕලුගල සර්!’ යැයි කියමින් දිගු හුස්මක් ගෙන පිටකර ඇත.
එහිදී “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් පැවසූ රොහාන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරිනියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී කෙහෙල්බද්දර පද්මෙගේ මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනකු සහ කාන්තාවක පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ ඉන්පසුවය. නේපාලයේ කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ.
ඔවුන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි සිටි කෙහෙල්බද්දර පද්මේ ගේ කල්ලියේ ප්‍රධානියකු වූ ගම්පහ බබා නමැති පාතාල ප්‍රබලයා රුපියල් ලක්ෂ 50ක අල්ලස් මුදලක් රොහාන් ඕලුගල මහතාට ලබාදී අත්අඩංගුවෙන් බේරී යෑමට උත්සාහ කළේය.
එහෙත් ඒ සියලු යෝජනා ප්‍රතික්ෂේප කළ රොහාන් ඕලුගල මහතා අපරාධකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තිය බව හඳුනාගෙන ඇත. ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන රූපයක් හිමි කාන්තාවකි.
ඩුප්ලිකේට් සෙව්වන්දි
පසුව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ ඡායාරූප සහ දත්ත වාර්තා යොදාගෙන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සක්ස්කර ඉෂාරා සෙව්වන්දි ඇගේ නමින් යුරෝපයට පලා යෑමට සැලසුම්කර ගෙන සිටි බවයි.
ජේ. කේ. බායි නමැති සැකකරු ඒ සඳහා සියලු සහාය ලබාදීමට ඉදිරිපත්ව සිට ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මතය.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉෂාරා සෙව්වන්දිගේ සියලු සැලසුම් ව්‍යාර්ථ වූ බවද මේ වනවිට අනාවරණය වී ඇත.
මෙහිදී ඉෂාරා සෙව්වන්දිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇති තොරතුරු අනුව ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමෙන් පසු ඉෂරා සෙව්වන්දි දින කීපයක් තිස්සේ කොළඹ අවට ප්‍රදේශ කීපයක කට්ටි පනිමින් සැඟවී සිට ඇත.
පසුව ඇය මතුගම ප්‍රදේශයටත් එතැන් සිට මිද්දෙණිය ප්‍රදේශයටත් ගොස් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටියාය.
මිද්දෙණිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ජේ. කේ. බායි නැමැත්තා ඇය සමග එක්වී ඇත.
සෙව්වන්දිට මිද්දෙණියේ සම්පත් මනම්පේරි ගේ සහාය ලැබුණේ ද ?
සෙව්වන්දිට මිද්දෙණියේ සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලිසියට සැකයක් මතු වී තිබේ.
පසුව ඉෂාරා සෙව්වන්දි රැගෙන යාපනයට පැමිණි ජේ. කේ. බායි නැමැත්තා බෝට්ටුවක් මාර්ගයෙන් ඇය ඉන්දියාවට රැගෙන යෑමට කටයුතු කර ඇත.
අපරාධකරුවන් නිත්‍යානුකූල නොවන මුහුදු මාර්ග ඔස්සේ වෙනත් රටවල්වලට රැගෙන ගොස් ඇරලවීමේ කාර්ය සිය රැකියාව ලෙස කරගෙන යන ජේ. කේ. බායි නමැත්තා සෙව්වන්දි රටින් පැන්නීම සඳහා ද රුපියල් ලක්ෂ ගණනක මුදලක් පද්මේගෙන් ලබාගෙන තිබේ.
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට රැගෙන ගිය ජේ. කේ. බායි සති දෙකකට ආසන්න කාලයක් එහි තබාගෙන පසුව දුම්රිය මාර්ගයෙන් නේපාලය වෙත රැගෙන ගොස් ඇත. දින 06ක දීර්ඝ දුම්රිය ගමනකින් පසුව ඉෂාරා සෙව්වන්දි නේපාල දේශ සීමා හරහා එරටට රැගෙන ගොස් ඇත්තේ තම සබඳතා පාවිච්චි කරගෙනය. පසුව කත්මන්දු නගරයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ ජේ. කේ. බායි නමැති සැකකරු විසින් ය.
ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ලබාදුන් නියෝගයක් මතය.
ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි
පද්මේගේ කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කොමාන්ඩෝ සලින්ත විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබිණි. කොමාන්ඩෝ සලිඳු නමැති හිටපු කොමාන්ඩෝ සෙබළා විසින් ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කර තිබුණේ නීතිඥවරයකුගේ වෙස් ගෙන අධිකරණ ශාලාවට පැමිණීමෙන් පසුවය.
මෙම ප්‍රහාරයේ මෙරට මෙහෙයුම් කාර්ය ලෙස කටයුතු කර තිබුණේ ඉෂාරා සෙව්වන්දීය. ඇය ද අධිකරණය වෙත පැමිණ සිටියේ නීතිඥවරියකගේ වෙස් ගෙනය.
සති කීපයක් තිස්සේ කොමාන්ඩෝ සලිඳු සමග එකට සිටි ඉෂාරා සෙව්වන්දි ගණේමුල්ලේ සංජීව ඝාතනයේ මෙරට මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
සංජීව ඝාතනය කිරීමෙන් පසු කොමාන්ඩෝ සලිඳු ඉන්දියාවට පලා යෑමේ අරමුණෙන් මන්නාරම ප්‍රදේශයට වෑන් රථයක යමින් සිටියදී පුත්තලම පෑලවිය ප්‍රදේශයේ දී පොලිසියට කොටු විය.
එහෙත් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබුණේ නැත. ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලා ගිය බව සංජීව ඝාතනයෙන් දින 17කට පසු ‘දිවයින’ පුවත්පත මගින් හෙළිකර තිබිණි.
ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව අවස්ථා කීපයකදීම ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට සැලසුම් කර තිබිණි. සංජීව අත්තනගල්ල සහ ගම්පහ අධිකරණ වෙත රැගෙන එන අවස්ථාවලදී ඔහු ඝාතනය කිරීමේ සැලසුම් සකස් කර තිබුණේ ද ඉෂාරා සෙව්වන්දි විසින් ය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ඇතුළු පිරිස මේ වනවිට එරට පොලිසිය භාරයේ රඳවා සිටිති.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරුන් විමර්ශන පැවැත්වූහ.
(හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන | Divaina)
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය 2025.10.16 වන දින හා සැකකරු 2025.10.17 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 31 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 52 ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරු සැකකාරියගේ බෑණා වේ. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෙම පුවතට අදාල වැඩිදුරටත් විස්තර :
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මනෝ ප්‍රනාන්දුගේ 'රුසියානු සම්භාව්‍ය ලේඛක ඉසාක් බාබෙල්ගේ තෝරාගත් කෙටිකතා' කෘතිය පිළිබඳ සහෘද කතාබහට යි.
ඊජිප්තුව හෙට (නොවැ. 01) සුවිසල් කෞතුකාගාරයක් විවෘත කරන්නේය. ගීසා පිරමීඩ පෙනෙන මානයේ, වර්ග කි.මී. 500,000 ක පරිශ්‍ර වපසරියක ඉදි කර ඇති එය, ග්‍රෑන්ඩ් ඊජිප්තු කෞතුකාගාරය (Grand Egyptian Museum) යනුවෙන් නම් කර තිබේ.
ඊයේ (30) ගාල්ල මහ නගර සභාවේ විශේෂ මහා සභා රැස්වීම පැවති අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීවරු, නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට විරෝධය පළ කිරීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් මතුවිය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැලසුම්කර තිබු ඉන්දීය සංචාරය අවලංගු කර තිබෙන අතර ඔහු මේ වසර අගදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට සැලසුම් කර තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

