කාන්තාවන් සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත්, ඇරඹූ වෙනස ඉදිරියට ගෙන යෑම සඳහා කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.
''මගේ බිරිඳ නීතිඥවරියක් (ඇයගේ සේවා දායක ගැටලුවක් නිසා නම් සඳහන් කළ නොහැකි ය.) ඇගේ මාසික ආදායම ලක්ෂ හත ඉක්මවයි.
ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා පෙර දැනුම් දීම් කර ඇති බවට විපක්ෂය සාක්ෂි සහිතව ඊයේ රට හමුවේ අනාවරණ කළේය.
සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කරයි.
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.
ලංකාවේ සමරිසි පුද්ගලයින් (කාන්තා පිරිමි දෙපාර්ශ්වය ම) ඔවුන්ට විවාහ වන්නට ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා නොසිටිය දී ම මෙරට ආගමික නායකයින් සහ අන්තවාදිහු එයට විරෝධය පාන තත්ත්වයක් යටතේ මගුල් පෝරුවක නැග සමරිසි විවා දිවියට ඇතුළත් වූ කැනඩා ජාතික ජෙනිෆර් සහ ලාංකික කාන්තාවක වන සිතාරා පිළිබඳ විසිතුරු පුවතක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරයි.
මතු පළ වන්නේ ජෙනාෆර් සහ සිතාරා හෙළ කුළ සිරිතට අනුව මංගල පෝරුවේ දී විවාහවූ අවස්ථාව ය.
විදේශයකදී බෞද්ධ විහාරස්ථාන සඳහා මාර්ග සංඥා ස්ථාපනය කළ ලෝකයේ පළමු නගරය බවට කැනඩාවේ ඔටාවා අගනගරය පත්ව තිබෙනවා.
එය සිදුවන්නේ ශ්‍රී ලාංකිකයකුගේ මූලිකත්වයෙන් වීම විශේෂත්වයක්.
ඔටාවා අගනගරයේ මහජන කාර්ය හා සේවා දෙපාර්තමේන්තුව, රථවාහන මෙහෙයුම් අංශය සමඟ එක්ව, නගරය තුළ බෞද්ධ විහාරස්ථාන හඳුනාගැනීම සඳහා මාර්ග සංඥා පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
"මේ වනවිට සංඥා 14ක් පිහිටුවලා තියෙනවා. ශ්‍රී ලාංකික විහාරස්ථාන පමණක් නෙවෙයි, මෙහි කාම්බෝජ, වියට්නාම සහ තායි ප්‍රජාවන්ට අයත් විහාරස්ථානවලට යන මාර්ගත් සලකුණු කර තිබෙනවා” කැනඩාවේ ඔටාවා හි Buddhist Embassy සංවිධානයේ නිර්මාතෘ සහ ව්‍යවසායක විසිත සිරින් ලීලරත්න පැවසුවා.
"මෙමගින් විහාරස්ථානවලට යන මාර්ග සොයාගැනීම පහසු වී තිබෙනවා වගේම, ඊට රියදුරන්ගෙන් ඉහළ ප්‍රශංසාවක් ලැබී තිබෙනවා. මෙම මාර්ග සංඥා ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ" ව්‍යාපෘතියේ මූලිකත්වය දරන විසිත ලීලරත්න වැඩිදුරටත් කියාසිටියා.
වසර කිහිපයකට පෙර, ඔටාවා නගරාධිපති ජිම් වොට්සන් විසින් ඔටාවා නගරසභාවේ බෞද්ධ කොඩිය එසවීමට අනුමැතිය ලබාදී තිබුණා. ඒ අනුව වෙසක් මාසය ප්‍රකාශයටපත්කිරීම සහ නිල බෞද්ධ මාර්ග සංඥා හඳුන්වා දීම ද සිදුකෙරුණේ ඔහු විසින්.
ඔටාවා නගරයේ වාර්ෂික වෙසක් උත්සවය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, චීනය, තායිලන්තය, ඉන්දියාව සහ වෙනත් රටවල බෞද්ධ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පවත්වන්නක්.
විපක්ෂ නායක පියෙරේ පොයිලීව්ර් ඇතුළු දේශපාලන නායකයින් ද උත්සවයට සහභාගී වුණා.
විසිත ලීලරත්න පැවසුවේ මෙම සංකල්පය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දී ඇති අතර, අම්බලන්ගොඩ සහ කොට්ටේගොඩ යන ප්‍රදේශවල දැනටමත් සංඥා ස්ථාපනය කර ඇති බවයි.
බද්දේගම ප්‍රදේශයේ සිරින් පාර්ක්පොල් වත්තක භාවනා මධ්‍යස්ථානයක් සහ පරිසර හිතකාමී (Eco Lodge) නිවාඩු නිකේතනයක් වන සිරින් පාර්ක් ඉදිකර විවෘත කළ ලීලරත්න, දැන් කැනඩාවේ බෞද්ධ උරුම මාසයක් (Buddhist Heritage Month) ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික පනතක් (Private bill) ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.
"කැනඩා පාර්ලිමේන්තුව තුළ බෞද්ධ උරුමය පිළිගැනීම, වෙසක් සහ පොසොන් උත්සව විශාල පරිමාණයකින් සංවිධානය කිරීමට හැකියාව ලබා දෙනවා."
එය විවිධත්වය තුළ එක්සත්කම සඳහා කැනඩාවේ කැපවීම ප්‍රදර්ශනය කරන්නක් වන අතර බෞද්ධ සම්භවයක් ඇති කැනේඩියානුවන් සඳහා මෙය අතිශය වැදගත් බවයි ඔහු පෙන්වාදෙන්නේ.
( hirunews)
කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක් තුළ සිදුවූ දරුණු වෙඩි තැබීමකින් සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකු (10) ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.
මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.
ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.
මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.
ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක් කියලයි.
මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.
කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.
කැම්බෝඩියා සහ දකුණු කොරියා ඒකාබද්ධ විමර්ශන ඒකකයක් මගින් විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 26 දෙනකු අත්අඩංගුවට ගැනේ.
කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන් සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සඳහා අදාළ වන බදු සංශෝධනයන් 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
කැසිනෝ සූදු ක්‍රීඩා කර්මාන්තයේ ලාභ කෙරෙහි රජය විසින් පනවනු ලබන නව රෙගුලාසි අනුව හැඩගැසීමට සිනමන් ලයිෆ් හෝටලයේ පිහිටා ඇති CITY OF DREAMS කැසිනෝ ආයතනයටද සිදුවනු ඇති බව එහි සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි (Michael Habashi ) 'ද සන්ඩේ ටයිම්ස්' බිස්නස් සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත.
බදාදා ලෝක සංචාරක දිනය සැමරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට සමගාමීව සිනමන් ලයිෆ් හි සිහින නගරය සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි 'ද සන්ඩේ ටයිම්ස් බිස්නස්' සමඟ අදහස් දක්වමින් පවසා ඇත්තේ, රජය විසින් නව බදු සහ රෙගුලාසි පැනවීමේ හැකියාවත් සමඟ ඔවුන්ගේ ආයතනයේ කැසිනෝ සහ ක්‍රීඩා ව්‍යාපාරය ඒ අනුව “ගැලපීමට” සිදුවන බවයි.
එය නිසැකවම ඔවුන්ගේ අංශයට බලපෑමක් ඇති කරන බව පවසන ඔහු, ඔවුන්ගේ කැසිනෝ සහ ක්‍රීඩා මධ්‍යස්ථානයට අනුග්‍රහය දක්වන ශ්‍රී ලාංකිකයින් සඳහා සියයට 18 ක බද්දට සහ ගාස්තු දෙගුණ කිරීමට ඔවුන්ට සිදුවන බව කියා සිටියි.
දේශීයයින් සඳහා කැසිනෝ ප්‍රවේශ ගාස්තුව ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා දෙගුණ වේ
ඒ අනුව ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා ක්‍රියාකරුවන්ගෙන් දළ එකතු කිරීම් සඳහා වන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා ඉහළ යනු ඇත. දේශීයයින් සඳහා කැසිනෝ ප්‍රවේශ ගාස්තුව ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා දෙගුණ වන අතර විදේශිකයන් සඳහා ප්‍රවේශය නොමිලේ සිදු කෙරෙනු ඇත.
මෙම පියවර මූල්‍ය ආදායමට සහාය වීම සහ සූදු කර්මාන්තය පාලනය කරන නියාමන රාමුව ශක්තිමත් කිරීම අරමුණු කර ඇති බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන්, භාණ්ඩාගාරය විසින් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන සකස් කිරීම නීති කෙටුම්පත්කරුට පවරා ඇති අතර, එය ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
රටේ අනෙකුත් ඒවාට සාපේක්ෂව නවතම සූදු ක්‍රීඩා උපකරණ කිහිපයක් ස්ථාපිත කිරීමෙන් පසු, CITY OF DREAMS කැසිනෝ ශාලාව තවමත් නව නීති මගින් බලපෑමට ලක් වී නොමැත.
මැකාවු, සයිප්‍රසය සහ මිලාන් වලට පසුව ලොව පුරා මෙල්කෝ නිවාඩු නිකේතන සහ විනෝදාස්වාදයේ නිවාඩු නිකේතන ලැයිස්තුවේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවයි.
සෑම ස්ථානයක්ම වෙනස් බවත් එක් එක් ස්ථානය මුහුණ දෙන අභියෝග ද එසේම බවත් හබාෂි පවසයි.
Gaming taxes a reality shocker in City of Dreams
මැටි භාවිතයෙන් විවිධ විසිතුරු ආභරණ නිපදවන කාන්තාවන් කිහිප දෙනකු: කොලොන්න, කෑල්ල, උඩවාඩිය ප්‍රදේශයේ වෙසෙන බව Mojo News LK youtube නාලිකාව හෙළිදරව් කරයි.
පියොන්යැන්ග් හි උත්තරීතර මහජන සභාව අමතමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් පවසා සිටියේ න්‍යෂ්ටික වැඩසටහන අත්හරින ලෙස කරන ඉල්ලීම් හකුලාගන්නේ නම් ඕනෑම මොහොතක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට තමන් සූදානම් බවයි.
ඔවුන් දෙපළ මීට පෙර අවස්ථා තුනකදී හමුවී ඇති අතර එම හමුවීම්වල මිහිරි මතක තවමත් සිත තුළ ඇති බව ද උතුරු කොරියානු නායකයා මෙහිදී පැවසීය.
අමෙරිකානු ජනාධිපතිවරයෙක් ධුරයේ සිටින අවස්ථාවකදි උතුරු කොරියානු දේශසීමාව පසුකළ පළමු වැන්නා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වේ.
මේ බලන්න හානිවූ දේපලවළට වන්දි හෝ ආධාර ලබාගන්න ඉල්ලන ලේඛණ. මේව හැම පැත්තෙම ඉල්ලනවද දන්නෙ නැහැ.
කියුබානු වෙරළාරක්ෂක බළකාය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අමෙරිකාවේ ලියාපදිංචි අධිවේගී බෝට්ටුවක ගමන් කළ පුද්ගලයින් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියුබානු රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.
අනාදිමත් කාලයක සිට රත්නපුරේ සෑම ප්‍රදේශයක ම මැණික් පතල් බහුල ය. එහෙත් එකම මිණිරන් පතලය තිබුණේ කිරිඇල්ලේ දුම්බර ය. එය 1880 ගණන්වල දී ආරම්භ කළේ එකල ප්‍රකට ව්‍යාපාරිකයක පවුලක් වූ ඩවුන්දසේකරලා ගේ මැදිහත්වීමෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

