ප්‍රවීණ නාට්‍යවේදී ඊ. එම්. ඩී. උපාලි අධ්‍යක්ෂණය කළ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "පවුල්කන මිනිහෙක්" 2026 ජනවාරි 18වන ඉරිදා, සවස 7.00ට සුදර්ශි එළිමහන් රඟහලේ දී වේදිකා ගතකෙරේ.
රටේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර විශේෂ හමුවක් අද (10) පෙරවරුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුවා.
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවති ප්‍රසංගයක් අතරතුර කොටියෙකු සිය පුහුණුකරුට පහරදී මරා දැමීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොටියාගේ ප්‍රහාරයට ලක්වූ 37 හැවිරිදි රයන් ඊස්ලි එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ටෙක්සාස් දේශසීමාව අසල ගිනිකොනදිග ඔක්ලහෝමා හි හියුගෝ හි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී පසුගිය සෙනසුරාදා සවස 2ට පමණ මෙය බියකරු සිදුවීම සිදුව ඇත.
ඊස්ලි සහ කොටියා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කරමින් සිටියදී මෙම පහරදීම සිදුව තිබුණි.
සපා කෑ කොටියා කුඩා කාලයේ සිටම ඊස්ලි විසින් ඇති දැඩි කර ඇති අතර, කොටියා ඊස්ලිගේ බෙල්ල සහ උරහිස හපා කන මොහොතේ එම ස්ථානයේ ඊස්ලිගේ බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් බලා සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුවීමෙන් අනතුරුව ඊස්ලිගේ බිරිඳ දිවගොස් කොටියාව වෙනත් කූඩුවකට ඉවත් කළ බව ද වාර්තා වේ.
මරණ පරීක්ෂණය සඳහා ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි රාජ්‍ය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයට ගෙන ගොස් තිබුණි.
Okahoma tiger handler killed in front of family during show: Everything we know so far
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ඇරයුම් ලැබ එහි ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, එම දේශනය අවලංගු වීමට හේතු දක්වමින් නිල නිවේදනයක් නිකුත් කර ඇත.
ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතාවෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා එම ඖෂධය භාවිතා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සම්පූර්ණයෙන් නතර කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
පසුගිය සෙනසුරාදා සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් පරීක්ෂණ සිදුකරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති නලින්ද ජයතිස්ස කීවේය.
එසේම මේ ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බවද ඇමැතිවරයා කීවේය. මේ සිදුව ඇති මරණ දෙක ගැන මේ සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
2021 වසරේ ඇණවුමක් මත 2025දී සහ 2024 ඇණවුමක් මත 2025දී ගෙන්වූ ඖෂධවල සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්රශ්නය අති බවද ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.
(divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)
ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණිල්ලක් සිදුකර තිබේ.
දරාගත නොහැකි මිලක් ගෙවා ඉඩම් කොටසක් හෝ ගොඩනැගිල්ලක් ලබාගත හැකි ස්ථානයක් ලෙස කොළඹ නගරය ලෝකයෙන් ම අංක එකට පත්වි ඇතැයි දිල්මිණි අබේරත්න පැවසුවා ය.
ඔබ කිසිවකු Plantation වල ආයෝජනය කිරිමට අදහස් කරන්නේ නම් Advocata Plus ඉදිරිපත් කරණ මෙම වීඩියෝව නරඹන්න; විට ඔබට මේ වන විට ලංකාවේ Plantation ආයෝජනය කළ යුත්තේ කුමන වර්ගයේ වගාවක් සඳහා ද යන්න අවබෝධයක් ලබාගත හැකි ය.
වර්තමානයේ පවතින්නේ ඇන්ග්ලෝ සැක්සන්වරුන් ගේ අවසන් සටන් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ශ්‍රී ලංකාවේ ජනතාව යනු මෝඩයින් නොව ජිජැක් පවසා ඇති පරිදි ප්රබුද්ධ නරුමයින් (Enlightened cynics) යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.
වැටි ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණුවෙන් දියුණුවට පත්කිරීමට සුදානම් යැයි ඔලිම්පික් කමිටු සභාපතිධුරයට තරගවදින පොදු අපේක්ෂක ජස්වර් උමර් කියයි.
ආපදා තත්ත්වයෙන් විනාශයට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ‘RE-MSME – ආපදා සහන’ නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
2017 පෙබරවාරි මස පැවැත්වූ 89වෙනි ඇකඩමි ඔස්කාර් සම්මාන උළෙලේ විදේශීය භාෂා අංශයට විවිධ රටවලින් ඉදිරිපත් කළ චිත්‍රපට 90ක් අතරින් හොඳම විදේශීය භාෂා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූයේ චිත්‍රපට 04 ක් පමණි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩායි වෙරළ තීරය ආශ්‍රිතව පැවැති යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට ඊයේ (14 වැනිදා) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහාචාර්ය චරිත පට්ටිආරච්චි (මැද) සම්මානය අතැතිව
සටහන :
කුමුදු ජයවර්ධන
බීබීසී සිංහල
චන්ද්‍රසිරි දොඩන්ගොඩ නම් වූ ඒ අදීන පුවත්පත් කලාවේදියා නික්ම ගොස් 27වන දිනට අට වසරකි. ඒ වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ SBS ආයතනයේ සිංහල අංශය ශ්‍රව්‍ය වැඩසටහනක් සම්පාදනය කර තිබිණ. ප්‍රථමයෙන් ම ඒ සම්බන්ධයෙන් එහි කාර්ය මණ්ඩල ප්‍රධානි කස්සප සෙනරත් වෙත අතිශයින්ම ස්තුතිවන්ත වන අතර ම වැඩසටහනෙහි අදහස් දැක්වූ ජයන්ත චන්ද්‍රසිරි සහ නෝබට් අයගමගේ යන දෙපළට ද ස්තුතිවන්ත විය යුතු ව.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව, ස්ථාවරව සහ ශක්තිමත්ව පවත්වා ගැනීම, මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සහ සිදු කළ යුතු වටිනාම ආයෝජනයක් බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව යනු ඕනෑම රජයකට කිසිසේත් ම අත්හළ නොහැකි වගකීමක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
ඔන්න මචංලා , ඇමරිකාවෙ ඔහියෝවල උතුරු එඩිසන් ඩ්‍රයිව් පාරේ, නොම්මර නවයෙ ගෙදර හිටපු මෑන්ස් ගැනයි අද කථාව කියන්න යන්නෙ.
ඉන්දීය කණ්ඩායම 3 වැනි වරටත් ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

