#newstube

  • කෝට් බෑය පැත්තකට දමා විනිසුරු කෝදාගොඩ කේක් අනයි

    පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.

  • කෝට්ටේ විපක්ෂ මන්ත්‍රිවරු, අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම වර්ජනය කරති

    ඊයේ (03) කෝට්ටේ මහ නගර සභාවේ අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම ආරම්භයේ දී විපක්ෂයේ මන්ත්‍රිවරු සභාව නීති විරෝධි බවට ප්‍රකාශ කර සභාව වර්ජනය කළහ.

  • ගතවූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් දිවයිනට

     
  • ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කිලිනොච්චියෙන්

    ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

  • ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.

  • ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරයි - රෝහිණී කවිරත්න

    ‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.

  • ගල් අඟුරු අර්බුදයට ඇමති සහ ලේකම් වගකිව යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

    රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේලාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.

  • ගල් අඟුරු ටෙන්ඩරයෙන් දූෂණයකට පාර කැපිලා

    ලංකාවේ විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩරය සුදුසුකම් නැති සමාගමකට දීමෙන් බරපතළ දූෂණයකට පාර කැපි ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ  පැවසීය.

    ඔහු මෙසේ පැවසුවේ "උත්තරය අපි" තේමාව යටතේ පොළොන්නරුව, බැඳිවැව සුජා හෝටල් ශාලාවේ ඊයේ (28) පැවති සම්මන්ත්‍රණයේදීය.

    පුබුදු ජයගොඩ මෙසේද ප්‍රකාශ කළේය.

     


    '' පසුගියදා සැප්තැම්බර් 15 වැනිදා විදුලි ජනනයට අදාල ගල් අඟුරු සැපයිමේ ටෙන්ඩරය විවෘත කළා. ටෙන්ඩරය අවම ලංසුව ඉදිරිපත් කළ ට්‍රයිඩන්ට් චෙම්පර් නම් සමාගමට හිමිවුණා. ඒ ටෙන්ඩරය මේ සමාගමටම දීමේ අරමුණෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කළාද කියන සැකය මතුවෙනවා.

     


    ලංකා ගල් අඟුරු ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ගල් අඟුරු සඳහා අවම සුදුසුකම් නිර්ණායක ලෙස GCV 5900 kCal/kg ප්‍රමිතිය සහිත ගල් අඟුරු අවම වශයෙන් මෙට්‍රික් ටොන් 1,000,000 (මිලියනයක) වත් ගල් අඟුරු සංචිතයක් තිබෙන සමාගම් පමණයි ලියාපදිංචි කරන්නේ.

    නමුත් මේ තිබෙන 2025 ලියාපදිංචි ලේඛනයට අනුව අවම සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් 100,000 ක සංචිත තිබිය යුතුයි ලෙස වෙනස් කරලා. ඒ කියන්නේ මේ සමාගමට ලියාපදිංචිය දීලා තියෙන්නේ සුදුසුකම් නිර්ණායකය මෙට්‍රික් ටොන් මිලියන 1 සිට මෙට්‍රික් ටොන් 100,000 දක්වා සියයට 90කින් අඩු කරලා. මේක පැහැදිලිවම සැක සහිතයි.


    මෙම සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා


    අනෙක මේ සමාගමේ නම සමග දූෂණ චෝදනා බැඳී තිබෙනවා. මෙම සමාගම 2014 දී සතොසට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සැපයීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව 2016/09/20 දින රාජ්‍ය ව්‍යවසාය කාරක සභාවට ඉදිරිපත් කරන ලද විගණකාධිපති වාර්තාවේ 168 පිටුවේ සඳහන් වෙනවා.

    පෙනෙන ආකාරයට ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පවා වෙනස් කරමින් මේ ආණ්ඩුව යටතේ ගල් අඟුරු ටෙන්ඩරය දුන් සමාගමට, එහි හිමිකරුවන්ට සහ දේශිය නියෝජිතයාට පවා දූෂණ චෝදනා තිබෙනවා. ලංකාවේ වංචා හා දූෂණ සිදු කරන්නේ දේශපාලඥයන් - ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් - ජාවාරම්කාර ව්‍යාපාරික වළල්ලක් යන තුන් කට්ටුව එකතු වුණු ජාලයකින්. දූෂණ විරෝධයේ නමින් අවධානය යොමු කළේ දේශපාලඥයන්ට පමණයි. දැන් දේශපාලඥයන් නැතිව ජාලය ක්‍රියාත්මක  වෙනවා.''

  • ගල්අගුරු නැව් පරීක්ෂණ දෙකකින් ‘ෆේල්’ - විදෙස් වාර්තාව අද !

    ගල් අඟුරු සම්බන්ධයෙන් ලක්විජය බලාගාර පර්යේෂණාගාරයේදී කෙරුණු පරීක්ෂණ දෙකකින් ඒවා අසමත්වී ඇතැයි විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය.

  • ගල්කිස්ස සිද්ධිය දුරදිග යයි - HQI ට හදිසි ස්ථාන මාරුවක්

    ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.

    ඒ අනුව, ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න කියා සිටියේය.

    ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙලෙස ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව සඳහන්වේ.

    මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

  • ගල්කිස්සේ මත් ස්ටිකර් සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

    ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ  (17) එම නියෝග කළේය.

  • ගංවතුර බැස යාමත් සමඟ වසංගත රෝග පිළිබඳව විමසිලිමත් වන්න

    ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

  • ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් පනස් දහසකට නාමල්ගේ ආදරය.!!! 

    ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින්  අරඹන ලද "ආදරය" වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන  පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය  සැපයීම දැන් ආරම්භ කර තිබේ.

  • ග්‍රීක බැඳු­ම්කර නඩුව: රජයේ පාඩුව කෝටි 184 -මාස 3කදී ගෙවන්න කබ්රාල්ට නියෝග

    2012 වස­රේදී ග්‍රීසියේ බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රුපි­යල් කෝටි 184ක මුද­ලක් රජ­යට අහිමි කිරීමේ චෝද­නාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැව­රීමේ අයි­ති­යට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමි­සම ඊයේ (10) දැනුම් දුන්නේය.

  • ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් තීරුබදු

    ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

  • ග්‍රීසිය අනතුරට පත් සංක්‍රමණිකයින් සොයා මෙහෙයුමක

    ග්‍රීක බලධාරීහු අද (27), ලෙස්බෝස් (Lesbos) දිවයිනට ඔබ්බෙහි මුහුදු තීරයේ අනතුරට පත් සංක්‍රමණිකයින් පිරිසක් සොයා, හදිසි සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.

  • ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු

    දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත්  කාලගුණයෙන්  නුවරඑළිය නගරය සමීපයේ පිහිටි  ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.

  • ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන් ම ඇනහිටී

    ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍ර එකක් සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර එකක් භාවිතා කරයි. පිලිකා  රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ දී එම ප්‍රතිකාරය දින පහත් 35ත් අතර කාලයක් දක්වා දිනපතා සිදුකරයි. එම ප්‍රතිකාර සිදුකළ යුතු දින ගණන තීරණය වන්නේ රෝගියා ගේ තිබෙන පිළිකාවේ ස්වභාවය සහ එහි තතිත්වය අනුව යි.

  • ගාල්ලට ඔබ්බෙන් අනතුරට පත් ඉරාන යුද නෞකාවේ සිටි පිරිසක් මුදාගනියි

    ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

  • ගාසා  සාම කතා ධනාත්මකයි

    එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.

    කටාර් අගමැති සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෝ, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සමග වක්‍ර සාකච්ඡාවලට සහභාගී වීම  පිණිස ඊයේ ඊජිප්තුව වෙත  ලඟා වූහ.  

    ගාසා ගනුදෙනුව සාර්ථක වනු ඇතැයි ධනාත්මක මතයක පසු වන බව ජනපති ට්‍රම්ප්  පැවසීය. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ  ජනපති ට්‍රම්ප් ගේ බෑණා  වන   ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner) ද ඊජිප්තුව බලා පිටත් වූ එක්සත් ජනපද නියෝජිත පිරිස අතර වෙති. කුෂ්නර්, ජනපති ට්‍රම්ප් ගේ පළමු ධුර කාලයේ ඔහුගේ  මැද පෙරදිග විශේෂ නියෝජිත ලෙස ද කටයුතු කළේය.

    සිය සාම සැලැස්ම හුදු ගාසා තීරය  පමණක් නොව  සමස්ත මැද පෙරදිග කලාපයම ඉලක්ක කර සකස් කළ එකක් බව වොෂින්ටනයේදී, මාධ්‍ය  ඇමතූ ජනපති ට්‍රම්ප් කියා  සිටියේය.

    ඊජිප්තුවේ පැවැත්වෙන අද (08) සාකච්ඡා  පෙර දෙදිනටම වඩා සාර්ථක වනු ඇතැයි   අනුමාන කෙරේ. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි   (Sheikh Mohammed bin Abdulrahman al-Thani)  ද ඊට සහභාගී වීමට නියමිතය. ගාසා සාම  සැලැස්ම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ කරුණු අද සාකච්ඡාවන්ට ඇතුළත් වේ.  


    (සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
    (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
    10/8/2025



    Hamas says on war anniversary it's ready to reach Gaza deal, but conditions remain

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න