#newstube

  • ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යි - GMOA

    මෙරට ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සුවපත් රටක් සහ අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

    එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ බිඳ වැටෙන රෝහල් පද්ධතිය රැක ගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම උදෙසා තිරසාර වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

     

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව රෝහල් පද්ධතියේ තුළ පවතින ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් එම ගැටලු සඳහා ඒකාකාරී විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය සහ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ අවධානමකට ලක් වී ඇත.

     

     එමෙන් ම නිදහසින් දශක 08 කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා අරගලයක නිතර වීමට තවමත් ජනතාවට සිදු වී ඇතැයි එම නිවේදනයේ සදහන්ව ඇත.

    මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

     

    goma 453px

  • ජන මාධ්‍යය; වාරණය සහ නියාමනය අතර වෙනස

    මේ අන්තර්ජාල යුගයේ විද්‍යුත් විකාශන මාධ්‍ය නියාමනයට ඓතිහාසික හේතුව වූ විකාශන සංඛ්‍යාතවල පවතින සීමිත බව (Scarcity of spectrum) තව දුරටත් නියාමනය සඳහා වලංගුවන හේතුවක් නොවේ යැයි ඇතැම් මාධ්‍ය අයිතිකරුවන් පවසන බව අසන්නට ලැබේ.

  • ජන වරමට පිටුපෑම හෙවත් 'වනචාරීන්ට' යටත් වීම

    6 ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය තෙක් කල් තබන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කර ඇත.

  • ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අනුකුල නෑ - නාමල් රාජපක්ෂ

    ජනතා විමුක්ති පෙරමුණට  අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද අනුකූල යැයි ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම්,  එය සම්පූර්ණයෙන් ම වැරදි යැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • ජනතා සහන සහ වර්ධනය ඉලක්ක කළ නව්‍ය අයවැයක් නව මුහුණුවරකින්

    2026 අයවැය නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන විට, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික දැක්මේ තීරණාත්මක අවස්ථාවක් ලෙස ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ ඉහළ අපේක්ෂාවක් ගොඩනැගෙමින් පවතී.

    වත්මන් ආණ්ඩුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිම අනුගමනය කරන බවට සමගි ජන බලවේගයෙන් (SJB) විවේචන එල්ල වන පසුබිමක් තුළ, අතීතයෙන් බැහැර වූ නව දිශානතියක් පොරොන්දු වන අයවැයක් කෙරෙහි සියලු දෙනාගේම අවධානය මුදල් අමාත්‍යාංශය වෙත යොමු වී ඇත.

    ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ නායකත්වය යටතේ කෙටුම්පත් කෙරෙන පළමු අයවැය

    මෙය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති දිසානායක මහතාගේ දෙවන අයවැය වුවද, නව මුදල් අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වය යටතේ සම්පූර්ණයෙන්ම සකස් කෙරෙන පළමු අයවැය මෙයයි.

     

     

    ජාතික ජන බලවේගයේ (NPP) ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන පෙළේ නිර්මාණකරුවෙකු වන සූරියප්පෙරුම මහතා, දේශපාලන පරිණතභාවය සහ දශක ගණනාවක ජ්‍යෙෂ්ඨ පෞද්ගලික අංශයේ අත්දැකීම්වල අද්විතීය සම්මිශ්‍රණයක් මෙම තනතුරට ගෙන එයි. ඔහුගේ පූර්වගාමියා වූ මහින්ද සිරිවර්ධන මහතාගේ සාම්ප්‍රදායික අයවැයවලට වඩා, සූරියප්පෙරුම මහතාගේ ප්‍රවේශය, ජනතාවාදී සහ ප්‍රායෝගික ප්‍රතිඵල ඉලක්ක කරගත් "නව්‍ය චින්තනයක්" පොරොන්දු වන බව භාණ්ඩාගාරයට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.

     

     

    ඉදිරි අයවැය, මහජනතාවගේ ප්‍රධානතම ගැටලුවක් වන ඉහළ ජීවන වියදම කෙරෙහි සෘජුවම අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    "ජනතාව මත නව බදු පැනවීමක් සිදු නොකරන බවට" ජනාධිපති දිසානායක මහතා ජපානයේදී මෑතකදී කළ ප්‍රකාශය මගින්ද තහවුරු වන්නේ, රජය සැලකිය යුතු සහන රැසක් ලබා දීමට සූදානම් වන බවයි. පැහැදිලි ඉලක්ක වනුයේ: ජනතාවට සහනයක් ලබා දීම, තරුණයින් ඉලක්ක කරගත් නව රැකියා උත්පාදනය සහ යටිතල පහසුකම් හා ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීම තුළින් ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි.

    මෙම දැවැන්ත වැඩපිළිවෙළ පිටුපස ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සිදුවන බරපතල අභ්‍යන්තර ප්‍රතිසංවිධානයකි. සූරියප්පෙරුම මහතා අමාත්‍යාංශයේ මෙහෙයුම් ආකෘතිය ප්‍රතිව්‍යුහගත කරමින්, දක්ෂ නිලධාරීන් නව වගකීම් සමග බලගන්වමින් සිටින බව වාර්තා වේ. ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම නව ප්‍රතිසංස්කරණ වේගයට එරෙහිව ප්‍රමාද කිරීමේ උපක්‍රම යොදන බවට වාර්තා වුවද, සිය අධිෂ්ඨානශීලී නායකත්වය සඳහා ප්‍රසිද්ධ ලේකම්වරයා, නාස්තිය හා දූෂණය අවම කරමින් මහජන ප්‍රතිලාභ උපරිම කරන අයවැයක් ඉදිරිපත් කිරීමට කැපවී සිටී.

     

     

     

    2026 අයවැය හුදෙක් මූල්‍ය ප්‍රකාශනයකට වඩා වැඩි දෙයක් ලෙස සැලකේ. එය, ආචාර්ය සූරියප්පෙරුම මහතාගේ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළේ පළමු ප්‍රධාන පරීක්ෂණය වන අතර, වර්ධනය සහ මානුෂීය බව තුලනය කරන නව ආර්ථික මාවතක් නිර්මාණය කිරීමට දිසානායක පරිපාලනයේ ඇති කැපවීම පිළිබඳ තීරණාත්මක සංඥාව වනු ඇත.

     

     

    (සමන් වික්‍රමසිංහ )

     

    මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

    ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයක ඉහළ යාමක්: මෙවර විසර්ජන පනත් කෙටුම්පතේ මුදල් බෙදී ගොස් ඇත්තේ කෙසේ ද?

  • ජනතාව අතරට ගිය මෙක්සිකානු ජනපතිනියට අකරතැබ්බයක්

    මෙක්සිකෝ සිටි අගනුවර ජාතික මන්දිරය අසළ මාර්ගයේ දී ජනතාව හමුවෙමින් සිටි එරට ජනාධිපති ක්ලෝඩියා ෂයින්බවුම් නොදන්නා පුද්ගලයෙකුගේ ලිංගික අඩත්තේට්ටමකට ලක්ව තිබේ.

  • ජනතාවට සහන සලසන අතර විහාරස්ථාන ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන පිළිසකර කරන්න - නාමල් රාජපක්ෂ

    පසුගියදා හටගත් ගංවතුරෙන් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට උපරිම සහන සලසන අතර මේ නිසා විනාශයට පත් වූ විහාරස්ථාන, පල්ලි කෝවිල්, ඇතුළු සියලු පූජ්‍යස්ථාන පිළිසකර කිරීමට නිසි ප්‍රමුඛතාව ලබාදෙන මෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටී.

  • ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා නව සෞඛ්‍ය සන්ධානයක් අවශ්‍ය වන්නේ ඇයි...? - රවි කුමුදේශ් පැහැදිලි කරයි

    ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් සඳහා නව සෞඛ්‍ය සන්ධානයක අවශ්‍යතාව පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති සහ රවි කුමුදේශ් විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

  • ජනපති අද ජපානයට

    ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.

    විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.


    මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.


    ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇති අතර ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    ඊට අමතරව 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක  සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

  • ජනපති අනුර ඇමති නලින්ද එක්ක ගිය ගමන!  

    ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ මෑතකදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින්  මියගිය ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

  • ජනපති අනුර විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයට

     ඇති වූ බරපතල ව්‍යසනකාරී තත්වයෙන් විපතට පත් ජනතාව මුදාගැනීම සහ සහන සැලසීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පිහිටුවන ලද විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යයන් අධීක්ෂණයට ඊයේ  (28) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.

  • ජනපති අනුර සහ අගමැති මෝදි අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක අද (20) දහවල් නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී ඇත.

  • ජනපති අනුර සහ අගමැති හරිනි උතුරට ගොස් වෛරය වපුරන්න හදනවා - නිරෝෂන් පාදුක්ක

    ජනාධිපතිවරයා සහ අගමැතිවරිය උතුරට ගොස් වෛරය වැපිරීමට උත්සාහ කරන බවත්, රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරිය උතුරට ගොස් ඒබඳු දේවල් කිරීම සුදුසු නොමැති බව දුෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසී ය.

  • ජනපති අරමුදලින් රුපියල්  බිලියන 1.9 ක් සිසු දරුවන් වෙනුවෙන් වෙන් කෙරේ.

    දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.

  • ජනපති ඇමරිකා එක්සත් ජනපදයට

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ(23) එ.ජ. වේලාවෙන් පෙ.ව 8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.

    ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද සහභාගි වී සිටී.

  • ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි

    ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක නරුහිතෝ අධිරාජ්‍යයා හමුවී තිබේ.

    ඒ ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ය.

    ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව සුහද පිළිසඳරකද නිරත විය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්විය.

  • ජනපති ට්‍රම්ප්, BBC සහ Public Interest | ටී. එම්. ජී. චන්ද්‍රසේකර

    2021 ජනවාරි 6 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ කතාවක් බීබීසී ආයතනය විසින් සංස්කරණය කොට ඉදිරිපත් කළ ආකරයෙන් ජනතාව නොමග යවනසුලු පුවතක් ප්‍රකාශවු බවට චොදනා කර තිබුණි.

  • ජනපති ප්‍රධානත්වයෙන් ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

    රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිඳභාවය තහවුරු කළ යුතු බවත්, වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් නව තලයකට ඔසවා තැබෙන වැඩපිළිවෙළක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක  පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එක් වෙමිනි.

    ඩිජිටල් ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ආරක්ෂිත, විශ්වාසනීය සහ සියලු පුරවැසියන් ආවරණය කෙරෙන ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT), ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව ලෝක බැංකුවේ තාක්ෂණික සහායද ඇතිව ශ්‍රි ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025-2029 හඳුන්වා දී තිබේ.

    සයිබර් ආරක්ෂණය සඳහා අවශ්‍ය නීති සහ පරිපාලන රාමුව සකස් කිරීම, සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ කුසලතාවලින් පරිපූර්ණ වූ ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම, මහජනතාවගේ සහ පාසල් දරුවන්ගේ සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුම සහ ආකල්ප වර්ධනය, රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ධාරිතාව වැඩිදියුණු කිරීම, තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වාගෙන යන ආයතන ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා විවිධ පාර්ශ්ව සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම මෙම මූලෝපාය මඟින් අපේක්ෂා කෙරේ.

    අද ආරම්භ කෙරුණු ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් පවත්වා ගෙන යන ආයතන 37ක් දවසේ පැය 24 පුරා නිරීක්ෂණය කරමින්, ඒවාට එල්ල වන සයිබර් ප්‍රහාර හඳුනාගැනීමට කටයුතු කරනු ඇත.

    සයිබර් තර්ජන, අවදානම් සහ ආක්‍රමණ අඛණ්ඩව නිරීක්ෂණය කිරීමෙන් සහ සුදුසු පාර්ශ්වකරුවන්ට වහාම දැනුම් දීමෙන් රජයේ සයිබර් පද්ධති සහ පොදු ඩිජිටල් සේවා ආරක්ෂා කිරීම මෙහි වගකීමයි.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් පද්ධතියේ ආරක්ෂාව සහ ඔරොත්තූ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සයිබර් සහ අවදානම් සඳහා පුර්ව අනතුරු ඇඟවීම සහ වේගවත් ප්‍රතිචාර සැපයීම, ආරක්ෂිත ඩිජිටල් මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයට සහාය වීම සහ දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිදුකරනු ඇත. මෙහෙයුම් අඛණ්ඩතාව, වේගවත් ප්‍රතිචාර, අඩු පිරිවැය, අනුකූලතාව සහ විශ්වාසය මෙහි ප්‍රතිලාභ වේ.

    මෙම ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න  විසින් ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අනුර කුමාර දිසානායක  වෙත පිළිගන්වනු ලැබීය.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තාක්ෂණය සහ විද්‍යාව අත්පත් කරගන්නා ජයග්‍රහණ වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තටම ගමන් කරන බවයි. මෙම ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  මෙසේද පැවසීය.

    "අපි අද සුවිශේෂි කාර්යයකට මුල පුරනවා. අපි මේ විවෘත කරනු ලැබුවේ හුදු ගොඩනැඟිල්ලක්, කාර්යාලයක් පමණක් නොවෙයි. ඩිජිටල්කරණය පිළිබඳව අපි ශක්තිමත් ගමනක් යනවා නම්, ඒ සඳහා ආරක්ෂිතභාවය, ශක්තිමත්භාවය සහ විශ්වාසනීයත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන සයිබර් ආරක්ෂණ පද්ධතිය තමයි අද අපි විවෘත කරනු ලැබුවේ. එය අපේ රටේ ඩිජිටල් ආර්ථික ගමනේදි ඉතා වැදගත් අවස්ථාවක්.

    අපි දේශපාලනිකව බැලුවත් ලෝක ආර්ථිකයේ ගමන් මඟ දෙස බැලුවත් එහි ප්‍රධාන සාධකය වන්නේ, ඒ මොහොතේ තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කරගන්නා ජයග්‍රහණය වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍ය ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තට ගමන් කරනවා. තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුව වේගයෙන් අත්පත් කර ගැනීමට අසමත් වූ රාජ්‍ය, ඒ හා සමාන ලෙසම පරිදියේ තවත් ඈතට තල්ලු වෙනවා. මම හිතනවා ලංකාව ලෙස අප මුහුණ දී තිබෙන අර්බුදය තිබෙන්නේ ඒ තුළයි.

    අපි කවුරුත් දන්නවා බොහෝ සංකල්ප නිර්මාණය වුණේ 16 සහ 17 වන සියවස්වල. හැබැයි, මේ සංකල්පමය වශයෙන් ගොඩනැගුණු බොහෝ දේ යථාර්ථයක් බවට පත් වූයේ විසි වන සියවසේදීයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්පත් කරගත් ජයග්‍රහණ, දේශපාලනය හුදු රාජ-ධුරාවලියකින් පාලනය වූ ලෝකයක ජනතාවගේ සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් තෝරා පත් කර ගැනීම, ඒ වගේම මිනිස් සබඳතාවල නව ස්වරූප මේ සියල්ල ප්‍රායෝගික තලයට ගෙන ආවේ 20 වන සියවසේදීයි. ඒ අනුව, 20 වන සියවස අගභාගයේ සිට මේ ඩිජිටල්කරණ වූ ලෝකය විශාල කාර්යභාරයක් ඉටු කිරීමට පටන් ගත්තා.

    අපිට තෝරා ගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එහි පළමුවැන්න මේ ඩිජිටල්කරණය ඉතා වේගයෙන් උකහාගෙන එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කර ගැනීම. එවිට අපිට දියුණු රාජ්‍ය සමඟ සමාන්තරව ගමන් කළ හැකියි. එම තාක්ෂණික ජයග්‍රහණ නිසි පරිදි අත්පත් කර ගැනීමට අසමත් වීම තුළින් ලෝකයෙන් තවදුරටත් අප ඈත්වෙමින් යනවා.

    මේ නවීන තාක්ෂණය විසින් අත්පත් කර ගන්නා ලද දැනුම, නව මෙවලම්, නව පද්ධති වේගයෙන් අපේ රාජ්‍යයට කැඳවාගෙන ආ යුතුයි. ඒ නිසා තමයි අපේ රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස ඩිජිටල්කරණය හඳුනාගෙන තිබෙන්නේ. ඒ වෙනුවෙන් විද්වතුන්, වෘත්තීයවේදීන් විශාල කැපවීමකින් කටයුතු කරනවා.

    අපේ රාජ්‍ය සේවය සැලකිය යුතු ප්‍රමාණයකින් නටබුන් වූ ඉතිහාසයකට උරුමකම් කියනවා. 70 දශකයේ අපිට ප්‍රෞඪ රාජ්‍ය සේවයක් තිබු බවට උදම් අනන අපි ප්‍රෞඪත්වය තුළම සිර වී නටබුන් රාජ්‍යයකට උරුමකම් කියනවා. ඒ නිසා මේ ඩිජිටල්කරණය මඟින් නටබුන් වූ රාජ්‍ය යාන්ත්‍රණය වඩා කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කළ යුතුයි. විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණය විසින් පුරවැසියාට ලබා දෙනු ලබන සේවාව කාර්යක්ෂම කළ යුතුයි. තෘප්තිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමට නම් නව පද්ධති නිර්මාණය කොට එහි කාර්යක්ෂමතාවේ ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතුයි.

    ඒ වගේම විනිවිඳභාවය ඉතා වැදගත් වෙනවා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගැඹුරුම අර්බුදයකට මුහුණ දී තිබෙනවා විනිවිඳභාවය කියන කාරණයේදී. මිලදී ගැනීම්, ප්‍රදානය කිරීම, බඳවා ගැනීම්, ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලදී එය දැඩිව බලපානවා. ඒ නිසා මේ විනිවිඳභාවය තහවුරු කිරීමේදීත් මේ ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා.

    ඒ වගේම, මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ දී මෙන්ම නව වෙළෙඳපොළ සහ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේදී ඩිජිටල්කරණය ඉතා වැදගත් වෙනවා. එහිදී ව්‍යාපාරිකයින්ට ඩිජිටල්කරණය මඟින් නව වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෑත කාලයේ දියුණුව අත්පත් කර ගත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දෙස බැලුවත් මේ නවෝත්පාදන මඟින් නව වෙළෙඳපොළ නිර්මාණය කර ගෙන තිබෙනවා. ඒ නිසා ව්‍යාපාරික ලෝකයටත් මෙය ඉතා වැදගත් වෙනවා.

    ආර්ථික වශයෙන් රටක් ඉදිරියට ගෙන යාමට නම් සමාජ ජීවිතය කාර්යක්ෂම කළ යුතුයි. එය සිදුවන්නේ ඩිජිටල් ආර්ථිකය හරහායි. තවදුරටත් සිර කළ ජීවිතයක් වෙනුවට, නිදහස් පරිසරයක තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගත හැකි මෙවලම් මේ ඩිජිටල්කරණයෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයේදීත්, ව්‍යාපාර ලෝකයේදීත්, සාමාන්‍ය පුරවැසියන් දෙස බැලුවත් මෙය තමයි අපේ ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය බවට පත් විය යුත්තේ.

    ඇතැමුන් කියනවා මිනිස්සු යන්ත්‍ර බවට පත් වේවි, මිනිසුන්ගේ හැගීම නැති වේවි කියලා සංවාද ගොඩනඟනවා. එහෙම වෙන්නේ නැහැ. මිනිසුන් ස්වභාවිකවම හැගුම්බරයි, සමාජ සබඳතාවලින් පිරි තිබෙනවා. ඒ නිසා මේ දිශාව තමයි මාවත, මෙහිදී සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා වූ ප්‍රවේශය වන්නේ ශක්තිමත් ජාලයක් නිර්මාණය කර ගැනීමයි. එම තාක්ෂණය තුළින්ම එය නිර්මාණය කරගත හැකියි.මෙය තවදුරටත් දියුණු විය යුතුයි. දැන් අත්පත් කරගෙන තිබෙන දැනුම විසින්ම නව දැනුම උත්පාදන කරනු ලබනවා . වේගයෙන් එම පරිවර්තනය සිදු වෙනවා. ඒ නිසා මෙය ගතික දෙයක්. මීට පෙර කොටු පවුරක් බැඳ තර්ජනයට මුහුණ දිය හැකියි. හැබැයි, සයිබර් ආරක්ෂණ පද්ධතිය කොටු පවුරක් නොවෙයි. මෙය නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දිය හැකියි, නිරන්තරයෙන් එය වළක්වා ගැනීමට අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවත්, ජාතික ආර්ථිකයත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා දායකත්වය දැක් වූ විද්වතුන්, වෘත්තීයවේදීන් සියලුදෙනාට ස්තූතිය පළ කරමින්, මේ ගනු ලැබු පියවර තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට සුභාසිංසන පළ කරනවා."

    ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ඩිජිටල් සංවර්ධන විශේෂඥ Ida S Mboob , අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ  සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    Ada derana.lk

  • ජනපති මදුරෝ අද අධිකරණයට

    ජනපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු, රට යථා තත්ත්වයට පත් කිරීමට  වත්මන් පරිපාලනය අවනත නොවේ නම්, වෙනිසියුලාවට යළි ප්‍රහාර එල්ල කරන බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (4) තර්ජනය කළේය.

  • ජනපති වතු කම්රුවන් ගේ දුක සැප විමසයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11)  “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව ද හමු වී ඔවුන් ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න