#newstube

  • කොළඹ ජල සැපයුම ගැන නිවේනදයක්

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතුවලට බලපෑම් එල්ලවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

  • කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් පෝලිමේ 5000ක්

    කොළඹ ජාතික රෝහලේ පමණක් හදවත් සැත්කම් කරගත යුතු හෘද රෝගීන් පන්දහසක් පොරොත්තු ලේඛනයේ සිටින බව තොරතුරු දැන ගැනීමේ පනත මගින් හෙළිකරගෙන ඇත.

  • කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී

    ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඊයේ (22) පරාජයට පත්ව තිබේ.

  • කොළඹ මහනගර සභාවේ අය වැය මාලිමාව ජයග්‍රහණය කරයි

    ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.

  • කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සභාපති ගුණරත්න වන්නිනායකට එරෙහිව කණ්ඩායමක්

    සාමාන්‍යයෙන් නීතිඥ සංගම් ශාඛාවක සභාපති ලේකම් තනතුරු අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දීම සම්ප්‍රදාය වේ.

  • කොළඹ මාර්ග සංඥා 70%ක් වැඩ නැහැ

    කොළඹ නගරයේ මාර්ගවල වර්ණ සංඥා පද්ධතිවලින් සියයට හැත්තෑවක්ම දෝෂ සහිත වීම හේතුවෙන් කොළඹ රථවාහන තදබදය උග්‍ර වී තිබෙන බවට හෙළි වී තිබේ.

    වර්ණ සංඥා පද්ධතීන්වල සෙන්සර්ස් නොමැතිවීම හා අංකණයන් නොවීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂක පොලිස් ඒකකයේ ආරංචි මාර්ග පවසයි.

    උදෑසන සහ සවස කාර්යාල වේලාවන්වල මෙන්ම පාසල් අවසන් වන කාල සීමාවන්හි රථවාහන සංඥා පද්ධති ක්‍රියා විරහිත කිරීමට හා පොලිස් හස්ත සංඥාවලට අනුව රථවාහන පාලනය කිරීමට සිදුව තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටියි.

    මේ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව වර්ණ සංඥා පද්ධති නවීකරණය කිරීමට හා ස්වයංක්‍රීය අංකන ක්‍රියාත්මක කරලීමට සැලසුම් කර තිබෙන බවද මෙමගින් රථවාහන තදබදය පාලනය කරගැනීමේ හැකියාව පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ අවධානයද යොමුව ඇති බවද කොළඹ නාගරික කොට්ඨාසයද සඳහන් කරයි.

    ( එෆ්. අස්ලම් - aruna)


  • කොළඹ මැරතන් තරගය වසර 7 කට පසු ඔක්. 05 වෙනිදා

    නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා වසර හතක කාලයක් අත්හිටුවා තිබූ ‘කොළඹ මැරතන්’ තරගය මේ මස 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ආරම්භ කෙරෙයි.

    සම්මන්ත්‍රණ ශාලාව අබියස ඇති ආලෝක සංඥා පද්ධතිය අසළින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන කොළඹ මැරතන් තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වේ.

    තරගකරුවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අබියස සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ පැමිණ බොරැල්ල කනත්ත වටරවුමෙන් හැරී දෙමටගොඩ, පෑලියගොඩ, හරහා වත්තලට පැමිණෙති. එතැන් සිට හේකිත්ත, හැමිල්ටන් ඇල, පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානය වෙත පැමිණ තරගය අවසන් කරති.

    ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංචාරක අමාත්‍යංශයේ සහයෝගයෙන්, ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) ආයතනය විසින් සංවිධානය කරනු ලබන 19 වැනි කොළඹ මැරතන් තරගය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ පූර්ණ අධීක්‍ෂණයෙන් පැවැත්වේ.

    වර්ෂ 1998 දී එල්.එස්.ආර්. ජාත්‍යන්තර මැරතන් තරගය ලෙසින් ආරම්භ කරන ලද මෙම මැරතන් තරගය පසුව ‘කොළඹ මැරතන්’ තරගය ලෙසින් වඩාත් ප්‍රචලිත විය. එය 2018 වසර දක්වාම අඛණ්ඩව පැවැති නමුත් 2019 දී සිදුවූ පාස්කු ප්‍රහාරය නිසාත්, 2020 දී ඇතිවූ කොරෝනා වසංගතය නිසාත් පැවැත්විය නොහැකි විය.

    එහෙත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හිස එසවීමත් සමගින් ‘කොළඹ මැරතන්’ තරගය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර තරග නැවතත් සංවිධානය කිරීමට ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) සමාගම තීරණය කර තිබේ.


    ( kelimandala | දමින්ද විජේසූරිය)


  • කොළඹ විශ්වවිද්‍යාලයේ දක්ශතම ක්‍රීඩකයා හිම්සර රන්දෙනිය, ක්‍රීඩිකාව මිෂෙල් කැටගොඩ; දෙදෙනා ම සම්මාන ලබති

    පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ 2025 වසරට අදාළ ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ  ශ්‍රවණාගාරයේ දී පැවත්වුණි.

  • කොළඹ සහ අවට ප්‍රදේශවලට ජල සීමා පැනවීමේ අවදානමක්

    පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් ජලය සපයන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඉතිරිව පවතින්නේ තවත් දින 20ක කාලයකට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

  • කොළඹ සිට පැමිණි සීප්ලේන් යානයක් නුවරඑළිය ග්‍රෙගරි වැවට කඩා වැටේ

    සතිපතා නුවරඑළියට සති අග නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන් රැගෙන එන සහ රැගෙන යන සිනමන් එයා ටෙස්නා 208 ගුවන් යානය සංචාරක මඟින් රැගෙන කොළඹ යෑමේ බලාපොරොත්තුවෙන් නුවරඑළියට පැමිණි අවස්ථාවේ දී සුළඟේ වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් විය.

  • කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගිහින් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    කැළණි ගඟ පිටාර ගැලීම නිසා කොළඹට බලපා ඇති අධි ගංවතුර අවදානම යම් දුරකට පහව ගොස් තිබෙන බවත්, පවතින මෙම ගංවතුර මට්ටම ඉදිරි පැය 24 තුළත් අපේක්ෂා කළ හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු ඒ. ගුණසේකර පැවසීය.

  • කෝට් බෑය පැත්තකට දමා විනිසුරු කෝදාගොඩ කේක් අනයි

    පසුගිය සතියේ කොළඹ ජනප්‍රිය අවන්හලක පැවති වාර්ෂික කේක් මිශ්‍ර කිරීමේ උත්සවයකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ සහභාගී වී සිටිනු දැකගත හැකිවිය.

  • කෝට්ටේ විපක්ෂ මන්ත්‍රිවරු, අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම වර්ජනය කරති

    ඊයේ (03) කෝට්ටේ මහ නගර සභාවේ අයවැය ලේඛනය පිළිබඳ මහ සභා රැස්වීම ආරම්භයේ දී විපක්ෂයේ මන්ත්‍රිවරු සභාව නීති විරෝධි බවට ප්‍රකාශ කර සභාව වර්ජනය කළහ.

  • කෝටිපති ව්‍යාපාරිකයින් 23කට හෝමාගම නගරයේ  ප්‍රජා සේවය කිරීමට අධිකරණ නියෝගයක්

    හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ රුපියල් ලක්ෂයක මාසික කුලියට ලබාගත් ඉඩමක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ කැට සූදු පොළක් වැටලීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

  • ගතවූ දින 15 තුළ සංචාරකයින් 131,898ක් දිවයිනට

     
  • ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස කිලිනොච්චියෙන්

    ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

  • ගම්මන්පිලගේ හඬපටය ගැන වාර්තාවක් කැඳවයි

    ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ විද්‍යුත් නාලිකා සහ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ සිදු කළ බව කියන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගේ "හඬ පට" රජයේ රස පරීක්ෂකවරයා ට යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (06) නියෝග කළේය.

  • ගල් අඟුරු  වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා - නාමල් රාජපක්ෂ

    ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස නොදකින්නේ නම්, ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට  සම්බන්ධ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරයි - රෝහිණී කවිරත්න

    ‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සහ කරන්නේ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න සඳහන් කරන්නී ය.

  • ගල් අඟුරු අර්බුදයට ඇමති සහ ලේකම් වගකිව යුතුයි - රජිත් කීර්ති තෙන්නකෝන්

    රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේලාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න