කොළඹ මැරතන් තරගය වසර 7 කට පසු ඔක්. 05 වෙනිදා

කොළඹ මැරතන් තරගය වසර 7 කට පසු ඔක්. 05 වෙනිදා

නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා වසර හතක කාලයක් අත්හිටුවා තිබූ ‘කොළඹ මැරතන්’ තරගය මේ මස 5 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිටින් ආරම්භ කෙරෙයි.

සම්මන්ත්‍රණ ශාලාව අබියස ඇති ආලෝක සංඥා පද්ධතිය අසළින් එදින පෙරවරු 6.00 ට ආරම්භ වන කොළඹ මැරතන් තරගය මීගමුව වෙරළ උද්‍යානයෙන් අවසන් වේ.

තරගකරුවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අබියස සිට බෞද්ධාලෝක මාවත ඔස්සේ පැමිණ බොරැල්ල කනත්ත වටරවුමෙන් හැරී දෙමටගොඩ, පෑලියගොඩ, හරහා වත්තලට පැමිණෙති. එතැන් සිට හේකිත්ත, හැමිල්ටන් ඇල, පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානය වෙත පැමිණ තරගය අවසන් කරති.

ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංචාරක අමාත්‍යංශයේ සහයෝගයෙන්, ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) ආයතනය විසින් සංවිධානය කරනු ලබන 19 වැනි කොළඹ මැරතන් තරගය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ පූර්ණ අධීක්‍ෂණයෙන් පැවැත්වේ.

වර්ෂ 1998 දී එල්.එස්.ආර්. ජාත්‍යන්තර මැරතන් තරගය ලෙසින් ආරම්භ කරන ලද මෙම මැරතන් තරගය පසුව ‘කොළඹ මැරතන්’ තරගය ලෙසින් වඩාත් ප්‍රචලිත විය. එය 2018 වසර දක්වාම අඛණ්ඩව පැවැති නමුත් 2019 දී සිදුවූ පාස්කු ප්‍රහාරය නිසාත්, 2020 දී ඇතිවූ කොරෝනා වසංගතය නිසාත් පැවැත්විය නොහැකි විය.

එහෙත් මෑතක සිට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හිස එසවීමත් සමගින් ‘කොළඹ මැරතන්’ තරගය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර තරග නැවතත් සංවිධානය කිරීමට ලංකා ස්පෝට්ස් රයිසන් (එල්.එස්.ආර්.) සමාගම තීරණය කර තිබේ.


( kelimandala | දමින්ද විජේසූරිය)


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න