ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ දා සිට 2026 අප්‍රේල් 16 වන දින දක්වා කාලය තුළ සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.
ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාරට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබාදී ඇත.
ඒ අනුව, ඔහු එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරුකර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සේනාරත්න කියා සිටියේය.
ගල්කිස්ස අධිකරණය පරිශ්‍රය තුළදී නීතිඥවරයකු විසින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මෙලෙස ස්ථාන මාරුවීමක් ලබාදී ඇති බව සඳහන්වේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඩිජිටල් මුද්‍රණ ආයතනයක හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ඇසුරැම් කිරිමට යොදාගන්නා ස්ටිකර් හා ඊට භාවිත කළ මුද්‍රණ යන්ත්‍ර සමග කොළඹ මධ්‍යම අපරාධ ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවටගත් එහි හිමිකරු අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (17) එම නියෝග කළේය.
ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත්වු පවුල් වල දරු දැරියන්ට පොත් පත් සහ පාසල් උපකරණ සැපයීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් අරඹන ලද "ආදරය" වැඩසටහන යටතේ දිවයිනේ දකුණ, වයඹ, මධ්‍යම,ඌව,උතුර සහ නැගෙනහිර, බස්නාහිර සහ සබරගමුව පළාත් වල විපතට පත් පවුල්වල දරු දැරියන් 50000 කට අවශ්‍ය කරන පාසල් උපකරණ සහ පොත්පත් පෑන් පැන්සල් ආදිය සැපයීම දැන් ආරම්භ කර තිබේ.
2012 වසරේදී ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 184ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැවරීමේ අයිතියට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමිසම ඊයේ (10) දැනුම් දුන්නේය.
ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ තම වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන රටවලට එරෙහිව නව තීරු බදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ග්‍රීක බලධාරීහු අද (27), ලෙස්බෝස් (Lesbos) දිවයිනට ඔබ්බෙහි මුහුදු තීරයේ අනතුරට පත් සංක්‍රමණිකයින් පිරිසක් සොයා, හදිසි සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක් දියත් කළහ.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකිරීම සඳහා ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍ර එකක් සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර එකක් භාවිතා කරයි. පිලිකා රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ දී එම ප්‍රතිකාරය දින පහත් 35ත් අතර කාලයක් දක්වා දිනපතා සිදුකරයි. එම ප්‍රතිකාර සිදුකළ යුතු දින ගණන තීරණය වන්නේ රෝගියා ගේ තිබෙන පිළිකාවේ ස්වභාවය සහ එහි තතිත්වය අනුව යි.
ගාල්ල ජාතික රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාරක යන්ත්‍රය බිදවැටීම හේතුවෙන් අප්‍රේල් 08 වෙනිදා සිට ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර සේවාව සම්පූර්යෙන් නවතාදමා ඇත.
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක් පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ දී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි පිරිසක් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ කරුණු 20කින් යුත් සාම යෝජනාවලියට හමාස් සංවිධානය කොන්දේසි සහිතව ඊයේ (07) සිය ප්‍රසාදය පළ කළේය.
කටාර් අගමැති සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ සාම නියෝජිතයෝ, ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සමග වක්‍ර සාකච්ඡාවලට සහභාගී වීම පිණිස ඊයේ ඊජිප්තුව වෙත ලඟා වූහ.
ගාසා ගනුදෙනුව සාර්ථක වනු ඇතැයි ධනාත්මක මතයක පසු වන බව ජනපති ට්‍රම්ප් පැවසීය. එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජනපති ට්‍රම්ප් ගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් (Jared Kushner) ද ඊජිප්තුව බලා පිටත් වූ එක්සත් ජනපද නියෝජිත පිරිස අතර වෙති. කුෂ්නර්, ජනපති ට්‍රම්ප් ගේ පළමු ධුර කාලයේ ඔහුගේ මැද පෙරදිග විශේෂ නියෝජිත ලෙස ද කටයුතු කළේය.
සිය සාම සැලැස්ම හුදු ගාසා තීරය පමණක් නොව සමස්ත මැද පෙරදිග කලාපයම ඉලක්ක කර සකස් කළ එකක් බව වොෂින්ටනයේදී, මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප් කියා සිටියේය.
ඊජිප්තුවේ පැවැත්වෙන අද (08) සාකච්ඡා පෙර දෙදිනටම වඩා සාර්ථක වනු ඇතැයි අනුමාන කෙරේ. එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි (Sheikh Mohammed bin Abdulrahman al-Thani) ද ඊට සහභාගී වීමට නියමිතය. ගාසා සාම සැලැස්ම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිලිබඳ කරුණු අද සාකච්ඡාවන්ට ඇතුළත් වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/8/2025
Hamas says on war anniversary it's ready to reach Gaza deal, but conditions remain
බ්‍රිතාන්‍ය හමුදාවේ සැලසුම් නිලධාරීන්ගෙන් සමන්විත භට පිරිසක් ඊශ්‍රායලය වෙත පිටත් කර හැරේ.
ගාසා තීරයේ ඉදිරි ආරක්ෂක ප්‍රතිසංස්කරණ උදෙසා, එක්සත් ජනපද හමුදාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විශේෂ කාර්ය සාධක බලකායට සහාය පිණිස, එරට ආරාධනාව මත බ්‍රිතාන්‍ය භට පිරිස් ඊට එක් කර තිබේ.
එක්සත් ජනපද හමුදා මූලිකත්වයෙන් නිර්මිත එම බලකාය, සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස නම් කර ඇත.
ගාසා තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම, එහි මූලික කාර්ය භාරය වේ. බලකා අන්තර්ගතය, කාර්ය පටිපාටිය, විධාන ධූරාවලිය, නෛතික භාවය හා අනෙකුත් අදාළ තත්ත්වයන් පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරේ.
එම බලකායට සහාය පිණිස, 200කට ආසන්න හමුදා භට පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. ඊට, සිය භට පිරිස් එක් කිරීමට, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කටාර් රාජ්‍යය, තුර්කිය සහ අසර්බයිජානයට ද ඇරයුම් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/22/2025
UK deploys small number of military officers to Israel following US request
ගාසා තීරය සටන් විරාම ගිවිසුමක් පවතින පසුබිමක වුව ද, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරු සහ දකුණු ප්‍රදේශ ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර දෙකකින් පලස්තීන වැසියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
ගාසා තීරයේ සටන් විරාමය ඇරඹේ. එහි ඇතැම් ප්‍රදේශ වෙතින් ඊශ්‍රායල හමුදා ඉවත් වීම අද (10) ආරම්භ විය. පලස්තීන ජනයා ගාසා නගරයේ යුද්ධයෙන් සුනු විසුණු වී ගිය සිය නිවෙස් කරා යළි පැමිණෙනු දුටු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊයේ (09) පැවති ආරක්ෂක කැබිනට් සාකච්ඡා වලින් අනතුරුව ඊශ්‍රායල රජය අද උදෑසන, හමාස් සංවිධානය සමග සටන් විරාමය ප්‍රකාශයට පත් කළේය. ඉදිරි පැය 72 ක කාලය තුළ හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතුය.
හමාස් භාරයේ ජීවතුන් අතර සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ජීවිතක්ෂයට පත් සියළු ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු නිදහස් කිරීමට අදාළ සැලසුමට ඊශ්‍රායල රජය මේ දැන් අනුමැතිය ලබා දුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ ඉංග්‍රීසි බසින් පළවන එක්ස් (X) ගිණුමේ සඳහන් කර තිබේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/10/2025
මුලාශ්‍රය :
Gazans return to wrecked homes as Israeli forces pull back under ceasefire
ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.
මෙරට කාන්තා පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවා සිදුකිරීම සඳහා භාවිත කරනු ලබන කොල්පොස්කොපි (Colposcope) යන්ත්‍ර 12ක් ඊට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.
රට පුරා පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේදී එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිණි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කර ඇත.
සිය බිරිය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු තවත් සෙබළකු කපා කොටා ඝාතනය කර ඇතැයි මහඔය පොලිසිය කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

