ගාසා තීරයට යළිත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර; 11 දෙනකු මිය යති

ගාසා තීරයට යළිත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර; 11 දෙනකු මිය යති

ගාසා තීරය සටන් විරාම ගිවිසුමක් පවතින පසුබිමක වුව ද, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරු සහ දකුණු ප්‍රදේශ ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර දෙකකින් පලස්තීන වැසියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඊයේ (15) උදෑසන උතුරු ගාසා තීරයේ පිහිටි අවතැන් වූවන් රැඳී සිටින කූඩාරම් සහිත කඳවුරකට එල්ල වූ එක් ප්‍රහාරයකින් පුද්ගලයින් 06 දෙනකු මියගොස් තිබේ. මීට අමතරව, ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යුනිස් (Khan Younis) ප්‍රදේශයට එල්ල වූ අනෙක් ප්‍රහාරයෙන් තවත් පලස්තීනුවන් 05 දෙනකු මියගොස් තිබේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියේ හමාස් සංවිධානය, සටන් විරාම ගිවිසුමේ කොන්දේසි දිගින් දිගටම උල්ලංඝනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බවයි. විශේෂයෙන් ම සන්නද්ධ හමාස් සටන්කාමීන් හමුදා කලාපවලට ඇතුළු වීමට උත්සාහ කිරීම මෙම ප්‍රහාරවලට ක්ෂණික හේතුව වූ බව ඔවුන් පවසයි.

පසුගිය ඔක්තෝබර් 10 වනදා සිට දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වුව ද, එය ඉතා බිඳෙනසුලු මට්ටමක පවතින බවක් දක්නට තිබේ.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, සටන් විරාමය ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුවූ ප්‍රහාරවලින් මිය ගිය සහ තුවාල ලැබූ අය අතර සැලකිය යුතු පිරිසක් කාන්තාවන් සහ දරුවන් ය. අමෙරිකානු මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මෙම සටන් විරාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න