#newstube

  • චීනය මිනිසුන් රහිත ෂෙන්ශු - 22 අභ්‍යවකාශ යානය දියත් කරයි

    චීනය අද (25) ෂෙන්ශු - 22 (Shenzhou-22) අභ්‍යවකාශ යානය දියත්  කළේය. එය මිනිසුන් රහිත යානයක් සේ අභ්‍යවකාශ ගත කෙරිණි.  

  • චීනය මේ තරමට ම දියුණු වුණේ කොහොම ද...? - Ideas front වීඩියෝවක්

    1990 දශකය වන විට චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික මට්ටම සමාන යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

  • චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් - චීන ජනපති

    2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කර තිබෙනවා.

  • චීනයට ගිය ජවිපෙ ජාතික සංවිධායකවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් හමුවේ

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව පසුගිය 11වනදා සිට චීනයේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, ප්‍රවාහන හා මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය 12 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග් සහ එම ප්‍රාන්තයේ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සමග නිල සාකච්ඡාවක් පවත්වා ඇත.

    ගුවන්ෂි ප්‍රාන්තය වර්ග කිලෝමීටර 237,000කට ආසන්න වපසරියක් සහිත භූමි ප්‍රමාණයක් සහිත මිලියන 57කට ආසන්න ජනගහණයක් සහිත ප්‍රාන්තයකි.

    එහිදි චීන කොමියුනිස්ට් පක්ෂයේ Guanxi කමිටුවේ ලේකම් චෙන් ගන්ග්, ගුවන්ෂි ප්‍රාන්තයේ ඇති විශේෂත්වයන් පිළිබඳවත්, කලාපය තුළ ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳවත්, ප්‍රධාන ජාතිකත්වයට අමතරව ජීවත් වන ජාතිකත්වයන්ගේ ජීවන තත්වයන් නගාසිටුවීම 2020 ව⁣සරේ සිට රජයේ ප්‍රමුඛතාවයක් කරගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    තවද කෘතිම බුද්ධිය ආශ්‍රිත සේවා සැපයීමේ කර්මාන්තය හා සේවා සැපයිම සහ අග්නිදිග ආසියානු කලාපයේ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව හා ගුවන්ෂි ප්‍රාන්තය අතර සබඳතා ඇතිකරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

    පාලන බලය ලබා වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනතාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. එම් අස්ලාම් හා සෙල්වතම්බි තිලකනාදන් යන අයද ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසක්ද සහභාගිවී සිටියහ.

     

    biml

     

  • චීනයේ චොන්චින් නුවර නාය යෑමක්; අතුරුදන් අය සොයා කඩිනම් මෙහෙයුම්

    චීනයේ අග්නිදිග නගරයක් වන චොන්චින් හි අද (17) සිදු වූ දරුණු නාය යෑමකින් පුද්ගලයින් රැසක් අතුරුදන් වී තිබේ. බෑවුම් පෙදෙසක  ඉදි කර තිබූ  නේවාසික ගොඩනැගිලි රැසක් ද විනාශව පත්ව තිබේ. 

  • චීනයේ පිහිටි මිය යන කාමර

    1990 දශකයේ මැද භාගයේ දී, විදේශීය චිත්‍රපට නිෂ්පාදකයන් කණ්ඩායමක් ස්වේච්ඡා සේවකයන් ලෙස වෙස්වළාගෙන චීනයට ඇතුළු විය. රාජ්‍ය ළමා නිවාසවල ස්වේච්ඡාවෙන් සේවය කරන බව මවාපාමින්, ඔවුන් ළදරු කිරි ටින් තුළ සඟවා ගෙන කැමරා පවා රැගෙන ගියේ ය. ඔවුන් අනාවරණය කළ දේ ඉතා ඉක්මනින් ලෝකය ම කම්පනයට පත් කළේ ය.


    නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර

    බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයන් වන කේට් බ්ලෙවිට් (Kate Blewett) සහ බ්‍රයන් වුඩ්ස් (Brian Woods) විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායම චීනය පුරා ළමා නිවාස කිහිපයක සංචාරය කළේ ය. ඒ වන විට, චීනයේ “එක් දරු ප්‍රතිපත්තිය” දැඩිව ක්‍රියාත්මක වූ අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පවුල් බිලිඳු ගැහැණු දරුවන් හෝ ආබාධිත ළදරුවන් අතහැර දැමූහ. සම්ප්‍රදායිකව පුතුන්ට වැඩි සැලකිල්ලක් දැක්වූ අතර, දැඩි ජනගහන නීති මගින් එක් දරුවෙකුට වඩා සිටින පවුල්වලට දඬුවම් කරන ලදි.

     

    onechild

    එහි ප්‍රතිඵලය හද කම්පා කරවනසුලු විය: සෑම වසරකම දහස් ගණනක් අනවශ්‍ය ළදරුවන් රාජ්‍ය ළමා නිවාසවල ගේට්ටු අසල අතහැර දැමිණ. බ්ලෙවිට් සහ ඇගේ කණ්ඩායම එම ළමා නිවාසවලට ඇතුළු වූ විට, රජය විස්තර කළ පහසුකම් සහිත සත්කාරක මධ්‍යස්ථාන ඔවුන්ට හමු නොවී ය. ඒ වෙනුවට, ඔවුන්ට හමුවූයේ නිශ්ශබ්දතාවයෙන් පිරුණු කාමර ය. ළදරුවන් ලෝහ තොටිලි පේළිවල චලනය නොවී වැතිර සිටියහ. ඔවුන්ගේ මුහුණු සුදුමැලි වී තිබූ අතර, ඇස් අවධානයක් (eye contact )නොමැතිව විය. බොහෝ දෙනෙක් අඬන්නට පවා ශක්තියක් නොමැති තරමට දුර්වල වී සිටියහ. බොහෝ විට වැඩ අධික සහ සීමිත කාර්ය මණ්ඩලයකින් යුත් සේවිකාවන් යන්තම් කතා කළහ. සමහර ළදරුවන් නිසලව තබා ගැනීම සඳහා රෙදි කඩකින් ඔවුන්ගේ ඇඳන්වලට බැඳ තිබූ අතර, තවත් සමහර ළදරුවන් තමන්ගේම අපද්‍රව්‍ය මත වැතිර සිටීමට ඉඩ දී තිබුණි.


    මරණය එනතුරු බලා සිටීම

    චිත්‍රපට නිෂ්පාදකයන් මෙම ස්ථාන හැඳින්වූයේ “මියයන කාමර” (The Dying Rooms) ලෙසිනි. ඊට හේතුව කිසිවකු එම දරුවන් ක්ෂණිකව මරා දැමීම නොව, නොසලකා හැරීම තුළින් ඔවුන්ට සෙමින්, නිශ්ශබ්දව මිය යාමට ඉඩ හැර තිබීමයි. ආහාර නැත, උණුසුමක් නැත, ස්පර්ශයක් නැත. වාර්තා චිත්‍රපටයේ වඩාත් භයානකම අවස්ථාවක් වූයේ “නමක් නැත” යන අර්ථය දෙන මී මින් (Mei Ming) නම් කුඩා දැරියක් හමුවීමයි. අඳුරු කාමරයක තනි කර තිබූ ඇගේ කුඩා ශරීරය චලනය කිරීමට පවා දුර්වල විය. කාර්ය මණ්ඩලය පිළිගත්තේ ඇයව කිසිවෙකු හදා නොගන්නා බවයි. ඔවුන්ට අනුව, ඇය සිටියේ අවසානය එනතුරු බලා සිටිමින්ය.

    1995 දී බ්‍රිතාන්‍ය රූපවාහිනියේ 'The Dying Rooms' වාර්තා චිත්‍රපටය විකාශය වූ විට, ලෝකයම භීතියට පත් විය. ප්‍රේක්ෂකයෝ හඬා වැටුණහ. රජයන් පිළිතුරු ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, චීන බලධාරීන් සියල්ල ප්‍රතික්ෂේප කළහ. චීනයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා චිත්‍රපටය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බව ඔවුන් පැවසීය. නමුත් ස්වාධීන මානව හිමිකම් කණ්ඩායම් මේ පිළිබඳව විමර්ශනය කිරීමට පටන් ගත්හ.

     


    the dying rooms

    නිහඬ මරණ ස්ථාන

    1996 දී හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) විසින් “Death by Default: The Policy of Fatal Neglect in China’s State Orphanages” නමින් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරන ලදි. එය චිත්‍රපට නිෂ්පාදකයන් දුටු දේ සනාථ කළේ ය. විමර්ශකයන් සොයා ගත් ඇතැම් ළමා නිවාසවල මරණ අනුපාතය 50% ඉක්මවා තිබිණි. විශේෂයෙන් ආබාධිත හෝ ගැහැනු ළදරුවන් අතර මෙම තත්ත්වය බහුල විය. දරුවන් ඇඳන්වලට බැඳ දමා, උත්තේජනයකින් හෝ වෛද්‍ය ප්‍රතිකාරයකින් තොරව තබා ඇති අතර, බොහෝ දෙනෙක් පැමිණ මාස කිහිපයක් ඇතුළත මිය ගියහ. සමහර පහසුකම් හොඳ වුව ද, අනෙක්වා නිහඬ මරණ ස්ථාන බවත්, ඒවා නිලධාරීන් විසින් නොසලකා හැර ලෝකයෙන් සඟවා තිබූ බවත් වාර්තාවෙන් හෙළි විය.



    අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම්

    ගෝලීය පීඩනය යටතේ, චීනය අවසානයේ සීමිත ප්‍රතිසංස්කරණවලට ඉඩ දුන්නේය. විදේශයන්ගෙන් ලැබෙන පරිත්‍යාග වැඩි විය. සමහර ළමා නිවාස ඔවුන්ගේ තත්ත්වය වැඩි දියුණු කළ අතර, වැඩි සේවිකාවන් බඳවා ගත් අතර, හදා වඩා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළේ ය. එහෙත්, වසර ගණනාවකට පසුව පවා, විශේෂයෙන් අරමුදල් නොලැබෙන ප්‍රදේශවල නොසලකා හැරීම් පිළිබඳ කථා තවමත් මතු විය.


    එම නිහඬ කාමරවල මිය ගිය දරුවන් කී දෙනෙක් දැයි කිසිවෙකු දන්නේ නැත. ඔවුන්ගේ නම් කලාතුරකින් වාර්තා වූ අතර, ඔවුන්ගේ සොහොන් කලාතුරකින් සලකුණු විය. එහෙත් ඔවුන්ගේ පැවැත්ම සහ ඔවුන්ගේ දුක් වේදනා 1990 දශකයේ වඩාත්ම වැදගත් මානව හිමිකම් පිබිදීමක් ඇති කළේ ය.

     

    අද, "මියයන කාමර" යන වාක්‍ය ඛණ්ඩය, සමාජයක් කරුණාවට වඩා නීති රීති, ප්‍රතිරූපය හෝ සම්ප්‍රදාය අගය කරන විට කුමක් සිදුවිය හැකිද යන්න පිළිබඳව සීතල මතක් කිරීමක් ලෙස පවතී. මී මින් බඳු සෑම දරුවකුගේ ම කතාව පවසන්නේ, සෑම ජීවිතයක් ම, කොතරම් කුඩා හෝ අපහසු වුවත්, රැකවරණය, ආහාර සහ ආදරය ලැබිය යුතු බව ලෝකයට මතක් කර දීමට ය.


    chn
    (උපුටා ගත්තේ Malith Achintha Kodikara ගේ Face book පිටුවෙනි).

  • චීනයේ වසර 1500ක් පැරණි පන්සලක් ගිනිගෙන විනාශ වෙයි

    ඓතිහාසික සිදුවීම් රැසකට මුල් වූ චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී තිබේ.

  • චීනයේ විද්‍යා සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ දක්ෂයින් වෙත චීන ජනපති ගෙන් ඇගයුම්

    චීනයේ උත්තරීතර විද්‍යා හා තාක්ෂණ සම්මාන ප්‍රදානෝත්සවය චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණි.

  • චීනයේ සමාජ මාධ්‍ය නියාමනයට නව නිතී | TMG Chandrasekara

    වෛද්‍ය විද්‍යාව, නීතිය, අධ්‍යාපනය හෝ මූල්‍ය බඳු “සංවේදී” විෂයයන් මාර්ගගතව සාකච්ඡා කිරීමට පෙර සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් ඒ ඒ විෂයන් පිළිබඳ නිල සුදුසුකම් ලබා දියයුතු බවට චීනය පුළුල් නව රෙගුලාසියක් හඳුන්වා දී ඇත.

  • චීනෙට ගිය පොලිස්පති

    පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ(15) රාත්‍රිය් දී චීනය බලා පිටත්ව ගොස් ඇත.

    ඒ චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමටයි.

    පොලිස්පතිධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර ඇත.

    ප්‍රියන්ත වීරසූරිය මහතා චීනයේ පැවැත්වෙන සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ලබන 20 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


  • චීවරධාරීන් ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මහනායක හිමිවරුන් දැඩි පිළිකුලෙන් හෙළා දකියි; වහාම සසුනෙන් නෙරපීමට පියවර!

    බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ නිරත වූ භික්ෂු ප්‍රතිරූපකන පිරිසක ගේ ක්‍රියාකලාපය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා දැඩි ලෙස හෙළා දැක ඇත. නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේලා අවධාරණය කරන්නේ මෙම නින්දිත ක්‍රියාව ශාසන විරෝධී මෙන්ම මෙරට නීතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

  • චීවරය පොරවාගත් පසුගාමී තක්කඩියෝ

    මම හැමදාම කියනවා වගේ සිංහල බෞද්ධ ථෙරවාදී භික්ෂු බහුතරය අන්ත ප්‍රතිගාමී, නූතනත්වයට විරුද්ධ වැඩවසම් කණ්ඩායමක් වේ. 

  • චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටේ

    චෙක් ජනරජයේ දුම්රිය දෙකක් ගැටී අද (20) අනතුරක් සිදු විය.

  • චෙන්නායි ගුවන්තොටුපොළේ නොසන්සුන්තාවක්: ගුවන් යානය ධාවනය වෙද්දී මගියෙකු හදිසි දොරෙන් පනී

    සාජා සිට පැමිණි එයාර් ඇරේබියා (Air Arabia) ගුවන් යානයක් ඊයේ (03) අලුයම චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වා ධාවන පථයේ ගමන් කරමින් තිබිය දී, එහි සිටි මගියෙකු හදිසි දොරටුව විවෘත කර ඉන් පිටතට පැනීමේ පුවතක් වාර්තා වේ.

  • චෙම්මනි සමූහ සුසාන භුමියෙහි පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා - අමාත්‍ය හර්ෂණ නානායක්කාර

    චෙම්මිනි සමුහ  සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙන බවත්, එහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළඟා කරන්න රජයට අවශ්‍ය බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.

  • චේතිය රාජ්‍යයට වසරයි; කළ දේවල් මෙන්න - සූගීෂ්වර බණ්ඩාර

    චේතිය රාජ්‍යයට වසරක් පිරුණ ද මේ වසර පුරා ම කර තිබෙන්නේ: වෛරය, පළිගැනීම හා හාස්‍යය සමාජ ගත කිරීම පමණක් යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ අද (23) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

    එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සූගීෂ්වර බණ්ඩාර...


    රුපියල් හතරයි ශත පනහක ප්‍රතිලාබයක්

    ''මීට වසරකට පමණ පෙර අද වගේ දිනයක තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය තනතුරේ වැඩ බාර ගන්නේ. අද චේතිය රාජ්‍යයට වසරක් පිරෙනවා ඒ කියන්නේ පච පතිට වසරයි. මේ අවුරුද්ද පුරාවට වෛරය පළාගැනීම හා හාස්‍යය තමා සමාජ ගත කරලා තියෙන්නේ. ඉන් එහා කිසි දෙයක් සිදු වී නැහැ. මේ වසර දෙවන චේතිය රජුගේ ධුරකාලය යි. මේ වසර පුරාවට දුන් පොරොන්දු 1329න් එකක් පමණක් ඉෂ්ට කර තිබෙනවා.

    76 වසරකට පසුව ජනතාව වැඩියෙන්ම රවට්ටපු වසර මෙයයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා ඔවුන්ගේ හිමිකම් අහෝසි කරා . එය සිදු කළෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට රිදවීමේ චේතනාවෙන්. ඒ තුළින් මේ රටේ ආර්ථිකයට වෙච්ච හොදක් නම් නෑ . රු. 4.50කින් තමයි ප්‍රතිලාභය හිමිවන්නේ.


    බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුණ අවුරුද්දක්

    මේ වසර පුරාවට බෙදුම්වාදය උපරිමයෙන්ම ශක්තිමත් වුණා. විශේෂයෙන්ම අධි ආරක්ෂිත කලාප වල තිබුණ හමුදා බාධක ඉවත් කළා, වවුනියාව ගුවන් හමුදා කදවුර භූමිය නිදහස් කරන්න කටයුතු සුදානම් කළා. එමෙන්ම උතුරේ අධි ආරක්ෂිත කලාපවල තිබුණ හමුදා කඳවුර ඉවත් කරලා එම ඉඩම් නැවත බෙදා දෙන්න සුදානම් කළා. ඒ අනුව බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුන අවුරුද්දක්.

    ඉතිහාසයේ දැවැන්තම හොරකම ලෙස කන්ටේනර් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කලා. ඒ සම්බන්ධව විශාල ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. ඒ පිළිබඳව කිසිදු වගකීමක් බිමල් රත්නායක ඇමතිවරයා බාර ගන්නේ නෑ. රේගු අධ්‍යක්ෂවරයා බාරගන්නේ නෑ. අද වෙනකම් මේ පිළිබඳව පැහැදිලි විමර්ශන්යක් තවම සිදු වෙලා නෑ.


    කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරා

    චේතිය රාජ්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වුණ කතානායක තනතුර හෑල්ලුවට ලක් කළා. හොර උපාධි සහතිකයක් තියෙන අශෝක රන්වල  පත් කළා. උපාධි සහතිකය පෙන්නන්න කියපුවාම ඔහු තනතුරෙන් ඉවත් කළා. ඉන්පසු වෛද්‍ය ජගත් වික්‍රමරත්න  පත්කලා කතානායක තනතුරට. වෛද්‍ය ජගත් වික්‍රමරත්න විශාල චෝදනා ප්‍රමාණයක් මේ වනවිට එල්ල වෙලා තියෙනවා. එතුමා විසින් රාජ්‍ය දේපළ අවභාවිතාව හා රාජ්‍ය මුදල් අපහරණය සම්බන්ධව. ඒ පිළිබඳ පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් කිසිදු වග විභාගයක් නෑ. ඒ වගේම කතානායකතුමන්ටද ඒ සම්බන්ධව සදාචාර සම්පන්නබාවයක් ද නෑ. මේ චේතිය රාජ්‍ය තුල කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරලා තියෙන්නේ.


    විදුලි බල ඇමතිට වෙනස් නීතියක් ද...?

    පසුගිය අගෝස්තු 17 වනිදා මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකින් විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි  2015 වර්ෂයේ පොහොර සංස්ථාවේ සේවකයකු ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රජයට රුපියල් මිලියන 8 ක මුදලක් ටෙන්ඩර් වංචාවක් හරහා පාඩු කිරීම සම්බන්ධව ඔහුට නඩු පවරන්න නියමිත බවට රටට කරුණු හෙළි කළා. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වැරැද්දක් සිදු කර ඇති නම් ඔහු කවුරු වුනත් තරාතිරම නොබලා දඩුවම් කරන බව ය. නමුත් මේ වනවිට මාසයක් ගතවෙලා තියෙනවා.

    අපිට ලැබී තියෙන තොරතුරු අනුව නම් විදුලි බල ඇමතිතුමා 2015 වර්ෂයේ සිදු කළ ටෙන්ඩර් වංචාවට අදාළව සියලු පරීක්ෂණ කටයුතු සිදු කර අවසන්. ඒ ලිපි ගොනුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිලධාරින් තිදෙනා ම අත්සන් කරලා තියෙනවා. අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයාත් අත්සන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඔහුට නඩු පවරලා නෑ.


    අසරණ වුණ රංග දිසානායක

    රංග දිසානායක කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරයෙක්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කළා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා. නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී රංග දිසානායක අධ්‍යක්ෂජනරාල්වරයා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රංග දිසානායකගෙන් අහන්න කැමති අමාත්‍ය කුමාර ජයකොඩිට මේ සම්බන්ධව නඩු පවරනවාද නැද්ද යන්න රටට හෙළි කරන්න.

    අපට ලැබී තියෙන තොරතුරු අනුව නම් කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම වැලැක්වීම සම්බන්ධව රංග දිසානායකව කිසියම් අදෘශමාන හස්තයකින් හසුරුවන බවය. කුමාර ජයකොඩි  සම්බන්ධ ලිපි ගොනුව බහා තබන්න නඩු පවරන එක වළක්වන්න කියලා. ඒ නිසා රංග දිසානායක මැතිතුමනි, දැන් මාසයක් ගතවෙලත් ඔබතුමන්ගේ මේසය මත එම ලිපි ගොනුව දුවිලි වදිමින් තියාගන්න අවශ්‍ය නෑ. කරුණාකාරලා නඩු පවරලා ඔබතුමාගේ අපක්ෂපාත්තවය, සුජාතභාවය රටට ඔප්පු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.''

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා: දෙහිවල ආසන සම සංවිධායක අජන්ත ද සිල්වා, මධ්‍යම කාරක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි සහ කොළඹ දිසා නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් යන අය සහභාගි වූහ.

     

    nawajanatha 20250923

  • චෝදනාවට ලක්වූ විශ්ව රූ රැජිණ තරගාවලියෙන් විනිසුරුවන් දෙදෙනෙක් ඉවත් වෙති

    2025 විශ්ව රූ රැජිණ සම්ප්‍රදායික ඇඳුම් තරග වටය අතරතුර ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලිහාෂා වයිට් තේ පෝච්චියක හැඩයට සැකසූ ඇඳුමක් හැඳ වේදිකාවට පිවිසි ආකාරය

    වාර්ෂික රූ රැජිණ තරගයට දින කිහිපයකට පෙර විශ්ව රූ රැජිණ තරගයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත් වී ඇති අතර, සංවිධායකයින් විසින් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී වංචා කරනු ලැබූ බවට එක් විනිසුරුවරයෙකු චෝදනා කර තිබේ.

  • ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර ගේ මව දිවි සැරිය නිම කරයි...!

    අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර ගේ මෑණියන් වූ යූ. ඉන්ද්‍රානි මහත්මිය අභාවප්‍රාප්ත වූවා ය.

  • ඡායාරූපයක් කියවන්නේ කෙසේද? - Photo Review Workshop

    වෙනස් ලෙස දැකීමේ කලාව හඳුනාගැනීම මුඛ්‍ය අරමුණ කරගනිමින් මැරිගෝල්ඩ් ස්ටුඩියෝව විසින් පවත්වනු ලබන ඡායාරූපය විචාරය කිරීම පිළිබඳ වැඩමුළුව මගින්, ඡායාරූපයක් සරලව බැලීමෙන් ඔබ්බට ගොස් එය විචාරාත්මකව අවබෝධ කර ගැනීමට ඔබට අවස්ථාව ලබාදේ.

  • ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යි - GMOA

    මෙරට ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සුවපත් රටක් සහ අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

    එම සංගමය මෙලෙස සඳහන් කරන්නේ බිඳ වැටෙන රෝහල් පද්ධතිය රැක ගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම උදෙසා තිරසාර වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

     

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම නිවේදනයට අනුව රෝහල් පද්ධතියේ තුළ පවතින ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් එම ගැටලු සඳහා ඒකාකාරී විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය සහ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ අවධානමකට ලක් වී ඇත.

     

     එමෙන් ම නිදහසින් දශක 08 කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා අරගලයක නිතර වීමට තවමත් ජනතාවට සිදු වී ඇතැයි එම නිවේදනයේ සදහන්ව ඇත.

    මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

     

    goma 453px

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න