ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට වරෙන්තු නිකුත් කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 FIFA ලෝක කුසලානය සඳහා දිනුම් ඇදීමට පෙර මංගල Fifa සාම ත්‍යාගය ලබා ගත්තේය.
දිවයිනේ සිටින ජේෂ්ඨතම ජනාධිපති නීතිඥවරයෙකු වන රොමේෂ් ද සිල්වා, නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මුණගැසී විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.
දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කිරීමට කටයුතු කළ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට තම වෘත්තීය කටයුතු සිදුකිරීමට ඇති අයිතිය අවහිර කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් ඔවුන්ට සිදුකරන ලද ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පලවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම සංගමය සඳහන් කරයි.
මෙම ආන්දෝලානාත්මක පුවත ජනාධිපති ගේ සහ මාලිමා රජයේ අවධානයට මෙන්ම ආරක්ෂක පියවරක් වශයෙන් අනාවරණය කරමු.
ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා 2025 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
අපි සැවොම එකට වාඩි වී මාධ්‍ය හමුවක් තබා ඒයට සහභාගි නොවූ සජබ ඇතුළු අනෙකුත් පක්ෂ වෙත ආරාධනා කිරීම ම ආණ්ඩුව සලිත කරන්නට සමත් වූයේ යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න; පරණ ඇඳුම් ඇඳගෙන, පාර අයිනේ අසරණව වාඩි වී සිටින මේ කාන්තාව දුටු විට ඔබට සිතෙන්නේ කුමක්ද? ඇය යාචක කාන්තාවක් කියා ඔබට සිතෙනවා ඇති.
ජනාධිපතිවරයා මෙවර තෛපොංගල් දිනයේ යාපනයට ගොස් කළ කී දෑ සියල්ල ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කළ දෑ බව තමන් අනුමාන කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ජවිපෙ වේදිකාවේ සිට නඩු තීන්දු දී, ජනතාව ගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් යැයි ජනාධිපතිවරයා සිතා සිටින්නේ නම් එය අපි බලාගමු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
වෙනිසියුලාවේ සිදු වූ විශේෂ මෙහෙයුම ඇමරිකානු ඩෙල්ටා බලකාය (Delta Force) විසින් සිදු කළ බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟ, මෙම අද්භූත හමුදා කණ්ඩායම පිළිබඳව ලෝකයේම අවධානය යොමු වී තිබේ.
අනෙකුත් සියල්ලෙහි දී මෙන් ම ආපදාවල දී ද සන්නිවෙදනයේ වැදගත්කම පිලිබදව මේ දිනවල සංදයක් ගොඩ නැගී ඇත.
එක්සත් ජනපදය වෙත අපනයනය කළ ජපානයේ නිසාන් විද්‍යුත් මෝටර් රථ 19,077ක් එම සමාගම විසින් යළි කැඳවා තිබේ. එම මෝටර් රථ ත්වරිත ආරෝපණයේදී (quick charging) අධි උෂ්ණත්වයක් පෙන්වීම හේතුවෙන් ගිනි අවදානමක් හටගත හැකි බවට වන සාධනීය සැකය මත එම තීරණය ගෙන තිබේ.
මෙම වසරේ අපනයනය කළ නිසාන් මෝටර් රථ 880,000කට අධික සංඛ්‍යාවක එන්ජිම, ආරක්ෂක එයාර් බෑග් සහ විද්‍යුත් ආරෝපණ බැටරි පද්ධතීන් ආශ්රිත දෝෂ පවතින බව අනාවරණය වී ඇතැයි 'ඒඉන්වෙස්ට්' (AInvest) වෙබ් අඩවිය පවසයි.
එම මෝටර් රථ යළි කැඳවීමට සිදු වීමෙන් වසරේ මුල් කාර්තුව තුළ නිසාන් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.38ක පාඩුවක් සිදුව තිබේ. සමාගමට ඩොලර් බිලියන 4.5ක වාර්ෂික මූල්‍ය හිඟයකට මුහුණ දීමට සිදුව ඇතැයි ද වාර්තා වේ. නිෂ්පාදන මෙහෙයුම් ක්‍රියාවලිය ස්ථාවරව පවත්වාගැනීම උදෙසා ඇතැම් කර්මාන්තශාලා වසා දැමීමට මෙන්ම රැකියා 20,000ක් කප්පාදු කිරීමට ද සමාගම විසින් පියවර ගෙන තිබේ.
නිසාන් සන් නාමය යටතේ නිෂ්පාදිත රෝග් (Rogue) ඇල්ටිමා (Altima) සහ ඉන්ෆිනිටි QX50 (Infiniti QX50) වර්ගයේ මෝටර් රථ පෙළක් මෙම අර්බුදයට ලක්ව ඇත.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
10/3/2025
Nissan to recall over 19,000 US vehicles, citing quick charging fire risk
පාත්ෆයින්ඩර් පදනම සිය පෑලියගොඩ පිහිටි මූලස්ථානයේ දී ජපන් භාෂාව හදාරන විද්‍යාර්ථීන් අරමුණු කරගෙන එන්ට්සුජී ඒකකයක් ස්ථාපිත කරයි.
ජපනා හපනා යැයි කීව ද චීනය සමග කරන ආර්ථික සහ තාක්ෂණික තරගයේ දී තරමක් අඩපණ වී ඇතැයි දේශපාලන සහ සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ පැවසී ය.
සඳුදා රාත්‍රියේ ඊසානදිග ජපානයට බලපෑ රිච්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා ඇති අතර, දහස් ගණනකට තම නිවෙස්වලින් ඉවත් වීමට බල කෙරුනි.
ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා ගේ 66 වන උපන්දිනය සහ ජපන් ජාතික දිනය වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපන් තානාපති නිල නිවසේ දී පැවැත්විණි.
ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා ජපානයේ විදුලි කාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා දෙන අවබෝධතා ගිවිසුමක් ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර පසුගිය බදාදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී අත්සන් තැබුණා.
ජපානයේ ක්යුෂු (Kyushu) පළාතේ අද (25) රිච්ටර් මාපක 5.5.ක භූ කම්පනයක් සිදු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

