#newstube

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

    2024/2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේනදය නිකුත් කර තිබේ.

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලීමක්

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින ගැටලු වලට විසඳුම් ලබා දෙන්නැයි දේශිය ආදයම් සේවා සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත  ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

  • දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්

    මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළැඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • දොම්පේ, බියගම, කැලණිය ප්‍රදේශවල ජනතාවට දැනුම්දීමක් - ''හැකි ඉක්මනින් ඉවත්වන්න''

    දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.

  • දොස්තර චමල් සංජිව වෙතින් ඉන්දීය අගමැති වෙත විශේෂ සංදේශයක්

    ශ්‍රී ලංකාව තුළ ඖෂධ නියාමනය, සැපයුම සහ බෙදා හැරීම බරපතළ අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රට තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ දියුණු ඖෂධ පරීක්ෂණාගාර ක්‍රමයක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජයේ තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානයේ සභාපති සහ සමගි ජන බලවේගයේ දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සන්දේශයක් යොමූ කර ඇත.

  • දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩ බස්වයි

    දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12.28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසයි.

  • ධනවත්, බලවත් ජපානයේ හුදෙකලා මරණ

    ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ 1977 බලයට පත්වූ ජේ ආර්  ජයවර්ධන පාලන සමයේ.

  • ධනවාදයේ රෝස පැහැති විලංගු: කාන්තා දිනය, සදාචාර උගුල සහ විද්‍යාත්මක සමාජවාදී අරගලය

    සෑම වසරකම මාර්තු 8වෙනි දා එළඹෙන විට, ලෝකය පුරා ධනවාදී වෙළඳපොළ 'රෝස පැහැති' සැරසිලිවලින් හැඩවේ.

  • ධනුෂ්ක මත්තේඕ පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB  World Series Race එක අවසන් කරයි

    ශ්‍රී ලංකාවේ ධනුෂ්ක මත්තේඕ පැය 25 ක විශිෂ්ඨ ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB  World Series Race  එක අවසන් කිරීමට සමත්විය.

  • ධම්මික රණතුංග අත්අඩංගුවට

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට ගෙන ඇත.

  • ධර්මසේන පතිරාජ පදනම තුළින් කළ හැකි දායකත්වය – එරික් ඉලයප්ආරච්චි

    2025 නොවැම්බර් 2 වෙනි දින, ඔරියන්ට් සමාජ ශාලාවේ පැවැත්වූ ‘ධර්මසේන පතිරාජ පදනම’ පිහිටුවීමේ රැස්වීමේ දී එරික් ඉලයප්ආරච්චි විසින් පවත්වන ලද කතාව.

  • ධර්මේන්ද්‍රගේ සෞඛ්‍ය තත්වය: ප්‍රවීණ නළුවා ස්ථාවර බව පවුලේ අය තහවුරු කරයි, මරණ කටකතා ප්‍රතික්ෂේප කරයි

    අඟහරුවාදා උදෑසන ප්‍රවීණ නළු ධර්මේන්ද්‍රගේ මරණය පිළිබඳ අසත්‍ය වාර්තා සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය අතර එය රසිකයන් අතර ව්‍යාකූලත්වයක් සහ කනස්සල්ලක් ඇති කළේය.

  • ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ඇතුළු තිදෙනකු ගේ වැඩ තහනම්

    2023 දෙසැම්බර් මාසයේ යාපනයේ පැවති ධීවර සතිය වෙනුවෙන් වැය කර ඇති රුපියල් ලක්ෂ හයක මුදල සම්බන්ධයෙන් සිදු කර ඇති විමර්ෂණ වාර්තාවේ නිර්දේශයකට අනුව ධීවර සංස්ථාවේ: මුල්‍ය කලමනාකාරිනී පී. සී. එන්. සමන්ති පෙරේරා, මානව සම්පත් කළමනාකාර ඩී. එම්. එස්. කේ. විජේතුංග සහ සාමාන්‍යාධිකාරි එම්. ජේ. ප්‍රසන්න යන තිදෙනාගේ වැඩ තහනම් කිරීමට නියෝග පනවා ඇත.

  • නඩු ගොනු කිරීම Online ක්‍රමයට

    ලබන වසරේ සිට නීතිඥවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණ වෙත නඩු ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ පද්ධතිය නවීකරණය කිරීමට රජය තීරණය කර තිබේ.
  • නඩුකාරවරුන් විස්සක් ඉවත් කරලා !

    විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ අද පැවසීය

  • නන්දන ගුණතිලක අපට ඉගැන්වූ පාඩම

    නන්දන ගුණතිලක අපට දේශපාලනය ගැන ඉතාම බැරෑරුම් පාඩමක් කියා දෙයි. ඔහු පෙන්වා දෙන්නේ සත්‍ය වශයෙන් ම අප පෙනී සිටිනා අදහස් වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලනය කරන්නේ නම් මේ සඳහා අපට ඇති තෝරාගැනීම්වල සීමාව යි.

  • නන්දන ගුණතිලක දිවි සැරිය නිම කරයි

    ජනතා විමුක්ති පෙරමුණෙහි හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු මෙන්ම 1999 ජවිපෙ ජනාධිපතිවරණ අපේක්ෂක වූ නන්දන ගුණතිලක අභාවප්‍රාත් වී ඇත.

  • නන්දන ගුණතිලක; ආත්මීය මිය යෑම සහ භෞතික මිය යෑම

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ, පානදුර නගර සභාවේ හිටපු නගරාධිපති නන්දන ගුණතිලක මියගිය බව ප්‍රකාශ වේ.

  • නන්දනගෙන් ගොඩයෑම  | පිලිප් ශාන්ත

    නන්දන ගුණතිලක හදිසියේ මිය යනවිට චෝදනාව එල්ල වූයේ වජිර අබේවර්ධනට ය.

  • නන්දලාල් මහත්තයෝ ලැජ්ජ නැද්ද? | විමල්ගෙන් සැර චෝදනාවක් | ''බැදුම්කර නිකුත් කරලා එයාම සල්ලිවලට ගන්නවාලු''

    තමන්ම නිකුත් කරන බැඳුම්කරවලින් තමන්ම හම්බ කරන මහ බැංකු අධිපති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවායි කියන එක ශ්‍රී ලංකාවට අගෞරවයට කාරණයක්

    බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

    එය ලැජ්ජාවට සහ අවමානයට කාරණයක් බව පවසන විමල් වීරවංශ, වහාම මහා බැංකු අධිපති තනතුරින් ඉල්ලා අස්වෙන ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ ට කියා සිටියි.

    ඔහු මෙම ප්‍රකාශය කළේ ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේ දී පෙරේදා  (28) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ,

     

    '' බැඳුම්කර නිකුත් කරන්නෙත් මහ බැංකු අධිපති.. ගන්නේ පවුලේ උදවිය ''

     

    ''ඔබ දන්නවා මහ බැංකුව රජයේ වියදම් සඳහා අවශ්‍ය කරන, අපි කියනවා භාණ්ඩාගාර බැඳුම්කර, එහෙම නැත්නම් Treasury bond, සමහරවිට කියනවා භාණ්ඩාගාර බිල්පත් කියලා. දැන් මේ භාණ්ඩාගාර බිල්පත් එක එක පොලී අනුපාතයන් යටතේ නිකුත් කරනවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනවා. එතකොට ඒවා මිලදීගන්න උනන්දුව දක්වන අය මිලදී ගන්නවා. ඒවා කෙටි කාලීන බැඳුම්කර.

    දැන් මේකේ අපූරු කාරණය තමයි, මහා බැංකු අධිපතිම ඒවා මිලදී ගන්නවා. දැන් මුදල් වෙළඳපොළට මහා බැංකු බැඳුම්කර නිකුත් කරන්නෙත් මහ බැංකු අධිපති. පොලී අනුපාතය තීරණය කරන්නෙත් ඒගොල්ලෝ. හොඳ පොලී අනුපාතයක් දාලා ඒවා මිලදී ගන්නෙත් මහා බැංකු අධිපතිගේ පවුලේ උදවිය. පුදුම රටක්නේ. මහ බැංකුව ස්වාධීන කරලා තියෙන්නේ මරු වැඩකටනේ. නන්දලාල් මහත්තයෝ, ලැජ්ජ නැද්ද? හිරිකිත නැද්ද ඔය කෝටි ගණන් ධනය තියෙද්දී, මෙහෙම තුට්ටු දෙකේ වැඩ කරන්නේ කලිසමයි කමිසෙකුත් ඇඳගෙනද? ලැජ්ජාවක් තියෙනවා නම් ඔය පුටුවේ එක දවසක් ඉන්න පුළුවන්ද? මේක බැඳියාවන් අතර ගැටුමක් නැද්ද?

     

    අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ

     

    අහිංසක රාජ්‍ය සේවකයෝ පොඩි පොඩි හේතු අල්ලගෙන හිරේ දාන ආණ්ඩුව මේවා ගැන මොකක්ද කරන්නේ? අද මහ බැංකුව රටට වග කියන්නේ නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, පිටස්තර බලවේගවලට විතරයි වග කියන්නේ. ලැජ්ජයි නන්දලාල් මහත්තයෝ! තමුන් මේ ඊනියා ස්වාධීනත්වයක් ඇති කරගෙන, රිසි පරිදි පඩි වැඩි කරගෙන, එහෙමත් තර වෙලා, ඒත් මදිවෙලා ඔහුම නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පොලී අනුපාතය තීරණය කරන භාණ්ඩාගාර බැඳුම්කර, ඔහුම පවුලේ අය දාලා මිලදී ගන්නවා.

    මෙන්න බලන්න ඔහු මිලදී අරගෙන තියෙනවා ඔහුගේ පවුලේ අය Treasury bond, 2022/05/04, ඊළඟට 2024/06/06, ඊළඟට 2025, ඊළඟට 2025/03/18. මේ ඔක්කොම මේ අර්බුදයෙන් පස්සේ, කඩා වැටීමෙන් පස්සේ. ආර්ථික අවපාතයෙන් පස්සේ. රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙලාවේ මුන්ට රජ මඟුලක්. මේගොල්ලෝ බලනවනේ අර්බුදයෙන් තමන්ගේ ගොඩ තර කරගන්න. මොකක්ද මේකේ සදාචාරය? මේක අපරාධයක් නෙවෙයිද? මූල්‍ය අපරාධයක් නෙවෙයිද? වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකුට වගකීමක් තියෙනවද මේ විදිහට කටයුතු කරන්න?

     

    බැඳියාවන් අතර ගැටුම්

     

    දැන් අපි හිතමු දිසාපති කෙනෙක් හරි, ප්‍රාදේශීය ලේකම් කෙනෙක් හරි රජයෙන් ලැබිච්ච මුදල් පාවිච්චි කරලා කොන්ත්‍රාත්තුවක් පිළිබඳ ටෙන්ඩරයක් දානවා, එයාගේ පවුලේ කවුරු හරි ටෙන්ඩරයට ඉදිරිපත් වෙනවා, එයාට දෙනවා. එතකොට හරිද ඒක? බැඳියාවන් අතර ගැටුමක් නෙවෙයිද? ඒක වැරදි නැද්ද? ඒක නීතියට අනුකූලද? ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා නේද? එහෙමනම් නන්දලාල් කරලා තියෙන්නේ ඊට වඩා සිය දහස් ගුණයක බරපතල වැරැද්දක් නෙවෙයිද?

    Treasury bond නිකුත් කරලා හතර වතාවක්, 2022දී දෙපාරක්. තමන්ම නිකුත් කරනවා, පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම මිලදී ගන්නවා තමන්ගේ පවුලේ උදවිය දාලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙක් මම හිතන්නේ නෑ ලෝකේ කොහෙවත් ඉන්නවා කියලා. මෙහෙම මහ බැංකු අධිපති කෙනෙකුට තවදුරටත් ඔය සීට් එකේ ඉන්න කිසිම සදාචාර අයිතියක් නෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොන්ත පොල්ලෝ මේවා කතා කරන්නේ නෑ, මේවා පිළිබඳව පීඩනය එල්ල කරන්නේ නෑ.

     

    ලබන වසරේ අප්‍රේල් නැවත විශාල ආර්ථික කඩා වැටීමක්

     

    ඒගොල්ලෝ මොකක් හරි topic එකක් අල්ලගෙන හැමදාම විහිළු සපයනවා ඇරෙන්න, වෙන බැරෑරුම් දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් කියනවා, ඔය මහ ලොකු දූෂණ විරෝධී ආණ්ඩුවට, මහ ලොකු මහජන මුදල් ගැන අවම උනන්දුවෙන් බලනවා කියන ආණ්ඩුවට, ඒ ලොක්කන්ට අපි කියනවා, ඒවා ගැන හොයන නිලධාරීන්ට අපි කියනවා පුළුවන් නම් මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.

    කොහොමද මහ බැංකු අධිපතිට පුළුවන්කම ලැබෙන්නේ තමන්ම පොලී අනුපාතය තීරණය කරලා, තමන්ම නිකුත් කරන මහා බැංකු බැඳුම්කර, කෝටි ප්‍රකෝටි ගාණක බැඳුම්කර, ඒවා මිලදී අරගෙන අධික පොලිය, ලාභය, වාසිය ගන්නේ මහා බැංකු අධිපතිගේ පවුලේ අයගේ නමින්? මෙහෙම වෙන්න පුළුවන්ද? මේ වැටිච්ච රටට, හතරගාතෙන් ආර්ථික වශයෙන් වැටිලා තියෙන රටට, මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම ගියොත් නම් එන අවුරුද්දේ අප්‍රේල් විතර වෙනකොට නැවත විශාල ආර්ථික කඩා වැටීමකට, පිපිරීමකට මුහුණ දෙන්න වෙනවා ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නෑ. ඒක තමයි මේ යන පාරේ ඊළඟ අභියෝගය, ඊළඟ අන්තරාය. මේ උදවිය යන්නේ අර්බුදය නැමති වලෙන් තමන්ට කීයක් හරි කඩා වඩා ගැනීමේ උපාය මාර්ගයේ තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ. නැතුව ආර්ථික අර්බුදයට පිළියම් දෙන්න, ඒකෙන් ගොඩ එන්න මාර්ගයක් නෙවෙයි මේ හදන්නේ.

     

    කැතයි, ලැජ්ජයි, නින්දිතයි!

     

    ඒ නිසා අපිට කැතයි, ලැජ්ජයි, නින්දිතයි! මහ බැංකු අධිපතිතුමනි, ලැජ්ජාවක්, බයක් ගෑවිලාවත් තියෙනවා නම්, ඔය මාතර දික්වැල්ල පැත්තේ ඉපදුණයි කියලා කියනවා, දකුණේකම ගෑවිලාවත් තියෙනවා නම්, ඔය ටයි කෝට් ගලවලා දාලා, ඔය පුටුවට ආයුබෝවන් කියලා, නැවත අර කලින් ගිහිල්ලා හිටපු රටටම තුරන් වෙන්න කියලා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා.

    මේ විදිහේ, තමන්ම නිකුත් කරන බැඳුම්කරවලින් තමන්ම හම්බ කරන මහ බැංකු අධිපති කෙනෙක් මේ ලංකාවේ ඉන්නවායි කියන එක ශ්‍රී ලංකාවට අගෞරවයට කාරණයක්, ලැජ්ජාවට කාරණයක්, අවමානයට කාරණයක්. ඒ නිසා අපි එතුමාට කියනවා කරුණා කරලා වේදිකාවෙන් බැහැලා යන්න කියලා. මේ කාරණා දෙක තමයි අපිට ඔබට අවධානය යොමු කරන්න තිබුණේ.''

     

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න